ත්‍රස්තවාදය නිසා බ්හිවූ කොළඹ පාතාලය - කොටස 3

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    කොටස 1 මෙතනින් - පාපන්දු ක්‍රීඩකයන් බල්ලන්ට කන්න දැමූ ලංකවේ පාතාලය
    කොටස 2 මෙතනින් - ත්‍රස්තවාදය නිසා බ්හිවූ කොළඹ පාතාලය


    ලංකවේ කලකට පෙර පාතාල කිරුල දරා සිටි මාලිගාවත්තේ පාතාලයේ කතාව.





    මාලිගාවත්තේ දෙමළ පාතාලයේ නායකයා සුදාකරන්ය. ඔහුගේ ගෝලයන් රැසක් පොලිස් අත්අඩංගුවට පත්වූ අතර තවත් පිරිසක් නැගී ආ මුස්ලිම් පාතාලයේ ප්‍රහාරයට ලක්ව ඝාතනය විය. දිවි බේරාගත්තෝ ඉන්දියාවට පළා ගියහ. තෙල්බාලා හා කිඹුලාඇලේ ගුණා එලෙස පළාගිය වුන් වේ.

    දෙමළ පාතාලයේ බැස යාම හා මුස්ලිම් පාතාලයේ නැගීම අතර ඇතිවූ ඝට්ටනය නිසා පොලිසියට අවශ්‍යව සිටි පාතාලයන් ගණනාවක්ම ජීවිතක්ෂයට පත්විය. සින්නයියා ගුණසේකරන් නොහොත් කිඹුලාඇලේ ගුණාට සහෝදරයෙක් ද සිටියේය. ඔහු සින්නයියා විජේසේකරන්ය. ඔහු ද කිඹුලාඇලේ ගුණා සේම මත්ද්‍රව්‍ය ජාවාරමත් සමඟ තදින් බැදී සිටි අයෙකි. ඔහුව ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇපමත නිදහස් කර සිටියදී සිදුකළ තවත් පොලිස් මෙහෙයුමකදී ඇති වූ ගැටුමකින් ඝාතනයට ලක්විය.
    මුස්ලිම් පාතාලයේ නැගීමට සහය දුන් බාබර් ඉමිතියාස් නමැති කොළඹ නාගරික මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට දෙමළ පාතාලය කටයුතු කළේය. එහි කොන්ත්‍රාත්තුව භාරගත්තේ ක්‍රිස්ටෝපර්ය. ඉමිතියාස් කොළඹ ආනන්ද විද්‍යාලය අසල දී ඝාතනය කෙරුණ අතර මුස්ලිම් පාතාලය ප්‍රබලව ගොඩනැගීමට එය දැඩි ලෙස ඉවහල් විය. මේ ඝාතනයට එරෙහිව මොහිදීන් හාජ්ජියාර් උදව් කළේ යැයි සැකකරමින් රෙන්සිල් නොහොත් කැලණියේ චූටි ලවා හාජ්ජියාර්ව ඝාතනය කරවනු ලැබීය. ඒ යකඩ ගනුදෙනුවක් ගැන කතා කිරීමට පැමිණෙන ලෙස පොට්ට නවුෆර් විසින් හාජ්ජියාර්ට දිනයක් වෙලාවක් ලබාදී ඒ ස්ථානයට හජ්ජියාර් පැමිණීමෙන් පසුවය.

    දෙමළ පාතාලයේ ප්‍රහාරයන්ට ලක්ව ඝාතනයට ලක්වුණේ මුස්ලිම් ජාතිකයන් පමණක් නොවේ. තමන්ට සහය දුන් අයවද ඝාතනය කරවනු ලැබිණ. ඒ සැකය මතය. හෙට්ටිවීදියේ සිටි සුදු මහත්තයා පොලිසිය සමඟ ද සමීප සබඳතා පැවති දෙමළ පාතාලය ඇසුරු කළ අයෙකි. එහෙත් දෙමළ පාතාලයේ සඟයන් එකා දෙන්නා පොලිසියට මාට්ටු වෙද්දී, මුස්ලිම් තරුණයන් අතින් තමන්ගේ සඟයන් ඝාතනයට ලක්වෙද්දී, දෙමළ පාතාල නායකයින්ට සුදු මහත්තයා ගැන සැකයක් ඇතිවිය. ඔහු දෙපැත්තටම ඔත්තු සපයන්නේයැයි ඔවුහු සැක කළහ. ඒ අනුව නවුෆර් ඔහුව ද ඝාතනය කරවනු ලැබිණ. ඒ සඳහා යොදා ගත්තේ ද කැලණියේ චූටිය. කැලණියේ චූටි එකල පාතාල කෙරුමන් මර්දනයේ වගකීම භාරවූ පොලිස් කණ්ඩායමට නායකත්වය දුන් ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් අත්අඩංගුවට ගන්නා විටත් මිනීමැරුම් දාහතරක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අයෙක් විය.
    රමේෂ් යනු තෙල්බාලාගේ සහෝදරියගේ පුතාය. මරදාන තමිල්නාඩුවේ විසූ ඔහු තෙල්බාලාගෙන් පසුව ඒ ප්‍රදේශයේ බලය තහවුරු කරගත්තේ රමේෂ් විසිනි. ඔහු පසුපස පොලිසිය ලුහු බඳිද්දී ආරක්ෂාවට බොරැල්ලේ ඕල්කට්ද ඇතුලු තවත් කීප දෙනෙකු ද සමඟ බලංගොඩට පළා ගියේය. එහෙත් රමේෂ්ගේ රියදුරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් රමේෂ්ව බලංගොඩ ගොස් අල්ලා ගැනීමට ප්‍රියන්ත ජයකොඩි මහතා ඇතුලු පොලිස් කණ්ඩායම සමත් විය. තෙල්බාලා ප්‍රියන්ත ජයකොඩි මහතාගේ අත්අඩංගුවට පත්වන්නේ 2001 වසරේදීය. ඒ කුඩු කිලෝ 35ක් ද සමඟය. පසුව ඇපමත නිදහස් වූ ඔහු ඉන්දියාවට පළාගොස් සිටියදී 2017 වසරේදී රෝගීව මරණයට පත්විය. ඒ වනවිට ඔහු තමිල්නාඩුවේ විශාල දේපලක් හිමි ව්‍යාපාරිකයෙක් බවට පත්ව සිටියේය.

    කතලුව හේවගේ උදේෂ් ප්‍රියදර්ශන නොහොත් මල්ලියා ද දෙමළ පාතාලය සමඟ ගනුදෙනු කළ සිංහලයෙකි. ඔහුවද මේ වනවිට රටින් පැන ගොස් එංගලන්තයේ ජීවත්වන බවට තොරතුරු වාර්තාවේ.

    මේ ආකාරයට දෙමළ පාතාලයේ එකා දෙන්නා අත්අඩංගුවට පත්වෙද්දී ඝාතනයට ලක්වෙද්දී මුස්ලිම් පාතාලය ටිකෙන් ටික නැගෙන්නට විය. මුස්ලිම් පාතාලයේ ප්‍රධානම කුඩු ජාවාරම්කරුවන් වූයේ නූර් හා ෆාජිය. නූර්ගේ කල්ලියට එරෙහිව සිටි ආනමාලු ඉමිටියාස් හා ෆාජි අතර ගැටුමද සුළුපටු නොවේ.

    නූර්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ කුඩු ජාවාරමය. ඔහුගේ කල්ලියේ සිටි බයියා, ෆාජි, මාමස්මි, ටෝජ්, අච්චා, නවුසර් ෆවුම් ආදීන් කුලියට මිනී මැරීම ඇතුලු තවත් ජාවාරම් රැසකට සම්බන්ධව ආදායම් ඉපයීය. එහෙත් ඔවුන් සමඟම මුලින් එක්ව සිටි අයුබ්ඛාන්, දිගා ෆයිසර්, ආනමාලු ඉමිටියාස්, ලීමෝල වත්තේ රිස්වාන් වැන්නන් තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්කර ගත්තේ කප්පම් ගැනීමය.

    තමන්ගේ මිනිසුන්ගෙන් කප්පම් ගැනීම නිසා ඔවුන් දෙමළ පාතාලය පැවති කාලයේදී මෙන් නැවතත් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි දුටු නූර් කප්පම් ගැනීමට එරෙහි විය. නූර් මේ සම්බන්ධයෙන් අයුබ්ඛාන්ට අවවාද කළේය. එහෙත් අයුබ්ඛාන් ඒ අවවාද පිළිගන්නට සුදානම් වූයේ නැත. නූර්ට ආදායම් මාර්ග තිබුණට අපිට නැහැනේ. අපිත් මොනවා හරි කරන්න එපායෑ යනුවෙන් ඔහු තම හිවතුන් සමඟ පැවසීය. මේ මතගැටුම නිසා ඔවුන් කණ්ඩායම දෙකකට බෙදුන අතර එය දෙගොල්ල මරාගන්නා ගැටුමක් දක්වා වර්ධනය වීමට වැඩි කාලයක් ගත වූයේ නැත.

    ගැටුම මරාගැනිල්ලක් දක්වා වර්ධනය වූයේ මාලිගාවත්ත පල්ලිය ප්‍රදේශයේ පදිංචිව සිටි ආනමාලු ඉමිටියාස්ගේ ඥාති පවුල් හතක් ෆාජිගේ කල්ලිය විසින් එම ප්‍රදේශයෙන් පළවා හැරීමය. මම ඕකාව ඉතුරුකරන්නේ නැතැයි ඉමිටියාස් තමන්ටම ප්‍රතිඥා දුන්නේය. එහෙත් ඔහු එකවරම ෆාජි හා ගැටුමට ගියේ නැත. ප්‍රශ්නය ඇති වූ සැණින් ප්‍රතිචාර නොදක්වා කිසිත් නොවූ පරිදි ලිස්සා යාම ඉමිටියාස්ගේ පුරුද්ද විය. ඔහුගේ නමට ආනමාලු යන නම එකතු වුණේ ඉදකුඩ කල සිට තිබූ ඒ පුරුද්ද නිසාමය. මේ අවස්ථාවේදීද ඔහුගේ ඒ පුරුද්ද පෙරට ආවෙන් ඉම්ටියාස් ප්‍රදේශය හැරගොස් දුම්මලසූරිය ප්‍රවේශයේ නිවසක පදිංචි විය.

    ගාල්ලේ හාජි නමින් ප්‍රදේශයේ පෙනී සිටි ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකුට ඇඳ සිටියේය. එලෙස ප්‍රදේශවාසීන්ගේ සහය හා විශ්වාසය දිනාගත් දුම්මලසූරියේ සිට ඔහු ෆාජි ඝාතනයට සැලසුම් සකස් කළේය. ඉමිටියාස්ගේ තරම දන්නා ෆාජිද කොයි වෙලාවක හෝ එල්ල විය හැකි ප්‍රහාරයක් ගැන සෝදිසියෙන් පසුවිය. ඉමිටියාස් තමන්ගේ ප්‍රහාරය සැලසුම් කළේ ජිහාඩ් සංවිධානයේ සහයද ඇතිවය. ජිහාඩ් සංවිධානයේ දක්ෂ වෙඩික්කරුවන් ගණනාවක් සමන්තුරේ සිට කොළඹට ගෙන්වා ගනු ලැබිණ.

    ප්‍රහාරයට වෑන් රථ හා මෝටර් රථ සූදානම් කෙරිණ. අවි ආයුධ සුදානම් කෙරිණ. ප්‍රහාරයෙන් පසු ආයුධ වෙනම ත්‍රිරෝද රථයකින් පිටමං කිරීමට සැලසුම් කෙරිණ. ඒ සඳහා පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ගේ සහයද ඉමිටියාස් ලබාගත්තේ යැයිද පැවසේ.

    යොදාගත් දිනයේ මාලිගාවත්ත ජුම්මා පල්ලියට ෆාජි පැමිණියේ සිදුවන්නට යන දේ ගැන කිසිවක් නොදැනය. ප්‍රහාරකයින්ට පළමුව ඉමිටියාස් පල්ලියට පැමිණියේය. කලක් දක්නට නොවූ ඉමිටියාස් හිටිගමන් පල්ලිය ඉදිරිපිට දකින්න ලැබීමම කිසියම් අනතුරක සේයාවක් සේ ඔහු ගැන හොඳින්ම තතු දන්නා අය දුටුවහ.


    ජිහාඩ් අපරාධකරුවන් දෙදෙනෙක් යාඥා කරන මුවාවෙන් පල්ලියට රිංගා ගත්තේ යාඥාව අතරතුරම ෆාජිට වෙඩි තැබීමේ අදහසිනි. එහෙත් ෆාජි හඳුනන්නේ නැතිකම නිසා ඔවුන්ගේ ඉලක්කය වැරදුණි. එහෙත් ගේම අත්නොහැරි ඉමිටියාස් ෆාජි පල්ලියෙන් පිටතට පැමිණෙන තුරු බලා සිටියේ තමන්ගේම ගෝලබාලයින් පිරිසක් සමඟ පල්ලියෙන් පිටත රැඳී බලා සිටියේය. ගෝලයින් සතුවද ටී 56 ගිනිඅවි 13ක් රිපීටර් අවි 4ක් සහ පිස්තෝලද තිබූ බව පරීක්ෂණවලදී හෙළිව තිබේ. මෙතරම් අවි තොගයක් ඔවුන් පල්ලිය අසළට ගෙන ආවේ පෙර කී පරිදි පොලිසියේ ඇතැමුන්ගේ ලැබුණ සහය නිසා වන්නට ද හැකිය.



    image_454e5bf121.jpg




    යාඥ‌ාව අවසන් කර පිරිස පිටතට පැමිණෙද්දී ෆාජිද එළියට පැමිණි බවට තොරතුරු ලැබිණ. එකවරම හෙන පුපුරන්නා සේ හතර අතට වෙඩි ප්‍රහාර එල්ල විය. මොහොතකට පෙර ආගමික භක්තියෙන් පිරී ගිය මිනිසුන්ගේ යාඥා හඬින් ප්‍රාණවත් වූ ජුම්මා පල්ලිය ක්ෂණයෙන් එකම යුද පිටියක් බවට පත්විය. පල්ලියෙන් පිටතට පැමිණි ඉස්ලාමිකයෝ හිස් ලූලූ අත දිවයන්නට විය. වෙඩි වැදුන ඇතැමෙක් බිම ඇද වැටුණහ. ඉමිටියාස්ගේ අතටද වෙඩි පහරක් එල්ල විය. එහෙත් ෆාජි නිරුපද්‍රිතව පල්ලියෙන් පිටමංව ඇති බව පැහැදිලි විය. සිංහනාද කළ ඉමිටියාස් පිටව ගියේ මේ පළිය කෙසේ හෝ නැවත ගන්නා බවට සපථ කරමිනි.

    අතට බෙහෙත් දමාගත් ඉමිටියාස් සුපුරුදු පරිදි යළිත් දුම්මලසූරියට ගියේ තමන් යන්නේ කොතැනදැයි කිසිවෙකු නොදන්නේ යැයි විශ්වාසයෙනි. එහෙත් පොලිස් ඔත්තුකරුවෝ ඔහු ලුහු බැන්දහ.

    ජුම්මා පල්ලියේ සිදුවීමට වැඩිකලක් යාමට මත්තෙන් දුම්මලසූරියට පැමිණි සුදු වෑන් රථයක් දුම්මලසූරිය පල්ලිය ආසන්නයේ නවතාගෙන සිටියේ කිසිවෙකු බලාපොරොත්තුවෙනි. එදින ද සිකුරාදාවක් වූයෙන් දහවල් යාඥාවට ඉමිටියාස් ද පැමිණෙනු ඇතැයි වෑන් රථයේ සිටියවුන් විශ්වාස කරනු ලැබිණ. ඔවුන් සිතුවා නිවැරදිය. ඔහු පැමිණියේය. සැලසුම් කළ පරිදිම ඔහුව අල්ලා ගන්නට වෑන් රථයේ සිටි පිරිසට හැකිවිය. සිදුවූයේ කුමක්දැයි වටහා ගන්නට ආනමාලු ඉමිටියාස්ට වැඩි වේලාවක් ගත වුයේ නැත. පළා යන්නට තැත් කිරීමෙන් පළක් නැති බවදත් ඔහු නිහඬව බලා සිටියේය. ඉන් දින කීපයකට පසු ඔහුගේ සිරුර කොටහේන ප්‍රදේශයේ වැටී තිබියදී පොලිසියෙන් සොයාගනු ලැබිණ.

    එයින් වඩාත් සතුටට පත්වුයේ ෆාජිය. දැන් කුඩු කිරුලට මොන ගැටුම් ද ඔහු සිතුවා විය හැකිය. එහෙත් ෆාජිට වැඩි කලක් ඒ සතුට අත්විඳීමට ඉඩ ලැබුණේ නැත. ඔහුගේ අවසානය ද ඉමිටියාස්ගේ අවසානයට වඩා ගොඩක් වෙනස් වූයේ නැත.



    මතු සම්බන්දයි........



     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,749
    113
    ඔය කියන්නේ මාලිගාවත්තේ team එක කියලා හදුන්වපු මුස්ලිම් පාතාල කල්ලිය. ඕකෙ නායකයො ඔක්කොම STF එකෙන් ඉවරයක් කරා. මට මතක විදියට ෆාජිට ගේම දුන්නේ STF එකෙන් මාලිගාවත්තෙ sewer line එකක් හරහා පාන්දර ඇවිත් මොකද ඌ පොලිසිය එනවද කියලා බලන්න හතර වටේ වහලවල් වල පවා ඔත්තුකාරයෝ දාලා තිබ්බ නිසා
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113

    ගම්වල ඉන්න චන්ඩීන්ට දෙකට නැමෙන්න ගියාම තමයි ඕකුන් පාතාලේ වගේ රගන්නෙ. එක අතකට වලතරයා හැසිරෙන විදිය හරි. ඕකා වගේ ඉන්න ඕනි. සද්දෙ දාගෙඅන් ආවොත් කන පැලෙන්න දෙන්න ඕනි
     
    • Like
    Reactions: EdNygma