කතරගම~මිත්‍යාව

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    මම සියුස් දෙවියන් ගැන දන්නෙ නෑ. හැබැයි එහෙමයි කියල මම ඒ ඇදහිලි අපහාස කරල දෙකයි පනහෙ වචන වලින් ආමන්ත්‍රනය කරන්නෙත් නෑ. :( මම දන්න කියන හැම දෙයක්ම අහපුව සහ කියෝපු දේවල්.. ඒත් සියුස් වගේ ග්‍රීක් දෙවිවරු ගැන මම දන්නෙ percy Jackson, Immortal, Avatar, වගේ කතාවලින් විතරයි. එහෙම නැතුව ඒ දෙවියන් ගැනත් අපිට නිතර හමුවෙන සුලභ පොත පතේ තිබුනා නම් මමත් විස්වාස කරන්න තිබුනා, :yes: අනික මචන් මට, උබට වැඩිය ලොකු උසස් භවයක් ලබාගත්ත ආන්නන්ද මෛත්‍රෙය හිමියන් වත් ඔහොම කතාකරේ නෑ කතරගම දෙවියන්ට.. එහෙව් එකේ උබ මොකෙක්ද බන් ඔහොම කතා කරන්න.. :lol: කතරගම දෙවියන් ගැන ඉන්දියාවෙ නාඩි වාක්‍යයෙන් කියවෙන දේවල් පවා උන්වහන්සේ විස්තර කරල තියෙනව. දන්නෙ නැති දේවල් නොදා හිටපන් බන්z.. :angry::(

    පොත් වල කියෙව්ව පලියට උඹ විස්වාස කරාට මට එහෙම කරන්න බෑ. කතරගම දෙය්යෝ මගේ බාප්පද ගරු කරලා කතා කරන්න.?
    මිනිහෙක්ගේ අන්ධ විශ්වාසයක් යවන්න උව නාවල ගත්තට බෑ . ඉන්දියාවේ හා ලංකාවේ මිනිස්සු ගොඩ දෙනෙක් ගරු බුහුමන් කරපු සායි බාබා රත්තරන් බිත්තර කටින් අරන් පෙන්නද්දී කටත් ඇරගන බලන් හිටපු මිනිස්සු , එක බොරුවක් කියල වීඩියෝ වලින් ඔප්පු කරද්දීත් , එක ගණන් ගන්නේ නැතුව සායි බබා පට්ට ඩයල් එක කියල වැදගන හිටිය මිනිස්සු හිටපු ලෝකෙක බන් අපි ඉන්නේ.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ආගමේ කතා කරන්නෙ හැම දේම මවපු සර්වබලධාරී දෙයියෙක්™ ගැන.

    එහෙම එකක් බුදු දහමේ නෑ. තියන්නෙ කෝටි ගානක් වන සාමාන්‍ය දෙවිවරු ගැන. ඔය කතරගම විෂ්ණු එහෙම දෙයියො ගැනත් නෙමෙයි. :no::no:

    බුදු හාමුදුරුවො අන්තිම ආත්මෙට ඉස්සෙල්ල ආත්මෙ ඉපදුනෙත් දිව්‍යලෝකෙ.(නම මතක නෑනෙ බොල:oo::oo:)

    කතරගම දෙයියො ඉන්නෙ අපිට trip යන්න:rofl::rofl::rofl:
    :lol::lol::lol::lol: සිරා සිරා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    මට හරියට සින් එක මතක නැ මචන්,බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො මේක ගැන පැහැදිලි කරල තියෙනව උන් වහන්සේගෙ පොතක.කතරගම දෙවියො කියන්නෙ හින්දු ආගමේ තියෙනෙ ස්කන්ද කුමාර දෙවියො නෙමේලු.බුදු හාමුදුරුවන්ගෙන් බන අහල සොවාන් උන සිංහල දෙවිකෙනෙක්ලු, පස්සෙ කාලෙක ස්කන්ද කුමාර දේව සන්කල්පය ආරොපනය වෙලාලු.
    පොත මචන් "අපිට නොපෙනෙන ලෝකය". ඊට අමතරව "නිවනට මග", "බළන්ගොඩ නාහිමි හා සැබැදි කතා" කියන පොත්වලත් මේ පිලිබදව තියෙනව. තව බෙල්ලන්විල මහාස්ථවිර හිමියනුත් දෙවියන් ගැන ගොඩක් කරුනු කියල තියෙනව. කතරගම රාජධානියකොටගෙන විසූ මහාසේන නම් වු දෙවු රජු දැනට කිරි වෙහෙර පිහිටි ස්තානයට වැඩි බුදු රජානන් වහන්සේගේ දහම් අසා සෝවාන් වූ බවටත් පිලිගැනීමක් තියෙනව. :)
     
    • Like
    Reactions: erozan

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දෙවිවරු කියන්නේ මිනිස්සුන්ට වඩා උසස් ජාතියක් , ඒ කියන්නේ මනසින් උසස් , ඔයා ඔය කථා කරන ග්‍රීක සහ හින්දු මිනිසුන් නිර්මාණය කරපුවා , සමහරු දෙවිවරු නෙමේ යක්ශයෝ , කාලි කියන්නේ යක්ශනියක් , එතකොට උබේ ලිපියත් එක්ක ගොඩක් දුරට එකගයි , හැබැයි උබ කතරගම ගැන මුකුත් කියලා නෑනේ , කතරගම කතාව මෙහෙමයි කෙටියෙන් , ඉන්දියාවෙන් නෙරපනවා කුමාරයෙක්ව කන්දස්සාමි කියලා , මිනිහා ගොඩබහිනවා මෙහේට, පොරට හොද දැනුමක් තිබිලා තියනවා ජනපද ගොඩ නැගීම පිලිබද? ඉතින් ලංකාවේ ඒ පැත්තේ ගොවිතැන කර්මාන්තයක් විදියට ගොඩ නගන්න උදව් වෙනවා , මෙහෙම වෙලා සියල්ල ගොඩ නැගෙනවා , ඉතින් තමන්ට උදව් කල කුමාරයට ගොවිතැනින් මුල් කොටහ දීලා සලකන්න කට්ටිය අමතක කරන්නෑ , ඔහොම කාලයක් ගිහින් කුමාරයා මැරිලා යනවා , පස්සේ කුමාරයා සිහිවෙන්න දෙවොලක් ගොඩ නගලා ඒකට ගොවිතැනේ පලමු කොටහා අර කරගෙන ආපු විදියටම කරන් යනවා , පස්සේ තමයි ඕක ව්‍යාපාරයක් වෙන්නේ ,

    මමත් හිතුවෙ කතරගම දෙයියො ඇත්තටම ජීවත් වෙච්ච මනුස්සයෙක් වෙන්නැති කියල.:D:D

    අර රජ්ජුරුවන්ටත් මින්නේරි දෙයියො කිව්වෙ(ඒකෙත් නම මතක නෑනෙ බොල:oo::oo::oo: )
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එළකිරි කොල්ලෙක්;15523486 said:
    මටවත් උඹලටවත් මේක නූතන විද්‍යාවෙ සාධක ඇතුව කතරගම දෙවියො කියල කෙනෙක් ඉන්නව කියලවත් නෑ කියලවත් දෙකෙන් එකක්වත් ඔප්පු කරන්න බෑ!:no:
    ඒත් මගේ පෞද්ගලික මතය එහෙම කෙනෙක් ඉන්නවා! මොකද මම විශ්වාස කරන දේ මම ඕන තැනක කියනවා. පමනක් දේ අත් විඳලත් තියන නිසා. :yes:

    නමුත් මම බෞද්ධයෙක්. ඒ කියන්නෙ මම මූළිකව මගේ සිතත් බුද්ධ ධර්මයත් විශ්වාස කරනවා.ඒ වටේ තමයි මේවත් ගොනු කර ගන්නෙ.:nerd:
    ඒත් මෙහෙම දෙයක් තියනවා අපේ රටෙ ඉන්න උන්ගෙ හොඳ කම කියන්නෙ කතරගමට ගියාම දේවාල වල දාහෙ කොළ දාල , පහන් පත්තු කරල එන උන්ට බුදු හාමුදුරුවොන්ගෙ කුටියෙ හඳුන් කූරක් පත්තු කරගන්න බෑ. :growl:ඒ වගේ උනුත් ඉන්නවා.ඇස් දෙකින් දැක්ක දේ කියන්නෙ:angry:
    ඒත් දේවාල වල එකතු වෙන ලක්ෂ ගානක සල්ලි වලින් කී කොට්ඨාසයක් ජීවත් වෙනව ද ඒ ගැනත් වැඩි දෙනෙක් කතා කරන්නෙ නෑ.:no:හුඟක් අය කියන්නෙ මේකෙන් වැඩි කොටසක් කපු මහත්තුරු නිළමෙ ලා ගරාගන්නව කියල. හුඟක් වෙලාවට දේවාල වලට භාර ඔප්පු කරන්න ගේන පොත් පත් පෑන් පැන්සල් කෙලින්ම යන්නෙ ඒ දහම් පාසලේ පොඩි අයට. එකතු වෙන මුදල් වලින් තමයි පූජා භූමියෙ ආලෝක කටයුතු වතුර ඒ වගේ ගොඩක් දේවලට යන්නෙ. ඉතුරු වෙන්නෙත් සොච්චම් මුදලක් නෙමෙයි.දන්නා තරමට අහල පහල පාසල්,ගම් වල සුභ සාධන වැඩ වලටත් ඒවා යෙදවෙනව.ඒත් ගසා කෑම් ගැණ නම් මම දන්නෙ නෑ, අනික මේ මුදල් යෙදවෙන විදිය ගැනත්.එහෙම නම් ඒවට නිසි ඵල නිසි තැන් වලදි ලැබෙනව:rolleyes:
    ඒ කොහොම කරත් එහෙම පූජා භූමි වලට ගියත් අසරණ මිනිහෙක් කන්න මුකුත් ඉල්ලුවම දැක්කත් දැක්කත් නොදැක්ක ගානට අහක බලාගෙන යන ජාතියෙ උනුත් ඉන්නවා. එහෙම භක්තිය කියන දේ මනුස්සකමත් එක්ක ගොඩ නැගුනු දෙයක් මිසක්.කෝවිල් වල සිදුවෙන නාස්ති වලිනුයි මුදල් කොච්චරක් ගසා කනවද කියන එකෙනුයි මනින්න බෑ.දෙවියොත් ගරු කරන්නෙ මනුස්සකමට ගරු කරන කෙනාට.නැත්නම් කෝවිලට ඇවිත් ඔලුව නවල ප්ඩ්ඩක් අත් එකතු කරල යන එකාට නෙමෙයි.දෙවියන් කියන්නෙත් මිනිස්සුන්ගෙ පින් බලාපොරොත්තු වෙන කොට්ඨාසයක් .ඒත් එහෙම කිව්ව තරමට දෙවියො පහත් කියල කියන එක වැරදියි.:no:
    ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද අපේ උන් බොහොමයක් හැදිල තියෙන්නෙ පුරුද්දක් විදියට දෙවියන් යදින්න මිසක් තේරුමක් ඇතුව නෙමෙයි.:angry:ඒක තමයි ගොඩක් රැවටිලිකාරයොන්ටත් උන් ඇන්දෙන්නෙ.
    දෙවියන් මත්තෙම ඉඳල දෙයක් කරන්න බෑ.:no:එතනින් තල්ලුවක් විතරයි උපකාර කරගන්න පුලුවන්. හිතට අමතර දිරියක් වගේ දෙයක්.ඒ දේ ප්‍රයෝජනයට ගන්න නම් ඒකට හරියන සුදුසුකම තියෙන්නත් ඕන.ඒ කිව්වෙ එකපාරට ෆේල් වෙවී හිටපු එකා විභාගයක් කිසි වැඩක් නොකර එක පාරට එක්සෑම් එකක් උපරිමේට ගොඩ දාගන්න බෑ නෙ:dull:
    බුදු දහමෙත් දෙවියො ගැන සඳහනක් තියනව නෙ? දිව්‍ය ලෝක හයක් ගැන එහෙම:)

    උඹල කොහොම හිතනව ද දන්නෙ නෑ! මේ තමයි මගේ මතය:nerd:

    uba deviyo atvidala tiyenawa kiyapu nisa kiyanne, uba Allah wa wiswasa karanawada ? natuwa ati

    mage middle east wala muslim friends la mata one taram kiyala tiyenawa, unta allah innawa kiyala danenawa kiyala. ay e ?

    hetuwa tamai, taman tadinma mokak hari wiswasa karanawanam tamanta eka danenawa. eka feeling ekak witarai. etanin ehata mokut na.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    mama kiyanne thripitakaya 100% true nevei. meka mata ubata hodatama pahadili karala denna puluwan one nam. 90% witara atta. eet waradi tiyenna one. mokada language eka, time difference ekat ekka 100% purity ekak enna amarui.
    මචං මට ත්‍රිපිටිකයේ සත්‍යතාව පරික්ෂා කරන්න තරම දැනුමක් නෑ මචං... මම මෙතන කියන්න හදන්නෙ කතරගම දෙවියන් ගැනවත් දේවාල අස්සෙ රිංගන්න කියලවත් නෙමෙයි මචං දෙවියන් ඉන්නවා කියන දේ විතරයි... බුදුන් වහන්සේ මචං දෙවියන්ට ධර්ම දේශනා කරපු වාර ගොඩක් තැන් වල කියවෙනවා... උබටවත් මටවත් දකින්න බැරි වුන ඒ දෙවියන් සහ ඒ දෙව් ලොව වල ආයුෂ ගැන ඉදල බුදුන් වහන්සේ පැහැදිළිව දේශනා කරල තියෙනව මචං... මෙන්න මේකත් ටිකක් කියවන්න මචං

    බුදුදහම හා දෙවියන් අතර ඇත්තේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි. තිලෝගුරු ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරිතයේ බෝසත් උත්පත්තියේ පටන් දෙවියන් බෝසතුන්ට ගෞරව පුද සත්කාර කළ ආකාරය විස්තර කෙරේ. සම්මා සම්බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේගේ දින චර්යාවේ රාත්‍රී මධ්‍යම භාගය වෙන්කර තිබුණේද දෙවිදේවතාවුන්ගේ ධර්ම ගැටලු වලට විසඳුම් ලබාදීමටය.
    සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ඇතුළත් සූත්‍ර රැසක්ම දේශනා කොට ඇත්තේ විවිධ දෙවිදේවතාවුන් මුල්කොටගෙනය. විශුද්ධි මාර්ගය ලිවීම සඳහා පාදක කොටගත් “අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතො පජා “ යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් බුදුන් වහන්සේ විසින් “ සිලෙ පතිට්ඨාය නරො සපංඤෝ “ ආදී වශයෙන් ගාථා ධර්මය දේශනා කොට ඇත්තේ එක්තරා දිව්‍ය පුත්‍රයෙකු මුල්කරගෙනය. සතුල්ල පතායික නම් වූ දේව කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේ හමුවී බොහෝ ප්‍රශ්න වලට ධර්මයෙන් පිළිතුරු ලබාගත් බව දේවතා සංයුක්තයෙහි සඳහන්ය.
    එසේම සංයුක්ත නිකායේ “ සමය “ සූත්‍රයෙහිද, දීඝ නිකායේ මහාසමය සූත්‍රයෙහි ද දෙවිදේවතාවන් පිළිබද දීර්ඝ විස්තර රැසක් දැක්වේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර තවත් මහ රහතන්වහන්සේලා පන්සිය නමක් සමග වැඩ වාසය කරන අවස්ථාවක , දස දහසක් ලෝක ධාතුන්හි දෙවිදේවතාවෝ බුදුරජාණන් වහන්සේ හා අනෙක් රහතන් වහන්සේලා හමුවීමට පැමිණියහ. එහිදී බුදුන් වහන්සේ හා කෙළෙසුන්ගෙන් නොපැරදුනා වූ මහ රහතන් වහන්සේලා හමුවීමට දෙවිදේවතාවුන් රැසක් සපැමිණි බව එහිදී දෙවියෝ බුදුරදුන් උදෙසා ප්‍රකාශ කළහ. යම් කෙනෙක් බුදුන් වහන්සේ සරණ ගියෙහිද ඔහු අපායට නොයන්නෙහිය. මිනිස් කය හැර දේවත්වය ලබන්නේයැයි එහිදී එක් දේවතාවෙක් ප්‍රකාශ කළේය.
    ඊට එක්වූ දෙවිවරුන් මහරහතන් වහන්සේලාට හඳුන්වා දුන් බුදුරජාණන් වහනසේ කිඹුල්වත් නුවර වාසී සත් දහසක් බූමාට දේවතාවෝද සතාගිර වස් දේවතාවෝද, විශ්වාචිත්‍ර පර්වත හා රජගහ නුවර වැඩි දේවතාවුන් හා සතරවරම් දේවතාවෝ වූ ධෘතරාෂ්ට්‍ර, විරූපාක්ෂ, විරූඪක, කුවේර ආදී දෙවිවරුද , නාගයෝද, ගරුඬයෝද, අසුරයෝද ඇතුළත් විවිධ දේව නිකායයන් රාශියක් සපැමිණි බව දීඝ නිකායේ මහා සමය සූත්‍රයෙහි විස්තර කර තිබේ. වරක් බුදුන් වහන්සේ “ගිජඣකාවසථ “ යෙහි වැඩ විසූ අවස්ථාවක “ ජනවසභ “ නම් වූ යක්ෂයෙකු හිටි හැටියේම පහළ විය. සමහර අවස්ථාවලදී දෙවිදේවතාවුන් යක්ෂ නාමයෙන්ද හඳුන්වා ඇත. ඔහු යක්ෂ සේනාපති වෙසමුණි රජුගේ කාර්යයක් සඳහා යමින් සිටියදී ඒ අතරමග බුදුන් වහන්සේ හමුවීමට පැමිණි බව සඳහන් කොට ඇත. එහිදී ඔහු තමා මීට ඉහත ආත්ම භවයෙහි මගධාධිපති බිම්බිසාර මහ රජතුමා බවත්, මෙම ආත්ම භවයෙහි ජනවසභ නම් වෙසමුණු රජුගේ රාජ සභාවේ ක්‍රියාකාරිකයෙකු බවත් ඊට හේතු භූත වූයේ වේළුවනාරාමයේදී බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පත්වීම බවත් ප්‍රකාශ කළේය. එමෙන්ම පසළොස්වක පොහෝ දින පුරා සඳ පායා ඇති රාත්‍රියෙහි තව්තිසා දිව්‍ය ලෝකයෙහි වාසය කරන්නා වූ දෙවිදේවතාවුන් සභාවට රැස් වූ පසු සතරවරම් දෙවිවරුන් පැමිණ ශක්‍රදේවේන්ද්‍රයා ඇතුළු අනෙකුත් දෙවිදේවතාවුන්ට රැකවරණය සපයමින් සතරදෙස රැකවරණලා සිටින ආකාරය විස්තර කොට ඇත.
    ඊට අදාළව ධෘතරාෂ්ට්‍ර අවරදිගට මුහුණලාද විරූපාක්ෂ පෙරදිගට මුහුණලාද විරූඪක උතුරු දිගට මුහුණලාද දෙවියන් පෙරටුකොට සිටින ආකාරය ජනවසභ විසින් බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන ලදී.
    එමෙන්ම එම දේව සභාවෙහි මහත් අලංකාරයෙන් බබළන ශරීර ඇති අලුතින් පහළ වූ දෙවිදේවතාවුන් රැසක් දැක දිව්‍ය සභාව මගින් ඔවුන් කවුරුන්ද යන වග විමර්ශනය කළ විට, ලෝකයේ බුදුන් වහන්සේ කෙනෙකු පහල වී ඇති බවත් උන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුව කටයුතු කළ බොහෝ දෙනා එම පුණ්‍ය ශක්තියේ බල මහිමයෙන් දිව්‍ය සැප සම්පත් ලබා තව්තිසා දිව්‍ය ලෝකයෙහි උත්පත්තිය ලබා ඇති බවත් ඒ හේතුවෙන් දෙවිදේවතාවුන් රාශියක්ම වර්ධනය වී ඇති ආකාරයත් අසුරයින්ගේ බලය පිරිහීමට පත්වී ඇති ආකාරයත් ඉමහත් පී‍්‍රතියෙන් සඳහන් කළේය. එම අවස්ථාවේදී ඉන්ද්‍ර සහිත තව්තිසා දිව්‍යලෝක වාසින් බුදුන් වහන්සේද ධර්මයෙහි සුධර්මත්වයද , සංඝයාගේ සුපිළිවෙතද නම දින්නාහුයැයි සඳහන් කළ බවත් ඉදිරි වර්ෂා කාලයේදී අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාගේ ආරක්‍ෂාව උදෙසා සිවු වරම් දෙවිදේවතාවුන්ට භාර කළ බව ජනවසභ සඳහන් කළ බවත් දැක්වේ.
    දීඝ නිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයා බුදුන් වහන්සේ හමුවීමට පැමිණ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත. එම අවස්ථාවේ පඤ්චසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා විසින් බුදුන් වහන්සේ ඉදිරියේ සිදු කරන ලද සුමිහිරි ගීත ගායනයක් බුදුන් වහන්සේගේ ඉමහත් ප්‍රශංසාවට ලක්වූ ආකාරයද විස්තර කොට ඇත. එම ආත්ම භාවය අවසන් වී සිටි ශක්‍ර දේවේන්ද්‍රයා බුදුන් වහන්සේ ගෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට බුදුන් වහන්සේ ඉදිරියේදීම චුත වී නැවතත් ශක්‍ර දේවේන්ද්‍රයාම වී උත්පත්තිය ලැබූ බව එම සූත්‍රයෙහි පැහැදිලිව සඳහන් කොට ඇත. බුදුන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කොට වදාළේද දෙවිදේවතාවුන් විසින් අසනලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. කරණීය මෙත්ත සූත්‍රය දේශනා කොට වදාළේද විවිධ දේව නිකායිකයින් අතර සහජීවනය වර්ධනය කර ගැනීම සඳහාය.
    විශේෂයෙන් සඳහන් කළ යුත්තක් වන්නේ මෙම කිසිදු සූත්‍රයක හෝ වෙනත් තැනෙක ගිහි පැවිදි බුද්ධ ශ්‍රාවකයන් විසින් දෙවිදේවතාවුන් යැදිය යුතු යැයි බුදුන් වහන්සේ ප්‍රකාශ කොට නොමැති වීමයි. බුදුන් වහන්සේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා ඇතුළු පිරිසට දේශනා කොට වදාළේ බියෙන් තැතිගත් ජනයා පර්වත, වන ආරාම , වෘක්ෂ හා දේවාල පිහිට කොට යන බවත් එම සරණයාම සෙත් ශාන්තිය පිණිස කිසිසේත්ම හේතු නොවන බවත් එමගින් සසර දුකින් එතෙරවීමට නොහැකි බවත්ය. යම් කිසි පුද්ගලයෙකු බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යන්නේද ඔහු චතුරාර්ය සත්‍ය ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දුකින් මිදීමට හේතුවන බවත් රත්නත්‍රය සරණයාම සියලු දුකින් මිදීමට හේතුවන බවත් බුදුන් වහන්සේ ඉතා පැහැදිලිවම දේශනා කොට වදාළහ.
    සක්කනමස්සන සූත්‍රයෙහි දක්වා ඇති ආකාරයට පින්කරන්නාවූද, සිල්වත් වූද, ගෘහස්ථයන්ට පවා ශක්‍රයා නමස්කාර කරන බව ශක්‍ර දේවේන්ද්‍රයාම ප්‍රකාශ කොට ඇත.තමා කුසලයක් කරගත් විට එම පින දෙවියන්ට අනුමෝදන් කිරීමෙන් දෙවියන් පී‍්‍රතියට පත් වන බවත් පෙන්වා දී ඇත.
    තමන් ගුණගරුකව ධර්මානුකූ®ලව ජීවත්වේ නම් දෙවියන් ගේ පවා ගෞරවාදරයට පාත්‍රවන බවද විස්තර කොට ඇත. මේ අනුව පෙනී යන්නේ දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කොට ඔවුන්ගේ සහාය ලබාගැනීම හැර දෙවියන් සරනයාම එතරම් ප්‍රයෝජනවත් නොවන බවයි. “හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී “ යන කියමන අනුව නිවැරදිව ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුව ජීවත් වන්නන්ට දෙවියෝ නිරන්තරයෙන්ම පිහිට වෙති. උපකාර කරති. ඔවුන් ආරක්‍ෂා කරති.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පොත් වල කියෙව්ව පලියට උඹ විස්වාස කරාට මට එහෙම කරන්න බෑ. කතරගම දෙය්යෝ මගේ බාප්පද ගරු කරලා කතා කරන්න.?
    මිනිහෙක්ගේ අන්ධ විශ්වාසයක් යවන්න උව නාවල ගත්තට බෑ . ඉන්දියාවේ හා ලංකාවේ මිනිස්සු ගොඩ දෙනෙක් ගරු බුහුමන් කරපු සායි බාබා රත්තරන් බිත්තර කටින් අරන් පෙන්නද්දී කටත් ඇරගන බලන් හිටපු මිනිස්සු , එක බොරුවක් කියල වීඩියෝ වලින් ඔප්පු කරද්දීත් , එක ගණන් ගන්නේ නැතුව සායි බබා පට්ට ඩයල් එක කියල වැදගන හිටිය මිනිස්සු හිටපු ලෝකෙක බන් අපි ඉන්නේ.

    mitya dryshtikayanwa mcn aduren eliyata ganna full amarui. godak welawata un ekka mewa kata karala wadakut naha.
     
    deviyo kiyala kotasak ati. namut deva kiyana wachanayen e ayawa hadunwanna puluwanda ? mama kiyanne oya divyaloka yanu technologically advanced planets. mokada ewa wala oya divyaloka wala tiyenawa kiyana hama dema tiyenna puluwan.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    zeus gana uba danne natte, ewa european mythology nisa. ewa lankawata echchara close naha. Indiyawa lankawata close nisa indiyawe tiyena godak myths lankawata lesiyenma awa.

    Ananda maithree hamuduruwo unat kiyana hama ekama api piliganna one naha. mokada e hamuduruwo margapala awaboda karagatta ekkenek nowana nisa. eyage atinut waradeem wenna puluwan.

    ග්‍රීක දෙයොයන්ගෙ සීන් එකත් ආගමේ කියන සර්ව බලධාරී දෙවියො වගේමයි. මේකෙ එක එක වැඩ එක එක දෙයිය specialize කරල තියන්නෙ. මුහුදට එක්කෙනෙක් ආදරයට එක්කෙනෙක් යුද්ධයට තව කෙනෙක්......
    :rofl::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මමත් හිතුවෙ කතරගම දෙයියො ඇත්තටම ජීවත් වෙච්ච මනුස්සයෙක් වෙන්නැති කියල.:D:D

    අර රජ්ජුරුවන්ටත් මින්නේරි දෙයියො කිව්වෙ(ඒකෙත් නම මතක නෑනෙ බොල:oo::oo::oo: )

    මහසෙන් රජතුමා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    deviyo kiyala kotasak ati. namut deva kiyana wachanayen e ayawa hadunwanna puluwanda ? mama kiyanne oya divyaloka yanu technologically advanced planets. mokada ewa wala oya divyaloka wala tiyenawa kiyana hama dema tiyenna puluwan.

    ඒ උඹ දකින විදිහ අනුව. තව එකෙක්ට දකින්න පුළුවන් දෙයියො කියන්නෙ හොඳ වැඩ කරල අපි අතරෙම ජීවත් වෙච්ච මැරුනත් කරපු වැඩ වල සුවඳ අවෘදු දාස් ගානක් තියන අය හැටියට. තව විද්‍යාවෙන් දාල හිතුවොත් කාල තරණය, wormhole, හැම එකම රිංගවල theory ඉදිරිපත් කරන්නත් පුළුවන්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පොත මචන් "අපිට නොපෙනෙන ලෝකය". ඊට අමතරව "නිවනට මග", "බළන්ගොඩ නාහිමි හා සැබැදි කතා" කියන පොත්වලත් මේ පිලිබදව තියෙනව. තව බෙල්ලන්විල මහාස්ථවිර හිමියනුත් දෙවියන් ගැන ගොඩක් කරුනු කියල තියෙනව. කතරගම රාජධානියකොටගෙන විසූ මහාසේන නම් වු දෙවු රජු දැනට කිරි වෙහෙර පිහිටි ස්තානයට වැඩි බුදු රජානන් වහන්සේගේ දහම් අසා සෝවාන් වූ බවටත් පිලිගැනීමක් තියෙනව. :)

    ඔය කියන්නේ මින්නේරි දෙයියෝ ගැන වෙන්න ඕනා , ඒත් කතරගම දේවලයේ දැනට අදහන්නේ මුරුගන් එහෙම නැත්නම් කන්දස්සාමි එහෙම නැත්නම් කතරගම කියලා පිලිගන්න එක්කෙනා, ඔය නාගර්කෝවිල් වල ඉන්නෙත් එයාම තමයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හොද thread එකක්.. මිනිස්සුන්ගෙ මොලේට තදින්ම කා වද්දපු දේවල් එහෙම ලේසියෙන් අයිං කරල දාන්න බැහැ නෙ බන්.. එහෙම නැහැයි කියල පිළිගන්න කැමතිත් නැහැ.. මිත්‍යාදෘෂ්ටිකත්වය එපා එපා කියල තියෙද්දිත් අපේ උන්ට හිත හදාගන්න බැරි හැටි අම්මපපල්ල.. කාලයත් එක්ක ඕව තේරුම් අරං මිනිස්සු හැදෙයි බන්.. ඕව අපිට වෙනස් කරන්න බැහැ.. කාලයට ඉඩ දීල බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ..

    gPuCpCR.png
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මහා සීහනාද සූත්‍රය -මජ්ඣිම නිකාය, මූල පණ්නාසකය (සූත්‍රයෙහි සුගති දුගති පිලිබඳ දේශනා කොටස මෙහි දක්වනු ලැබේ.)
    භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.
    සාරිපුත්තය, මේ ගති පසකි. කවර නම් පහක්ද යත්: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, මනුෂ්‍යයෝය, දෙවියෝය. සාරිපුත්තය, මම නිරයත් දනිමි. නිරය ගාමිණි මාර්ගයත් දනිමි. නිරය ගාමිණි ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සැපයෙන පහ වූ දුකටම ස්ථාන වූ නිරයෙහි උපදීද එයද දනිමි.
    සාරිපුත්තය, මම තිරිසන් යෝනියත් දනිමි. තිරිසන් යෝනියට යන මාර්ගයත් දනිමි. තිරිසන් යෝනියට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදීද එයද දනිමි.
    සාරිපුත්තය, මම ප්‍රේත විෂයයත් දනිමි. ප්‍රේත විෂයට යන මාර්ගයත් දනිමි. ප්‍රේත විෂයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු ප්‍රේතව උපදීද එයද දනිමි.
    සාරිපුත්තය, මම මනුෂ්‍යයන් දනිමි. මිනිසත්බවට යන මාර්ගයත් දනිමි. මනුෂ්‍ය ලෝකයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු මනුෂ්‍යයන් විෂයෙහි උපදීද එයද දනිමි.
    සාරිපුත්තය, මම දෙවියන්ද, දෙව්ලොවට යන මාර්ගය දනිමි දෙව්ලොව උපදින ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සුගති වූ ස්වර්ගයෙහි උපදීද එයද දනිමි.
    සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
    සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක්‌ ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
    සාරිපුත්තය, ගිනිගෙන දැවුණු, අළු නැති දුම් නැති ශරීර ප්‍රමාණයට වැඩි මහත් ගිනි අඟුරු වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අඟුරු වල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අඟුරු වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ගිනි අඟුරු වලට වැටී දුක්‌ විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක්‌ ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
    සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.
    සාරිපුත්තය, අසූචියෙන් පිරුණු ශරීර ප්‍රමාණයට වැඩි අසූචි වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අසූචි වල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අසූචි වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ අසූචි වලට වැටී දුක්‌ විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.
    සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ දුක් වේදනා විඳින ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
    සාරිපුත්තය, යම් සේ විෂම භූමියක හටගත්, ඉතා තුනී පත්‍ර ඇති, සෙවන නැති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ වැටී හෝ සිටින වැටී දුක්‌ විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ දුක් වේදනා විඳින ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
    සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ සැප වේදනා විඳින මනුෂ්‍යව උපන් ඒ පුද්ගලයා දකිමි.
    සාරිපුත්තය, යම් සේ සම වූ සරුවූ භූමියක හටගත්, මනාව වැඩුණු පත්‍ර ඇති, මනා සෙවන ඇති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ නිදා හෝ සිටින සැප වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ සැප වේදනා විඳින මනුෂ්‍යව උපන් ඒ පුද්ගලයා දකිමි.
    සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ සැප වේදනා විඳින ස්වර්ගයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
    සාරිපුත්තය, යම් සේ ප්‍රාසාදයක් වේද, එහි ඇතුලත පිටත මනාව වැසූ අගුලු දැමූ, සිහිල් වාතය ඇති, මෘදු පලසින් කරන ලද බුමුතුරුණු පලස් උඩු වියන් ඇති පළඟක් (ආසනයක් හෝ සයනයක්) ඇති මහත් සුවපහසු කුටියක්ද‌ වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ ප්‍රාසාදය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ ප්‍රාසාදය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ ප්‍රාසාදය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ප්‍රාසාදය වෙත පැමිණ ඒ පළඟෙහි සැප ඇතිව හිඳින හෝ නිදන ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ සැප වේදනා විඳින ස්වර්ගයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
    සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ යම සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.
    සාරිපුත්තය, පහන් (පැහැදිලි) දිය ඇති, මිහිරි දිය ඇති, සිසිල දිය ඇති, සුදු වැලි තලා ඇති, මනාව පිහිටි තොට (දියට බැසීමට නිසි තොටුපල) ඇති සිත්කළු පොකුණක් වේද, ඊට නොදුරු ඝන වන ලැහැබක් වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ පොකුණ වෙතම වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ විල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ පොකුණ වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ පොකුණ වෙත පැමිණ, පොකුණට බැස, සිහිල් දිය ස්නානය කොට, පැන් බී, සියලු වෙහෙස පවසා නිවා, දාහය සංසිඳවා විඩාව දැවිලි සංසිඳවා, වන ලැහැබෙහි සුවසේ හිඳින හෝ නිදන ඒකාන්ත සුවයට පත් ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. යම් සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.
    සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
    මෙසේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගති දන්නා දක්නා සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ඥානය නොවන්නට මේ විශ්වයෙහි, අනන්ත අප්‍රමාණ සක්වලයන්හි උපදිමින් මැරෙමින් ගමන් කරන අනේකවිධ සත්ත්වයන් සත්ත්ව ප්‍රජාවන් ගැන අපට දැන ගන්නට තබා සිතන්නට වත් අවස්ථාවක් නොලැබෙන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ “ලෝකවිදූ” ගුණයට ඒකාන්ත සාක්ෂි සපයන ලෝකය සහ සක්වල පිළිබඳවත් ලෝකධාතූන්හි හටගැනීම පැවැත්ම විනාශය පිළිබඳවත් කල්ප විනාශය ආදිය පිළිබඳවත් විශ්මය දනවන දේශනාවන් ශ්‍රී සද්ධර්මයෙහි එයි. ශීල ප්‍රතිපදාව පිළිබඳවත් දානමය පුණ්‍ය කර්මයන් පිළිබඳවත් උනන්දු කරවීමේ අරමුණ සහිතව ඉදිරියට ලියවෙන ලිපි කිහිපය සඳහා පසුබිම සකස් කිරීමක් ලෙස ලෝක ධාතුන් පිළිබඳව, ලෝකධාතුවක ඒ ඒ සත්ත්ව භූමි, ආයුෂ සහ ස්වභාවය පිළිබඳව කරුණු දැක්වීමක් මෙහි සිදු කරනු ලැබේ. බොහෝ කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කල හැකි සහ කල යුතු දහම් කරුණු ඇති විෂයක් වන නිසා මෙහි අපට අපේ ශක්ති පමණින් සැකෙවින් කල හැකි මග පෙන්වීමක් පමණක් කරනු ලැබේ. උතුම් වූ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සහ උතුම් වූ සද්ධර්මයේ අටුවාව කියවා වැඩි දුර කරුණු විමසා බැලීමට පින් කැමති සැඳැහැවත්හු උත්සුක වෙත්වා!!!
    භාග්‍යවතුන් වහන්සේගේ සක්වල විභාගය

    චූලනිකා සූත්‍රය
    (සූත්‍ර පිටකය, අංගුත්තර නිකාය, තික නිපාතය, දෙවන පණ්ණාසකය, ආනන්ද වර්ගය, දස වන සූත්‍රය
    උතුම් වූ ධර්ම භාණ්ඩාගාරික වූ, බහුශ්‍රැතයන් අතරින්ද, ස්මෘතිමතුන් අතරින් අග්‍ර වූද, භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වූ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසන සේක.
    “භාග්‍යවතුන් වහන්ස, මා විසින් ඔබවහන්සේ හමුයෙහි මෙසේ අසා ඇත්තෙමි. කෙසේද යත්, භාග්‍යවත් අරහත් “සිඛී” සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ “අභිභූ” මහරහතන් වහන්සේ විසින් “සහශ්‍රී” ලෝක ධාතුවට ඇසෙන සේ සිංහනාද කරන ලද බවයි (අභිභූ මහවහන්සේ විසින් සහශ්‍රී ලෝක ධාතුවට ඇසෙන සේ “ආරභථ,යුඤජථ,නික්ඛමථ බුද්ධ ශසනෙ ” යන මහා දහම් ඝෝෂාව සිදු කරන ලදී.). වහන්ස, අරහත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේට කොපමණ දුරට විශ්වයෙහි/ලෝක ධාතූන්හි දහම් ඝෝෂාව කල හැකි වේද?
    එවිට භාග්‍යවතුන් වහන්සේ,
    ආනන්දය “අභිභූ” වනාහි ශ්‍රාවකයෙකි. තථාගතයෝ වනාහි අපරිමේය, ප්‍රමාණ රහිත වෙති.” යි දේශනා කරන සේක. දෙවනුවද ආනන්ද තෙරුන් විසින් විමසන ලදුව භාග්‍යවතුන් වහන්සේ පෙර පිළිතුරම දේශනා සේක.
    තෙවන වරටත් ආනන්ද තෙරුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙම පැනය විමසන කල්හි භාග්‍යවතුන් වහන්සේ,
    “ආනන්දය, තොප දහසක් සක්වලයන් සහිත “චූලනිකා ලෝක ධාතුව” අසා තිබේද? යි විමසන සේක.
    ආනන්ද තෙරුන් වහන්සේ,
    භාග්‍යවතුන් වහන්ස, යම් සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සේක්ද, ඒ ලෙසින්ම භික්ෂූන් අසා දරන්නාහ. භාග්‍යවතුන් වහන්ස දේශනා කරනු මැනවි. භාග්‍යවතුන් වහන්ස සිංහනාද කරනු මැනවි. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සිංහහනාදයට කාලයයි.
    භාග්‍යවතුන් වහන්සේ:
    ආනන්දය එසේ වී නම් අසව,
    හිරුද සඳුද, යම් තාක් දුර ගමන් කරමින් දිශාවන් බබලවයිද, ඒතාක් අවකාශය “සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ. ඒ ලෝක ධාතුයෙහි හිරු දහසක් ඇත. සඳු දහසක් ඇත. මහා මේරු පර්වත දහසක් ඇත. දඹදිව් දහසක් ඇත. අපර ගොයාන දහසක් ඇත. උතුරු කුරු දිවයින් දහසක් ඇත. පූර්ව විදේහ දහසක් ඇත. (මේ බෞද්ධ ක්‍රමය අනුව පෘථිවියේ ඇති මහාද්වීප සතරයි- ඒ අනුව මින් දක්වන්නේ අප ලොව වැනි මිනිස් ලෝක දහසක් ඇති බවයි.) මහා සමුද්‍රයෝ හාර දහසක් (එක් මිනිස් ලොවක සතර බැගින්), මහා රාජ්‍යයන් හාර දහසක් (එක් මිනිස් ලොවක සතර බැගින්), චාතුම්මහාරාජික දහසක්, තව්තිසා දෙව්ලෝ දහසක්, යාම දෙව් ලෝ දහසක්, තුසිත දෙව් ලෝ දහසක්, නිම්මාණරති දහසක්, පරිනිම්මිත වසවත්ති දහසක්, බ්‍රහ්ම ලෝක දහසක් ඇත. ආනන්දය මේ “චූලනිකා සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ.
    ආනන්දය,
    මෙවන් චූලනිකා සහශ්‍රී ලෝකධාතුව දහසින් ගෙන ගැනීමෙන් (එවන් ලෝක ධාතු දහසක් හෙවත් සක්වල මිලියනයක්/ දශ ලක්ෂයක්) “ද්වී සහශ්‍රී ලෝක ධාතුව ” හෙවත් “මධ්‍යම සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ. තවද, මෙම මැදුම් සහශ්‍රී ලෝක ධාතුව “සහස්සධා” වශයෙන් ගණනය කිරීමෙන් “ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව” හෙවත් “මහා සහශ්‍රී ලෝක ධාතුව” ලැබේ. දශ ලක්ෂය දහසින් ගණනය කිරීමෙන් “සක්වල කෝටි සියයක්” සහිත ලෝක ධාතුව ලැබිය යුතුය. නමුත් මහා සහශ්‍රී හෙවත් ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවට “කෝටි ලක්ෂයක් සක්වලයන්” අයත් බව ධර්ම සාහිත්‍යයේ එන මතයකි. උතුම් වූ අටුවාව මෙම ගැටලුව විසඳා තිබේ. බෞද්ධ සංඛ්‍යා ගණන ක්‍රමය අනුව “සහස්සධා” යනුවෙන් ගැනීමේදී අදාළ ගණනය කිරීම සිදු කරන්නේ ද්වී සහශ්‍රී ලෝක ධාතුවට අයත් දශ ලක්ෂයක් සක්වලයන් නැවත දශ ලක්ශයෙන්ම ගුණ කිරීමෙන් බව එහි දක්වා තිබේ. ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවට කෝටි ලක්ෂයක් සක්වලයන් අයත් වන්නේ ඒ අනුවය. [බෞද්ධ සංඛ්‍යා ක්‍රමයෙහි වර්තමාන ගණිතයේ එන සංඛ්‍යා වල බල ගණනය කිරීම (උදාහරණ-:10000001000000) යෙදුනු බවට යම් යම් සාක්ෂි තිබේ.]
    එක් සක්වලක හෙවත් එක් ලෝක ධාතුවක සත්ත්ව භූමි
    චූලනිකා ලෝක ධාතුවෙහි සූර්යයන් දහසක් මගින් ආලෝකය පැතිරෙන ගමන් කරන ලෝක ධාතූන් දහසක් ඇති බව ඉහත සූත්‍ර දේශනාව අනුව ඔබට පැහැදිලි විය යුතුය. අපි දැන් ඒ එක් ලෝක ධාතුවක ඇති සත්ත්ව භූමි හෙවත් ලෝක ගැන විමසා බලමු. සැකෙවින් කියන්නේ නම් එවන් ලෝක ධාතුවක එක් මනුෂ්‍ය ලෝකයක්, ඊට ඉහලින් දිව්‍ය තල හයක්, ඊට ඉහලින් රූප සහිත බ්‍රහ්ම ලෝක දහසයක්, අරූප තල හෙවත් අරූප ලෝක සතරක් තිබේ. එම ලෝක 27 සුගති භූමි නොහොත් සැප ඇති සත්ත්ව භූමි වෙයි. මනුෂ්‍ය ලොවට පහලින් ඇත්තේ නිරය හෙවත් සතර අපායයි. අපගේ මනුෂ්‍ය ලෝකයට පහලින් එවන් නිරය භූමි 8ක් පිහිටා තිබේ. නිරය යනු සතර අපායෙන් එක් අපායකි. අනෙකුත් අපාය තුන වන්නේ “තිරිසන් යෝනිය”, “ප්‍රේත විෂය” සහ “අසුර නිකායයි” නමුත් මෙම සත්ත්ව නිකායයන් උදෙසා වෙනමම භූමි හෝ තලයන් පිහිටා නැත. මනුෂ්‍ය ලෝකය සහ ආසන්න දිවය තල ඇසුරෙහි තිරිසන්, අසුර සහ ප්‍රේත යෝනියේ සත්ත්වයන් කර්මානුරූපව පහල වී සිටින බව ධර්මයෙහි එන විස්තරයන්ගෙන් පැහැදිලි වෙයි. ප්‍රධාන නිරය භූමි 8 වටාම සතර දිශාවෙහි සතරක් ලෙස අනු නිරය 16 බැගින් අනු නිරයන් 128ක් පිහිටා තිබේ. ඒ අනුව සියලු නිරය භූමි 136කි. මීට අමතරව සක්වලයන් තුනක් එක් වන තන්හි “ලෝකාන්තරික” නමින්ද තවත් නිරයක් පිහිටා තිබේ. මහා පොළවෙහි ගංගා ආදීය ඇසුරු කරගෙනද සමහර අපාය භූමි පිහිටා තිබෙන බවටද සූත්‍ර දේශනා ඇසුරෙන් මතුවන කරුණු තිබේ.
    පළමුව කාම සුගතියට අයත් දිව්‍ය තල හය පිළිබඳව සැකෙවින් විස්තර කරනු ලැබේ.
    දෙවියන් පිලිබඳ ඉතා දීර්ඝව සහ නිරවුල්ව බෞද්ධ විග්‍රහයක් සිදු කිරීම කල යුතු සහ කල හැකි කටයුත්තකි. සදෙව් ලෝකය පිලිබඳ එහි ඉපදීම, ඒ ඒ තලයන්හි සැපය, ඒ ඒ දේව නිකායන්ගේ ස්වභාවය විස්තර වශයෙන් සාකච්ඡා කල යුතුය. මෙහි ඉතාම සැකෙවින් හැඳින්වීමක් පමණක් කරනු ලැබේ.
    පහත වගුව බලන්න. මෙම වගුව සකසා ඇත්තේ මනුෂ්‍ය ලොව සිට ඒ ඒ තලයන්හි පිහිටීම පහසුවෙන් තේරුම ගත හැකි ආකාරයටය.
    ra6ohy.jpg
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    එළකිරි කොල්ලෙක්;15523486 said:
    මටවත් උඹලටවත් මේක නූතන විද්‍යාවෙ සාධක ඇතුව කතරගම දෙවියො කියල කෙනෙක් ඉන්නව කියලවත් නෑ කියලවත් දෙකෙන් එකක්වත් ඔප්පු කරන්න බෑ!:no:
    ඒත් මගේ පෞද්ගලික මතය එහෙම කෙනෙක් ඉන්නවා! මොකද මම විශ්වාස කරන දේ මම ඕන තැනක කියනවා. පමනක් දේ අත් විඳලත් තියන නිසා. :yes:

    නමුත් මම බෞද්ධයෙක්. ඒ කියන්නෙ මම මූළිකව මගේ සිතත් බුද්ධ ධර්මයත් විශ්වාස කරනවා.ඒ වටේ තමයි මේවත් ගොනු කර ගන්නෙ.:nerd:
    ඒත් මෙහෙම දෙයක් තියනවා අපේ රටෙ ඉන්න උන්ගෙ හොඳ කම කියන්නෙ කතරගමට ගියාම දේවාල වල කැට වලට දාහෙ කොළ දාල , පහන් පත්තු කරල එන උන්ට බුදු හාමුදුරුවොන්ගෙ කුටියෙ හඳුන් කූරක් පත්තු කරගන්න බෑ. :growl:ඒ වගේ උනුත් ඉන්නවා.ඇස් දෙකින් දැක්ක දේ කියන්නෙ:angry:
    ඒත් දේවාල වල එකතු වෙන ලක්ෂ ගානක සල්ලි වලින් කී කොට්ඨාසයක් ජීවත් වෙනව ද ඒ ගැනත් වැඩි දෙනෙක් කතා කරන්නෙ නෑ.:no:හුඟක් අය කියන්නෙ මේකෙන් වැඩි කොටසක් කපු මහත්තුරු නිළමෙ ලා ගරාගන්නව කියල. හුඟක් වෙලාවට දේවාල වලට භාර ඔප්පු කරන්න ගේන පොත් පත් පෑන් පැන්සල් කෙලින්ම යන්නෙ ඒ දහම් පාසලේ පොඩි අයට. එකතු වෙන මුදල් වලින් තමයි පූජා භූමියෙ ආලෝක කටයුතු වතුර ඒ වගේ ගොඩක් දේවලට යන්නෙ. ඉතුරු වෙන්නෙත් සොච්චම් මුදලක් නෙමෙයි.දන්නා තරමට අහල පහල පාසල්,ගම් වල සුභ සාධන වැඩ වලටත් ඒවා යෙදවෙනව.ඒත් ගසා කෑම් ගැණ නම් මම දන්නෙ නෑ, අනික මේ මුදල් යෙදවෙන විදිය ගැනත්.එහෙම නම් ඒවට නිසි ඵල නිසි තැන් වලදි ලැබෙනව:rolleyes:
    ඒ කොහොම කරත් එහෙම පූජා භූමි වලට ගියත් අසරණ මිනිහෙක් කන්න මුකුත් ඉල්ලුවම දැක්කත් දැක්කත් නොදැක්ක ගානට අහක බලාගෙන යන ජාතියෙ උනුත් ඉන්නවා. එහෙම භක්තිය කියන දේ මනුස්සකමත් එක්ක ගොඩ නැගුනු දෙයක් මිසක්.කෝවිල් වල සිදුවෙන නාස්ති වලිනුයි මුදල් කොච්චරක් ගසා කනවද කියන එකෙනුයි මනින්න බෑ.දෙවියොත් ගරු කරන්නෙ මනුස්සකමට ගරු කරන කෙනාට.නැත්නම් කෝවිලට ඇවිත් ඔලුව නවල ප්ඩ්ඩක් අත් එකතු කරල යන එකාට නෙමෙයි.දෙවියන් කියන්නෙත් මිනිස්සුන්ගෙ පින් බලාපොරොත්තු වෙන කොට්ඨාසයක් .ඒත් එහෙම කිව්ව තරමට දෙවියො පහත් කියල කියන එක වැරදියි.:no:
    ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද අපේ උන් බොහොමයක් හැදිල තියෙන්නෙ පුරුද්දක් විදියට දෙවියන් යදින්න මිසක් තේරුමක් ඇතුව නෙමෙයි.:angry:ඒක තමයි ගොඩක් රැවටිලිකාරයොන්ටත් උන් ඇන්දෙන්නෙ.
    දෙවියන් මත්තෙම ඉඳල දෙයක් කරන්න බෑ.:no:එතනින් තල්ලුවක් විතරයි උපකාර කරගන්න පුලුවන්. හිතට අමතර දිරියක් වගේ දෙයක්.ඒ දේ ප්‍රයෝජනයට ගන්න නම් ඒකට හරියන සුදුසුකම තියෙන්නත් ඕන.ඒ කිව්වෙ එකපාරට ෆේල් වෙවී හිටපු එකා විභාගයක් කිසි වැඩක් නොකර එක පාරට එක්සෑම් එකක් උපරිමේට ගොඩ දාගන්න බෑ නෙ:dull:
    බුදු දහමෙත් දෙවියො ගැන සඳහනක් තියනව නෙ? දිව්‍ය ලෝක හයක් ගැන එහෙම:)

    උඹල කොහොම හිතනව ද දන්නෙ නෑ! මේ තමයි මගේ මතය:nerd:

    කතරගම ගැන උබ හිතන් ඉන්න හැටි ගොඩක් වැරදි බන් .
    ඕක ආලෝක කරන්න අරකට මේකට ඔය එකතුවෙන සල්ලි ගන්නේ නැ. ඔය ගමම බිමට සමතල උනත් එකදවසින් හදන්න දායක වෙන්න පුළුවන් එක එක ජාතියේ මුදලාලිලා සෙට් එකක් ඉන්නවා .
    උන් තමයි ඕවට ආදාර කරන්නේ . කපුවෝ කියන්නේ මොක්කුද බන් . උන්ට ළමයෙක්ට පතක් පොතක් දෙන්න හිත තියීනවානම් කොහොමද රු 100 පස්සට දාලා රු 5000 ක් පුජ වට්ටියේ තියන් ඉන්න එකාව ඉස්සරහට ගන්නේ, ඔතන ඇවිල්ල ගහන පොල් ටිකෙන් පවා හම්බ කරන කන හැත්තක් ඔකේ ඉන්නේ. දෙවියෝ කියන්නේ සල්ලි උල්පත්, තේරෙන්න කියනවනම් දෙවියෝ කියන්නේ පට්ට business එකක්

    ගොඩක් එඋන්ට හාස්කම් තියෙනවලු . ඕව මොනවද ඇහුවොත් කියයි , පාර වැරදුනාම පාර පෙන්නුවා .තව දුර යන්න බැ කියපු එකාට එතනින් එහාට අඩියක් හොල්ලන බැරිඋන වගේ දේවල් ,
    ඒවා හාස්කම් නෙමෙයි බන්. ඔය තමන්ගේ මොළය වැඩකරන හැටි ..
    ඕව දිගට කතාකරම කියයි පිළිගන්නේ නැති එකෙක්ට කියල වැඩක් නැ කියල :rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    චාතුම්මහාරාජිකය
    මිනිස් ලොවට යොදුන් 42000ක් (යොදුනක් යනු සැතපුම් දහසයකි) ඉහලින් පිහිටා ඇති මිනිස් ලොවට ආසන්නතම දිව්‍ය තලය වන මෙය උතුම් වූ සතර වරම් දිව්‍ය රජ වරුන් මගින් පාලනය වෙයි. එහි පෙරදිග පාලනය ගාන්ධර්වයන්ට අධිපති “ධෘතරාෂ්ඨ වරම් දෙව් රජු” විසින්ද, දකුණු දිශාව කුම්භාණ්ඩයන්ට අධිපති “විරූල්හ” නොහොත් “වීරූඪ නම් වරම් දෙව් රජු” විසින්ද, පැසුණු දිග හෙවත් බටහිර දිශාව නාගයනට අධිපති වූ “විරූපාක්‍ෂ වරම් දෙව් රජ” විසින්ද, උතුරු දිශාව යක්ෂයන්ට අධිපති වූ කුවේර නොහොත් වෙසමුණි (වෙසවුණු යයිද කියනු ලැබේ.) වරම් දෙව් රජු විසින්ද පාලනය වෙයි. මනුෂ්‍ය ලෝකයෙහි වාසය කරන භූමාටු දෙවියෝද වෙනත් සියලු අමනුෂ්‍යයෝද චාතුර්මහාරාජිකය යටතේ පාලනය වෙත්. දෙවියන් භූම්‍යස්ථ සහ ආකාශස්ථ වශයෙන් බෙදා දක්වන කල්හි චාතුර්මහාරාජිකය ඇතුළු සියලු ඉහල දිව්‍ය තල වල දෙවියන් ආකාශස්ථ දෙවියන් ලෙස සලකනු ලැබේ. වෘක්ෂ දේවතාවන්, පොළොවෙහි ගංගා, ඇලදොළ, සමුද්‍ර වාසස්ථාන, සමහර මනුෂ්‍ය වාස, පින් සහිත සමහර මනුෂ්‍යයන්ගේ නිවාස සහ උපකරණ ආදිය ඇසුරෙහි වන “විමාන” නමින් හැඳින්වෙන මනුෂ්‍ය ඉන්ද්‍රීන්ට ගෝචර නොවන වාසස්ථාන ඇසුරෙහි මෙම භූමාටු දෙවියන් වාසය කරන බවට කරුණු තිබේ. සමහර භූමාටු දෙවියන්ට ධර්මය අසා මගපල ලැබීමට වුවද හැකියාව තිබේ. භූමාටු දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය ගැන නිශ්චිත නියමයක් දක්වා නැත. සමහර භූමාටු දෙවියන් දින සතක් වැනි ඉතා කුඩා කාලයක්ද තවත් භූමාටු දෙවියන් කල්පයක් තරම් අති දීර්ඝ කාලයක්ද ආයුෂ ලබන අතර ඒ ඒ කුසල කර්ම විපාකය අනුව ආයුෂ කාලය තීරණය වන බව දත යුතුය. භූමාටු දෙවියන්ගේ දිව්‍ය සැපත චාතුර්මහාරාජික දෙවියන්ට වඩා අඩු වන නමුත් මනුෂ්‍යයන්ට වැඩි කාම සම්පත්තියක් භුක්ති විඳියි. දෙවියන්ගේ උපත සකලාංග පරිපූර්ණය “ඕපපාතිකව” සිදුවන බව සාමාන්‍ය නියමය වන නමුත් භූමාටු දෙවියන් දරුවන් ලබන බවටත්, කුඩා ශරීර සහිතව පහල වන බවටත් ඔවුන් සමහරෙක් පවුල් වශයෙන් ජීවත් වන බවටත් “මෙත්ත සූත්‍ර(කරණීය-මෙත්ත සූත්‍ර)” නිධාන කථාව ආදී කථා අනුව පෙනී යයි.
    සතර වරම් දෙව් රජුන් ප්‍රධාන වශයෙන් තවතිසා දෙව් ලොව ආරක්ෂාව පිණිස කටයුතු කරන ආරක්ෂක දෙවියන් ලෙසද කටයුතු කරයි. ඒ ඒ පරිදි සතර දිශාවෙහි සේනා සහිතව තව්තිසා දෙව් තලයට (අසුරයන් ගෙන් විය යුතුය: ධර්ම සාහිත්‍ය විමසා බලන්න) ආරක්ෂාව සැපයීමත්, මනුෂ්‍ය ලොව කටුයුතු, බුදු සසුන පිලිබඳ කටයුතු සහ සිල්වතුන් සහ පින්වතුන් පිලිබඳ ශක්‍ර දෙවියන්ට වාර්තා සැපයීම මොවුන් අතින් සිදු වෙයි. (ලිපිය දික් වන බැවින් විස්තර මෙතෙකින් නවත්වනු ලැබෙයි.) චතුර්මහාරජිකයෙහි දෙවියන්ගේ ආයුෂ මිනිස් ලොව අවුරුදු අනූ ලක්ෂයකි.
    (එක් එක් දිව්‍ය තල පිළිබඳව විශේෂ විස්තර දීර්ධ වශයෙන් ලිවීමට එක් ලිපියක් ප්‍රමාණවත් නොවන බැවින් ඊළඟ දිවය තල පිළිබඳව හුදු නම් කිරීමක් පමණක් කරනු ලැබේ. දෙවියන් පිළිබඳව සවිස්තර විශේෂ ලිපි පෙළක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.)
    තවතිසාව හෙවත් තාවතිංශය
    ශක්‍ර දෙව් රජතුමන් සහ එතුමන් යටතේ සිටින දෙවි රජවරුන් තිස්තුන් දෙනෙකුන් මගින් පාලනය වන දෙව්තලයකි. සක් දෙවිඳුන් “දෙදෙව් ලොවට අධිපති” යයි කියන්නේ එතුමන් චාතුර්මහාරාජිකය සහ තව්තිසාව යන දිව්‍ය තල දෙකෙහිම අධිපති බව දරන බැවිනි.
    යාමය
    දුකින් පහ වූ ස්ථානය යන අරුතින් යාමය නම දරන මෙම දිව්‍ය තලය තුන්වන දිව්‍ය තලයයි.
    තුසිතය
    අතිශය ප්‍රමොදයෙන් ප්‍රීතියෙන් සතුටින් වාසය කරන දෙවියන්ගේ භූමිය යන අරුතින් “තුසිත” නාමය ඇති මේ දිව්‍ය තලය අප මහා බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වය ලැබූ අවසන් භවයට පෙර භවයෙහි උපන් දිව්‍ය තලයයි. “සන්තුසිත” නම් දිව්‍ය රාජෝත්තමයාණන් අධිපති භාවය දරයි.
    නිම්මාණරතිය
    තමන් විසින් තමන් කැමති ආකාරයේ කාම වස්තුන් මවා ඒ කාම වස්තූන් මගින් කම් සුව ලද හැකි මහත් ආනුභාවයක් ඇති දෙවියන් පහල වන භූමියයි. බුදු සසුනෙහි අග්‍ර දායිකාවක වූ විශාකා මහෝපාසිකා තොමෝ මරණින් මතු උපත ලැබුවේ මෙම දෙව් තලයෙහිය.
    පරිනිම්මිත වසවත්තිය
    මහත් බල ඇති “මාර දිව්‍ය පුත්‍රයා” වාසය කරකරන මාර පිරිස වාසය කරන දෙව් තලයයි. කාම ලෝකයට අධිපති බව දරන්නේ මේ දෙවියන්ය. කාම ලෝකයට අයත් ඉහලම සහ ආයුෂයෙන්, සැපතින් බලවත්ම දිව්‍ය තලය මෙයයි. “අන්‍යයන්ගේ සම්පත්තිය තමන් විෂයෙහි පවත්වන” යන අරුතින් පරිනිම්මිත වසවත්ති යනුවෙන් කියනු ලැබේ.
    මෙම දිව්‍ය තල සයෙහි විසිතුරු බවත්, සැපතත් විශ්මයාවහ වෙයි. දෙවියන් අතර උපදින නොවරදින මග භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර තිබේ. සම්මා දිට්ඨිය මත පිහිටා ශීලය ආරක්ෂා කිරීම සුගති මාර්ගයෙහි අනිවාර්ය අංගයන් වෙයි. ධර්මයෙහි සඳහන් දෙවියන් ගැන කථා කියවීමේදී පෙනී යන්නේ ඉහල ගනයේ බොහෝ දෙවියන් නොවැරදී පංච ශීලයත්, පොහොය අෂ්ටාංගික උපොසථ ශීලයත් සමාදන්ව ආරක්ෂා කර ඇති බවයි. උත්තම ගනයේ දානමය පුණ්‍ය කර්මයන් ඒ ඒ දෙවියන්ගේ මහේශාක්‍ය බවට හේතු වී ඇත.
    අප මුලින් කියන ලද පරිදි මෙම ලිපියෙන් අපි ශීලය සහ දානමය පුණ්‍ය ක්‍රියා සිදුකිරීම පිලිබඳ සාකච්ඡාවක් ආරම්භ කරනු ලැබේ. දානය සහ ශීලය ගැන උනන්දුවක් ඇති කර ගැනීමට එහි අනුසස් දැන ගත යුතුය. දුශ්ශීල බවේ භයානක ආදීනව දැන ගත යුතුය. අනුසස් සහ ආදීනව පැහැදිලි කර ගැනීමට නම් කර්ම විපාක වශයෙන් අත්වන සැප සහ දුක විපාක දන ගත යුතුය. ඒ ඒ විපාක වල ස්වභාවය අවබෝධ කර ගැනීමට නම් ඒ ඒ පින් පව් වලට අනුව සකස් වන භවය සහ උත්පත්ති ස්ථාන දැන ගත යුතුය. ඒ ගැන අවබෝධයක් ලබීමටනම් ලෝකධාතුව පිළිබඳව ඒ ඒ සුගති දුගති ස්ථාන පිළිබඳව කරුණු වටහා ගත යුතුය. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේගේ “ලෝක විදු” ගුණය කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව “ලෝක ධාතු” විස්තර, සුගතිය ගැන විස්තර, අපායෙහි දුක පිලිබඳ විස්තර ආදිය දැනගත යුතුය. මෙම ලිපියට හැකි පමණ එම කරුණු එකතු කරන ලද්දේත් සුදුසු පරිදි වගු සකස් කර ඉදිරිපත් කරන ලද්දේත් ඉදිරි ලිපි වලට සාකච්ඡා කිරීමේ පදනම සකස් කිරීම් අරමුණ ඇතිවය. ඒ කරුණු ඇසුරින් පින්වත් ඔබ තමන් විසින්මද දහම් කරුණු සොයා බලා ඉගෙනීමටත්, දන්නා කරුණු නිරවුල් කර ගැනීමටත් උත්සහ කර ගනිත්වා.
    ධ්‍යාන සමාධි බලයෙන් කාම ලෝකය අභිභවා ඉහළින සිටින අතිශය බලවත් ආනුභාව ඇති බ්‍රහ්ම තලයන් පිලිබඳ විස්තර හඳුන්වාදෙන වගුවක් පහතින් දැක්වෙයි. ධ්‍යාන භාවනා සහ සමාධිය පිළිබඳවත්, බ්‍රහ්ම ලෝකය පිළිබඳවත් පසු ලිපියකින් සාකච්ඡා කරමු.
    behcev.png

    නිරය
    සතර අපාය අතරින්, අතිශය ඝෝර දුක් ඇති, නිරන්තර රළු වේදනා ගෙනදෙන දුක් ඇති, මහත් දීර්ඝ කාලයක් දුකෙහිම ගැලී හඬමින්, විලාප දෙමින් සත්ත්වයන් කර්ම විපාක වශයෙන්ම සකස් වූ මහත් දුක්ඛිත තත්වයට උරුම කරවන දුගතිය “නිරය” නම් වෙයි. පිහිටීම සහ ආයුෂ ගැන විස්තර සඳහා පහත වගුව බලන්න. සැබවින්ම “අපාය” යයි යයි කියන්නේ මෙම නිරය ලෝකයන්ටය. “අය” නම් සැපයට නමකි. අය නම් සැප කිසිවක් නොවන බැවින් “අපාය” යයි කියනු ලැබේ. ඇසිපිය හෙලන මොහොතකට වත් කටුක දුකින් තොර වීමක් වෙන් වීමක් නැති බැවින්, ඇසිපිය හෙලන මොහොතක තරම් වත් සැපයක් නොමැති බැවින් “නිරය” යයි කියනු ලැබේ. අප ලෝක ධාතුවෙහි “ප්‍රධාන නිරය හෙවත් මහා නිරය අටකි.”
    සංජීවය
    සත්වඝාතන, කාම මිත්‍යාචාර, සොරකම් ආදිය කළවුන් උපදින නිරයකි. මහා නිරය වටා අනූ නිරයන් දහසයක් ඇත.
    කාල සූත්‍රය
    මව්පියන්, ගුරුවර වැඩිහිටියන්, උපාධ්‍යායයන් ආදීන් කෙරෙහි වරදවා පිළිපදින ලද්දවුන් වැඩි වශයෙන් උපදින භූමියකි.
    සංඝාතය
    ගවයන්, එළුවන්, කුකුලන් ආදී සතුන් ඝාතනය කරමින් ජීවිකාව පවත්වන ලද සත්ත්වයන් වැඩි වශයෙන් උපදින භූමියකි.
    රෞරවය
    සත්ත්වයන්ට හිංසා පීඩාකාර වූ ක්‍රියා කරන ලද, මහත් අකුසල් කරන ලද, ඉන්ද්‍රජාලිකයන්, මායා කරුවන් ආදීන් අනුන් රවටා ජීවත් වන නායකකාරකාදී සත්ත්වයන් උපදින භූමියකි.
    මහා රෞරවය
    තෙරුවන් සතු වස්තුව පහර ගත්තාවූද, ජනයාගේ යහපත පිණිස ඇති පොදු දේපල විනාශ කරන ලද්දාවූද සත්ත්වයන් උපදින භූමියකි.
    තාපය
    හොඳ නරක කර්මයෙහි විපාක නැත. සුගති දුගති නැත ආදී වශයෙන් මිත්‍යා දෘෂ්ටි ගෙන සිටින නියත මිත්‍යා දෘෂ්ටිකයන් උපදින භූමියකි.
    මහා තාපය (ප්‍රතාපය)
    බුදුන් නැත, දහම් නැත, ආර්ය සංඝයා නැත ආදී වශයෙන් බලවත් දෘෂ්ටි ගන්නා ලද, බලවත් සේ ආර්යෝපවාද කරන ලද, සද්ධර්මයෙ පැවැත්ම විනාශ කිරීමට කටයුතු සංවිධානය කරන සත්ත්වයන් උපදින මහා නිරයකි.
    අවීචිය
    පන්චානන්තාර්ය පාප කර්ම කළා වූද, පන්සල්, බෝධිය, බෝමළු, බුදු පිළිම විනාශ කරන ලද්දාවූද, බුදු සසුනට වින කරන ලද්දවූද, තෙරුවන් විෂයෙහි බලවත් ද්වේශයෙන් කටයුතු කරන ලද්දාවූද, නියත වූද, බලවත් වූද මිතාදෘෂ්ටිය මත පදනම්ව දරුණු ක්‍රියා කරන ලද්දා වූද සත්ත්වයන් උපදින බලවත්ම දුක් සහිත මහා නිරයයි. දෙව්දත් ආදී ආනන්තර්ය කර්ම කල අවාසනාවන්ත සත්ත්වයන්ද බලවත් පාප ක්‍රම කරන ලද මව්පියන් ඝාතනය කරන ලද, රහතන් වහන්සේලා ඝාතනය කරන ලද, වෙහෙර විහාර විනාශ කරන ලද සත්ත්වයන්ට මෙහි ඉපිද අන්තඃ කල්පයක් තරම් ඇති දීර්ඝ කාලයක් දුක් විඳීමට සිදු වෙයි.
    1zlf9tx.png

    නිරය පිළිබඳව විස්තර කෙරෙන මූලික කරුණු ඇතුලත් වගුව ඉහතින් දක්වා තිබේ. (එම වගුව ඉහල සිට පහලට කියවන්න.)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    දෙවියන් විශ්වාසය ගැන හොද උදාහරණයක් තියෙනවා .. මේක කරපන් සාර්ථකයි .

    crystal බෝලයක් ගනිං. (ටිකක් වටිනා එකක් නැත්නම් අගය නැති වෙනවා )
    එක ටිකක් උඩකින් තියපන් . වදින්න පුළුවන මට්ටමේ ...
    හැමදාම උබ කරන කියන දේවල් ඔය බෝලෙට වදාලා කියපන් . ප්‍රශ්නයක් ආවමත් ඕකට කියපන් .
    උබට මොකක් හරි ඕනේ උනොත් එකත් ඔය බෝලෙට කියපන් ..
    exam එකක් පාස් වෙන්න ඕනෙනම් එකත් crystal එකට කියපන් .
    ටික කාලයක් යනකොට උබට තේරෙයි ඒ Crystal බෝලය උබට අවශ්‍ය දේවල් ලබාදෙනවා කියල .
    එකට කියන නිසා හිතට සැනසීමක් ලැබෙනවා කියල .

    ඕක අත්හදා බලපු සාර්ථක ක්‍රමයක් . . . දෙවියන් යදිමෙන් වෙන්නෙත් ඕකම තමයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    zeus gana uba danne natte, ewa european mythology nisa. ewa lankawata echchara close naha. Indiyawa lankawata close nisa indiyawe tiyena godak myths lankawata lesiyenma awa.

    Ananda maithree hamuduruwo unat kiyana hama ekama api piliganna one naha. mokada e hamuduruwo margapala awaboda karagatta ekkenek nowana nisa. eyage atinut waradeem wenna puluwan.
    ඔව් මුල් පැරා එක හරි ඒ නිසා තමයි. :yes:

    පැරා 2 -- පිලිගන්න ඕනෙ නෑ. ඒත් එතමුන් මේ ත්‍රෙඩ් holder ට වඩා දැනුමක් තියෙන කෙනෙක්. ඒ නිසා මට එතමුන් ගැන මේ වෙලාවෙ විශ්වාසයි. අන්නන්ද හමුදුරුවො කියන්නෙ බුදුබව අපේක්ශාකරන හමුදුරුනමක්.. එතුමන් කර්මභවයත් වෙනසක් කරල තියෙනව. තව ඉතා ඉහල උසස්ම භවයක් ලබාගෙන තියෙනව. ඒ මොකක්ද කියන්න මට sure කරල හරියටම කියන්න බෑ. මතක නෑ.. පොඩ්ඩක් බලල හෙට දිහාට කියන්නම්. :)

    පොත් වල කියෙව්ව පලියට උඹ විස්වාස කරාට මට එහෙම කරන්න බෑ. කතරගම දෙය්යෝ මගේ බාප්පද ගරු කරලා කතා කරන්න.?
    මිනිහෙක්ගේ අන්ධ විශ්වාසයක් යවන්න උව නාවල ගත්තට බෑ . ඉන්දියාවේ හා ලංකාවේ මිනිස්සු ගොඩ දෙනෙක් ගරු බුහුමන් කරපු සායි බාබා රත්තරන් බිත්තර කටින් අරන් පෙන්නද්දී කටත් ඇරගන බලන් හිටපු මිනිස්සු , එක බොරුවක් කියල වීඩියෝ වලින් ඔප්පු කරද්දීත් , එක ගණන් ගන්නේ නැතුව සායි බබා පට්ට ඩයල් එක කියල වැදගන හිටිය මිනිස්සු හිටපු ලෝකෙක බන් අපි ඉන්නේ.
    මීට වඩා උබ වගේ උන් එක්ක තර්ක කරල වැඩක් නෑ.. උසස් භාවයන් ලබාගත්තු අනාගත බුදුබව අපේක්ශා කරන හිමියන් විසින් කථිත අවු 12ක් විතර කාලයක් තිස්සෙ එක දිගට මුද්‍රණය වෙන පොත් පත් වල සදහන් කරුනු මට හොදටම ප්‍රමානවත් පිලිගන්න. :) මොකද ඒ පොත්පත් විශේශ අධීක්ශනයක් හා කරුනු වල සත්‍යතවයන් පිලිබද හොද පිලිගැනීමක් තියෙනව..:yes: නමුත් සායි බබාල ගැන එහෙම සාර්තක පිලිගත් විද්වතුන්ගෙ හොද පිලිගැනීමක් තිබුනෙ නෑ. :rofl: ඒ වගේම මතක තියාගනින් උබ බුදු දහම කියල පිලිගන්නෙත්
    එහෙම පොතපතෙන් ආපු දේවල් තමා.. එහෙනම් ඒව උබ පිලිගත්තෙ කුමන පදනමෙන්ද :lol: නිකම් පදනමක් නැති පුස් ටෝක් දෙන්න එපා මචන්...:no: එහෙව් එකේ උබ වගේ එකෙක් දෙන ටෝක්ස් මට වැඩක් නෑ.. උබ වගේ එකෙක් එක්ක සාර්තක සංවාද බෑ. තව ටිකකින් උබල දන්නෙ රිදිල වගේ වචන දාගෙන කෑගහන්න තමා. :lol: අපි ගියා.. මතක තියාගනින් ගරුතවය දීපු කෙනාට තමා ඒ ගරුත්වය නැවත ලැබෙන්නෙ.. පාරෙ ඉන්න හිගන්න උනත් ඌට හිමිවිය යුතු ගරුතවය දෙන්න මම දන්නව.. ආයිත් rply නොකරමි. :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දෙවියන් විශ්වාසය ගැන හොද උදාහරණයක් තියෙනවා .. මේක කරපන් සාර්ථකයි .

    crystal බෝලයක් ගනිං. (ටිකක් වටිනා එකක් නැත්නම් අගය නැති වෙනවා )
    එක ටිකක් උඩකින් තියපන් . වදින්න පුළුවන මට්ටමේ ...
    හැමදාම උබ කරන කියන දේවල් ඔය බෝලෙට වදාලා කියපන් . ප්‍රශ්නයක් ආවමත් ඕකට කියපන් .
    උබට මොකක් හරි ඕනේ උනොත් එකත් ඔය බෝලෙට කියපන් ..
    exam එකක් පාස් වෙන්න ඕනෙනම් එකත් crystal එකට කියපන් .
    ටික කාලයක් යනකොට උබට තේරෙයි ඒ Crystal බෝලය උබට අවශ්‍ය දේවල් ලබාදෙනවා කියල .
    එකට කියන නිසා හිතට සැනසීමක් ලැබෙනවා කියල .

    ඕක අත්හදා බලපු සාර්ථක ක්‍රමයක් . . . දෙවියන් යදිමෙන් වෙන්නෙත් ඕකම තමයි

    exactly mcn. mamat okata samana deyak uda kiwwa.