නීතිය ගැන දැනුවත් වෙමුද - part 1
.
.
.
.
විවාහය යනු කුමක්ද?
කෙටියෙන්ම කියනවනං මනුෂ්‍ය වර්ගයා අතර ඇතිවන අනෝන්‍ය සම්බන්ධතාවය මත ගොඩනැගෙන වැදගත්ම ආයතනය තමයි විවාහය කියන්නෙ.
ලංකාවෙ නීතිය කියන්නෙ නීති ගොඩක ෆෘට් සැලඩ් එකක්...ලංකාවේ විවාහ නීතිය නීති පද්ධති ගනනාවකින් සමන් විතයි...
1) උඩරට නීතිය
2) සාමාන්‍ය නීතිය
3) මුස්ලිම් නීතිය( හම්බ නීතිය )
වලංගු විවාහයක් ඇතිවීම සඳහා බලපාන කරුණු
1) ස්වෙඡ්ඡාවෙන් ඇති විය යුතුය.
2) ජීවිත කාලය පුරාම පවුල් ජීවිතයක් ගත කිරීමේ පරමාර්ථයෙන් ඇතිකර ගත යුතුය.
3) විරුද්ධ ලිංගිකයන් අතර පමණක් ඇතිවිය යුතුය.
4) එක් භාර්යාවක් හා එක් පුරුෂයෙක් අතර පමණක් ඇති විය යුතුය (හම්බයන්ගේ නීතිය යටතේ ව්‍යතිරේකයක් පවතී ).
සාමාන්‍ය නීතිය යටතේ විවාහය සදහා බලපවත්වන්නේ 1907 අංක 17 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතයි.
සාමාන්‍ය නීතිය බලපවත්වන්න කාහටද?
1) පහතරට සිංහලයන්ට
2) සිය කැමැත්ත මත උඩරට සිංහලයන්ට
3) තේසවලාමේ නීතිය යටතේ ද්‍රවිඩයන්ට
4) ස්වකීය කැමැත්ත මත මුස්ලිම් ජාතිකයන්ට
සාමාන්‍ය නීතිය යටතේ විවාහය වලංගු වීමට මොනවද අවශ්‍ය?
1) අවම වයස් සීමාව.
2) තහනම් ඥාති සබඳතා නොපැවතීම.
3) වලංගු පෙර විවාහයක් නොපැවතීම.
අවම වයස් සීමාව
1995 අංක 18 දරණ සංශෝධන පනතට අනුව ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශවටම විවාහයක් සදහා අවශ්‍ය අවම වයස අවුරුදු 18 ක් වෙනව.
එතකොට මොනවද මේ තහනම් ඥාති සබඳතා කියන්නෙ?
සාමාන්‍ය විවාහ ආඥා පනතේ 18 වන වගන්තිය මගින් ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ විදිහට පිළිගන්නෑ. මේක පොඩ්ඩක් බරපතල වෙනව පනතේ 17 වන වගන්තිය අනුව, මොකද මෙහිදි තහනම් ඥාති සබඳතා මත විවාහ සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් වෙනව.
තහනම් ඥාති සබඳතා කියල සැලකෙන්නෙ මොනවද?
මව-පුතා
පියා-දියණිය
සහෝදර-සහෝදරිය
මාමා-ලේලි
ආච්චි-මුණුපුරා
සීයා-මිණිබිරී
විවාහයෙන් පසුව කලත්‍රයන්ගේ දියණිවරු හා පුතුන් අතර
වලංගු පෙර විවාහයක් නොපැවතීම
සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතේ 18 වෙනි වගන්තියට අනුව නීත්‍යනුකූලව වලංගු ව පවතින පෙර විවාහයක් අවලංගු කර නොගෙන සිදුකරන දෙවන විවාහයක් වලංගු නොවන බව නීතිය පිළිගනී..
සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් සිදු කිරීම
සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම මගින් හෝ චාරිත්‍රානුකූලව සිදුකළ හැකිය.විවාහයක් ලියාපදිංචි කිරීම විවාහ රෙජිස්ටාර්වරයා හෝ ක්‍රිස්තියානි පූජකවරයා විසින් සිදුකරනු ලබයි.
විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යය පටිපාටිය මොකද්ද?
1) පනතේ 23, 24 වගන්ති ප්‍රකාරව විවාහ ලියාපදිංචි වීම සඳහා දින 10 කට පෙර ඒ පිළිබඳව ප්‍රදේශයේ විවාහ ලේකම් වරයාට දැනුම් දිය යුතුය. ( මේව නං ඉතින් අද ඇත්තටම සමහර තැන්වල ක්‍රියාත්මක වෙන් නෑ...ඔය පනල යන උන් ඕන තරන් බදින්නේ
2) එම දැනුම් දීමෙන් පසුව අදාල සහතික විවාහ ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කළ යුතුය.
3)නියමිත කාලසීමාව අවසානයේදී විවාහ ලේකම් වරයාගේ සහතිකය නිකුත් කරනු ලබනව...නමුත් පනතේ 31 (1) (2) වගන්ති යටතේ ඒ සඳහා විරුද්ධත්වයක් වේනම් එය අධිකරණය වෙත යොමුකළ යුතුය .එහිදී සහතිකය නිකුත් කිරීම අධිකරණය තීරණය කරයි.
දැන් එහෙනම් බලමු උඩරට නීතිය කොහොමද විවාහ කරුණු කාරණා ගැන කියන්නෙ කියල..
උඩරට නීතිය පාලනය වන්නේ 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත මඟින්. උඩරට නීතිය යටතේ විවාහ විය හැක්කේ උඩරට පාර්ශවයන් දෙදෙනෙකුට පමණි.
උඩරට නීතිය යටතේ විවාහය වලංගු වීමට නම් ඕන කරුණු මොනවද?
1) නිසි වයස් සීමාව.
2) තහනම් ඥාති සම්භන්ධතා නොතිබීම.
3) වලංගු පෙර විවාහයක් නොතිබීම.
නිසි වයස් සීමාව
මේකෙත් අවම වයස් සීමාව අවුරුදු 18ක්ම තමයි...නම්ය්ත් අදාල පනතේ 4 (2) වගන්තිය දක්වන අවශ්‍යතා දෙක මත අවුරුදු 18ට අඩු අය අතර කරන විවාහය වලංගු වෙනව.
තහනම් ඥාති සම්බන්ධතා නොතිබීම
උඩරට විවාහ නීතිය යටතේද තහනම් ඥාති සම්භන්ධතා මත කරන විවාහ නොපිලිගනී. මේක සාමාන්‍ය නීතියේ ප්රතිපාදනයට සමානයි...
වලංගු පූර්ව විවාහයක් නොතිබීම
උඩරට විවාහ හා දික්කසාද ආඥා පනතේ 6 වගන්තිය දක්වන ආකාරයට වලංගු පූර්ව විවාහයක් අවලංගු කර නොගෙන විවාහයක් සිදුකර ගත නොහැකි වෙනව.
උඩරට නීතියේ විවාහ කාර්යය පටිපාටිය
මේකෙ ක්‍රියා පටිපාටියත් සාමාන්‍ය නීතියේ ක්‍රියාපටිපාටියට බොහේ සෙයින් සමාන වෙනව...ඒ අතරෙ පොඩි පොඩි වෙනස්ක් කම් ටිකකුත් තියෙනව...
1) පනතේ 16 වන වගන්තිය යටතේ පාර්ශවකරුවන්ගේ වාසය පළිබඳ විස්තර ඉදිරිපත් කරමින් විවාහය ගැන දැනුම් දිය යුතුයි .දැනුම් දීමට දින 4කට පෙර උඩරට ප්‍රදේශයේ පදිංචිව සිටිය යුතුයි.
2) පනතේ 23 (1) අ (ඊ)වගන්තියේ දැක්වෙන පරිදි පාර්ශවය විවාහක ද, දික්කසාද ද, වැන්දඹුවක් ද යන වග දැක්විය යුතුය.
3) පනතේ 23 (1) අ (ඊ)වගන්තියේ දැක්වෙන පරිදි විවාහයේ ස්වභාවය දීග විවාහයක් ද, බින්න විවාහයක් ද යන්න දැක්විය යුතුයි.
මුස්ලිම් නීතිය යටතේ විවාහය ගැන නං මං කතා කරන්න බලාපොරොත්තු වෙන් නෑ...උන්ගේ උලව් උන්ම බලාගනි... උන්ගේ විවාහ සදහා බලපවත්වන නීතිය වෙන්නෙ නම් 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත...ඒ ටික විතරක් කියන්නම්.....

.
.
.
.
.
.
.
.
නීතිය කියන දේ ගැන ආයෙ කවුරුත් දැනන් හිටිය කියල වැරැද්දක් වෙන් නැහැනෙ බොලව්....ඔන්න ඒ හින්ද මං හිතුව යම් යම් නීතිමය කරුණු කාරණා සමබන්දව පොඩි ලිපි පෙලක් පල කරන්න ඕන කියල.....මොකද උඹල එක්ක බෙදා හදාගන්න මන් දන්න එකම එක දේ ඒක නිසා...ඔන්න ඒකෙ පලවෙනි පියවර විදිහට අද මං අද උඹලට කියල දෙන්න යන්නෙ විවාහ නීතිය ගැන....නීතියේ ඒරියා එක සෑහෙන්න ලොකුයි...ඒ හින්ද මං පුළුවන් තරන් පොඩි කරල දාන්නම්....නැත්තන් තොපිල කියවන්න කම්මැලි නේ....ලිපිය පොඩ්ඩක් දිග උනාට කමක් නෑ කම්මලි නැතුව කියවපල්ල....
විවාහය යනු කුමක්ද?
කෙටියෙන්ම කියනවනං මනුෂ්‍ය වර්ගයා අතර ඇතිවන අනෝන්‍ය සම්බන්ධතාවය මත ගොඩනැගෙන වැදගත්ම ආයතනය තමයි විවාහය කියන්නෙ.
ලංකාවෙ නීතිය කියන්නෙ නීති ගොඩක ෆෘට් සැලඩ් එකක්...ලංකාවේ විවාහ නීතිය නීති පද්ධති ගනනාවකින් සමන් විතයි...
1) උඩරට නීතිය
2) සාමාන්‍ය නීතිය
3) මුස්ලිම් නීතිය( හම්බ නීතිය )
වලංගු විවාහයක් ඇතිවීම සඳහා බලපාන කරුණු
1) ස්වෙඡ්ඡාවෙන් ඇති විය යුතුය.
2) ජීවිත කාලය පුරාම පවුල් ජීවිතයක් ගත කිරීමේ පරමාර්ථයෙන් ඇතිකර ගත යුතුය.
3) විරුද්ධ ලිංගිකයන් අතර පමණක් ඇතිවිය යුතුය.
4) එක් භාර්යාවක් හා එක් පුරුෂයෙක් අතර පමණක් ඇති විය යුතුය (හම්බයන්ගේ නීතිය යටතේ ව්‍යතිරේකයක් පවතී ).
සාමාන්‍ය නීතිය යටතේ විවාහය සදහා බලපවත්වන්නේ 1907 අංක 17 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතයි.
සාමාන්‍ය නීතිය බලපවත්වන්න කාහටද?
1) පහතරට සිංහලයන්ට
2) සිය කැමැත්ත මත උඩරට සිංහලයන්ට
3) තේසවලාමේ නීතිය යටතේ ද්‍රවිඩයන්ට
4) ස්වකීය කැමැත්ත මත මුස්ලිම් ජාතිකයන්ට
සාමාන්‍ය නීතිය යටතේ විවාහය වලංගු වීමට මොනවද අවශ්‍ය?
1) අවම වයස් සීමාව.
2) තහනම් ඥාති සබඳතා නොපැවතීම.
3) වලංගු පෙර විවාහයක් නොපැවතීම.
අවම වයස් සීමාව
1995 අංක 18 දරණ සංශෝධන පනතට අනුව ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශවටම විවාහයක් සදහා අවශ්‍ය අවම වයස අවුරුදු 18 ක් වෙනව.
එතකොට මොනවද මේ තහනම් ඥාති සබඳතා කියන්නෙ?
සාමාන්‍ය විවාහ ආඥා පනතේ 18 වන වගන්තිය මගින් ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ විදිහට පිළිගන්නෑ. මේක පොඩ්ඩක් බරපතල වෙනව පනතේ 17 වන වගන්තිය අනුව, මොකද මෙහිදි තහනම් ඥාති සබඳතා මත විවාහ සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් වෙනව.
තහනම් ඥාති සබඳතා කියල සැලකෙන්නෙ මොනවද?
මව-පුතා
පියා-දියණිය
සහෝදර-සහෝදරිය
මාමා-ලේලි
ආච්චි-මුණුපුරා
සීයා-මිණිබිරී
විවාහයෙන් පසුව කලත්‍රයන්ගේ දියණිවරු හා පුතුන් අතර
වලංගු පෙර විවාහයක් නොපැවතීම
සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතේ 18 වෙනි වගන්තියට අනුව නීත්‍යනුකූලව වලංගු ව පවතින පෙර විවාහයක් අවලංගු කර නොගෙන සිදුකරන දෙවන විවාහයක් වලංගු නොවන බව නීතිය පිළිගනී..
සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් සිදු කිරීම
සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම මගින් හෝ චාරිත්‍රානුකූලව සිදුකළ හැකිය.විවාහයක් ලියාපදිංචි කිරීම විවාහ රෙජිස්ටාර්වරයා හෝ ක්‍රිස්තියානි පූජකවරයා විසින් සිදුකරනු ලබයි.
විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යය පටිපාටිය මොකද්ද?
1) පනතේ 23, 24 වගන්ති ප්‍රකාරව විවාහ ලියාපදිංචි වීම සඳහා දින 10 කට පෙර ඒ පිළිබඳව ප්‍රදේශයේ විවාහ ලේකම් වරයාට දැනුම් දිය යුතුය. ( මේව නං ඉතින් අද ඇත්තටම සමහර තැන්වල ක්‍රියාත්මක වෙන් නෑ...ඔය පනල යන උන් ඕන තරන් බදින්නේ
2) එම දැනුම් දීමෙන් පසුව අදාල සහතික විවාහ ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කළ යුතුය.
3)නියමිත කාලසීමාව අවසානයේදී විවාහ ලේකම් වරයාගේ සහතිකය නිකුත් කරනු ලබනව...නමුත් පනතේ 31 (1) (2) වගන්ති යටතේ ඒ සඳහා විරුද්ධත්වයක් වේනම් එය අධිකරණය වෙත යොමුකළ යුතුය .එහිදී සහතිකය නිකුත් කිරීම අධිකරණය තීරණය කරයි.
දැන් එහෙනම් බලමු උඩරට නීතිය කොහොමද විවාහ කරුණු කාරණා ගැන කියන්නෙ කියල..
උඩරට නීතිය පාලනය වන්නේ 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත මඟින්. උඩරට නීතිය යටතේ විවාහ විය හැක්කේ උඩරට පාර්ශවයන් දෙදෙනෙකුට පමණි.
උඩරට නීතිය යටතේ විවාහය වලංගු වීමට නම් ඕන කරුණු මොනවද?
1) නිසි වයස් සීමාව.
2) තහනම් ඥාති සම්භන්ධතා නොතිබීම.
3) වලංගු පෙර විවාහයක් නොතිබීම.
නිසි වයස් සීමාව
මේකෙත් අවම වයස් සීමාව අවුරුදු 18ක්ම තමයි...නම්ය්ත් අදාල පනතේ 4 (2) වගන්තිය දක්වන අවශ්‍යතා දෙක මත අවුරුදු 18ට අඩු අය අතර කරන විවාහය වලංගු වෙනව.
තහනම් ඥාති සම්බන්ධතා නොතිබීම
උඩරට විවාහ නීතිය යටතේද තහනම් ඥාති සම්භන්ධතා මත කරන විවාහ නොපිලිගනී. මේක සාමාන්‍ය නීතියේ ප්රතිපාදනයට සමානයි...
වලංගු පූර්ව විවාහයක් නොතිබීම
උඩරට විවාහ හා දික්කසාද ආඥා පනතේ 6 වගන්තිය දක්වන ආකාරයට වලංගු පූර්ව විවාහයක් අවලංගු කර නොගෙන විවාහයක් සිදුකර ගත නොහැකි වෙනව.
උඩරට නීතියේ විවාහ කාර්යය පටිපාටිය
මේකෙ ක්‍රියා පටිපාටියත් සාමාන්‍ය නීතියේ ක්‍රියාපටිපාටියට බොහේ සෙයින් සමාන වෙනව...ඒ අතරෙ පොඩි පොඩි වෙනස්ක් කම් ටිකකුත් තියෙනව...
1) පනතේ 16 වන වගන්තිය යටතේ පාර්ශවකරුවන්ගේ වාසය පළිබඳ විස්තර ඉදිරිපත් කරමින් විවාහය ගැන දැනුම් දිය යුතුයි .දැනුම් දීමට දින 4කට පෙර උඩරට ප්‍රදේශයේ පදිංචිව සිටිය යුතුයි.
2) පනතේ 23 (1) අ (ඊ)වගන්තියේ දැක්වෙන පරිදි පාර්ශවය විවාහක ද, දික්කසාද ද, වැන්දඹුවක් ද යන වග දැක්විය යුතුය.
3) පනතේ 23 (1) අ (ඊ)වගන්තියේ දැක්වෙන පරිදි විවාහයේ ස්වභාවය දීග විවාහයක් ද, බින්න විවාහයක් ද යන්න දැක්විය යුතුයි.
මුස්ලිම් නීතිය යටතේ විවාහය ගැන නං මං කතා කරන්න බලාපොරොත්තු වෙන් නෑ...උන්ගේ උලව් උන්ම බලාගනි... උන්ගේ විවාහ සදහා බලපවත්වන නීතිය වෙන්නෙ නම් 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත...ඒ ටික විතරක් කියන්නම්.....
උඹලගෙ ප්‍රතිචාර මත ත්‍රෙඩ් එකේ දෙවනි කොටසත් දානවද නැද්ද කියල තීරණය කරන්නං....උඹලගෙ ප්‍රතිචාර හොද උනොත් දෙවනි කොටසත් දාන්නම්...නැත්තන් අපරාදෙ මගෙ මහන්සිය....මතක ඇතුව කොමෙන්ටුවක් දාලම පලයල්ල....ප්‍රශ්න මොනව හරි තියෙනවනන් ඒවත් අහපල්ල....

.
.
.
Last edited: