aniwa waren...
confirm karanam


mama ganata udeta awilla thiyei........e diluma...
uba enawa needa?
mama baluwe pandara mehen enawada nathnan kalin dawase gedara awilla innawada kiyala......Nawoth Maranawa!![]()


mama ganata udeta awilla thiyei........



sure na machan....... samaharawita campus eke idanma ei........
Gampahin ne naginne...
ලංකාවේ හිටියනම් අනිවා එනවා. කෝච්චියේ ගිහිපු කාලයක් මතක නැහැ. හුඟ කාලෙකට කලින් රුහුණු කුමාරියේ වැඩට ආපු කාලේ මතක හරිම සුන්දරයි. ඒ කාලේ රුහුණු කුමාරි දිව්වේ M 4 එකකින්. සුපිරි එන්ජිම.
![]()
හවසට කොටුවෙන් අදින ඇදිල්ල කළුතරට එනකම්ම සුපිරි වේගෙකින් එන්නේ. හවසට මරදානේ ස්ටේෂන් එකේ කෝච්චිය එනකම් ඈත බලන් ඉන්නකොට යාර්ඩ් එකෙන් M 4 එක ඇතින් මතුවෙනකොට දැනෙන සන්තෝසේ ඒවා මතක් වෙද්දී තාමත් දැනෙනවා වගේ. M 4 එන්ජිම අතරමග කැඩුනේ බොහොම කලාතුරකින් තමයි. මේ කියන්නේ 1998 -2005 අතර කාල පරාසය. අද උනත් රුහුණේ පස්සෙම පෙට්ටියට ගොඩ උනොත් එදා එකට ආව ගිය එකෙක් හරි ඉන්නවම තමයි. ඒ කාලේ හරිම සුන්දරයි. කෝච්චියේ එක සීට් එකේ ගිය එකෙක් විශ්‍රාම යනකොට දැනෙන කනගාටුව හරිම සංවේදියි. ඔක්කොම එකම සහෝදරයෝ වගේ. අලුත්ගමින් නගින මුස්ලිම් යාළුවො එයාලගේ අවුරුදු කාලෙට අපිට වටලප්පන් ගෙනවාමයි. එකෙක් විශ්‍රාම යනකොටත් සිංහල අවුරුද්දටත් කොහෙහරි පාටි එකක් දානවම තමයි. එකට ආව ගිය එකෙකුගේ මළගෙදරට මගුල්ගෙදරට රුහුණු කුමාරියේ සීට් එකේ කට්ටියගේ සහභාගිත්වය වරදින්නෙම නැහැ. අවුරුද්දට පස්සේ වැඩට යන මුල් දවසට හැමෝම එන්නේ මොනවා හරි කැවිලි ජාතියක් අරගෙනම තමයි. උදේට එනකොට අපි ගියේ ඉස්සරහම පෙට්ටියේ හින්ද අවුරුදු කැවිලි පෙවිලි M 4 එක පදවන රියදුරාටත් සහයකයටත් අනිවාර්යෙන්ම කොටසක් දෙනවාමයි. හරිම සුන්දර මතකයක්.
කාලයක් සමුද්රදෙවියේත් ගියා. සමුද්‍රදේවී දිව්වේ M 8 ඉන්දියන් එන්ජින් එකකින්.
![]()
ඒ කාලේ හැටියට පෙට්ටි 17 ක් අදින්න පුළුවන් එකම එන්ජිම M 8 එක වෙන්න ඕන. හරිම ගෝසාව හැබැයි. පෙරේරාගේ කොච්චි ත්‍රෙඩ් එක දැකල ඒ සුන්දර මතකේ අලුත් උනා.
කෝච්චියේ නලාව ගහන විදිහ බ්රේක් ගහන විදිහ අපිට කොයි තරම් සංවේදීද කියනවනම් කෝච්චියට මනුස්සයෙක් හැප්පුනොත් ඩ්‍රයිවර් හොර්න් එක ගහන සද්දෙන් බ්රේක් ගහන විදිහෙන් කෝච්චිය නවත්තන්න කලින් අපි දන්නවා මනුස්සයෙක් හැප්පුනා කියල.
අයියෝ මානසිකව වැටුණා..එකෙන්ම අපි නම් ගියේ ගම්පහින් උදේ 6;27ට අදින මොරටුවේ.power set .කෝච්චිය වෙනස් උනත් අනික් කතා ටික අපෙත් ඒ වගේමයි..අපේ උන් කතාවට කියන්නේ වැඩට යන්නේ බං හවසට පොල්ගහවෙලේ (කොටුවෙන් 5;55) කාඩ් පැක් එක ගහන්නමයි බං...කියලා..එකෙන්ම සුපිරි අදට උනත් ඒ කෝච්චියෙ ඒ පෙට්ටියට නැග්ගම අඳුනන එකෙක් බෙහෙතකට හරි ඉන්නවා..