ඉස්සෙල්ලම ඉරිදා පත්තරේ කලින් ගිහින් ගනින්
රී ලෝඩ් එකක් දාගෙන කොලේකුත් අරන් ඉසෙල්ලම පත්තරේ ලකුනු කරපන් 240 ටික
අරගෙන 240 සේරටම කොනක ඉදන් කෝල් කරලා ගනන් හිලව් කොලේ ලියාගනින්, වැදගත්ම දේ අයිතිකාරයා මොන රස්සාවක්ද කරන්නේ කියලා පොඩ්ඩක් විස්තර අහන් ඒවත් කියාගනින්
ලියාගෙන කුරුනෑගල , මීගමුව සිට හලාවත දක්වා කාර් සේරම අතඇරලා දාපන්, ගාල්ල මාතර පැත්තෙනම් ඔරිජිනල් පේන්ට්ද අහපන්
අහලා සේල් කාරයෝ ඇම්බැට්ට ටෝක් දෙන උනුත් හලපන්,. හලලා උබට සෙට් වෙන ඒවා තෝරපන්. ගනන් මිනුම් ගැන හිතන්න එපා.ඔය හයිබ්‍රිඩ්, හොන්ඩා, මැස්ඩා කාර් සහ වෑන් වගේ නෙමේ හුගාක් වෙලාවට ටොයොටා කාර් පදින්නේ ජොබ් එක කරන් ඉන්න ප්‍රොෆෙශනල් පොරවල් සහ වැදගත් බිස්නස් කරන උන්. එහෙම උන් ගේම් දෙනවා අඩුයි.
ඊට පස්සේ තෝරපු ටිකට ආයේ කෝල් අරන් කියපන් "මහත්තයගේ වාහනේ බාල්දු කරනවා නෙමෙයි ඒත් මගේ අතේ මෙච්චරයි තියෙන්නේ මොනවා හරි කරගන්න පුලුවන්නම් බලන්න එන්නද" කියලා උබට වටින ගාන කියලා අහපන්. හා බලමු කිව්වොත් ආයේ ගනන් අහන්න යන්න එපා. උත්තර දෙන විදිහ බලලා පැට්රල් ටිකක් ගහගෙන වටවන්දනාවේ පලයන්. බලන්නේ නැතුව වාහන මිලට ඉල්ලන්න එපා.
උබ බැදල නම් වයිෆ් එක්ක හරි, කෙල්ලෙක් ඉන්නවනම් එයා එක්ක හරි නිකන් ෆැමිලි ලුක් එකක් එන්න යනකොට පලයන්. පත්තරේ තමා හොදම විසදුම.මම 35ට වඩා වැඩි වාහන 4ක් විතර අඩු කරලා ගත්ත වෙලාවල් සෑහෙන්න තියෙනවා
ඔන්න ගුරු මුශ්ටි නැතුවම කිව්වා.