කොටියා_හිරෙන්_පනී
මාතර ප්රදේශයේ සංවිධානය කළ වෙසක් කලාපයක වැඩ කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් රැගෙන ගොස් සිටියදී පලාගිය එල්ටීටීඊ ත්රස්තවාදියා දෙහිවලදී දුම්රිය දෙකකට හා දුම්රිය මාර්ගයක බෝම්බ අටවා ඒවා පුපුරුවා හැර ජීවිත 05 ක් බිලිගත් ත්රස්ත කණ්ඩායමේ ප්රධානියා බව හඳුනාගෙන ඇත.
මෙම ත්රස්තවාදියා සමඟ තවත් සිරකරුවන් පස්දෙනෙකුද පලාගොස් සිටි අතර ඔවුන් සෙවීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
බාලසුබ්රමනියම් ජගදීසන් නමැති මෙම ත්රස්තවාදියාට දඬුවම් නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි 30 වැනිදාය. එහිදී මොහුට වසර 5 ක සිර දඬුවමක් නියම කෙරිණි.
මෙතරම් දරුණු ගණයේ ත්රස්තවාදියකු එළිමහනේ කටයුතු සඳහා සිරකරුවන් සමඟ යෙදවූයේ කාගේ නියෝගයක් මතදැයි පොලිසිය සොයා බලාගෙන යයි.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන්ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඉකුත් 2008 ජුනි 04 වැනිදා දෙහිවල දුම්රිය ස්ථානයේ අවස්ථා දෙකකදී දුම්රියවලට බෝම්බ අටවා පුපුරුවා හරිනු ලැබීය. එම පිපිරීම්වලින් පුද්ගලයන් 05 දෙනෙක් මරුමුවට පත්වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.
එමෙන්ම දෙහිවලදී දුම්රිය මාර්ගයේ බෝම්බයක් අටවා පුපුරවා හැරීම සම්බන්ධයෙන්ද මොහුට චෝදනා එල්ලවීය. මෙම පිපිරීමෙන් පුද්ගලයෝ පස් දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එවකට බස්නාහිර පළාත් බුද්ධි ඒකකය ජගදීසන් අත්අංගුවට ගනු ලැබීය.
මුලතිව් වල්ලිපුරම් ප්රදේශයේ පදිංචිකරුවකු වූ මොහු වත්තල ප්රදේශයට පැමිණ එහි සැඟවී සිටිමින් මෙම බෝම්බ ප්රහාර සැලසුම් කළ බව පසුව හෙළි විය.
divaina
මාතරදී පැනගියේ දෙහිවල බෝම්බයේ කොටි ත්රස්තයා