මේ දවස් වල කිරිපිටි කේස් එකක් යනවා කියලා හැමෝම දන්නවානේ...
හැබැයි රතුපස්වල කේස් එක නිසා ඒක ටිකක් යට ගියා. 
කලින් මේ කිරිපිටි කතන්දරේ ගැන thread තිබ්බද කියන්න නම් දන්නේ නෑ.

කවුරු හරි දන්නවා නම් මොකක්ද කියලා හරියටම පැහැදිලි කරන්න. ඒක හැමෝටම වැදගත් වෙයි.
එක එක අය එක එක කතා කියන්නේ. මොකක්ද මේකෙ සැබෑ තත්වය.

Anchor බොන්න එපා කියනවා. Highland බොන්න කියනවා...

නමුත් Arpico, Food City ගියාම Anchor විකුනන්න දාලා තියෙනවා.

එක කාලයක් කිරිපිටි වෙළඳ දැන්වීම් තහනම් කරලා තිබුණා..

දන්න අය පොඩ්ඩක් කිරිපිටි එකක් ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු ගැන, රසායන ද්රතව්යක ගැන, ඒ වගේම මේක යෝගට්, චීස් වැනි අනෙක් කිරි ආහාර වලට බලපාන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරොත් උදේට කිරි එක බීලා දවස පටන් ගන්න අපි ඔක්කොටම ගොඩක් වැදගත් වෙයි.
