Underworld-Sri lanka part-2 පාතාලය

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පළමුවැනි කොටස මෙතැනින්...




    paathala77.jpg


    කුඩු නූර් හා සුකරන් යුද්දෙකට සැරසෙති!



    sudakrana117.jpg



    ඉසගමුත්තු සුදාකරන් ප්‍රමුඛ දෙමළ පාතාලය මාලිගාවත්ත කේන්ද්‍රකරගෙන පතුරුවා හරිනු ලැබූ භීෂණය මුළු කොළඹ නගරයම ගිල ගනිමින් තිබිණි.

    මහදවල් දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී මිනිසුන් වෙඩි තබා ඝාතනය කිරීම සුලභ දසුන් බවට පත්වෙමින් තිබිණි. ධනවත් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කරමින් කප්පම් ගැනීම බහුල වශයෙන් සිදු වුණේ ප්‍රසිද්ධියේමය. කිසිදු බලපෑමකින් තොරව හෙරොයින් ජාවාරම ද මහ ඉහළින් සිදු වුණේය.

    මේ නීති විරෝධී ක්‍රියා හමුවේ එවකට කොළඹ ප්‍රදේශයේ පොලිස්‌ බලවතුන් මෙන්ම පොලිස්‌ ස්‌ථානාධිපතිවරු ඇස්‌ කන් පියාගෙන සිටියහ. දෙමළ පාතාල අලුගෝසුවන්ගෙන් වැඩිපුරම හිරිහැර දුක්‌ගැහට විඳින්නට සිදුවූයේ මාලිගාවත්ත ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතිකයන්ටය.

    සුදාකරන් ප්‍රමුඛ පාතාල කල්ලියට විරුද්ධව කටක්‌ ඇරියොත් ඒ පුද්ගලයාට සිදුවූයේ ඊට සිය ජීවිතයෙන් වන්දිගෙවීමටය.

    සුදාකරන් ප්‍රමුඛ පාතාල ගහලයන්ගෙන් සිදුවන දුක්‌ගැහැට හමුවේ පොලිසියෙන් පවා පිළිසරණක්‌ නොමැති තැන මුස්‌ලිම් තරුණයන් ඊට එරෙහිව සංවිධානය වන්නට පටන් ගත්තේ මේ කාල සීමාවේදීය. මොහිදින් හාඡ්ජියාර් කොළඹ අළුත්කඩේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විය. උසස්‌ පොලිස්‌ නිලධාරීන් සමීපව ඇසුරු කිරීම මෙන්ම ප්‍රබල දේශපාලනඥයන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම තුළින් මොහිදීන් හාඡ්ජියාර් කිසියම් බලයක්‌ ගොඩනගා ගෙන සිටියේය.

    දෙමළ පාතාලයෙන් මුස්‌ලිම් ජාතිකයන්ට විඳින්නට සිදුවන හිරිහැරවලට එරෙහිව නැගී සිටියවුන් අතර මොහිදීන් හාඡ්ජියාර්ට හිමි වූයේ සුවිශේෂී ස්‌ථානයකි. උඹලා කිසිදේකට බයවෙන්න එපා මේ මොහිදීන් හාජි ඉන්න කල් අපි කොහොම හරි සුදාකරන්ලගේ බලය නැති කරන්න ඕනේ.

    මොහිදීන් හාඡ්ජියාර් මුස්‌ලිම් තරුණයන් හමුවේ නිතරම කියා සිටියේය. එවකට නාගරික මන්ත්‍රීවරයෙකු වූ බාබර් ඉමිටියාස්‌ද මුස්‌ලිම් තරුණ සංවිධානයේ ප්‍රමුඛයකු වූයේය.

    මේ කාල සීමාවේ පාපන්දු ක්‍රීඩාව මාලිගාවත්තේ ඉතාම ජනප්‍රියම ක්‍රිඩාව බවට පත්ව තිබුණේය. දෙමළ පාතාලයේ සගයන් කීපදෙනෙකුගෙන් සැදුම් ලත් පාපන්දු කණ්‌ඩායමක්‌ ඒ වන විට බිහිවී තිබිණි. ඒ පාපන්දු කණ්‌ඩායම රටේ ඉමහත් ප්‍රසිද්ධියට පත්වූ පාපන්දු කණ්‌ඩායමක්‌ බවට පත් වීමට වැඩි කාලයක්‌ ගත වුණේ නැත. මේ පාපන්දු කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමට මුස්‌ලිම් තරුණයන්ට ඉඩක්‌ ලැබුණේ නැත. කොටින්ම පාපන්දු තරගයක්‌ නැරඹීමටවත් ඔවුන්ට ඉඩකඩ හිමිව තිබුණේ නැත.

    මාලිගාවත්තේ මුස්‌ලිම් තරුණයන්ගේ දායකත්වයෙන් අලුත් පාපන්දු කණ්‌ඩායමක්‌ බිහිවන්නේ මේ කාල සීමාවේදීය. ඔවුන් සිය පුහුණුවීම් සඳහා යොදා ගන්නේ මාලිගාවත්ත කලීල් ක්‍රීඩාංගනයයි.

    එහෙත් වැඩි දවසක්‌ මුස්‌ලිම් තරුණයන්ට මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්‌ථාව ලැබුණේ නැත. දෙමළ පාතාලයේ නියෝග මත මුස්‌ලිම් තරුණයන්ට ඒ ක්‍රීඩාංගණය අතහැර යැමට සිදුවිය.

    පසුව ඔවුන් සිය පුහුණුවීම් කටයුතු සඳහා මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි කුඩා ක්‍රීඩාංගණයක්‌ තොරා ගත්හ.

    දිනපතාම සවස්‌ කාලයේ පුහුණුවීම් අවසන් කළ මුස්‌ලිම් තරුණයන් ක්‍රීඩාංගණයේ කොනකට වී අල්ලාප සල්ලාපයේ යෙදීම පුරුද්දක්‌ කර ගත්හ. තරුණයන්ගේ ප්‍රධානම මාතෘකාව වූයේ දෙමළ පාතාලයෙන් තමන්ට විඳින්නට සිදුවී ඇති හිරිහැර පිළිබඳවය. අපේ කොල්ලෝ කී දෙනෙක්‌ මේ වෙනකොට මරල දාලා තියනවද? තවත් ඇස්‌ කන් පියාගෙන ඉන්න බැහැ. මෙහෙම ගියොත් අපිට සිද්ධවෙන්නෙ අකාලයේ මැරෙන්න.

    දෙමළ පාතාලයට එරෙහිව මුස්‌ලිම් තරුණයන් සංවිධානය වන්නට පටන් ගත්තේ එතැන් සිටය. කාලයක්‌ ගතවෙද්දී පාපන්දු ක්‍රීඩා පුහුණුවීම්වලට දෙවැනි තැන දුන් මුස්‌ලිම් තරුණයන් දෙමළ පාතාලයට එරෙහිව සටන් කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට මුල්තැන දුන්හ.

    මොහිදීන් හාඡ්ජියාර්, බාබර් ඉමිටියාස්‌ නිතරම මුස්‌ලිම් තරුණයන් මුණගැසී අවවාද අනුශාසනා ලබා දුන්නේ ඔවුන් දිරිමත් කිරීම සඳහාය.

    ඒ වන විට මුස්‌ලිම් තරුණ සංවිධානයේ නායකත්වය බාබර් ඉමිටියාස්‌ට හිමිවී තිබිණි. මොහොමඩ් හනීෆ් මොහොමඩ් නූර් නොහොත් කුඩු නූර් මේ සංවිධානයේ ප්‍රබලයකු වූවේය.

    පසු කලෙක මාලිගාවත්ත පාතාලය කළඹවනු ලැබූ දරුණුම ගණයේ අපරධකාරයන් රාශියක්‌ ඒ වනවිට මුස්‌ලිම් තරුණ සංවිධානය හා එක්‌ව සිටියහ. ඔවුන් අතර සිටි අයුබ් ඛාන්, ආනමාලු ඉමිටියාස්‌, මලබාර් රිල්ඛාන්, දිගා ෆයිසර්, ලී මෝලවත්තේ රිස්‌වාන්, බයියා, පප්පා, ෆාජී, ටෝජී වැනි තරුණයන් ප්‍රබලයන් වූහ.

    දෙමළ පාතාලයට එරෙහිව සටන් වැදීමට සංවිධානය වුවද මුස්‌ලිම් තරුණයන් සතුව අවි ආයුධ තිබුණේ නැත. එය ඔවුන්ට බරපතළ ප්‍රශ්නයක්‌ විය.

    "සුදාකරන්ලා ළඟ අලුත්ම ආයුධ තියනවා. අතින් පයින් ගහගෙන උන්ව පරද්දන්න බැහැ. ඒ නිසා අපිත් කොහෙන් හරි ආයුද හොයා ගන්න ඕනේ." මොහොමඩ් නියාස්‌ නූර් කිවේය. මුස්‌ලිම් සංවිධානයේ ප්‍රධානියකු ලෙස සිටි බාබර් ඉමිටියාස්‌ ඒ අභියෝගය භාර ගත්තේය.

    එවකට ප්‍රබල පෙළේ මුස්‌ලිම් ඇමැතිවරයෙකු සමඟ ඉමිටියාස්‌ සමීප සම්බන්ධතාවක්‌ ගොඩනගාගෙන සිටියේය. ඔහු නිතර නිතරම මුස්‌ලිම් ඇමැතිවරයා මුණ ගැසී මාලිගාවත්තේ තරුණයන්ට අවිආයුධ ලබා ගැනීමට සැලසුම් කළේය.

    අවසානයේදී ඉමිටියාස්‌ගේ සැලසුම් සාර්ථක විය. නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වෙමින් තිබූ එක්‌තරා මුස්‌ලිම් සංවිධානයක්‌ මාලිගාවත්තේ තරුණයන්ට ආයුධ ලබා දීමට එකඟ වූයේය. වැඩිකල් නොගොස්‌ අවි ආයුධ එක දෙක මාලිගාවත්තේ මුස්‌ලිම් තරුණයන් අතට පත් වන්නට පටන් ගත්තේය.

    අවි ආයුධ ලැබීමත් සමඟම මුස්‌ලිම් තරුණයන් නව ප්‍රබෝධයකින් කටයුතු කරන්නට වූහ. ඔවුහු හොර රහසේම ආයුධ පරිහරණය පිළිබඳව පුහුණුවක්‌ ලබන්නට ද පටන් ගත්හ.

    තම පාතාල කල්ලියට එරෙහිව මුස්‌ලිම් තරුණයන් සංවිධානය වෙමින් සිටින බව සුදාකරන් ප්‍රමුඛ ගෝලබාලයන්ගේද කන වැකී තිබිණි. ඔවුන් මුස්‌ලිම් තරුණයන් කෙසේ හෝ මර්දනය කිරීමට සැලසුම් සකස්‌ කරන්නට වූහ.

    මුස්‌ලිම් තරුණයන්ගේ ක්‍රියාකාරකම් සෙවීමට සුදාකරන් ඔත්තුකරුවන් යෙදවූයේය.

    මුස්‌ලිම් තරුණ සංවිධානයට සම්බන්ධ වූ තරුණයන් කීපදෙනෙකුම වෙඩිතබා ඝාතනය කිරීමට දෙමළ පාතාලය කටයුතු කළේ මොවුන් වැඩිකල් නොගොස්‌ තමන්ට විශාල තර්ජනයක්‌ වන බව දැන සිටි නිසාය.

    එල්ලවන තර්ජන ගර්ජන හමුවේ ජීවිතය බේරා ගැනීමට මුස්‌ලිම් තරුණයන් ආරක්‍ෂිත ස්‌ථාන කරා යන්නට වූහ. ඒ වන විට මාලිගාවත්ත අමුසොහොන් පිටියක්‌ බවට පත් වෙමින් තිබිණි.

    මොහිදීන් හාඡ්ජියාර් තමයි මේක පිටුපස්‌සේ ඉන්නේ. මුලින්ම ඌට වැඩක්‌ දෙන්න ඕනේ.

    ඔත්තුකරුවෝ සුදාකරන්ට සියලු තොරතුරු අඩුපාඩුවක්‌ නොමැතිව ලබා දුන්හ. මොහිදීන් හාඡ්ජියාර්ට මරණ වරෙන්තු නිකුත් කෙරිණි. ඔහු මරාදැමීමේ කාර්ය භාර කෙරුණේ මොහොමඩ් නියාස්‌ නවුෆර් නොහොත් පොට්‌ට නවුෆර් වෙතටය.

    නවුෆර්ටද අවශ්‍යව තිබුණේ අලුත්කඩේ ප්‍රදේශයේ තිබූ මොහිදීන් හාඡ්ජියාර්ගේ බලය බිඳ දැමීමටය. මුස්‌ලිම් ජාතිකයකු වූ නවුෆර්, මොහිදීන් හාඡ්ජියාර් දැන හඳුනන්නේ වසර ගණනාවක සිටය. ඔහුට සෑහෙන බලයක්‌ හිමිව තිබෙන බව නවුෆර් හොදා කාරවම දැන සිටියේය.

    එහෙයින් මොහිදීන් පරලොව යෑවීම ඉතාම සැලසුම් සහගතව කළ යුතු බව නවුෆර් තේරුම් ගෙන සිටියේය. මොහිදීන්ට වෙඩි තැබීම සඳහා කුලී මිනීමරුවකු යෙදවීමට නවුෆර් කටයුතු කළේය

    රෙක්‌සිල් සල්ගාදු නොහොත් "කැලණිචූටි" එකල ඉතාම ප්‍රසිද්ධ කුලී මිනීමරුවකු විය. දක්‍ෂ වෙඩික්‌කරුවකු වූ කැලණි චූටිට මොනම අවස්‌ථාවකදීවත් ඉලක්‌කය වැරදුනේ නැත. පාතාල ලෝකයේ කොන්ත්‍රාත් මිනිමැරුම් රාශියක්‌ මොහු හරහා සිදු වූයේ ඔහු තුළ තිබූ දක්‍ෂතාවන් නිසාය.

    නවුෆර් කැලණිචූටි මුණගැසී සිය සැලසුම ඔහුට පැහැදිලි කළේය. ඝාතනය සඳහා රුපියල් ලක්‍ෂ 5 ක මුදලක්‌ ලබාදීමටද පොරොන්දු වූවේය. ඉන් කොටසක්‌ ඝාතනය සිදුවීමට පෙරත් අනෙක්‌ කොටස ඝාතනය සිදුවූ පසුත් ලබා දෙන්නට ගිවිස ගත්තේය.

    දිනක්‌ පොට්‌ට නවුෆර් මොහිදීන් හාඡ්ජියාර් මුණ ගැසීමට අළුත්කඩේ ප්‍රදේශයට ගියේය. හාජි හොඳ බිස්‌නස්‌ එකක්‌ ඇවිත් තියනවා සල්ලි ටිකක්‌ විසිකළොත් ලොකු ලාභයක්‌ ගන්න පුළුවන්.

    නවුෆර් මොහිදීන් හාඡ්ජියාර්ට කීවේය.

    යකඩ තොගයක්‌ ලබාගෙන එය වැඩි ගණනකට විකිණීම ව්‍යාපාරය විය. නවුෆර් සෑහෙන කාලයක සිට දන්නා හඳුනන නිසාත් ඔහු තම වරිගයේ එකකු වීම නිසාත් මොහිදීන් හාඡ්ජියාර් ව්‍යාපාරයට කැමති වූයේය.

    "හරි මම කැමතියි වැඩේට අපි මේ ගැන කතා කරගමු.

    හාඡ්ජියාර් නවුෆර්ට කීවේය.

    හෙට උදේ හයට බී. එම්. සී. එක ළඟට එන්න අපි වැඩේ කතා කරලා ඉවරයක්‌ කරලා දාමු.

    නවුෆර් මොහිදීන් හාඡ්ජියාර්ගෙන් සමුගත්තේය. පසුදා අලුයම 6.00 ට මුණ ගැහෙන පොරොන්දුව මතය. පසුදා නියමිත වේලාවට මොහිදීන් හාඡ්ජියාර් බී. එම්. සී එක අසලට පැමිණ සිටියේය.

    එහෙත් එදින පොට්‌ට නවුෆර් පැමිණියේ නැත. ඒ වෙනුවට පැමිණියේ රුපියල් පන් ලක්‍ෂයක කොන්ත්‍රාත්තුවක්‌ ලබාගත් කුලී ඝාතකයා වූ කැලණිචූටීය. එදින අලුයම බී. එම්. සී. ගොඩනැගිල්ල ඉදිරිපිට මාර්ගයේ ලේ ගංගාවක්‌ ගලා ගියේය. කැලණි චූටියේ වෙඩි ප්‍රහාරවලින් මොහිදීන් හාඡ්ජියාර් අවසන් ගමන් ගියේ මාලිගාවත්තේ මුස්‌ලිම් තරුණයන් අන්දමන්ද කරමින්ය.

    තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබිණි. සුදාකරන් ප්‍රමුඛ දෙමළ පාතාලයට එරෙහිවීමට ගොඩ නැගෙමින් සිටි මුස්‌ලිම් තරුණයන් සීසීකඩ වූයේ සිය ජීවිත ආරක්‍ෂා කර ගැනීම සඳහාය.

    එවකට පෑලියගොඩ පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය ඉතාම ප්‍රබල තත්ත්වයක්‌ පැවතිණි. පාතාල අපරාධකරුවන් මර්දනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැට බැඳීම තුළින් එම ඒකකය පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ නමක්‌ දිනාගෙන සිටියේය.

    පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ එවකට ස්‌ථානාධිපතිවරයා වූයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියන්ත ජයකොඩිය. (වර්තමානයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයෙකි) එමෙන්ම තරුණ පොලිස්‌ පරික්‍ෂකවරු කීපදෙනෙක්‌ද එහි රාජකාරි කරමින් සිටියහ. පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් සිරිවර්ධන (වර්තමානයේ බොරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති) නිලුපුල් පීරිස්‌, උපපොලිස්‌ පරීක්‍ෂකවරුන් වූ විඡේලාල්, හලන්ගොඩ වැනි නිලධාරීහු ඒ අතර වූහ.

    එවකට බස්‌නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වූයේ ටී. එන්. ද සිල්වාය. (ජීවතුන් අතර නැත.) කැලණිය කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා වූයේ ආනන්ද ජයසේකර ය. එවකට අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වූයේ කීර්තිමත් නිලධාරියෙක්‌ වූ ගාමිණී ගුණවර්ධනය. එමෙන්ම එවකට කැලණිය සහකාර පොලිස්‌ අධිකාරිවරයා ලෙස කටයුතු කළේ විලී අබේනායකය. (නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙකු ලෙස සේවයෙන් විශ්‍රාම ගියේය.)

    මාලිගාවත්ත කේන්ද්‍ර කරගෙන ගොඩනැගී තිබූ දෙමළ පාතාලය මර්දනය කිරීමට කොළඹ පොලිස්‌ ලොක්‌කන් උනන්දුවක්‌ නොදක්‌වද්දී ඒ කාර්යට අත ගැසුවේ පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයි.

    අපි කොහොම හරි මේ අන්ඩවර්ල්ඩ් ටීම් එක නැතිකරලා දාන්න ඕනෙ. තමුසෙලාට ඕන කරන හැම පහසුකමක්‌ම මම දෙනවා මේ වැඩේ හරියට කරලා දානවා. එහෙම නොවුණොත් මේක අනාගතේ ලොකු ප්‍රශ්නයක්‌ වෙන්න පුළුවන්.

    විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කැඳවූ නියෝජ්‍ය පොලිස්‌පති ටී. එන්. ද සිල්වා මහතා උපදෙස්‌ දුන්නේය.

    පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය කොළඹ දෙමළ පාතාලය විනාශ කිරීමේ මෙහෙයුම සම්බන්ධ වන්නේ එතැන් සිටය. සුදාකරන් ප්‍රමුඛ පාතාල ගෝලබාලයන් පිළිබඳව තොරතුරු රැස්‌ කිරීම ආරම්භ කෙරිණි.

    ප්‍රියන්ත ජයකොඩි සිය ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් බාබර් ඉමිටියාස්‌ සම්බන්ධ කර ගත්තේය.

    එදා වර්තමානයේ මෙන් ජංගම දුරකථන පහසුකම් තිබුණේ නැත. කිසියම් පුද්ගලයෙකු හා රහසිගතව කථා කිරීමට නම් ඔහු පෞද්ගලිකවම මුණ ගැසිය යුතු විය. එසේත් නැත්නම් දුරකථනයක්‌ මාර්ගයෙන් කථා කළ යුතුය.

    ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ඔත්තුකරුවකු මාර්ගයෙන් බාබර් ඉමිටියාස්‌ට පණිවිඩයක්‌ යෑව්වේය. දින කීපයක්‌ ගත වන්නට පෙර ඊට පිළිතුරක්‌ ලැබිණි.

    මම මාලිගාවත්තේ කනත්තට එනවා රෑ 12.00 ට සර් එතනට එන්න. මම සුදාකරන්ලා ගැන හැම විස්‌තරයක්‌ම දෙන්නම්.

    බාබර් ඉමිටියාස්‌ සම්බන්ධ කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්‌ බව ප්‍රියන්ත ජයකොඩි සිතුවේය. දෙමළ පාතාලයේ වැඩකාරයින් සැරිසරන ස්‌ථාන සැඟවී සිටින ස්‌ථාන සියල්ල බාබර් ඉමිටියාස්‌
    හොදාකාරවම දැන සිටියේය.

    දිනක්‌ මධ්‍යම රාත්‍රියේ ප්‍රියන්ත ජයකොඩි සිය සහෝදර නිලධාරීන්ද කැටිව මාලිගාවත්ත කනත්ත වෙත ගියහ.

    කනත්ත අසල මාර්ගයේ ජීප් රථය නතර කළ ප්‍රියන්ත ජයකොඩි සිය නිලධාරීන් සමඟ කනත්තේ තාප්පයෙන් පැන ඊට ඇතුළු වූහ. ඝන අන්ධකාරය මුළු ප්‍රදේශයම ගිලගෙන තිබිණි.

    මූසල අඳෝනා හඬ විටින් විට දෝංකාර දෙන්නට විය. කිසිදු හැල හොල්මනක්‌ නැත. පොලිස්‌ නිලධාරීන් සෙමින් සීරුවේ කනත්තේ මුරකරුගේ කුටිය වෙත සේන්දු වූහ. ලන්තෑරුම් එළියෙන් මුර මඩුව යන්තම් එළිය කළේය. කථා කරගත් පරිදි බාබර් ඉමිටියාස්‌ මුරමඩුව වෙත පැමිණ සිටියේය.

    සර් මේ මුරකාරයාව රස්‌සාවට දැම්මේ මම ඒ නිසා මට මිනිහා ගැන ෂුවර්. නැත්නම් අද මාලිගාවත්තේ ඉන්න කිසිකෙනෙක්‌ විශ්වාස කරන්න බැහැ. හැමෝම සුදාකරන්ලට ඔත්තු දෙනවා.

    බාබර් ඉමිටියාස්‌ ප්‍රියන්ත ජයකොඩි දෙස බලාගෙන කීවේය. ඉමිටියාස්‌ගේ මුහුණේ ඇඳී තිබුණේ දැඩි අසරණ පෙනුමකි.

    පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය මාලිගාවත්ත දෙමළ පාතාලයේ කෙරුම්කාරයන් පිරිසක්‌ අත්අඩංගුවට ගත් අයුරු ලබන සතියේ කොටසින් බලාපොරොත්තු වන්න.

    හේමන්ත රන්දුණු





    gun_shooting.gif
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    හම්භයෙක් මැරුවහම තමා පොලිසියටත් රිදිලා තියෙන්නෙ