Diary of a Srilankan army Soldier

සෙබලෙකුගෙ දින පොත............... ඈත්තටම මචන් මටනම් මේක කියෙවුවම ටිකක් හිතට වෑදුනා ඒ නිසා එලකිරි එකෙ එකෙ කට්ටියත් එක්ක බෙදාගන්න හිතුනා.. කොහෙන්වත් කොපි කරලා පේස්ට් කොරපු 1ක් නෙවෙයි ඕන් හොදෙ :rolleyes: ..මගෙ යතුරු පුවරුවට පින් සිද්දවෙන්න මගෙ දෑතෙ වීරියෙන් :rofl: උබලටත් කියවන්න කොටපු 1ක්:yes:.. එහෙනම් පටන්ගමු.. තිබ්බෙ පත්තරෙ රසවින කියන කොටසෙ.. 16 වෙනිදා ල0කාදීපෙ අරන් බලපියවු සෑකයිනම්.. :oo:

images


හමුදා සේවයෙහි නියුතු කෙනෙකු මියගිය පසු ඔහු සතුව තිබූ පෞද්ගලික බඩුබාහිරාදී ලෑයිස්තු ගතකොට නිවසට ගෙන ගොස් නෑසියන්ට බාරදීම අනිවර්ය කටයුත්තකි. සාලියපුර කදවුරෙද එවෑනි කටයුත්තක් සිදුවිය. ඔහු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගොස් තිබින. ඔහුගේ දිනපොත බඩුබාහිරාදිය සමග තිබූ හෙයින් මා නිකමට එය පෙරලා බෑලූයෙමි..එහි මේවෑන්නක් සටහන් විය.
නාවාට සීරුවට-
OC ලගින් යනවිට-
බෑනලා වගෙ බල්ලට-
දෑම්මා ගාඩ් තුනක් පිට පිට.....

මියගිය සෙබලාගේ මිතුරෙකුගෙන් විමසූවිට ඔහු පවසා ඈත්තෙ කන්ඩායම් අනදෙන නිලදාරියෙක් යනවිට ගරු නොකිරීම නිසා හොදටම දොස් පවරා දින තුනක් පිට පිට රාජකාරි පෑවරූ බවයි...
එම කවියේ අපූර්වත්වය නිසා තවත් පෙරලා බෑලීමට මට සිතුනි එහි ඊලග පිටිවේ තිබුනේ මෙවෑන්නකි.


රාජකාරි හෑමදින මා යෙදවෙවුවා-
රෑ මෑදියමෙ නිදිමත ඈස් පියවෙවුවා-
දුරලනු පිනිස එය සිගරට් එක බිවුවා-
දෑක OC, CB දෙන්නට කිවුවා...........


CB යනු හමුදාවෙ දෑඩි දඩුවම් ක්‍රමයකි.. රාජකාරී වෙලාවෙ දුම්පානය කිරීම දෑඩි හමුදා විනය කඩකිරීමකි.. තවත් පිටුවක සටහන් වූ කවක් මෙසේය

නිවාඩු ගන්නට-
OC ලගට ගියවිට-
චෙක් කොට බොත්තම-
නිවාඩු නෑත මට තවත් මසකට......


හමුදාවෙ දෑඩි විනය මෙයින් මොනවට කියාපාන අතර සෙබලෙකු මොනතරම් විනයගරුක විය යුතුද බව මනාව වෑටහේ.. නමුත් අනදෙන නිලදාරී තුමා මෙම නිලදාරියාට ඕනවටත් වඩා දඩුවම් ලාබා දී තිබෙන්නේද කියා මට සිතෙන්නෑතුවාද නොවේ...


දුම්රිය පමා වී-
පෑයක් ඈබ්සන්ට් උනා-
සමාවක් නෑ ඒත්-
දඩුවම පිලිගනු විනා......


මෙය තවත් පිටුවක සටහන් වූ අපූරු කවියකි...නිවාඩුවට ගොස් පෑයක් ප්‍රමාද වී පෑමිනි නිසා ලද දඩුවමකි..එවන් සාදාරන දඩුමකින් පසු මෙවෑන්නක් ලියන්නට ඈතෑයි මට සිතේ..


අම්මා බෑන්න දවසක මා තරහා වෙලා-
උන්නා ගුලි ගෑසී මතකයි ඈදට වෙලා-
හරි හෝ වෑරදි දේටත් අපි හිනා වෙලා-
ඉන්නට වුනා ලොක්කන් හට යටත් වෙලා.....


ඉන් අනතුරුව තම නිලදාරී අනදෙන තුමා පිලිබදවද සටහනම් තබා තිබුනේ මෙපරිද්දෙනි

මෝඩකම කියනා-
නිලයක් උරේ රෑදුනා-
ඒකට යට වුනා-
ගුනය මිනිසත් කමයි කියනා......

(මොනිටොරෙ බලන් ඉදලා ඈස් දෙක රිදෙනවා බන් ෆිල්ටරේකුත් දාලා තියෙන්නෙ)
යුද හමුදා කදවුර තුල සීමිත නිදහසක් බුක්තිවිදින සෙබලාට නිවාඩුව අතිශයින්ම වටින්නෙය.ඒ තරමටම තම බත් පතටම හිමි වන්නෙද සුවිශෙශී තෑනකි. තමන්ට රිසි සේ කෑමක් බීමක් ගන්නට ඔවුන්ට කදවුර තුලදී ඈති හෑකියාව බෙහෙවින් අඩුය. මේ ඒ පිලිබදව සටහන් වූවකි..
images


බඩ මහත කෝප්‍රල්-
දුන්නා කන්න සම්බොල්-
ලුනු නෑතිව ලොල් ලොල්-
ඉවසපන් බඩ ගෙදර යනකල්.....


මේ තවත් එවෑනිම කාව්ය නිර්මානයකි

රෑයක් නිදියන්නට-
වේලක් රසට කන්නට-
බිරිද සනසන්නට-
තුමනි අවසර ගෙදර යන්නට....


මිය යෑමට ටික දිනකට පෙර මෙවෑන්නක් සටහන් කර තිබින.

මම සි0හල ඔබ දමිලය කියා දෙකට බෙදිලා-
කුමටද මේ අපි දෙගොල්ල ඉන්නෙ සටන් වෑදිලා-
පෑත්තක දා අවි ආයුද බලමුලුවක් හෑදිලා-
අපි රෑකගමු මෑ මවුබිම මිනිස් කමින් බෑදිලා.....

පිය උරුමයෙන් මාගේ ගත සිත දෑඩිය-
ජන්මෙන් ලෑබුනු දස්කම් ඊටත් වෑඩිය-
වරමක් ලෑබුලමුත් යන්නට සරසවිය-
දුප්පත් කමටයි ගත්තේ මේ ගිනි අවිය.....
:no:

මෙවන් කාව්යන් ලියු ඒ උතුම් මිනිසා අදවන විට ජීවතුන් අතර නොමෑත යුද සෙබලා යනු මනුසත්කමෙ උතුම්ම පුද්ගලයායි...ඔවුන් මිය ගියේ අප නිසායි කෙනෙක් තමන්ගේ මව ආරක්ශා කරයිද තමන් ඉපදුන මවුබිම ආරක්ශා කරයිද තම ජීවිතය කෑපකොට එහි ජීවත්වන මිනිසුන් ආරක්ශා කරයිද ඔහු අපට දෑසින් දෑක ගත හෑකි දෙවියෙක් නොවන්නේද.........?
images

images
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    winaya ithin kohomath army eke neme navy, airforce okkogama balana ekak... winayak nathi soldaduwek kiyanne wadak nathi ampannnayak... hariyata motta kaduwak wage....
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බොහොම ඉස්තුති. රෙප් දෙන්න බැ ලු


    බඩ මහත කෝප්‍රල්-
    දුන්නා කන්න සම්බොල්-
    ලුනු නෑතිව ලොල් ලොල්-
    ඉවසපන් බඩ ගෙදර යනකල්.....

    මචන් මේක තිබ්බේ,
    ලුනු නෑතිව ලොල් ලොල් ද නැත්නම් ලුනු නෑතිව lol lol ද ? :D
     
    බොහොම ඉස්තුති. රෙප් දෙන්න බැ ලු




    මචන් මේක තිබ්බේ,
    ලුනු නෑතිව ලොල් ලොල් ද නැත්නම් ලුනු නෑතිව lol lol ද ? :D
    උබටත් තියන ප්‍රශ්න.. ලොල් ලොල් (සි0හල ලොල්) කිසිම දෙයක් වෙනස් කරලා නෑ මචන් තිබ්බ විදිහටමයි කෙටුවෙ :yes::yes:
     

    smith saudi arabia

    Junior member
  • May 28, 2009
    468
    9
    18
    Riyadh Saudi Arabia
    මම සි0හල ඔබ දමිලය කියා දෙකට බෙදිලා-
    කුමටද මේ අපි දෙගොල්ල ඉන්නෙ සටන් වෑදිලා-
    පෑත්තක දා අවි ආයුද බලමුලුවක් හෑදිලා-
    අපි රෑකගමු මෑ මවුබිම මිනිස් කමින් බෑදිලා.....

    පිය උරුමයෙන් මාගේ ගත සිත දෑඩිය-
    ජන්මෙන් ලෑබුනු දස්කම් ඊටත් වෑඩිය-
    වරමක් ලෑබුලමුත් යන්නට සරසවිය-
    දුප්පත් කමටයි ගත්තේ මේ ගිනි අවිය.....
    :no:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    එක් අතක තුවක්කුවත්, අනෙක් අතෙහි මානව හිමිකම් ප්‍රඥප්තියත්, උරහිසේ සිවිල් ජන ජීවිතයත් සහ හදවතේ දරු සෙනෙහසත් දරාගත්, මිනිස් කම පිරුණු රණවිරුවා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සමහර ඒව දකිද්දිනම් ගොඩක් දුක හිතෙනව...:(
    ජීවිතේ හොඳම කාලේ කැප කරගෙන, අත පය නැතුව කොච්චරනම් දුක් විඳිනවද තාමත්....:sorry: