ගංජා ෆිසිකලි ඇඩික්ට් වෙන්නෙ නෑ. ගංජා ගහලා මේ ලෝකේ කවුරැත් මැරිලත් නෑ. ඇල්කොහොල් වලට වඩා සිය ගුණයක් තරං ආරක්ෂිතයි, හැංඕවර් එකක් නෑ, කිසි අවුලක් නෑ.
වෛද්‍ය ගුණය (මට දැං මතක් වෙන ඒව විතරයි මේ): ඒඩ්ස් ලෙඩ්ඩුන්ගේ කෑම අරැචිය නැති කරනවා, ග්ලූකෝමා (රැධිර පීඩනය හින්දා ඇති වෙන ඇහේ ආබාධයක්) වලට හොද බේතක්, ඔව් ඩිප්‍රෙෂන් වලට හොදයි, හිත එකලස් කරලා මනුස්සයා රිලැක්ස් කරනවා, වෙන දරැණු ඩ්‍රග්ස් වලට ඇඩික්ට් උන අයට ගංජා ආරක්ෂිත ආදේශකයක් විදියට දෙන්න පුළුවනුත් ඇති සමහර විට. තව ලෙඩ 30ක් විතර තියනවා ගංජා බේතක් වෙන. නෙට් එකේ සර්ච් කලොත් එනවා. සමහරැ කියනවා ගංජා වලට ඇඩික්ට් වෙන්න පුළුවන් කියලා. මේක බොරැවක්. ඇඩික්ට් වෙනව නම් වෙන්නේ මෙන්ටලි - හිතෙන් විතරයි. ඇගෙන් ඇඩික්ට් වීමක් නෑ--ඒ කියන්නේ ගත්තෙ නෑ කියලා ඇගට අමාරැවක් එන්නෙ නෑ, හිතේ ආසාව විතරයි තිබුනොත් තියෙන්නෙ. ඒක ඉතිං ඕනම දේකට වෙන්න පුළුවන්. ගේම් ගහන එකටයි, සෙක්ස් වලටයි හිතෙන් ඇඩික්ට් වෙන්නෙ -- අන්න ඒ වගේ. කොහොම කොහොම හරි, ගංජා තහනම නම් පට්ට මොට්ට වැඩක්. ගංජා තහනම් කරනවනම් ඇල්කොහොල් උඩිංම තහනම් කරන්න ඕන. මොකද ඇල්කොහොල් වලින් මිනිස්සු හැමදාම මැරෙන හින්ද -- ගංජා කොච්චර ගැහුවත් මැරෙන්නෙත් නෑ, ඇඩික්ට් වෙන්නෙත් නෑ. මෙන්න අළුත්ම තත්වෙ:
http://www.youtube.com/watch?v=z8C6CK3LEXw