කිරිපිටි වස සඟවන්නේ ඇයි?

UPDATE - AdaDerana
නැවත දැනුම්දෙන තුරු කිරිපිටිවලට අදාළව වෙළඳ දැන්වීම් පළ කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.
කිරිපිටි සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ මෙම ඉල්ලීම කරන්නට සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය පී.ජී මහීපාල මහතා කියා සිටියි.
නවසීලන්තයෙන් ආනයනික කිරිපිටිවල මිනිස් සිරුරට අහිතකර ඩී.සී.ඩී රසායනය පවතින බවට පර්යේෂණ මගින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය මීට පෙරාතුව නිවේදනය කර තිබුණි.
කිරිපිටි වල ඩී.සී.ඩී අඩංගුව බැව් සඟවා තැබීම සහසික අපරාධයක් බවත් , කිසිවෙකුත් ඊට උඩ ගෙඩි නොදිය යුතු බවත් තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ඊයේ දිනයේ කියා සිටියේය.
අදාළ සමාගම් කුමක් කීවද චීනය, රුසියාව, තායිලන්තය හා වියට්නාමය යන රටවල් නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය නවතා ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේ ඊයේ කොළඹ පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදීය.

Last edited: