හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා #

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා #

    • හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා ප්‍රකාශකයා කීය. එය අමූලික මුසාවකි.

    හමුදාවට රබර් උණ්ඩ නැත. රබර් උණ්ඩ තිඛෙන්නේ පොලිසියේ කැරලි මර්දන ඒකකය ඇතුළුව පොලිසි සතුවය. ඊයේ (02) උදයේ ලබා ගත් වාර්තා අනුව වැලිවේරිය පොලිසියෙන් එකදු රබර් උණ්ඩයක් හෝ භාවිතා කර නැත. එහි රබර් උණ්ඩ තොගය එසේම පවතී. දෙවැන්න නම් පැමිණි හමුදා ඛන්ඩය සතුව තිබුනේ ටී-56 සහ ඒ.කේ-47 අවි වන අතර එම අවි වලට රබර් උණ්ඩ යෙදිය නොහැක. රබර් උණ්ඩ යෙදිය හැක්කේ තුවක්කු වලට ය. ටී-56 සහ ඒ.කේ.-47 අවි සඳහා ජීව උණ්ඩ වෙනුවට යෙදිය හැක්කේ පුහු උණ්ඩ ය. ඒවායින් කිසිවෙකුට කිසිදු තුවාලයක් නොවන අතර ඒවා ටෙලි නාට්‍ය සඳහා යොදා ගන්නා උණ්ඩයන් ය. මේ අනුව හමුදා ප්‍රකාශක සුනඛ බි්‍රගේඩියර් රුවන් වනිගසූරිය දෙසා බෑවේ අමූලික බොරුය.

    • පොලිසියේ ඉල්ලීම මත හමුදාව පැමිණි බව හමුදා ප්‍රකාශකයා ද ආණ්ඩුවේ සට්ටැඹියෝද කීය. එයද අමූලික බොරුවකි.

    පොලිසියේ කුමන නිලධාරියාගේ ඉල්ලීම පරිදි පැමිණියාදැයි හෙලි කරන ලෙස අප අභියෝග කරමු. මෙවැනි තත්ත්වයකදී පොලිසියේ ඕනෑම නිලධාරියෙකුට හමුදා ආධාර ඉල්ලා සිටිය නොහැක. ජනතාවක් ප්‍රචන්ඩ වී කැරලිකාරී තත්ත්වයකට යොමු වී පොදු දේපොල මිනිස් ජීවිත හානි කරමින් සිටින්නේ නම් එය පොලිසියට පාලනය කළ නොහැක්කේ නම් පමණක් එම ස්ථානයේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු හෝ ඊට ඉහල නිලධාරියෙකු විසින් එම ඉල්ලීම හමුදාවෙන් ඉල්ලා සිටිය යුතුය. එවිට හමුදාවට පැමිනිය හැක. ඒ අනුව කුමන පොලිස් නිලධාරියා එලෙස හමුදා ආධාර ඉල්ලා සිටියාද කියා ඔප්පු කළ යුතුය.

    • පෙට්‍රල් බෝම්බ ගැහුව නිසා වෙඩි තිබ්බා කියා සට්ටැඹියෝ පවසති. එයද වැරදිය.

    සිවිල් පුරවැසියන් කලහකාරී වී පෙට්‍රල් බෝම්බ ගැහුවා කියා හමුදාවකට වැලිවේරියේ ආකාරයෙන් වෙඩි තැබිය නොහැකිය.

    හදිසි නීතිය නැති සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වන කාල වකවානුවකදී අභ්‍යන්තර ආරක්ෂක රාජකාරී වලදී භාවිතා කළ යුතු නීත්‍යාණුකූල සරඹයක් යුද හමුදාව තුල පවතී. ශ්‍රී ලංකාවත් ලෝකයත් අනුදත් එකී යුද හමුදා සරඹය මෙසේය.

    සාමාන්‍ය නීතිය යටතේ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරී වලට හමුදාව කැඳවිය යුත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු හෝ ඊට ඉහල පොලිස් නිලධාරියෙකු විසිනි. ඒ පොලීසිය එකී ආරක්ෂක කටයුත්තේදී පොලිස් අවම බලය යොදා එය අසාර්ථක වූ තැනදීය.

    හමුදාව පැමිණීමට පෙර කැරැලි මැඩ පැවැත්වීම පිනිස පොලිස් අවම බලය ලෙස පීඩන වතුර ප්‍රහාර එල්ල කිරීම, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, කුළු සහ බැටන් ප්‍රහාර එල්ල කිරීම සහ අවසානයේ රබර් උණ්ඩ යොදා ප්‍රහාර එල්ල කිරීම පවා අසාර්ථක වී තිබිය යුතුය. (රබර් උණ්ඩ වලින් වෙඩි තැබීම යුද හමුදාවට අදාල නැත) එය සිදුකළ යුත්තේ පොලිසිය විසිනි.

    එම ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුවත් පාලනය කළ නොහැකි තත්ත්වයක් තිබේනම් හමුදාව කැඳවිය හැකි අතර එසේ පැමිණෙන හමුදාව අනුගමනය කළ යුතු නීති ගණනාවක් ඇත. නැතහොත් සරඹයක් ඇත.

    එම හමුදා ඛණ්ඩය සමග මහේස්ත්‍රාත්වරයෙකු හෝ මහේස්ත්‍රාත් බලතල සහිත නීතිඥයෙකු සිටීම අනිවාර්ය වෙයි. ඉන්පසුව එම හමුදා ඛන්ඩය බලය යෙදීමට පෙර විසිරී යන ලෙස අනතුරු ඇඟවිය යුතුය. එය පෙරේදා මිනීමරු බි්‍රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන කීවා සේ 'විනාඩි 5 ක් දෙනවා විසිරී යන්න යි' කීමට නොහැකිය. අනතුරු ඇඟවීම භාෂා ති්‍රිත්වයෙන්ම මුද්‍රිතව ජනතාව අතර ඛෙදා හැරිය යුතු අතර එසේ කළ නොහැකි නම් භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රදර්ශණය කෙරෙන බැනරයක් ප්‍රදර්ශනය කළ යුතු වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් අවම වශයෙන් තෙවරක් භාෂා තුනෙන්ම අනතුරු ඇඟවිය යුතුය.

    හමුදාවට වෙඩි තැබිය හැක්කේ කැරලිකාර ජනයා එය පිළිනොගන්නේ නම් ඉන් පසුවය. එය නිරීක්ෂනය සඳහා පෙර කී මහේස්ත්‍රාත්වරයා හෝ මහේස්ත්‍රාත් බලතල සහිත නීතිඥවරයා සිටිය යුතුම ය.

    ඉහත කී සියළු කාරණා සැපිරීමෙන් තොරව සාමාන්‍ය නීතිය යටතේ හමුදාව විසින් කෙරෙන වෙඩි තැබීමක් සහ ඉන් සිවිල් පුරවැසියන් මිය යාම යුද නීතිය අනුවත් සාමාන්‍ය රටේ නීතිය අනුවත් ජාත්‍යන්තර නීතිය අනුවත් බලවත් වරදක් වේ. එය ගිනිය හැක්කේ මානව වර්ගයාට එරෙහිව සිදුකළ අමානුෂික ඝාතනයක් ලෙසය.

    මේ කිසිවක් නොමැතිව පොලිසියේ ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හෝ අනුමැතියකින් තොරව වැලිවේරියේ සිදුකෙලේ සම්පූර්ණ මිනිස් සංහාරයකි.

    එය සිදුකළ වුන් සහ අණ දුන් වුන් අනිවාර්යයෙන්ම ද~ුවම් ලැබිය යුතුය.

    රටේ නිරායුධ පුරවැසියන්ට ඒ රටේ හමුදාව පැමිණ අණක් ගුණක් නැතිව වෙඩි තබා මරා දමනවානම් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව බරපතල අනතුරකට වැටේ. එවන් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල අයිතියක් ඇත. තම රටේ පාලකයා සහ හමුදාව පැමිණ තමා මරා දමනවා නම් එවන් ජනතාවකට ඉතිරි වන්නේ ජාත්‍යන්තරයේ ආරක්ෂාව පැතීම පමණි.

    -විමල් ධීරසේකර විසිනි-
    ලංකා ඊ නිව්ස් -2013.අගෝ.03, පෙ.ව.6.00
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඔය හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තිබ්බා කියලා කියන උන් පොඩ්ඩක් මේක බලපල්ලා.....




     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ලංකා ඊ නිව්ස් වලට පුක දෙන එකෙක් ඇවිල්ලා:lol::lol::lol:



    ඊ news නෙමේ මොන news උනත් රටක හමුදාව ඉන්නේ රටේ මිනිස්සු රකින්න මිසක් උන්ව මරන්න නෙමේ...උන්ට එහෙම කරන්න පුලුවන්නම් අපිට ඊ news නෙමේ tamil net උනත් බලන්න සිද්ද වෙනවා...
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එක එකාට කඩේ යන වේ@ පුතාල ඇරෙන්න අනිත් උන් ඕනෑම එකෙක් දන්නව රබර් උණ්ඩ දාල නෙමෙයි වෙඩි තිබ්බෙ කියල.. වැලිවේරිය ඇහැට දැකල නැති උන් ලොරි ටෝක් දෙනව... :lol: වැලිවේරියේ ඉන්න මිනිස්සුන්ට වැඩිය හොදට උන් දන්නව විස්තර කියන්න.. :P
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඊ news නෙමේ මොන news උනත් රටක හමුදාව ඉන්නේ රටේ මිනිස්සු රකින්න මිසක් උන්ව මරන්න නෙමේ...උන්ට එහෙම කරන්න පුලුවන්නම් අපිට ඊ news නෙමේ tamil net උනත් බලන්න සිද්ද වෙනවා...

    :yes::yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,151
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුව සුද්ද කරන උන් කියන්නේ මේක JVP එකේ වැඩක්ලු. අනේ හුකේ. දැන් ඉතින් මොකෙකුට හරි මේක මුන් ගාවලා ලිස්සලා යයි. අඩුම ගානේ මහින්ද ජනතාවවත් තාම ඇමතුවේ නැහැනේ මෙච්චර හරියක් වෙලත්. සෑහෙන ගේමක් දෙනවලු මේකේ සාක්ෂි යට ගහන්ඩ. :baffled::baffled::baffled:
     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    ඔය හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තිබ්බා කියලා කියන උන් පොඩ්ඩක් මේක බලපල්ලා.....




    11.gif
    11.gif
    11.gif
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,689
    2,494
    113
    Bevery Hills-90210
    ඒ මැරුණ මල්ලිමලු වෙඩි තියා ගත්තේ ලව් සීන් එකකට ආර්මි එකේ කිසිම සම්බන්ධයක් නැති ලු....
     
    • Like
    Reactions: Tom Riddle

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ගමයා;15394738 said:
    ko bn vipakshaya mewata erehiwa wachanayak wath kiyanne nedda

    ඔව් බන් මිනිස්සු වෙනුවෙන් පෙනීහිටින්න කවුරුවක් නැහැ. මොකක්ද මේ අපිට වුනේ , මොන පවක් කරාටද මෙහෙවූ රටක ඉපදුනේ
    :(
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඊ news නෙමේ මොන news උනත් රටක හමුදාව ඉන්නේ රටේ මිනිස්සු රකින්න මිසක් උන්ව මරන්න නෙමේ...උන්ට එහෙම කරන්න පුලුවන්නම් අපිට ඊ news නෙමේ tamil net උනත් බලන්න සිද්ද වෙනවා...
    :yes::yes::yes::yes::yes: