කොටියා_හිරෙන්_පනී

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොටියා_හිරෙන්_පනී

    මාතරදී පැනගියේ දෙහිවල බෝම්බයේ කොටි ත්‍රස්‌තයා



    kotta.jpg
    මාතර ප්‍රදේශයේ සංවිධානය කළ වෙසක්‌ කලාපයක වැඩ කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් රැගෙන ගොස්‌ සිටියදී පලාගිය එල්ටීටීඊ ත්‍රස්‌තවාදියා දෙහිවලදී දුම්රිය දෙකකට හා දුම්රිය මාර්ගයක බෝම්බ අටවා ඒවා පුපුරුවා හැර ජීවිත 05 ක්‌ බිලිගත් ත්‍රස්‌ත කණ්‌ඩායමේ ප්‍රධානියා බව හඳුනාගෙන ඇත.

    මෙම ත්‍රස්‌තවාදියා සමඟ තවත් සිරකරුවන් පස්‌දෙනෙකුද පලාගොස්‌ සිටි අතර ඔවුන් සෙවීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ.

    බාලසුබ්‍රමනියම් ජගදීසන් නමැති මෙම ත්‍රස්‌තවාදියාට දඬුවම් නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි 30 වැනිදාය. එහිදී මොහුට වසර 5 ක සිර දඬුවමක්‌ නියම කෙරිණි.

    මෙතරම් දරුණු ගණයේ ත්‍රස්‌තවාදියකු එළිමහනේ කටයුතු සඳහා සිරකරුවන් සමඟ යෙදවූයේ කාගේ නියෝගයක්‌ මතදැයි පොලිසිය සොයා බලාගෙන යයි.

    මේ සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන්ද වෙනම පරීක්‌ෂණයක්‌ ආරම්භ කර තිබේ.

    ඉකුත් 2008 ජුනි 04 වැනිදා දෙහිවල දුම්රිය ස්‌ථානයේ අවස්‌ථා දෙකකදී දුම්රියවලට බෝම්බ අටවා පුපුරුවා හරිනු ලැබීය. එම පිපිරීම්වලින් පුද්ගලයන් 05 දෙනෙක්‌ මරුමුවට පත්වූ අතර තවත් විශාල පිරිසක්‌ තුවාල ලැබූහ.

    එමෙන්ම දෙහිවලදී දුම්රිය මාර්ගයේ බෝම්බයක්‌ අටවා පුපුරවා හැරීම සම්බන්ධයෙන්ද මොහුට චෝදනා එල්ලවීය. මෙම පිපිරීමෙන් පුද්ගලයෝ පස්‌ දෙනෙක්‌ බරපතළ තුවාල ලැබූහ.

    මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වූ එවකට බස්‌නාහිර පළාත් බුද්ධි ඒකකය ජගදීසන් අත්අංගුවට ගනු ලැබීය.

    මුලතිව් වල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහු වත්තල ප්‍රදේශයට පැමිණ එහි සැඟවී සිටිමින් මෙම බෝම්බ ප්‍රහාර සැලසුම් කළ බව පසුව හෙළි විය.







    divaina
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොටි සිරකරු අල්ලන්න ජනතා සහාය පතයි



    kotman.jpg



    මාතර ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය සිරකරුවකු වන බාලසුබ්‍රමනියම් ජදීසන් හෙවත් වර්ධන් නමැත්තාගේ ඡායාරූපයක්‌ මෙහි දැක්‌වේ. මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒ ගැන ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසයේ 011-2451634 ට හෝ 011-2451636 යන දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි පොලිස්‌ මූලස්‌ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මොහු කොළඹ මහාධිකරණයේ නඩු අංක 5789/11 යටතේ ත්‍රස්‌තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ගොනුකර වරදකරු වූ අතර, සිර දඬුවම් විඳිමින් සිටි අවස්‌ථාවේ මෙලෙස පලාගොස්‌ තිබේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ වගේ බොම්බ තියල මිනිස්සු මරපු එකෙක් වෙසක්‌ කලාපෙට යවපු එකනාම් හරි ගොං..මූ දැන් ඔන් දි වේ ‍ටු කැනඩාද දන්නෑ :baffled:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ වගේ බොම්බ තියල මිනිස්සු මරපු එකෙක් වෙසක්‌ කලාපෙට යවපු එකනාම් හරි ගොං..මූ දැන් ඔන් දි වේ ‍ටු කැනඩාද දන්නෑ :baffled:

    :rofl::yes:සල්ලි කුට්ටියකට තමා ඉතින්.දන්නවනේ බන්ධනාගාර වල වැඩ කරන උන්ගේ හැටි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :rofl::yes:සල්ලි කුට්ටියකට තමා ඉතින්.දන්නවනේ බන්ධනාගාර වල වැඩ කරන උන්ගේ හැටි.
    ආහ්.. හෙට අනිද්දා කොහෙන් හරි ප්‍රාදේශිය සබාවකින් මතුවෙයි.. :P
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    සෝක්. දැන් රට ගිහින් කියන්න ගත්තොත් මට මෙහෙම කොලා.. මෙහෙම කොළා හරිම බයානකයි කියලා.