ඔහු අහිමි ව වසර 24ක්-Premakeerthi de Alwis
ඔහු අහිමි ව වසර 24ක්
ප්‍රේමකීර්ති ද අල්විස්
අප යුගයේ විසූ විශිෂ්ඨතම ගේය පද රචකයෙක් වෙත කෙරෙන වන්දනීය සැමරුම..............
ඔහු අපෙන් උදුරා ගෙන අදට වසර විසි හතරකි. ඒ කාලකන්නි මූසල දිනයේ ඔහු ගේ මුවට තැබූ වෙඩිල්ලේ හඩ ඇසූ ශ්‍රවණ සාක්ෂිකරුවන් අතර මම ද හිදිමි. ඒ ඔහු දිවි ගෙවූ යේ මගේ මහ ගෙදරට හූවක නුදුරින් වෙළෙන් එගොඩ වන බැවිනි.
ඔහු නමින් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ය. සැරිසර නම් ඔහු ගෙන ආ පුවත් සගරාවේ කියූ ලෙස ඔහු ගේ පදිංචිය වූවේ “කොළඹ 7, නිදහස් චතුරෂ්රෙය්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ප්රවෘත්ති අංශයේ“ය.
ප්‍රේම් ගේ ගීත රචනා අප අතර සදා ජනප්‍රියය. ඔහු ගේ නිවේදක හඩ පෞරුෂය මම වර්තමාන නිවේදක හඩ සමග සසදන්නේ නැත. ඒ වර්තමාන නිවේදක හඩවල් කොටළු හඩවල් ලෙස නම් කිරීමට වර්තමාන පරපුරිකයෙක් වන මම අකමැති නිසාය. මම ඔහු ගේ වැඩ ගැන කතා නොකරමි. ඔහු ගේ වැඩ ගැන සස්ලිට් සොයුරා ගෙන් ඔබට අසා දැන ගත හැක්කේ ඔහු ප්‍රේමකීර්ති ලෝලියෙකු වන බැවිනි.
මා විමසන්නේ ඔහු ගේ ඝාතනය කරවූ දේශපාලන සංස්කෘතිය ගැනය. මෙවන් වටිනා මිනිසකු මුවට වෙඩි තබා ඝාතනය කළ දේශපාලන ව්‍යාපාරයකින් අපට බලාපොරොත්තු විය හැකි ඊනියා “විමුක්තිය“ කුමක් දැයි මම අදටත් කල්පනා කරමි.
ඔහු ගේ ගී රස විද අප ලබනා භාව විරේචනයේ පින් මහිමය මැ ඔහුට නිවන් සුව පිණිස හේතු වේවා!!!!!!!!!!!
මේ හුය පළ කරන්නේ ද ඔහු ගේ ගී අසා දැනුදු විදින/විදවන ඒ මනුස්ස සිතිවිළි නිසා ය.........
මෙන්න මේ දිගුව ------
http://www.youtube.com/playlist?list=PLSnhVpJAza0V9Nod3GkOgzb0TywkkMaG7
අපේ සහෘදයෙකු ප්‍රේම් ගේ ගීත 48ක් යූ ටියුබය වෙත උඩුගත කළ එකක්.......ඔබේ රස වින්දනය පිණිසය.
ප.ලි. - ප්‍රේම් ගැන අන්තර්ජාලයේ කළ විශිෂ්ඨතම වැඩසටහන ලෙස මා දකින්නේ අපේ සස්ලිට් සොයුරා විසින් කරන ලද “ප්‍රේමකීර්ති - මරා දැමුණු යශෝගීතය“ නම් රේඩියෝ වැඩසටහනයි.
මෙන්න ඔබේ රසවින්දකනය සදහා එයත්.......
මතක් කොට දුන් රන්දික සොයුරාටත්, සබැදිය ලබාදුන් රේඩියෝ සහ ඩිල්රසාන් සොයුරන්ටත් ප්‍රණාමය පුදකරමි!

Last edited: