හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට

    මචන් මං මේක දාන්නේ මට හිතුන දෙයක් උබලට කියන්න මිසක් උබලත් එක්ක වලි දාගන්නවත් නැතුව රණ්ඩු වෙන්න වත් නෙමෙයි

    අර වැලිවේරියේ සීන් එක මං මෙතන ආය කියන්න ඕක නෑ කියලා හිතනවා..ඒක ගැන ඕනම කෙනෙක් දන්නවා...

    මෙන්න මේ පින්තූරය මට සුපිරියටම වැදුනා බං...
    අපේම කොල්ලෝ ජීවිත පූජා කරලා
    අවුරුදු ගානක් තිස්සේ තිබුණ යුද්දේ ඉවර කලා...

    උබලා අපි හැමෝම ඒ අයව රැක බලා ගන්න කියලා ඕන තරමි බෝධි පුජා තියන්න ඇති...

    ආමි එකේ ඉන්නේ නාහෙට අහන්නේ නැති උන්...ඒ වගේ උන් නිසා තමා දැං යුධ බියක් නැතුව අපි ජීවත් වෙන්නේ...

    උබලම කියහල්ලකෝ හමුදාවට ඕන දේවල්ද මේ රටට කලේ කියලා ...

    නෑ.. හැමදේම කලේ වරින් වර පත්වුන ආණ්ඩුවට ඕන දේවල් නේද ? ...

    හමුදාව ඇවිල්ලා සහෝ වැඩ කරන්නේ තියන ආණ්ඩුවට ඕන විදියටයි...

    මං කියන්නේ මෙචිචරයි.. ඔය දාලා තියනවා වගේ පින්තූර නොදා ඉන්න උබලවත් වගබලා ගනිල්ලා..මොකද ආණ්ඩුවක් කියලා එකක් තියනවානේ..හමුදා පාලනයක් නෙමෙයි ලංකාවේ තියෙන්නේ...
    ඕන එකෙක්ට බැනහං..ඒත් හමුදාව කියන්නේ මේ රට ජීවිත පුජා කරලා උබලට අපිව බේර ගත්ත එවුන් එන්න තැනක්..

    ඉස්සරහටත් ආය යුද්දයක් ආවොත් ඔය බොරු කාඩිබෝඩ් වීරයෝ යනවද යුද්ධ කරන්න ?

    උබලට හිතෙන දේවල් කියහල්ලා..රණ්ඩු වෙන්න ඕක කමක් නෑ මට...

    මතකනේ කාලයක් හලාල්, මුස්ලිම්, ආගමි බේද ඇති කරන්න හැදුවා...කෝ දැං එහෙම ටයිප් කරපු පින්තූරයක් වත් තියනවද ? ..

    කාලෙන් කාලෙට එක එක බේද නෙමෙයිද මේ ඇති වෙන්නේ...

    හිතට මාර දුකයි සහෝ..සිරාවටම..:(
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    PeopleProtest03152012_5.jpg

    ai mahinda mahaththayo mewage ekakata army eka damme natte..
    :no::no::no::shocked::shocked::shocked::frown::frown:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිරාවට මම හිතුවෙත් නැහැ අපේ army එකෙන්ම අපේ අහිංසක මිනිස්සුන්ට කෙළියි කියලා.පට්ට දුකයි සීන් එකට:(

    ජල ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වී සිටි ජනතාවට වැ‍ලිවේ‍රියේ දී ඊයේ (01) සවස ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ. තුවාල ලැබූ තිහකට වැඩි පිරිසක් ගම්පහ සහ වතුපිටිවල රෝහල්වල ප්‍රතිකාර ලබති.

    හඳුනා නොගත් පුද්ගලයකුගේ මළ සිරුරක් වැලිවේරිය නගරයේ තැනක වැටී තිබෙන බව යුද හමුදාව ප්‍රකාශ කරයි.

    විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යන මහත්වරුන් වැලිවේරිය පොලිසියට අද (02) උදේ පැමිණ සිද්ධිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක යෙදී සිටි බව වාර්තා වේ.

    මේ අතර වැලිවේරිය නගරයට ඇතුළු වන සියලුම ප්‍රදේශ ආරක්ෂක අංශ මගින් වසා දමා දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.

    ඊයේ (01) සවස ජනතාවට සහ ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරය එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන්ට එල්ල කළ ප්‍රහාරයක් තරම් දරුණු මුහුණුවරක් ගත්තේය.

    වැලිවේරිය නගරයේ හත්දහසක් පමණ ජනතාව ටයර් පුළුස්සමින් උද්ඝෝෂණය කළ අවස්ථාවේ රටේ සියලුම ජනමාධ්‍ය ආයතනවලට අයත් ජනමාධ්‍යවේදීන් රාශියක් වැලිවේරිය නගරයේ මහල් ගොඩනැගිල්ලක සිට සිද්ධිය රූගත කරමින් සිටියහ. මෙම අවස්ථාවේදී ජනමාධ්‍යවේදීන් දුටු ආරක්ෂක අංශ, වැටවලට සිටුවා තිබූ පොලු කඩා ගෙන ඒ දෙසට පැමිණියහ.

    “ එකෙක් දුවන්න එපා. තොපිට ෆොටෝ ගහන්න දෙන්නේ නෑ.”යි කියමින් ජනමාධ්‍ය වේදීන් සතු කැමරා උපකරණ පැහැර ගන්නට ඔවුන් තැත් කළහ. එම අවස්ථාවේදී ගොඩනැගිලෙන් පිටතට පැනගත් ජනමාධ්‍යවේදීන් ජනතාව අතරට දිව ගියහ. “තොපිව මරලා දානවා එක ෆොටෝ එකක් ගත්තොත්.” යැයි යළි පවසා ජනතාවට පොලුවලින් පහර එල්ල කරන්නට වූහ.

    කාන්තාවන්ට සහ ළමුන්ටත් පොලු පහර එල්ල විය. මේ තරම් දරුණු ලෙස පහර එල්ල කිරීමක් මීට පෙර කිසිදාක අප දැක නැතැයි ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදීන් පවසති.

    කාන්තාවන්ට දරුණු ලෙස පහර එල්ල වෙද්දී ඔවුන් දෑත් එක්කර වඳිමින් “ අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්. උඹලගේ ජීවිත ප්‍රභාකරන්ගෙන් බේරල දෙන්න කියලා. එහෙම කරපු අපට ඇයි මෙහෙම ගහන්නේ.?” යැයි විලාප නගන්නට වූහ.

    බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා එම අවස්ථාවේ ජීප් රථයක් උඩට නැග උස් හඬින් පැවසුවේ “ඒවා ගැන අපිට වැඩක් නැහැ..” යනුවෙනි. මෙම මෙහෙයුමට යුධ හමුදා කමාන්ඩෝ බලකායේ කර්නල් ශාමාල් සිල්වා ද සහභාගිවී ඇත.

    ජනතාවට පහර දීම සඳහා යොදවනු ලැබූ හමුදා කණ්ඩය යුද සමයේ රටේ ඉතා ජනප්‍රිය හමුදා කණ්ඩය වූ 58 කණ්ඩය බව දැන ගන්නට තිබේ. මන්නාරමේ සිට මුලතිව් දක්වා එල්.ටි.ටි.ඊ. සමග දරුණු යුද්ධයකට මෙම හමුදා කණ්ඩය මුහුණ දී සිටියදී රටේ ජනතාව ඔවුන් වෙනුවෙන් බෝධි පූජා පැවැත්වූහ.

    රාත්‍රී 8 – 9 වෙනතුරු දිගින් දිගටම වෙඩි හඬ ඇසින. එකක් බැගින් පුපුරන වෙඩි හඬ වාගෙම රතිඤ්ඤා වැළක් පුපුරා යන්නා සේ එක දිගට පතරොම් පුපුරා යන හඬද පැහැදිලිව ඇසුණි. වැලිවේරිය නගරයට පිවිසෙන මාර්ග සියල්ල වසා දැම්මේය.

    රාත්‍රියේ වැලිවේරියේ පිහිටි කතෝලික දේවස්ථානයට පැමිණි ආරක්ෂක නිලධාරින් පල්ලියේ රැකවරණ මත සිටි තරුණයින් පිරිසක් පැහැර ගෙන ගිය බව වාර්තා වේ.

    වැලිවේරිය, ගල්ඔලුව, රතුපස්වල, කහපාන ප්‍රදේශවල වැසියන් කරන්නේ මොකක්දැයි හැඟීමක් නැතිව සිය නිවෙස්වල සිරකරුවන් බවට පත් වී සිටිති.

    මෙම ප්‍රශ්නයට මුල් වූ කර්මාන්ත ශාලා භූමියේ තිබූ කන්ටේනර් රථ කිහිපයක් කලබලය මැද්දේ පිටත්කර යවා ඇත. ඒවායේ තහනම් ද්‍රව්‍ය තිබෙන්නට ඇතැයි ජනතාව තුළ සැකයක් පවතී.

    බීමට ජලය ඉල්ලා කළ සාධාරණ සටනකට මේ අකාරයට දරුණු විදියට පහර දී වෙඩි තබා මිනිසුන් ඝාතනය කරද්දී ජනතාවට වස පොවන්නට කටයුතු කළ කර්මාන්ත ශාලා අයිතිකරුවන් සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගැනීම බලවත් අසාධාරණයක් බව ජනතාව පවසති.

    ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගේ ඡායාරූප ලබා ගැනීම සඳහා ඊයේ රාත්‍රී 11 ට පමණ ගම්පහ රෝහලට අප ගියෙමු. එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, අජිත් මාන්නප්පෙරුම සහ පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුද රෝහලේ සිටියහ.

    අද (02) උදේ වනවිට ගම්පහ රෝහලට පොලිස් ආරක්ෂාව දැඩි ලෙස යොදා තිබිණි.
     
    Last edited:
    • Like
    Reactions: subash dushmantha

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    ඒක අහපන් මහින්ද මහත්තයාගෙන්...
    අහන්න ඕන එවුන්ගෙන් අහන්නේ නැත්තේ ඇයි :dull:

    kohomada contact kereganne
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :(:(:(
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    Army eke ayata seth pathala sudu nelum mal puja karana eka sanvidanaya karapu kollekwa thama army eken marala thiyenne :(
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    උබ කියුව දේට මමත් එකයි හමුදාවට එක එල්ලේ චෝදනා කරන එක වැරදී, පාලනයේ ඉන්න ආණ්ඩු කියන දේවල් තමයි හමුදාව කරන්නේ, හමුදාවේ ඉහල නිලවලට පත් කරන්නෙත් ආණ්ඩුවේ හෙන්චයියෝ ඒක නිසා සාමාන්‍ය සෙබළු තමයි හැම දෙකටම තැලෙන්නේ, යුද්දිදී සෙනදිනයකත්වය දුන්න කියල සම්පුර්න ගෞරවය ලබාගත්ත වගේ , මේ සිද්දියටත් වග කියන්න ඕන පාලකයෝ තමයි....
    රටේ මිනිස්සු මේවට පෙලගහෙන්න ඕන(
    එත් එහෙම දෙයක් අපේ රටෙන් බලාපොරොත්තු වෙන්න අමාරුයි) නැත්නම් මේ විදිහට තව ටික කලක් යනකොට හමුදාව යොදවල රටම එක යුද පිටියක් කරන එක වැඩි අතක නෙවෙයි..
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උබ කියුව දේට මමත් එකයි හමුදාවට එක එල්ලේ චෝදනා කරන එක වැරදී, පාලනයේ ඉන්න ආණ්ඩු කියන දේවල් තමයි හමුදාව කරන්නේ, හමුදාවේ ඉහල නිලවලට පත් කරන්නෙත් ආණ්ඩුවේ හෙන්චයියෝ ඒක නිසා සාමාන්‍ය සෙබළු තමයි හැම දෙකටම තැලෙන්නේ, යුද්දිදී සෙනදිනයකත්වය දුන්න කියල සම්පුර්න ගෞරවය ලබාගත්ත වගේ , මේ සිද්දියටත් වග කියන්න ඕන පාලකයෝ තමයි....
    රටේ මිනිස්සු මේවට පෙලගහෙන්න ඕන(
    එත් එහෙම දෙයක් අපේ රටෙන් බලාපොරොත්තු වෙන්න අමාරුයි) නැත්නම් මේ විදිහට තව ටික කලක් යනකොට හමුදාව යොදවල රටම එක යුද පිටියක් කරන එක වැඩි අතක නෙවෙයි..

    ඒකම තමයි බං මමත් කිව්වේ... ආණ්ඩුවේ අතකොලුවක් විතරයි...

    අනික හමුදාවට කිසි දෙයක් කරන්න බැහැ කියන් බැහැ...කියන දේයි කරන්නේ ඒ කොල්ලෝ
     
    • Like
    Reactions: HashanR

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මටත් ඔය ෆොටෝ එක දැක්කම අඩුන මචන්.......!
    ඇයි මෙච්චර මිනිස්සු පව් කාරයෝ වෙලා තියන්නේ කියල.
    යකුනේ මේ මිනිස්සු බොන වතුර ටික පරෙස්සම් කරලා දෙන්න කියලනේ කෑගැහුවේ.....!
    රටේ ත්‍රස්තවාදය පැතිරුවේ නැහැනේ...!
    :(:sorry::no::no::dull:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පවතින ආණ්ඩුව මොකක් උණත්, ලැබෙන අණ මොකක් උනත් කරන්න ඕන කියන එකද උඹ කියන්නෙ? හමුදාව කියන්නෙ එතකොට තමන්ගෙ ඕන එපා කම් ඉටු කරගන හදන දඩයම් බල්ලො රෑනක්ද?

    මෙතන ඉන්න හමුදාවේ 99% ක්ම ගම්වල අහිංසක අම්මල තාත්තලාගේ ළමයි. ඔය මිනිස්සු පාරට බැස්සෙ රට ගිනි තියන්න නෙමෙයි. බොන්න වතුර ටික ඉල්ලගන්න. එහෙව් මිනිස්සුන්ට ගහන්න කාගෙන් අණක් ලැබුනත් ඔහොම කරන්න පුලුවන්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    කව්රු මොන නියෝගය දුන්නත් උන් දැනගන්න ඕනි අපි මේ ගහන්න යන්නේ අපේම උන්ට කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    උතුරේ යුද්දේ නම් කලේ මානුෂිය මෙහෙයුමක් කියල
    මාවිල් ආරු සිද්දිය වගා කරන්න ජලය දෙන සොරොව්ව වපු එකට

    එතකොට මේ බොන්න වතුර ටිකට උද්ඝෝෂණය ත්‍රස්තවාදී එකක් උනා එහෙනං

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කව්රු මොන නියෝගය දුන්නත් උන් දැනගන්න ඕනි අපි මේ ගහන්න යන්නේ අපේම උන්ට කියල.

    සම්පුර්ණ ඈත්ත ... කාගේ උනත් අම්මල තාත්ලනේ... මූණ බලාගෙන ගහන්න පුලුවන්ද ඒ අම්මලගේ .. ඕවට ඉතිං මේ ආත්මෙම ගෙවන්න වෙනවා