මහා සීහනාද සූත්‍රය -මජ්ඣිම නිකාය, මූල පණ්නාසකය (සූත්‍රයෙහි සුගති දුගති පිලිබඳ දේශනා කොටස මෙහි දක්වනු ලැබේ.)
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.
සාරිපුත්තය, මේ ගති පසකි. කවර නම් පහක්ද යත්: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, මනුෂ්‍යයෝය, දෙවියෝය. සාරිපුත්තය, මම නිරයත් දනිමි. නිරය ගාමිණි මාර්ගයත් දනිමි. නිරය ගාමිණි ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සැපයෙන පහ වූ දුකටම ස්ථාන වූ නිරයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම තිරිසන් යෝනියත් දනිමි. තිරිසන් යෝනියට යන මාර්ගයත් දනිමි. තිරිසන් යෝනියට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම ප්‍රේත විෂයයත් දනිමි. ප්‍රේත විෂයට යන මාර්ගයත් දනිමි. ප්‍රේත විෂයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු ප්‍රේතව උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම මනුෂ්‍යයන් දනිමි. මිනිසත්බවට යන මාර්ගයත් දනිමි. මනුෂ්‍ය ලෝකයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු මනුෂ්‍යයන් විෂයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම දෙවියන්ද, දෙව්ලොවට යන මාර්ගය දනිමි දෙව්ලොව උපදින ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සුගති වූ ස්වර්ගයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක් ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, ගිනිගෙන දැවුණු, අළු නැති දුම් නැති ශරීර ප්‍රමාණයට වැඩි මහත් ගිනි අඟුරු වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අඟුරු වල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අඟුරු වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ගිනි අඟුරු වලට වැටී දුක් විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක් ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, අසූචියෙන් පිරුණු ශරීර ප්‍රමාණයට වැඩි අසූචි වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අසූචි වල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අසූචි වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ අසූචි වලට වැටී දුක් විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ දුක් වේදනා විඳින ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ විෂම භූමියක හටගත්, ඉතා තුනී පත්‍ර ඇති, සෙවන නැති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ වැටී හෝ සිටින වැටී දුක් විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ දුක් වේදනා විඳින ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ සැප වේදනා විඳින මනුෂ්‍යව උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ සම වූ සරුවූ භූමියක හටගත්, මනාව වැඩුණු පත්‍ර ඇති, මනා සෙවන ඇති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ නිදා හෝ සිටින සැප වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ සැප වේදනා විඳින මනුෂ්‍යව උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ සැප වේදනා විඳින ස්වර්ගයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ ප්‍රාසාදයක් වේද, එහි ඇතුලත පිටත මනාව වැසූ අගුලු දැමූ, සිහිල් වාතය ඇති, මෘදු පලසින් කරන ලද බුමුතුරුණු පලස් උඩු වියන් ඇති පළඟක් (ආසනයක් හෝ සයනයක්) ඇති මහත් සුවපහසු කුටියක්ද වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ ප්‍රාසාදය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ ප්‍රාසාදය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ ප්‍රාසාදය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ප්‍රාසාදය වෙත පැමිණ ඒ පළඟෙහි සැප ඇතිව හිඳින හෝ නිදන ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ සැප වේදනා විඳින ස්වර්ගයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ යම සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, පහන් (පැහැදිලි) දිය ඇති, මිහිරි දිය ඇති, සිසිල දිය ඇති, සුදු වැලි තලා ඇති, මනාව පිහිටි තොට (දියට බැසීමට නිසි තොටුපල) ඇති සිත්කළු පොකුණක් වේද, ඊට නොදුරු ඝන වන ලැහැබක් වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ පොකුණ වෙතම වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ විල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ පොකුණ වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ පොකුණ වෙත පැමිණ, පොකුණට බැස, සිහිල් දිය ස්නානය කොට, පැන් බී, සියලු වෙහෙස පවසා නිවා, දාහය සංසිඳවා විඩාව දැවිලි සංසිඳවා, වන ලැහැබෙහි සුවසේ හිඳින හෝ නිදන ඒකාන්ත සුවයට පත් ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. යම් සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
මෙසේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගති දන්නා දක්නා සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ඥානය නොවන්නට මේ විශ්වයෙහි, අනන්ත අප්‍රමාණ සක්වලයන්හි උපදිමින් මැරෙමින් ගමන් කරන අනේකවිධ සත්ත්වයන් සත්ත්ව ප්‍රජාවන් ගැන අපට දැන ගන්නට තබා සිතන්නට වත් අවස්ථාවක් නොලැබෙන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ “ලෝකවිදූ” ගුණයට ඒකාන්ත සාක්ෂි සපයන ලෝකය සහ සක්වල පිළිබඳවත් ලෝකධාතූන්හි හටගැනීම පැවැත්ම විනාශය පිළිබඳවත් කල්ප විනාශය ආදිය පිළිබඳවත් විශ්මය දනවන දේශනාවන් ශ්‍රී සද්ධර්මයෙහි එයි. ශීල ප්‍රතිපදාව පිළිබඳවත් දානමය පුණ්‍ය කර්මයන් පිළිබඳවත් උනන්දු කරවීමේ අරමුණ සහිතව ඉදිරියට ලියවෙන ලිපි කිහිපය සඳහා පසුබිම සකස් කිරීමක් ලෙස ලෝක ධාතුන් පිළිබඳව, ලෝකධාතුවක ඒ ඒ සත්ත්ව භූමි, ආයුෂ සහ ස්වභාවය පිළිබඳව කරුණු දැක්වීමක් මෙහි සිදු කරනු ලැබේ. බොහෝ කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කල හැකි සහ කල යුතු දහම් කරුණු ඇති විෂයක් වන නිසා මෙහි අපට අපේ ශක්ති පමණින් සැකෙවින් කල හැකි මග පෙන්වීමක් පමණක් කරනු ලැබේ. උතුම් වූ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සහ උතුම් වූ සද්ධර්මයේ අටුවාව කියවා වැඩි දුර කරුණු විමසා බැලීමට පින් කැමති සැඳැහැවත්හු උත්සුක වෙත්වා!!!
භාග්‍යවතුන් වහන්සේගේ සක්වල විභාගය
චූලනිකා සූත්‍රය
(සූත්‍ර පිටකය, අංගුත්තර නිකාය, තික නිපාතය, දෙවන පණ්ණාසකය, ආනන්ද වර්ගය, දස වන සූත්‍රය
උතුම් වූ ධර්ම භාණ්ඩාගාරික වූ, බහුශ්‍රැතයන් අතරින්ද, ස්මෘතිමතුන් අතරින් අග්‍ර වූද, භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වූ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසන සේක.
“භාග්‍යවතුන් වහන්ස, මා විසින් ඔබවහන්සේ හමුයෙහි මෙසේ අසා ඇත්තෙමි. කෙසේද යත්, භාග්‍යවත් අරහත් “සිඛී” සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ “අභිභූ” මහරහතන් වහන්සේ විසින් “සහශ්‍රී” ලෝක ධාතුවට ඇසෙන සේ සිංහනාද කරන ලද බවයි (අභිභූ මහවහන්සේ විසින් සහශ්‍රී ලෝක ධාතුවට ඇසෙන සේ “ආරභථ,යුඤජථ,නික්ඛමථ බුද්ධ ශසනෙ ” යන මහා දහම් ඝෝෂාව සිදු කරන ලදී.). වහන්ස, අරහත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේට කොපමණ දුරට විශ්වයෙහි/ලෝක ධාතූන්හි දහම් ඝෝෂාව කල හැකි වේද?
එවිට භාග්‍යවතුන් වහන්සේ,
ආනන්දය “අභිභූ” වනාහි ශ්‍රාවකයෙකි. තථාගතයෝ වනාහි අපරිමේය, ප්‍රමාණ රහිත වෙති.” යි දේශනා කරන සේක. දෙවනුවද ආනන්ද තෙරුන් විසින් විමසන ලදුව භාග්‍යවතුන් වහන්සේ පෙර පිළිතුරම දේශනා සේක.
තෙවන වරටත් ආනන්ද තෙරුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙම පැනය විමසන කල්හි භාග්‍යවතුන් වහන්සේ,
“ආනන්දය, තොප දහසක් සක්වලයන් සහිත “චූලනිකා ලෝක ධාතුව” අසා තිබේද? යි විමසන සේක.
ආනන්ද තෙරුන් වහන්සේ,
භාග්‍යවතුන් වහන්ස, යම් සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සේක්ද, ඒ ලෙසින්ම භික්ෂූන් අසා දරන්නාහ. භාග්‍යවතුන් වහන්ස දේශනා කරනු මැනවි. භාග්‍යවතුන් වහන්ස සිංහනාද කරනු මැනවි. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සිංහහනාදයට කාලයයි.
භාග්‍යවතුන් වහන්සේ:
ආනන්දය එසේ වී නම් අසව,
හිරුද සඳුද, යම් තාක් දුර ගමන් කරමින් දිශාවන් බබලවයිද, ඒතාක් අවකාශය “සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ. ඒ ලෝක ධාතුයෙහි හිරු දහසක් ඇත. සඳු දහසක් ඇත. මහා මේරු පර්වත දහසක් ඇත. දඹදිව් දහසක් ඇත. අපර ගොයාන දහසක් ඇත. උතුරු කුරු දිවයින් දහසක් ඇත. පූර්ව විදේහ දහසක් ඇත. (මේ බෞද්ධ ක්‍රමය අනුව පෘථිවියේ ඇති මහාද්වීප සතරයි- ඒ අනුව මින් දක්වන්නේ අප ලොව වැනි මිනිස් ලෝක දහසක් ඇති බවයි.) මහා සමුද්‍රයෝ හාර දහසක් (එක් මිනිස් ලොවක සතර බැගින්), මහා රාජ්‍යයන් හාර දහසක් (එක් මිනිස් ලොවක සතර බැගින්), චාතුම්මහාරාජික දහසක්, තව්තිසා දෙව්ලෝ දහසක්, යාම දෙව් ලෝ දහසක්, තුසිත දෙව් ලෝ දහසක්, නිම්මාණරති දහසක්, පරිනිම්මිත වසවත්ති දහසක්, බ්‍රහ්ම ලෝක දහසක් ඇත. ආනන්දය මේ “චූලනිකා සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ.
ආනන්දය,
මෙවන් චූලනිකා සහශ්‍රී ලෝකධාතුව දහසින් ගෙන ගැනීමෙන් (එවන් ලෝක ධාතු දහසක් හෙවත් සක්වල මිලියනයක්/ දශ ලක්ෂයක්) “ද්වී සහශ්‍රී ලෝක ධාතුව ” හෙවත් “මධ්‍යම සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ. තවද, මෙම මැදුම් සහශ්‍රී ලෝක ධාතුව “සහස්සධා” වශයෙන් ගණනය කිරීමෙන් “ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව” හෙවත් “මහා සහශ්‍රී ලෝක ධාතුව” ලැබේ. දශ ලක්ෂය දහසින් ගණනය කිරීමෙන් “සක්වල කෝටි සියයක්” සහිත ලෝක ධාතුව ලැබිය යුතුය. නමුත් මහා සහශ්‍රී හෙවත් ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවට “කෝටි ලක්ෂයක් සක්වලයන්” අයත් බව ධර්ම සාහිත්‍යයේ එන මතයකි. උතුම් වූ අටුවාව මෙම ගැටලුව විසඳා තිබේ. බෞද්ධ සංඛ්‍යා ගණන ක්‍රමය අනුව “සහස්සධා” යනුවෙන් ගැනීමේදී අදාළ ගණනය කිරීම සිදු කරන්නේ ද්වී සහශ්‍රී ලෝක ධාතුවට අයත් දශ ලක්ෂයක් සක්වලයන් නැවත දශ ලක්ශයෙන්ම ගුණ කිරීමෙන් බව එහි දක්වා තිබේ. ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවට කෝටි ලක්ෂයක් සක්වලයන් අයත් වන්නේ ඒ අනුවය. [බෞද්ධ සංඛ්‍යා ක්රමයෙහි වර්තමාන ගණිතයේ එන සංඛ්‍යා වල බල ගණනය කිරීම (උදාහරණ-:10000001000000) යෙදුනු බවට යම් යම් සාක්ෂි තිබේ.]
එක් සක්වලක හෙවත් එක් ලෝක ධාතුවක සත්ත්ව භූමි
චූලනිකා ලෝක ධාතුවෙහි සූර්යයන් දහසක් මගින් ආලෝකය පැතිරෙන ගමන් කරන ලෝක ධාතූන් දහසක් ඇති බව ඉහත සූත්‍ර දේශනාව අනුව ඔබට පැහැදිලි විය යුතුය. අපි දැන් ඒ එක් ලෝක ධාතුවක ඇති සත්ත්ව භූමි හෙවත් ලෝක ගැන විමසා බලමු. සැකෙවින් කියන්නේ නම් එවන් ලෝක ධාතුවක එක් මනුෂ්‍ය ලෝකයක්, ඊට ඉහලින් දිව්‍ය තල හයක්, ඊට ඉහලින් රූප සහිත බ්‍රහ්ම ලෝක දහසයක්, අරූප තල හෙවත් අරූප ලෝක සතරක් තිබේ. එම ලෝක 27 සුගති භූමි නොහොත් සැප ඇති සත්ත්ව භූමි වෙයි. මනුෂ්‍ය ලොවට පහලින් ඇත්තේ නිරය හෙවත් සතර අපායයි. අපගේ මනුෂ්‍ය ලෝකයට පහලින් එවන් නිරය භූමි 8ක් පිහිටා තිබේ. නිරය යනු සතර අපායෙන් එක් අපායකි. අනෙකුත් අපාය තුන වන්නේ “තිරිසන් යෝනිය”, “ප්‍රේත විෂය” සහ “අසුර නිකායයි” නමුත් මෙම සත්ත්ව නිකායයන් උදෙසා වෙනමම භූමි හෝ තලයන් පිහිටා නැත. මනුෂ්‍ය ලෝකය සහ ආසන්න දිවය තල ඇසුරෙහි තිරිසන්, අසුර සහ ප්‍රේත යෝනියේ සත්ත්වයන් කර්මානුරූපව පහල වී සිටින බව ධර්මයෙහි එන විස්තරයන්ගෙන් පැහැදිලි වෙයි. ප්‍රධාන නිරය භූමි 8 වටාම සතර දිශාවෙහි සතරක් ලෙස අනු නිරය 16 බැගින් අනු නිරයන් 128ක් පිහිටා තිබේ. ඒ අනුව සියලු නිරය භූමි 136කි. මීට අමතරව සක්වලයන් තුනක් එක් වන තන්හි “ලෝකාන්තරික” නමින්ද තවත් නිරයක් පිහිටා තිබේ. මහා පොළවෙහි ගංගා ආදීය ඇසුරු කරගෙනද සමහර අපාය භූමි පිහිටා තිබෙන බවටද සූත්‍ර දේශනා ඇසුරෙන් මතුවන කරුණු තිබේ.
පළමුව කාම සුගතියට අයත් දිව්‍ය තල හය පිළිබඳව සැකෙවින් විස්තර කරනු ලැබේ.
දෙවියන් පිලිබඳ ඉතා දීර්ඝව සහ නිරවුල්ව බෞද්ධ විග්‍රහයක් සිදු කිරීම කල යුතු සහ කල හැකි කටයුත්තකි. සදෙව් ලෝකය පිලිබඳ එහි ඉපදීම, ඒ ඒ තලයන්හි සැපය, ඒ ඒ දේව නිකායන්ගේ ස්වභාවය විස්තර වශයෙන් සාකච්ඡා කල යුතුය. මෙහි ඉතාම සැකෙවින් හැඳින්වීමක් පමණක් කරනු ලැබේ.
පහත වගුව බලන්න. මෙම වගුව සකසා ඇත්තේ මනුෂ්‍ය ලොව සිට ඒ ඒ තලයන්හි පිහිටීම පහසුවෙන් තේරුම ගත හැකි ආකාරයටය.