Mohanaya gana danna ayagen podi ekak

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    1.Machanla mohanaya karanakota ape brain eke access karanne koyi kotasatada?(conscious/subconscious/Unconscious)

    2.Mohanayayi manokayayi athara sambandayak thiyenawada?

    3.Mohanaya karala karanna puluwan monawada?

    4.Mohanaya magin ape sitha ekthan kereemak kala hakida?

    Machanla oyala danna ahala thiyana deewal walin podi help ekak danna.Oyala ahala dakala thiyana warthamanayee manasika shakthiyak thiyena minisun kawda?
     

    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    3. Mohanayen karanne ape hithata positive widihata hithanna puluwan podi thalluwak dena eka. Ehemath naththam ape hithe hangila thiyena naraka ho hoda siduwima mathak karana eka. Samahara ratawal wala sirakaruwanwa mohanaya karanawa kalabalakari unama. Lankaweth sirakaruwan manasika rogin mohanayen suwapath karapu awastha thiyenawa.

    4. Puluwan. Oyata katawath kiyanna bari prasnyak thiyenawa nam eka nisa jeewithe winasa wenawa kiyala hithenawa nam ikmanata gihin hoda doc kenek channel karanna. makuluwanta / usa than walata baya ayatath mohanayen wisadum denawa
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    1.මොලයේ Precuneus කියන කොටසට මෝහනය කිරීමේදි බලපෑමක් තියෙනවා.
    -Conscious(සචේතනික),Subconscious(අනාවීර්භුත),Unconscious(අචේතනික)මේවා මනසේ ක්‍රියාකරිත්වයට අදාල දේවල්.මොහනය කිරීම කියන්නේ මනස සැහැල්ලු කරලා ඒ හරහා Subconscious(අනාවීර්භුත) මනස සමග සන්නිවේදනය කිරීමට යොදාගන්න උපක්‍රමයක්

    2.නැහැ

    3.මෝහනය කිරීම හරියට උපකරණයක් වගේ,භාවිතා කරන කෙනාගේ විදිහට තමයි ඒකේ වැදගත්කම,ඵලදායිතාවය තීරණය වෙන්නේ.මොහනය කියන්නේ Subconscious mind එක විසින් මනස තමන්ගේ බලයට නතු කරගැනීම.මේ හරහා මනසට ලොකු බලපෑමක් කරන්න පුළුවන්.උදාහරණයක් විදිහට හිතන්න ඔයාට පිරිසක් ඉදිරියේ කතාවක් කරන්න තියෙනවා ඒත් ඔයා ඒකට සුදානම් නෑ කියලා,මෝහනය හරහා ඔයාගේ මනස සැහැල්ලු කරලා ඒ වගේ දේකට ඔයාව සුදානම් කරන්න පුළුවන්,ඒ වගේම තමයි කෙනෙකුගේ ආහාර රටාවන්,අභිප්‍රායන්,මානසික ඒකාග්‍රතාව,භාෂා කුසලතා,අධ්‍යපාන කුසලතා වලා ලොකු වෙනසක් ඇත කරන්න පුළුවන්,ඒ වගේම මානසික ආතතිය අඩු කරන්න,නිර්මාණශීලිත්වය වැඩි කරන්න,මතකය වැඩිදියුණු කරන්න වගේම වේදනාවක් සමනය කරන්නත් මෝහනහ හරහා පුළුවන්.ඒ වගේම නැතිවුන මතකයන් නැවත ගෙන්වන්න පුළුවන් කියලත් තර්කයක් තියෙනවා ඒත් මේක ගොඩක් විවාදයට ලක්වෙලා තියෙන සිද්ධාන්තයක්.

    4.ඔව් කරන්න පුළුවන්,මේකට Hypnotherapy කියලා කියන්නේ මෝහනය කිරීම මගින් හැසිරීම,සංකල්පන රටාව වගේම ඉහත දක්වපු සෑම දෙයක්ම වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: WwW.lk

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    " ආහාර රටාවන්,අභිප්‍රායන්,මානසික ඒකාග්‍රතාව,භාෂා කුසලතා,අධ්‍යපාන කුසලතා වලා ලොකු වෙනසක් ඇත කරන්න පුළුවන්,ඒ වගේම මානසික ආතතිය අඩු කරන්න,නිර්මාණශීලිත්වය වැඩි කරන්න,මතකය වැඩිදියුණු කරන්න වගේම වේදනාවක් සමනය කරන්නත් " chuttak pahadili karanawada :)
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    " ආහාර රටාවන්,අභිප්‍රායන්,මානසික ඒකාග්‍රතාව,භාෂා කුසලතා,අධ්‍යපාන කුසලතා වලා ලොකු වෙනසක් ඇත කරන්න පුළුවන්,ඒ වගේම මානසික ආතතිය අඩු කරන්න,නිර්මාණශීලිත්වය වැඩි කරන්න,මතකය වැඩිදියුණු කරන්න වගේම වේදනාවක් සමනය කරන්නත් " chuttak pahadili karanawada :)

    Hypnotherapy කියන්නේ මෝහනය කිරීම මගින් කෙනෙකුගේ මිනිස් ක්‍රියාකාරකම් වල වෙනසක් කරන්න පුළුවන් ක්‍රමවේදයක්.මනසේ ක්‍රියාකාරිත්වය ගැන යම් අවබෝධයක් තියෙනවනම් දන්නවා ඇති මනස සැහැල්ලුවෙන්,නිරවුල්ව තියෙන වෙලාවට ඕනෑම දෙයක් සාර්ථකව කරගන්න පුළුවන්.ඒත් මනස අනවශ්‍ය බරකින් පිරිලා තියෙන වෙලාවට මනස නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නෑ.Hynotherapy මගින් කරන්නේ මේ අනවශ්‍යය බර මනසින් ඉවත් කරලා මනස සැහැල්ලු කරන එක.උදාහරණයක් විදිහට අධ්‍යාපන කුසලතා වැඩිදියුණු කිරීම ගත්තොත් මෝහනය මගින් කෙනෙකුගේ මතකය වැඩිදියුණු කරන්න පුළුවන්,මේක සිදුකරන ක්‍රමය therapist ගෙන් therapist වෙනස් වෙනවා.මනසට බරක් වෙන විදිහට මනසේ හිරවෙලා තියෙන අනවශ්‍යය මතකයන් යටපත් කිරීම මගින් අළුත් මතකයන් මනසට ඇතුල්කිරීමට ඉඩ සලසලා දෙන්න පුළුවන්.සමහර මතකයන් තියෙනවා කොටස් නැතිවුණ,මනස හැමවෙලේම එතකොට වෙහෙසෙනවා මොකක්ද ඒ නැතවුන කොටස කියලා හොයාගන්න,මෝහනය හරහා subconcious එක සමග සන්නිවේදනය කරලා මේ හිරවෙලා තියෙන මතකයන් එලියට ගන්න පුළුවන්,ඒ මගින් මතකයේ නැතිවුන කොටස් සම්පූර්ණ වෙනවා,මනස තවදුරටත් ඒ ගැන හොයලා වෙහෙසෙන්නේ නෑ.මනස ඒ මගින් සැහැල්ලු වෙනවා.ඒ වගේමයි concentration එක,ඒකාග්‍රතාවය.මෝහනය මගින් සිතේ ඒකාග්‍රතාවය වැඩි කරන්න පුළුවන්.මේවා කරන procedure එක මගෙන් අහන්න එපා මොකද ඒක therapist ගෙන් therapist ට වෙනස් වෙනවා,ඒක පැහැදිලි කරන්නත් ගොඩක් අමාරුයි මෙහෙම.