ඔහු අහිමි ව වසර 24ක්-Premakeerthi de Alwis

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු අහිමි ව වසර 24ක්-Premakeerthi de Alwis

    ඔහු අහිමි ව වසර 24ක්

    ප්‍රේමකීර්ති ද අල්විස්

    අප යුගයේ විසූ විශිෂ්ඨතම ගේය පද රචකයෙක් වෙත කෙරෙන වන්දනීය සැමරුම..............


    images


    ඔහු අපෙන් උදුරා ගෙන අදට වසර විසි හතරකි. ඒ කාලකන්නි මූසල දිනයේ ඔහු ගේ මුවට තැබූ වෙඩිල්ලේ හඩ ඇසූ ශ්‍රවණ සාක්ෂිකරුවන් අතර මම ද හිදිමි. ඒ ඔහු දිවි ගෙවූ යේ මගේ මහ ගෙදරට හූවක නුදුරින් වෙළෙන් එගොඩ වන බැවිනි.



    ඔහු නමින් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ය. සැරිසර නම් ඔහු ගෙන ආ පුවත් සගරාවේ කියූ ලෙස ඔහු ගේ පදිංචිය වූවේ “කොළඹ 7, නිදහස් චතුරෂ්‍රෙය්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ප්‍රවෘත්ති අංශයේ“ය.

    ප්‍රේම් ගේ ගීත රචනා අප අතර සදා ජනප්‍රියය. ඔහු ගේ නිවේදක හඩ පෞරුෂය මම වර්තමාන නිවේදක හඩ සමග සසදන්නේ නැත. ඒ වර්තමාන නිවේදක හඩවල් කොටළු හඩවල් ලෙස නම් කිරීමට වර්තමාන පරපුරිකයෙක් වන මම අකමැති නිසාය. මම ඔහු ගේ වැඩ ගැන කතා නොකරමි. ඔහු ගේ වැඩ ගැන සස්ලිට් සොයුරා ගෙන් ඔබට අසා දැන ගත හැක්කේ ඔහු ප්‍රේමකීර්ති ලෝලියෙකු වන බැවිනි.

    මා විමසන්නේ ඔහු ගේ ඝාතනය කරවූ දේශපාලන සංස්කෘතිය ගැනය. මෙවන් වටිනා මිනිසකු මුවට වෙඩි තබා ඝාතනය කළ දේශපාලන ව්‍යාපාරයකින් අපට බලාපොරොත්තු විය හැකි ඊනියා “විමුක්තිය“ කුමක් දැයි මම අදටත් කල්පනා කරමි.

    ඔහු ගේ ගී රස විද අප ලබනා භාව විරේචනයේ පින් මහිමය මැ ඔහුට නිවන් සුව පිණිස හේතු වේවා!!!!!!!!!!!

    මේ හුය පළ කරන්නේ ද ඔහු ගේ ගී අසා දැනුදු විදින/විදවන ඒ මනුස්ස සිතිවිළි නිසා ය.........


    මෙන්න මේ දිගුව ------
    http://www.youtube.com/playlist?list=PLSnhVpJAza0V9Nod3GkOgzb0TywkkMaG7

    අපේ සහෘදයෙකු ප්‍රේම් ගේ ගීත 48ක් යූ ටියුබය වෙත උඩුගත කළ එකක්.......ඔබේ රස වින්දනය පිණිසය.

    ප.ලි. - ප්‍රේම් ගැන අන්තර්ජාලයේ කළ විශිෂ්ඨතම වැඩසටහන ලෙස මා දකින්නේ අපේ සස්ලිට් සොයුරා විසින් කරන ලද “ප්‍රේමකීර්ති - මරා දැමුණු යශෝගීතය“ නම් රේඩියෝ වැඩසටහනයි.

    මෙන්න ඔබේ රසවින්දකනය සදහා එයත්.......




    මතක් කොට දුන් රන්දික සොයුරාටත්, සබැදිය ලබාදුන් රේඩියෝ සහ ඩිල්රසාන් සොයුරන්ටත් ප්‍රණාමය පුදකරමි!
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං මමත් ඔය වෙඩි හඩ ඇහෙන මනේ තමයි බන් උම්බ කොහොද........... කටුවානේද ? මහකටුවානේද? වෙඩි තියපු දවස අද වගේ මතකයි බන් අපිට හොදට වෙඩි හඩ ඇහුනා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මමත් ඔය වෙඩි හඩ ඇහෙන මනේ තමයි බන් උම්බ කොහොද........... කටුවානේද ? මහකටුවානේද? වෙඩි තියපු දවස අද වගේ මතකයි බන් අපිට හොදට වෙඩි හඩ ඇහුනා
    කටුවාන පාර ආරම්භයේ ම වගේ.............
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කටුවාන පාර ආරම්භයේ ම වගේ.............

    හම්ම් මමත් ඔය හරියේ කට්ටිය ගොඩක අදුරනවා මචං උමබ කොහොද ඉස්කොලේ ගියේ... මම මහකටුවාන කනත්ත ලග
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මම කුඩා කල ඔහු මාව කේන්ති ගස්වයි
    මම ගල් පොලු අරන් ඔහු එලවනු යන්තම් මතකය
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රේමකීර්ති ද අල්විස් ජීවත්ව සිටියානම්...... ලාංකීය සංගීතය සහ නිවේදන කලාව මේ වන විට වැටී සිටින මඩගොහොරුවට නොවැටෙනු ඇත.......

    ප්‍රේමකීර්ති ද අල්විස් සැමරීම වෙනුවෙන් ත්‍රෙඩ් එකක් වෙන්කළ ඔබට ස්තුතිය........
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,511
    390
    83
    43
    Wattala, Sri Lanka
    ප්‍රේමකීර්ති ද අල්විස් ජීවත්ව සිටියානම්...... ලාංකීය සංගීතය සහ නිවේදන කලාව මේ වන විට වැටී සිටින මඩගොහොරුවට නොවැටෙනු ඇත.......

    ප්‍රේමකීර්ති ද අල්විස් සැමරීම වෙනුවෙන් ත්‍රෙඩ් එකක් වෙන්කළ ඔබට ස්තුතිය........

    :yes: :yes: :yes:
     

    kingdewi

    Well-known member
  • අද වගේ මතකයි එතුමා කරපු අවසන් වැඩසටහන රුපවාහිනියේ බලපු හැටි ..
    ඒ වගේම උදේ අප්පච්චි මාව ඇහැරවලා එතුමා මරල දාල කියල කිවුව හැටි ..:(:(
    ඒ පාදඩ මිනී කාක්කන් කිසිම භවයක සුගතියකට නොඑළඹෙනු නිසැකයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හම්ම් මමත් ඔය හරියේ කට්ටිය ගොඩක අදුරනවා මචං උමබ කොහොද ඉස්කොලේ ගියේ... මම මහකටුවාන කනත්ත ලග
    හුටායැ.............
    ඔය පැත්තේ ඩී.එස් ගිය කොකටුවෙක් මතක ද?
    ඥාණරත්න මහතා ගේ ගෙවල් පැත්තේ...........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රේම් ලියූ ගිත අතර මා අතිශය භාවමය කැළඹීමකට ලක් කල ගීතයක් වූයේ මෙයයි. මේ දියණියක ලද පියෙකු කවදා හෝ විදින අත්දැකීමකි. මම ද මෙය වින්දෙමි...........ඒ මගේ දඅයැණිය නිසාය.......
    අප පරිනත වන්නට වන්නට ප්‍රේම් ගේ ගීත අපට තවත් ලංවේ.............

    සුරංගනීට දුක හිතුණා..............

     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඉතාම නිහඩ කෙනෙකු වන ජානක සොයුරාට ඔහු සිහිවීම අගය කොට සළකමි.........

    http://www.elakiri.com/forum/showthread.php?t=1569401


    :) මේකත් බලන්නකො මේ කියන Youtube පිටුව කරන්නේ අපේ සස්ලිට් සහෝදරයා කියලා මට සාධාරණ සැකයක් තියෙනවා ??

    මේ කියන පොතේ ඔබේ නමත් තියෙනවා නේද?


    http://www.elakiri.com/forum/showthread.php?t=1557456
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :) මේකත් බලන්නකො මේ කියන Youtube පිටුව කරන්නේ අපේ සස්ලිට් සහෝදරයා කියලා මට සාධාරණ සැකයක් තියෙනවා ??

    මේ කියන පොතේ ඔබේ නමත් තියෙනවා නේද?


    http://www.elakiri.com/forum/showthread.php?t=1557456
    සස්ලිට් ද කියල හරියට ම කියන්න බෑ මොකද අදාල අය ඉන්නේ ආරූඪ නාමයකින්........

    මොනව වුණත් ප්‍රේම් ගේ ගී ගැන තියෙන්නේ පුදුම මතක සටහන්.......මේ එවැනි එකක්....

    හෙළ සුභාවිත ගීතයේ මීළග මහරුජු, වික්ටර් රත්නායකයන් ගේ පතුන් දෙදෙනාම අපේ විදුහලේ....උන් දෙන්න, ජයන්ත අයියත් ලෙල්ලත් (අපි ලෙලුම්ට කතා කරන්නේ ලෙල්ලා කියල) හරිම සරල මිනිස්සු.
    ඔය සබැදියාව නිසා අපි, විදුහලේ සිංහල සාහිත්‍ය සංගමය වික්ටර් රත්නායකයන් ගේ ස ප්‍රසංගය විදුහලේ වරක පැවැත්වූවා.....
    6.30ට ඇරඹුණු ප්‍රසංගය අවසන දී විත්ටර් රත්නායක මහත්මාණන් මේ ප්‍රසංගය වෙනුවෙන් අපි, සිංහල සාහිත්‍ය සංගමයේ දර දිය ඇදීම වර්ණනා කරල කිව්ව “පුතාලට ඕන ගීයක් කියන්න මම ගායනා කරනවා“ කියලා.
    අපේ කෙනෙක් වේදිකාවට නැගල ඔහු ගේ කණට යමක් කෙදිරුවා. ඔහු මදක් නිහඩව ඉදලා කිව්වා “ඉල්ලීම නැවත වරක් ආදරයේ උල්පත වූ අම්මා ගායනා කරන්න, ඒ......“ඔහු නිහඩ වුණා.....
    “ආපු පුතා කිව්වේ අපේ සියළ ම අම්ම වරු වෙනුවෙන් ගායනා කරන්න කියලා....“
    ඔහු නැවතත් නිහඩ වුණා......
    ඔහු ප්‍රේම් ලියපු මේ ගීතය ගායනා කරද්දී අපේ ඇස්වලින් කොතරම් කදුළු ගැලුවාද කියා දෙවියන් ම දනී.....
    අවසන දී එතුමා කිවේ මෙතරම් සංවේදී ව ස අවසන් වුනේ පළමු වරට කියායි..........
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    2013-03-02 දින sasliit අ‍යි‍යගේ රේඩි‍යෝ වැඩසටහනේ එතුමා ගැන කි‍යැවුනු වැකි‍යක් මගේ මතක‍යට ආවා.......

    වෙඩි පහරකින් නිසල කල පෑන් තුඩක දැවටුනු මනුස්සකම

    ඔහුව නිසල කර වසර 24ක් ගත වුනත් ඔහුගේ පෑන් තුඩින් ලි‍යැවුනු දේ සහ ඔහුගේ හඬින් සමාජ‍යට ලැබුනු දේ තවත් වසර ගණනාවක් ‍යනතුරු පවතිනු ඇති.......