හඬන්නට මට මගේ පාඩුවේ...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හඬන්නට මට මගේ පාඩුවේ...

    2i29ab7.jpg



    මගේ නිර්මාණය මේ තරම් සුන්දර විදියට ඉදිරිපත් කර දුන් එළකිරි සහෘදයාට මගේ හද පිරි ස්තුතිය.


    හැර යන්න සැඟවෙන්න
    හඬන්නට මට මගේ පාඩුවේ...
    කාත් කවුරුවත් නැති ඉසව්වක්
    කියාපන් මට මගේ යාලුවේ...

    ඈත මන්දාරමට මං අත වනා
    අවාරේ වැස්සකට රැවටුනා
    වැහි ලිහිණියෙක්
    පාර වැරදිලා
    හිත සින්නක්කරේටම තෙත් කලා...

    පමාවී වසන්තය ආවේ
    සේරෝම කැකුළු මල් මග හලා
    අලුත් මල් පිපී එයි බලා උන්
    මගෙ හිතත් අකාලෙට පර
    උනා...

    කවි ලිව්වාට මං හැඩ දමා
    එළිවැට පුරා දුක සැඟවිලා
    නුඹ සිනා මට නොදුන් වග කියා
    හැම තැනම කුරුටු ගී ලිය
    වුනා...

    හැර යන්න සැඟවෙන්න
    හඬන්නට මට මගේ පාඩුවේ...
    කාත් කවුරුවත් නැති ඉසව්වක්
    කියාපන් මට මගේ යාලුවේ...

    [FONT=&quot]දෙව්රංගි[/FONT][FONT=&quot]@[/FONT][FONT=&quot]එළකිරි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]කොම්[/FONT]
    W.A.w.k.W©2013
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඈත මන්දාරමට මං අත වනා
    අවාරේ වැස්සකට රැවටුනා
    වැහි ලිහිණියෙක් පාර වැරදිලා
    හිත සින්නක්කරේටම තෙත් කලා...

    මම ආසම මේ කෑල්ලට.........
    පට්ටයි...
    මගෙන් 8ක්....
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    RePost බුවා;15194114 said:

    මං කීවේ ජීවිතේ කවියක් වගේ කියල. හරියට පද නොගැලපෙන කවියක වගේ නියම තැනදී නියම දේ නොකලොත් සම්පුර්ණයෙන්ම වෙනස් අර්ථයක් තමයි ජීවිතේට ලැබෙන්නේ.:cool::cool:

    බර වැඩියිද මන්දා
    :D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මං කීවේ ජීවිතේ කවියක් වගේ කියල. හරියට පද නොගැලපෙන කවියක වගේ නියම තැනදී නියම දේ නොකලොත් සම්පුර්ණයෙන්ම වෙනස් අර්ථයක් තමයි ජීවිතේට ලැබෙන්නේ.:cool::cool:

    බර වැඩියිද මන්දා
    :D

    අන්න නියම කතාව.....
    වැඩි බරක් නැ,.,,,
    එහෙන් මෙහෙන් ටිකක් තේරුනා,,,,,​
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....


    පමාවී වසන්තය ආවේ
    සේරෝම කැකුළු මල් මග හලා
    අලුත් මල් පිපී එයි බලා උන්
    මගෙ හිතත් අකාලෙට පරඋනා...

    [FONT=&quot]දෙව්රංගි[/FONT][FONT=&quot]@[/FONT][FONT=&quot]එළකිරි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]කොම්[/FONT]
    W.A.w.k.W©2013

    http://www.elakiri.com/forum/showthread.php?p=15163491#post15163491
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    No Comments Akka Kiyanna deyak naa thnai wachanayen Kiyanwa nam Patta ..

    Hama dama oyage Nirmana walata asayi .. elakiri ..