මෙතන ගොඩක් අය රටේ සිද්ධවෙන හැම දේම මොකක් හරි දෙයක් එක්ක ගලපලා මේක කරෙ ආණ්ඩුවෙන් අරක කරෙ ආණ්ඩුවෙන් කියන්න පුරුදු වෙලා ඉන්නවා. හිනාවට කාරණේ කියන්නෙ තමං කියන දේ හරි තමං හරි දේවල් තමා දන්නෙ කියලා ලොකු සීන් එකෙන් කියන්නෙ. උඹලා විතරක් නෙවෙයි බන් මීඩියාවලත් ඉන්නවා ඔය වගේ ගොන්නු. පහුගිය දවස්වල එකෙක් කියනවා ආණ්ඩුවෙ රතුපස්වල වෙඩිතියාපු එක යට ගහන්න මුස්ලිම් පල්ලියට ගැහුවලු.
ඉතින් මේ හරකුත් හරියට දන්න දැනුවත් විශාරදයො වගේ පඬි ටෝක් දෙනවා. ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා ඇත්තටම මොකද උනේ කියලා. ලොල්. ටීවී එකෙනුයි පත්තරෙනුයි රේඩියෝ එකෙනුයි නිව්ස් බල බල තමං දේශපාලනේ දන්නවා කියලා හිතන්න එපා බං. උඹලා ඔහොම ගෙස් කරලා කියන ඒවා පමණක් වෙලාවට හරි. ගල් සීයක් ගැහුවොත් එකක් වදිනවා වගෙ. ඒත් සිද්ධ වෙන හැම දේම ආණ්ඩුවෙන් කරනවා නෙවෙයි. තේරුම් ගනින් කලින් ප්‍රශණෙ ආවම ඇන්කර් එකෙන් කටවල් වැස්සුවා මීඩියාවල අදටත් එහෙමයි. මේකෙ විස තියෙනවා කියලා ගේම දුන්නෙ චම්පික රණවකට අමාත්‍යාංශ මාරු වෙලා අයි.ටී.අයි එක ගියාට පස්සෙ. ඔළුගෙඩිය පාවිච්චි කරපන්. මට දන්න දේවල් කියාගන්න බැහැ. කියන්න බැහැ. මේවෑ ටෝක් දෙන හැටි දැක්කම ඉතින් පවු කියලා කියන්න තියෙන්නෙ. සමහරු කියනවා පැලවත්ත කරන්නෙත් නිව්සීලන්ඩ් පිටි දෙන එකමලු. හිනා වෙන්නද අඩන්නද හිතාගන්න බෑ.
මොක උනත් උඹලට ඔනේ දේශීය කිරි ගොවියා උඩ යන එකද කෘත්රීමව ප්‍රෝටීන් වෙන කරන් රස වෙන්න හදලා එවන පිටි කුඩද ? හයිලන්ඩ් දිය වෙන්නේ නැත්තෙ ඉන්ස්ටනට් දිය වෙන්න කෙමිකල් දාන්නෙ නැති නිසා.