පළමුකොට ම ස්තූතියි මේ වගේ ත්‍රේඩ් එකක් දාල දැනුවත්භාවයක් ලබාදුන්නට අපේ එළිකිරි සාමාජික සාමාජිකාවන්ට. මේ වගේ දේවල් බහුලව සිදුවෙන නිසා මේ ත්‍රේඩ් එකෙන්වත් පාඩමක් ඉගෙන ගනියි කියල හිතනව.
ගොඩක් දෙනෙක් ආස කරන මාතෘකාවක් නිසා ඔය වගේ හානිකර වැඩසටහන් ඉක්මනට පැතිරෙනව. ඒ විතරක් නෙමෙයි ඒවට ගොඩක් පිරිස්ක් අහුවෙන්න ඉඩ තියෙනව. මොකද ඒ වගේ හානිකර වැඩසටහන් වයිරස්ගාඩ් එකකින් ඇල්ලුව වුණත් ඒවත් ඩිසේබල් කරල කට්ටිය රන් කරන්න උත්සහ කරන නිසා.
ඔය වගේ හැකින් සම්බන්ධයෙන් තියෙන ටූල් සේරම වගේ කරන්නෙ තමන්ව හැක්වීමට ලක්වීමක්. එහෙම නැත්තම් තමන්ගෙ පරිගණකයේ වැදගත් දත්ත සොරාගැනීමක් හෝ මකා දැමීමක්. ඒක නිසා කවුරුත් ඒ වගේ දේවලට නොපෙළඹී ඉන්න එකයි හොඳ.