කතරගම~මිත්‍යාව

Red lion

Member
Dec 9, 2012
164
11
0
loku vishvasayak thiyenawa marichcha ewun gana
eg.thamange kawruhari marunahama pawle aya padi hamba unahama sohona
laga beer can kanna kamathi kaama salli thiyena eka mehe sirithak
gedaraka kenek nathi unahama eyage badu ekak wath thiyaganne naha.ewagema marune gedaradinam e gedara inneth naha.
matanam hariyata ekek set wela naha thama.arayata nool mathuranna wei
eka nisa mata wadi vistara kiyanna baha
interesting. thawa wisthara athuwa kiyanna


Machan, ee kapuwa ta mona adhi manasikathwayak wath ne, ehemanam ithin uu mona payyatada deviyo thiyagena inne, uuta kelinma saththara kiyanna thibbane. anika thamay, mama pora gena tikak hoyala beluwa, pora issara hena duppathlu, passe porata sweep ekak adila, minissu kiyana hetiyata, porata sweep eka edila thiyenne deviyo help karala kiyala, eeta passe thamay pora dewalayak dala thiyenne.

deviyo thiyagena inna hethuwa ubama oya kiyala thiyenne ageta :rofl:
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මහා සීහනාද සූත්‍රය -මජ්ඣිම නිකාය, මූල පණ්නාසකය (සූත්‍රයෙහි සුගති දුගති පිලිබඳ දේශනා කොටස මෙහි දක්වනු ලැබේ.)
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.
සාරිපුත්තය, මේ ගති පසකි. කවර නම් පහක්ද යත්: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, මනුෂ්‍යයෝය, දෙවියෝය. සාරිපුත්තය, මම නිරයත් දනිමි. නිරය ගාමිණි මාර්ගයත් දනිමි. නිරය ගාමිණි ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සැපයෙන පහ වූ දුකටම ස්ථාන වූ නිරයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම තිරිසන් යෝනියත් දනිමි. තිරිසන් යෝනියට යන මාර්ගයත් දනිමි. තිරිසන් යෝනියට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම ප්‍රේත විෂයයත් දනිමි. ප්‍රේත විෂයට යන මාර්ගයත් දනිමි. ප්‍රේත විෂයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු ප්‍රේතව උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම මනුෂ්‍යයන් දනිමි. මිනිසත්බවට යන මාර්ගයත් දනිමි. මනුෂ්‍ය ලෝකයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු මනුෂ්‍යයන් විෂයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම දෙවියන්ද, දෙව්ලොවට යන මාර්ගය දනිමි දෙව්ලොව උපදින ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සුගති වූ ස්වර්ගයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක්‌ ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, ගිනිගෙන දැවුණු, අළු නැති දුම් නැති ශරීර ප්‍රමාණයට වැඩි මහත් ගිනි අඟුරු වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අඟුරු වල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අඟුරු වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ගිනි අඟුරු වලට වැටී දුක්‌ විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක්‌ ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, අසූචියෙන් පිරුණු ශරීර ප්‍රමාණයට වැඩි අසූචි වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අසූචි වල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අසූචි වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ අසූචි වලට වැටී දුක්‌ විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ දුක් වේදනා විඳින ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ විෂම භූමියක හටගත්, ඉතා තුනී පත්‍ර ඇති, සෙවන නැති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ වැටී හෝ සිටින වැටී දුක්‌ විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ දුක් වේදනා විඳින ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ සැප වේදනා විඳින මනුෂ්‍යව උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ සම වූ සරුවූ භූමියක හටගත්, මනාව වැඩුණු පත්‍ර ඇති, මනා සෙවන ඇති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ නිදා හෝ සිටින සැප වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ සැප වේදනා විඳින මනුෂ්‍යව උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ සැප වේදනා විඳින ස්වර්ගයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ ප්‍රාසාදයක් වේද, එහි ඇතුලත පිටත මනාව වැසූ අගුලු දැමූ, සිහිල් වාතය ඇති, මෘදු පලසින් කරන ලද බුමුතුරුණු පලස් උඩු වියන් ඇති පළඟක් (ආසනයක් හෝ සයනයක්) ඇති මහත් සුවපහසු කුටියක්ද‌ වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ ප්‍රාසාදය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ ප්‍රාසාදය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ ප්‍රාසාදය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ප්‍රාසාදය වෙත පැමිණ ඒ පළඟෙහි සැප ඇතිව හිඳින හෝ නිදන ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ සැප වේදනා විඳින ස්වර්ගයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ යම සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, පහන් (පැහැදිලි) දිය ඇති, මිහිරි දිය ඇති, සිසිල දිය ඇති, සුදු වැලි තලා ඇති, මනාව පිහිටි තොට (දියට බැසීමට නිසි තොටුපල) ඇති සිත්කළු පොකුණක් වේද, ඊට නොදුරු ඝන වන ලැහැබක් වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ පොකුණ වෙතම වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ විල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ පොකුණ වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ පොකුණ වෙත පැමිණ, පොකුණට බැස, සිහිල් දිය ස්නානය කොට, පැන් බී, සියලු වෙහෙස පවසා නිවා, දාහය සංසිඳවා විඩාව දැවිලි සංසිඳවා, වන ලැහැබෙහි සුවසේ හිඳින හෝ නිදන ඒකාන්ත සුවයට පත් ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. යම් සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
මෙසේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගති දන්නා දක්නා සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ඥානය නොවන්නට මේ විශ්වයෙහි, අනන්ත අප්‍රමාණ සක්වලයන්හි උපදිමින් මැරෙමින් ගමන් කරන අනේකවිධ සත්ත්වයන් සත්ත්ව ප්‍රජාවන් ගැන අපට දැන ගන්නට තබා සිතන්නට වත් අවස්ථාවක් නොලැබෙන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ “ලෝකවිදූ” ගුණයට ඒකාන්ත සාක්ෂි සපයන ලෝකය සහ සක්වල පිළිබඳවත් ලෝකධාතූන්හි හටගැනීම පැවැත්ම විනාශය පිළිබඳවත් කල්ප විනාශය ආදිය පිළිබඳවත් විශ්මය දනවන දේශනාවන් ශ්‍රී සද්ධර්මයෙහි එයි. ශීල ප්‍රතිපදාව පිළිබඳවත් දානමය පුණ්‍ය කර්මයන් පිළිබඳවත් උනන්දු කරවීමේ අරමුණ සහිතව ඉදිරියට ලියවෙන ලිපි කිහිපය සඳහා පසුබිම සකස් කිරීමක් ලෙස ලෝක ධාතුන් පිළිබඳව, ලෝකධාතුවක ඒ ඒ සත්ත්ව භූමි, ආයුෂ සහ ස්වභාවය පිළිබඳව කරුණු දැක්වීමක් මෙහි සිදු කරනු ලැබේ. බොහෝ කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කල හැකි සහ කල යුතු දහම් කරුණු ඇති විෂයක් වන නිසා මෙහි අපට අපේ ශක්ති පමණින් සැකෙවින් කල හැකි මග පෙන්වීමක් පමණක් කරනු ලැබේ. උතුම් වූ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සහ උතුම් වූ සද්ධර්මයේ අටුවාව කියවා වැඩි දුර කරුණු විමසා බැලීමට පින් කැමති සැඳැහැවත්හු උත්සුක වෙත්වා!!!
භාග්‍යවතුන් වහන්සේගේ සක්වල විභාගය

චූලනිකා සූත්‍රය
(සූත්‍ර පිටකය, අංගුත්තර නිකාය, තික නිපාතය, දෙවන පණ්ණාසකය, ආනන්ද වර්ගය, දස වන සූත්‍රය
උතුම් වූ ධර්ම භාණ්ඩාගාරික වූ, බහුශ්‍රැතයන් අතරින්ද, ස්මෘතිමතුන් අතරින් අග්‍ර වූද, භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වූ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසන සේක.
“භාග්‍යවතුන් වහන්ස, මා විසින් ඔබවහන්සේ හමුයෙහි මෙසේ අසා ඇත්තෙමි. කෙසේද යත්, භාග්‍යවත් අරහත් “සිඛී” සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ “අභිභූ” මහරහතන් වහන්සේ විසින් “සහශ්‍රී” ලෝක ධාතුවට ඇසෙන සේ සිංහනාද කරන ලද බවයි (අභිභූ මහවහන්සේ විසින් සහශ්‍රී ලෝක ධාතුවට ඇසෙන සේ “ආරභථ,යුඤජථ,නික්ඛමථ බුද්ධ ශසනෙ ” යන මහා දහම් ඝෝෂාව සිදු කරන ලදී.). වහන්ස, අරහත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේට කොපමණ දුරට විශ්වයෙහි/ලෝක ධාතූන්හි දහම් ඝෝෂාව කල හැකි වේද?
එවිට භාග්‍යවතුන් වහන්සේ,
ආනන්දය “අභිභූ” වනාහි ශ්‍රාවකයෙකි. තථාගතයෝ වනාහි අපරිමේය, ප්‍රමාණ රහිත වෙති.” යි දේශනා කරන සේක. දෙවනුවද ආනන්ද තෙරුන් විසින් විමසන ලදුව භාග්‍යවතුන් වහන්සේ පෙර පිළිතුරම දේශනා සේක.
තෙවන වරටත් ආනන්ද තෙරුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙම පැනය විමසන කල්හි භාග්‍යවතුන් වහන්සේ,
“ආනන්දය, තොප දහසක් සක්වලයන් සහිත “චූලනිකා ලෝක ධාතුව” අසා තිබේද? යි විමසන සේක.
ආනන්ද තෙරුන් වහන්සේ,
භාග්‍යවතුන් වහන්ස, යම් සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සේක්ද, ඒ ලෙසින්ම භික්ෂූන් අසා දරන්නාහ. භාග්‍යවතුන් වහන්ස දේශනා කරනු මැනවි. භාග්‍යවතුන් වහන්ස සිංහනාද කරනු මැනවි. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සිංහහනාදයට කාලයයි.
භාග්‍යවතුන් වහන්සේ:
ආනන්දය එසේ වී නම් අසව,
හිරුද සඳුද, යම් තාක් දුර ගමන් කරමින් දිශාවන් බබලවයිද, ඒතාක් අවකාශය “සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ. ඒ ලෝක ධාතුයෙහි හිරු දහසක් ඇත. සඳු දහසක් ඇත. මහා මේරු පර්වත දහසක් ඇත. දඹදිව් දහසක් ඇත. අපර ගොයාන දහසක් ඇත. උතුරු කුරු දිවයින් දහසක් ඇත. පූර්ව විදේහ දහසක් ඇත. (මේ බෞද්ධ ක්‍රමය අනුව පෘථිවියේ ඇති මහාද්වීප සතරයි- ඒ අනුව මින් දක්වන්නේ අප ලොව වැනි මිනිස් ලෝක දහසක් ඇති බවයි.) මහා සමුද්‍රයෝ හාර දහසක් (එක් මිනිස් ලොවක සතර බැගින්), මහා රාජ්‍යයන් හාර දහසක් (එක් මිනිස් ලොවක සතර බැගින්), චාතුම්මහාරාජික දහසක්, තව්තිසා දෙව්ලෝ දහසක්, යාම දෙව් ලෝ දහසක්, තුසිත දෙව් ලෝ දහසක්, නිම්මාණරති දහසක්, පරිනිම්මිත වසවත්ති දහසක්, බ්‍රහ්ම ලෝක දහසක් ඇත. ආනන්දය මේ “චූලනිකා සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ.
ආනන්දය,
මෙවන් චූලනිකා සහශ්‍රී ලෝකධාතුව දහසින් ගෙන ගැනීමෙන් (එවන් ලෝක ධාතු දහසක් හෙවත් සක්වල මිලියනයක්/ දශ ලක්ෂයක්) “ද්වී සහශ්‍රී ලෝක ධාතුව ” හෙවත් “මධ්‍යම සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ. තවද, මෙම මැදුම් සහශ්‍රී ලෝක ධාතුව “සහස්සධා” වශයෙන් ගණනය කිරීමෙන් “ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව” හෙවත් “මහා සහශ්‍රී ලෝක ධාතුව” ලැබේ. දශ ලක්ෂය දහසින් ගණනය කිරීමෙන් “සක්වල කෝටි සියයක්” සහිත ලෝක ධාතුව ලැබිය යුතුය. නමුත් මහා සහශ්‍රී හෙවත් ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවට “කෝටි ලක්ෂයක් සක්වලයන්” අයත් බව ධර්ම සාහිත්‍යයේ එන මතයකි. උතුම් වූ අටුවාව මෙම ගැටලුව විසඳා තිබේ. බෞද්ධ සංඛ්‍යා ගණන ක්‍රමය අනුව “සහස්සධා” යනුවෙන් ගැනීමේදී අදාළ ගණනය කිරීම සිදු කරන්නේ ද්වී සහශ්‍රී ලෝක ධාතුවට අයත් දශ ලක්ෂයක් සක්වලයන් නැවත දශ ලක්ශයෙන්ම ගුණ කිරීමෙන් බව එහි දක්වා තිබේ. ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවට කෝටි ලක්ෂයක් සක්වලයන් අයත් වන්නේ ඒ අනුවය. [බෞද්ධ සංඛ්‍යා ක්‍රමයෙහි වර්තමාන ගණිතයේ එන සංඛ්‍යා වල බල ගණනය කිරීම (උදාහරණ-:10000001000000) යෙදුනු බවට යම් යම් සාක්ෂි තිබේ.]
එක් සක්වලක හෙවත් එක් ලෝක ධාතුවක සත්ත්ව භූමි
චූලනිකා ලෝක ධාතුවෙහි සූර්යයන් දහසක් මගින් ආලෝකය පැතිරෙන ගමන් කරන ලෝක ධාතූන් දහසක් ඇති බව ඉහත සූත්‍ර දේශනාව අනුව ඔබට පැහැදිලි විය යුතුය. අපි දැන් ඒ එක් ලෝක ධාතුවක ඇති සත්ත්ව භූමි හෙවත් ලෝක ගැන විමසා බලමු. සැකෙවින් කියන්නේ නම් එවන් ලෝක ධාතුවක එක් මනුෂ්‍ය ලෝකයක්, ඊට ඉහලින් දිව්‍ය තල හයක්, ඊට ඉහලින් රූප සහිත බ්‍රහ්ම ලෝක දහසයක්, අරූප තල හෙවත් අරූප ලෝක සතරක් තිබේ. එම ලෝක 27 සුගති භූමි නොහොත් සැප ඇති සත්ත්ව භූමි වෙයි. මනුෂ්‍ය ලොවට පහලින් ඇත්තේ නිරය හෙවත් සතර අපායයි. අපගේ මනුෂ්‍ය ලෝකයට පහලින් එවන් නිරය භූමි 8ක් පිහිටා තිබේ. නිරය යනු සතර අපායෙන් එක් අපායකි. අනෙකුත් අපාය තුන වන්නේ “තිරිසන් යෝනිය”, “ප්‍රේත විෂය” සහ “අසුර නිකායයි” නමුත් මෙම සත්ත්ව නිකායයන් උදෙසා වෙනමම භූමි හෝ තලයන් පිහිටා නැත. මනුෂ්‍ය ලෝකය සහ ආසන්න දිවය තල ඇසුරෙහි තිරිසන්, අසුර සහ ප්‍රේත යෝනියේ සත්ත්වයන් කර්මානුරූපව පහල වී සිටින බව ධර්මයෙහි එන විස්තරයන්ගෙන් පැහැදිලි වෙයි. ප්‍රධාන නිරය භූමි 8 වටාම සතර දිශාවෙහි සතරක් ලෙස අනු නිරය 16 බැගින් අනු නිරයන් 128ක් පිහිටා තිබේ. ඒ අනුව සියලු නිරය භූමි 136කි. මීට අමතරව සක්වලයන් තුනක් එක් වන තන්හි “ලෝකාන්තරික” නමින්ද තවත් නිරයක් පිහිටා තිබේ. මහා පොළවෙහි ගංගා ආදීය ඇසුරු කරගෙනද සමහර අපාය භූමි පිහිටා තිබෙන බවටද සූත්‍ර දේශනා ඇසුරෙන් මතුවන කරුණු තිබේ.
පළමුව කාම සුගතියට අයත් දිව්‍ය තල හය පිළිබඳව සැකෙවින් විස්තර කරනු ලැබේ.
දෙවියන් පිලිබඳ ඉතා දීර්ඝව සහ නිරවුල්ව බෞද්ධ විග්‍රහයක් සිදු කිරීම කල යුතු සහ කල හැකි කටයුත්තකි. සදෙව් ලෝකය පිලිබඳ එහි ඉපදීම, ඒ ඒ තලයන්හි සැපය, ඒ ඒ දේව නිකායන්ගේ ස්වභාවය විස්තර වශයෙන් සාකච්ඡා කල යුතුය. මෙහි ඉතාම සැකෙවින් හැඳින්වීමක් පමණක් කරනු ලැබේ.
පහත වගුව බලන්න. මෙම වගුව සකසා ඇත්තේ මනුෂ්‍ය ලොව සිට ඒ ඒ තලයන්හි පිහිටීම පහසුවෙන් තේරුම ගත හැකි ආකාරයටය.
ra6ohy.jpg

මේවා එතකොට බොරුද :no::no:
 

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචන් පටිච්චසමුප්පාදයට අනුව දෙවියන් නැහැ කියල කියන්න පුළුවන් නේද ? එහෙම නැත්නම් පැහැදිලි කරපන් උබට වෙලාවක් තියෙනවනම්.
    මචන් පටිච්චසමුප්පාදයෙන් පැහැදිලිකරන්නේ දුක හටගන්නේ කොහොමද කියන එකයි. දුකට හේතුව අවිද්‍යාව කියන එකයි.

    "මෙය ඇති කල්හි මෙය වේ. - මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
    මෙය නැති කල්හි මෙය නොවේ - මෙය නැති වීමෙන් මෙය නොවේ "


    මේ ගාථාවෙන් කියන්නේ අවිද්‍යාව නිසා දුක හටගන්නා බවත්. අවිද්‍යාව නැතිවීමෙන් දුකද නැතිවන බවත්.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    චාතුම්මහාරාජිකය
    මිනිස් ලොවට යොදුන් 42000ක් (යොදුනක් යනු සැතපුම් දහසයකි) ඉහලින් පිහිටා ඇති මිනිස් ලොවට ආසන්නතම දිව්‍ය තලය වන මෙය උතුම් වූ සතර වරම් දිව්‍ය රජ වරුන් මගින් පාලනය වෙයි. එහි පෙරදිග පාලනය ගාන්ධර්වයන්ට අධිපති “ධෘතරාෂ්ඨ වරම් දෙව් රජු” විසින්ද, දකුණු දිශාව කුම්භාණ්ඩයන්ට අධිපති “විරූල්හ” නොහොත් “වීරූඪ නම් වරම් දෙව් රජු” විසින්ද, පැසුණු දිග හෙවත් බටහිර දිශාව නාගයනට අධිපති වූ “විරූපාක්‍ෂ වරම් දෙව් රජ” විසින්ද, උතුරු දිශාව යක්ෂයන්ට අධිපති වූ කුවේර නොහොත් වෙසමුණි (වෙසවුණු යයිද කියනු ලැබේ.) වරම් දෙව් රජු විසින්ද පාලනය වෙයි. මනුෂ්‍ය ලෝකයෙහි වාසය කරන භූමාටු දෙවියෝද වෙනත් සියලු අමනුෂ්‍යයෝද චාතුර්මහාරාජිකය යටතේ පාලනය වෙත්. දෙවියන් භූම්‍යස්ථ සහ ආකාශස්ථ වශයෙන් බෙදා දක්වන කල්හි චාතුර්මහාරාජිකය ඇතුළු සියලු ඉහල දිව්‍ය තල වල දෙවියන් ආකාශස්ථ දෙවියන් ලෙස සලකනු ලැබේ. වෘක්ෂ දේවතාවන්, පොළොවෙහි ගංගා, ඇලදොළ, සමුද්‍ර වාසස්ථාන, සමහර මනුෂ්‍ය වාස, පින් සහිත සමහර මනුෂ්‍යයන්ගේ නිවාස සහ උපකරණ ආදිය ඇසුරෙහි වන “විමාන” නමින් හැඳින්වෙන මනුෂ්‍ය ඉන්ද්‍රීන්ට ගෝචර නොවන වාසස්ථාන ඇසුරෙහි මෙම භූමාටු දෙවියන් වාසය කරන බවට කරුණු තිබේ. සමහර භූමාටු දෙවියන්ට ධර්මය අසා මගපල ලැබීමට වුවද හැකියාව තිබේ. භූමාටු දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය ගැන නිශ්චිත නියමයක් දක්වා නැත. සමහර භූමාටු දෙවියන් දින සතක් වැනි ඉතා කුඩා කාලයක්ද තවත් භූමාටු දෙවියන් කල්පයක් තරම් අති දීර්ඝ කාලයක්ද ආයුෂ ලබන අතර ඒ ඒ කුසල කර්ම විපාකය අනුව ආයුෂ කාලය තීරණය වන බව දත යුතුය. භූමාටු දෙවියන්ගේ දිව්‍ය සැපත චාතුර්මහාරාජික දෙවියන්ට වඩා අඩු වන නමුත් මනුෂ්‍යයන්ට වැඩි කාම සම්පත්තියක් භුක්ති විඳියි. දෙවියන්ගේ උපත සකලාංග පරිපූර්ණය “ඕපපාතිකව” සිදුවන බව සාමාන්‍ය නියමය වන නමුත් භූමාටු දෙවියන් දරුවන් ලබන බවටත්, කුඩා ශරීර සහිතව පහල වන බවටත් ඔවුන් සමහරෙක් පවුල් වශයෙන් ජීවත් වන බවටත් “මෙත්ත සූත්‍ර(කරණීය-මෙත්ත සූත්‍ර)” නිධාන කථාව ආදී කථා අනුව පෙනී යයි.
    සතර වරම් දෙව් රජුන් ප්‍රධාන වශයෙන් තවතිසා දෙව් ලොව ආරක්ෂාව පිණිස කටයුතු කරන ආරක්ෂක දෙවියන් ලෙසද කටයුතු කරයි. ඒ ඒ පරිදි සතර දිශාවෙහි සේනා සහිතව තව්තිසා දෙව් තලයට (අසුරයන් ගෙන් විය යුතුය: ධර්ම සාහිත්‍ය විමසා බලන්න) ආරක්ෂාව සැපයීමත්, මනුෂ්‍ය ලොව කටුයුතු, බුදු සසුන පිලිබඳ කටයුතු සහ සිල්වතුන් සහ පින්වතුන් පිලිබඳ ශක්‍ර දෙවියන්ට වාර්තා සැපයීම මොවුන් අතින් සිදු වෙයි. (ලිපිය දික් වන බැවින් විස්තර මෙතෙකින් නවත්වනු ලැබෙයි.) චතුර්මහාරජිකයෙහි දෙවියන්ගේ ආයුෂ මිනිස් ලොව අවුරුදු අනූ ලක්ෂයකි.
    (එක් එක් දිව්‍ය තල පිළිබඳව විශේෂ විස්තර දීර්ධ වශයෙන් ලිවීමට එක් ලිපියක් ප්‍රමාණවත් නොවන බැවින් ඊළඟ දිවය තල පිළිබඳව හුදු නම් කිරීමක් පමණක් කරනු ලැබේ. දෙවියන් පිළිබඳව සවිස්තර විශේෂ ලිපි පෙළක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.)
    තවතිසාව හෙවත් තාවතිංශය
    ශක්‍ර දෙව් රජතුමන් සහ එතුමන් යටතේ සිටින දෙවි රජවරුන් තිස්තුන් දෙනෙකුන් මගින් පාලනය වන දෙව්තලයකි. සක් දෙවිඳුන් “දෙදෙව් ලොවට අධිපති” යයි කියන්නේ එතුමන් චාතුර්මහාරාජිකය සහ තව්තිසාව යන දිව්‍ය තල දෙකෙහිම අධිපති බව දරන බැවිනි.
    යාමය
    දුකින් පහ වූ ස්ථානය යන අරුතින් යාමය නම දරන මෙම දිව්‍ය තලය තුන්වන දිව්‍ය තලයයි.
    තුසිතය
    අතිශය ප්‍රමොදයෙන් ප්‍රීතියෙන් සතුටින් වාසය කරන දෙවියන්ගේ භූමිය යන අරුතින් “තුසිත” නාමය ඇති මේ දිව්‍ය තලය අප මහා බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වය ලැබූ අවසන් භවයට පෙර භවයෙහි උපන් දිව්‍ය තලයයි. “සන්තුසිත” නම් දිව්‍ය රාජෝත්තමයාණන් අධිපති භාවය දරයි.
    නිම්මාණරතිය
    තමන් විසින් තමන් කැමති ආකාරයේ කාම වස්තුන් මවා ඒ කාම වස්තූන් මගින් කම් සුව ලද හැකි මහත් ආනුභාවයක් ඇති දෙවියන් පහල වන භූමියයි. බුදු සසුනෙහි අග්‍ර දායිකාවක වූ විශාකා මහෝපාසිකා තොමෝ මරණින් මතු උපත ලැබුවේ මෙම දෙව් තලයෙහිය.
    පරිනිම්මිත වසවත්තිය
    මහත් බල ඇති “මාර දිව්‍ය පුත්‍රයා” වාසය කරකරන මාර පිරිස වාසය කරන දෙව් තලයයි. කාම ලෝකයට අධිපති බව දරන්නේ මේ දෙවියන්ය. කාම ලෝකයට අයත් ඉහලම සහ ආයුෂයෙන්, සැපතින් බලවත්ම දිව්‍ය තලය මෙයයි. “අන්‍යයන්ගේ සම්පත්තිය තමන් විෂයෙහි පවත්වන” යන අරුතින් පරිනිම්මිත වසවත්ති යනුවෙන් කියනු ලැබේ.
    මෙම දිව්‍ය තල සයෙහි විසිතුරු බවත්, සැපතත් විශ්මයාවහ වෙයි. දෙවියන් අතර උපදින නොවරදින මග භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර තිබේ. සම්මා දිට්ඨිය මත පිහිටා ශීලය ආරක්ෂා කිරීම සුගති මාර්ගයෙහි අනිවාර්ය අංගයන් වෙයි. ධර්මයෙහි සඳහන් දෙවියන් ගැන කථා කියවීමේදී පෙනී යන්නේ ඉහල ගනයේ බොහෝ දෙවියන් නොවැරදී පංච ශීලයත්, පොහොය අෂ්ටාංගික උපොසථ ශීලයත් සමාදන්ව ආරක්ෂා කර ඇති බවයි. උත්තම ගනයේ දානමය පුණ්‍ය කර්මයන් ඒ ඒ දෙවියන්ගේ මහේශාක්‍ය බවට හේතු වී ඇත.
    අප මුලින් කියන ලද පරිදි මෙම ලිපියෙන් අපි ශීලය සහ දානමය පුණ්‍ය ක්‍රියා සිදුකිරීම පිලිබඳ සාකච්ඡාවක් ආරම්භ කරනු ලැබේ. දානය සහ ශීලය ගැන උනන්දුවක් ඇති කර ගැනීමට එහි අනුසස් දැන ගත යුතුය. දුශ්ශීල බවේ භයානක ආදීනව දැන ගත යුතුය. අනුසස් සහ ආදීනව පැහැදිලි කර ගැනීමට නම් කර්ම විපාක වශයෙන් අත්වන සැප සහ දුක විපාක දන ගත යුතුය. ඒ ඒ විපාක වල ස්වභාවය අවබෝධ කර ගැනීමට නම් ඒ ඒ පින් පව් වලට අනුව සකස් වන භවය සහ උත්පත්ති ස්ථාන දැන ගත යුතුය. ඒ ගැන අවබෝධයක් ලබීමටනම් ලෝකධාතුව පිළිබඳව ඒ ඒ සුගති දුගති ස්ථාන පිළිබඳව කරුණු වටහා ගත යුතුය. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේගේ “ලෝක විදු” ගුණය කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව “ලෝක ධාතු” විස්තර, සුගතිය ගැන විස්තර, අපායෙහි දුක පිලිබඳ විස්තර ආදිය දැනගත යුතුය. මෙම ලිපියට හැකි පමණ එම කරුණු එකතු කරන ලද්දේත් සුදුසු පරිදි වගු සකස් කර ඉදිරිපත් කරන ලද්දේත් ඉදිරි ලිපි වලට සාකච්ඡා කිරීමේ පදනම සකස් කිරීම් අරමුණ ඇතිවය. ඒ කරුණු ඇසුරින් පින්වත් ඔබ තමන් විසින්මද දහම් කරුණු සොයා බලා ඉගෙනීමටත්, දන්නා කරුණු නිරවුල් කර ගැනීමටත් උත්සහ කර ගනිත්වා.
    ධ්‍යාන සමාධි බලයෙන් කාම ලෝකය අභිභවා ඉහළින සිටින අතිශය බලවත් ආනුභාව ඇති බ්‍රහ්ම තලයන් පිලිබඳ විස්තර හඳුන්වාදෙන වගුවක් පහතින් දැක්වෙයි. ධ්‍යාන භාවනා සහ සමාධිය පිළිබඳවත්, බ්‍රහ්ම ලෝකය පිළිබඳවත් පසු ලිපියකින් සාකච්ඡා කරමු.
    behcev.png


    නිරය
    සතර අපාය අතරින්, අතිශය ඝෝර දුක් ඇති, නිරන්තර රළු වේදනා ගෙනදෙන දුක් ඇති, මහත් දීර්ඝ කාලයක් දුකෙහිම ගැලී හඬමින්, විලාප දෙමින් සත්ත්වයන් කර්ම විපාක වශයෙන්ම සකස් වූ මහත් දුක්ඛිත තත්වයට උරුම කරවන දුගතිය “නිරය” නම් වෙයි. පිහිටීම සහ ආයුෂ ගැන විස්තර සඳහා පහත වගුව බලන්න. සැබවින්ම “අපාය” යයි යයි කියන්නේ මෙම නිරය ලෝකයන්ටය. “අය” නම් සැපයට නමකි. අය නම් සැප කිසිවක් නොවන බැවින් “අපාය” යයි කියනු ලැබේ. ඇසිපිය හෙලන මොහොතකට වත් කටුක දුකින් තොර වීමක් වෙන් වීමක් නැති බැවින්, ඇසිපිය හෙලන මොහොතක තරම් වත් සැපයක් නොමැති බැවින් “නිරය” යයි කියනු ලැබේ. අප ලෝක ධාතුවෙහි “ප්‍රධාන නිරය හෙවත් මහා නිරය අටකි.”
    සංජීවය
    සත්වඝාතන, කාම මිත්‍යාචාර, සොරකම් ආදිය කළවුන් උපදින නිරයකි. මහා නිරය වටා අනූ නිරයන් දහසයක් ඇත.
    කාල සූත්‍රය
    මව්පියන්, ගුරුවර වැඩිහිටියන්, උපාධ්‍යායයන් ආදීන් කෙරෙහි වරදවා පිළිපදින ලද්දවුන් වැඩි වශයෙන් උපදින භූමියකි.
    සංඝාතය
    ගවයන්, එළුවන්, කුකුලන් ආදී සතුන් ඝාතනය කරමින් ජීවිකාව පවත්වන ලද සත්ත්වයන් වැඩි වශයෙන් උපදින භූමියකි.
    රෞරවය
    සත්ත්වයන්ට හිංසා පීඩාකාර වූ ක්‍රියා කරන ලද, මහත් අකුසල් කරන ලද, ඉන්ද්‍රජාලිකයන්, මායා කරුවන් ආදීන් අනුන් රවටා ජීවත් වන නායකකාරකාදී සත්ත්වයන් උපදින භූමියකි.
    මහා රෞරවය
    තෙරුවන් සතු වස්තුව පහර ගත්තාවූද, ජනයාගේ යහපත පිණිස ඇති පොදු දේපල විනාශ කරන ලද්දාවූද සත්ත්වයන් උපදින භූමියකි.
    තාපය
    හොඳ නරක කර්මයෙහි විපාක නැත. සුගති දුගති නැත ආදී වශයෙන් මිත්‍යා දෘෂ්ටි ගෙන සිටින නියත මිත්‍යා දෘෂ්ටිකයන් උපදින භූමියකි.
    මහා තාපය (ප්‍රතාපය)
    බුදුන් නැත, දහම් නැත, ආර්ය සංඝයා නැත ආදී වශයෙන් බලවත් දෘෂ්ටි ගන්නා ලද, බලවත් සේ ආර්යෝපවාද කරන ලද, සද්ධර්මයෙ පැවැත්ම විනාශ කිරීමට කටයුතු සංවිධානය කරන සත්ත්වයන් උපදින මහා නිරයකි.
    අවීචිය
    පන්චානන්තාර්ය පාප කර්ම කළා වූද, පන්සල්, බෝධිය, බෝමළු, බුදු පිළිම විනාශ කරන ලද්දාවූද, බුදු සසුනට වින කරන ලද්දවූද, තෙරුවන් විෂයෙහි බලවත් ද්වේශයෙන් කටයුතු කරන ලද්දාවූද, නියත වූද, බලවත් වූද මිතාදෘෂ්ටිය මත පදනම්ව දරුණු ක්‍රියා කරන ලද්දා වූද සත්ත්වයන් උපදින බලවත්ම දුක් සහිත මහා නිරයයි. දෙව්දත් ආදී ආනන්තර්ය කර්ම කල අවාසනාවන්ත සත්ත්වයන්ද බලවත් පාප ක්‍රම කරන ලද මව්පියන් ඝාතනය කරන ලද, රහතන් වහන්සේලා ඝාතනය කරන ලද, වෙහෙර විහාර විනාශ කරන ලද සත්ත්වයන්ට මෙහි ඉපිද අන්තඃ කල්පයක් තරම් ඇති දීර්ඝ කාලයක් දුක් විඳීමට සිදු වෙයි.
    1zlf9tx.png

    නිරය පිළිබඳව විස්තර කෙරෙන මූලික කරුණු ඇතුලත් වගුව ඉහතින් දක්වා තිබේ. (එම වගුව ඉහල සිට පහලට කියවන්න.)


    මේවා එතකොට බොරුද:no::no:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    wenasa mokakda? deviyo kiyanneth minissu newe, boothayo kiyanneth minissu newe.

    ow, minissu nevei. namut buddha dharmaye ena devi waru kiyanne hoda wada karala, kusala karma ras karagena hoda atma bhawa labagena inna kattiyak.

    bootayo, peretayo kiyanne paw karala, pahat atma wala duk widina jatiyak.
     

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    මම දෙවියන් පිළිගන්නේ නැත්තේ ගේ ඇතුලේ ඉදන් නෙමෙයි මචන් .මම ඔය හැම දෙයක්ම හොයල බලනවා.
    හැබැයි මේ වනකන් විශ්වාස කරන්න ඕනේ තරම් සාදක නැ . අරු කිව්වට මු ලිව්වට විශ්වාස කරලා බැ.
    එක බුදුනුත් කියල තියෙනවා .

    මට දැනුන දාට මම හිතන හැටි වෙනස් වෙයි. මම ගොඩක් විශ්වාස කරනවා එහෙම වෙන්නේ නැති වෙයි කියල ... බලමු :D
    ගිහින් බලපන්. හැබැයි හුඟක් එවුන් උඹව බයකරන්න හදනව. අනික මුන් සමහර ප්‍රශ්න අහන්නෙ අපෙ කටෙන් උත්තර ගන්න. කියන හැම එකටම එහෙමයි කියන්නෙ නැතුව බොරු වගේ තේරුනොත් නෑ කියපන්.දවසක් ඔහොම එකෙක් මගෙන් ඇත්ත වගේ දෙයක් ඇහුවා, මම ඒක බොරු කියල කිව්වා. ඊටපස්සෙ මෙන්න මූ දිගටම බොරු කිව්වනෙ බන්. මමත් එහෙමයි එහෙමයි කියල හිටිය.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බුදුදහම හා දෙවියන් අතර ඇත්තේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි. තිලෝගුරු ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරිතයේ බෝසත් උත්පත්තියේ පටන් දෙවියන් බෝසතුන්ට ගෞරව පුද සත්කාර කළ ආකාරය විස්තර කෙරේ. සම්මා සම්බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේගේ දින චර්යාවේ රාත්‍රී මධ්‍යම භාගය වෙන්කර තිබුණේද දෙවිදේවතාවුන්ගේ ධර්ම ගැටලු වලට විසඳුම් ලබාදීමටය.
    සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ඇතුළත් සූත්‍ර රැසක්ම දේශනා කොට ඇත්තේ විවිධ දෙවිදේවතාවුන් මුල්කොටගෙනය. විශුද්ධි මාර්ගය ලිවීම සඳහා පාදක කොටගත් “අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතො පජා “ යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් බුදුන් වහන්සේ විසින් “ සිලෙ පතිට්ඨාය නරො සපංඤෝ “ ආදී වශයෙන් ගාථා ධර්මය දේශනා කොට ඇත්තේ එක්තරා දිව්‍ය පුත්‍රයෙකු මුල්කරගෙනය. සතුල්ල පතායික නම් වූ දේව කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේ හමුවී බොහෝ ප්‍රශ්න වලට ධර්මයෙන් පිළිතුරු ලබාගත් බව දේවතා සංයුක්තයෙහි සඳහන්ය.
    එසේම සංයුක්ත නිකායේ “ සමය “ සූත්‍රයෙහිද, දීඝ නිකායේ මහාසමය සූත්‍රයෙහි ද දෙවිදේවතාවන් පිළිබද දීර්ඝ විස්තර රැසක් දැක්වේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර තවත් මහ රහතන්වහන්සේලා පන්සිය නමක් සමග වැඩ වාසය කරන අවස්ථාවක , දස දහසක් ලෝක ධාතුන්හි දෙවිදේවතාවෝ බුදුරජාණන් වහන්සේ හා අනෙක් රහතන් වහන්සේලා හමුවීමට පැමිණියහ. එහිදී බුදුන් වහන්සේ හා කෙළෙසුන්ගෙන් නොපැරදුනා වූ මහ රහතන් වහන්සේලා හමුවීමට දෙවිදේවතාවුන් රැසක් සපැමිණි බව එහිදී දෙවියෝ බුදුරදුන් උදෙසා ප්‍රකාශ කළහ. යම් කෙනෙක් බුදුන් වහන්සේ සරණ ගියෙහිද ඔහු අපායට නොයන්නෙහිය. මිනිස් කය හැර දේවත්වය ලබන්නේයැයි එහිදී එක් දේවතාවෙක් ප්‍රකාශ කළේය.
    ඊට එක්වූ දෙවිවරුන් මහරහතන් වහන්සේලාට හඳුන්වා දුන් බුදුරජාණන් වහනසේ කිඹුල්වත් නුවර වාසී සත් දහසක් බූමාට දේවතාවෝද සතාගිර වස් දේවතාවෝද, විශ්වාචිත්‍ර පර්වත හා රජගහ නුවර වැඩි දේවතාවුන් හා සතරවරම් දේවතාවෝ වූ ධෘතරාෂ්ට්‍ර, විරූපාක්ෂ, විරූඪක, කුවේර ආදී දෙවිවරුද , නාගයෝද, ගරුඬයෝද, අසුරයෝද ඇතුළත් විවිධ දේව නිකායයන් රාශියක් සපැමිණි බව දීඝ නිකායේ මහා සමය සූත්‍රයෙහි විස්තර කර තිබේ. වරක් බුදුන් වහන්සේ “ගිජඣකාවසථ “ යෙහි වැඩ විසූ අවස්ථාවක “ ජනවසභ “ නම් වූ යක්ෂයෙකු හිටි හැටියේම පහළ විය. සමහර අවස්ථාවලදී දෙවිදේවතාවුන් යක්ෂ නාමයෙන්ද හඳුන්වා ඇත. ඔහු යක්ෂ සේනාපති වෙසමුණි රජුගේ කාර්යයක් සඳහා යමින් සිටියදී ඒ අතරමග බුදුන් වහන්සේ හමුවීමට පැමිණි බව සඳහන් කොට ඇත. එහිදී ඔහු තමා මීට ඉහත ආත්ම භවයෙහි මගධාධිපති බිම්බිසාර මහ රජතුමා බවත්, මෙම ආත්ම භවයෙහි ජනවසභ නම් වෙසමුණු රජුගේ රාජ සභාවේ ක්‍රියාකාරිකයෙකු බවත් ඊට හේතු භූත වූයේ වේළුවනාරාමයේදී බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පත්වීම බවත් ප්‍රකාශ කළේය. එමෙන්ම පසළොස්වක පොහෝ දින පුරා සඳ පායා ඇති රාත්‍රියෙහි තව්තිසා දිව්‍ය ලෝකයෙහි වාසය කරන්නා වූ දෙවිදේවතාවුන් සභාවට රැස් වූ පසු සතරවරම් දෙවිවරුන් පැමිණ ශක්‍රදේවේන්ද්‍රයා ඇතුළු අනෙකුත් දෙවිදේවතාවුන්ට රැකවරණය සපයමින් සතරදෙස රැකවරණලා සිටින ආකාරය විස්තර කොට ඇත.
    ඊට අදාළව ධෘතරාෂ්ට්‍ර අවරදිගට මුහුණලාද විරූපාක්ෂ පෙරදිගට මුහුණලාද විරූඪක උතුරු දිගට මුහුණලාද දෙවියන් පෙරටුකොට සිටින ආකාරය ජනවසභ විසින් බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන ලදී.
    එමෙන්ම එම දේව සභාවෙහි මහත් අලංකාරයෙන් බබළන ශරීර ඇති අලුතින් පහළ වූ දෙවිදේවතාවුන් රැසක් දැක දිව්‍ය සභාව මගින් ඔවුන් කවුරුන්ද යන වග විමර්ශනය කළ විට, ලෝකයේ බුදුන් වහන්සේ කෙනෙකු පහල වී ඇති බවත් උන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුව කටයුතු කළ බොහෝ දෙනා එම පුණ්‍ය ශක්තියේ බල මහිමයෙන් දිව්‍ය සැප සම්පත් ලබා තව්තිසා දිව්‍ය ලෝකයෙහි උත්පත්තිය ලබා ඇති බවත් ඒ හේතුවෙන් දෙවිදේවතාවුන් රාශියක්ම වර්ධනය වී ඇති ආකාරයත් අසුරයින්ගේ බලය පිරිහීමට පත්වී ඇති ආකාරයත් ඉමහත් පී‍්‍රතියෙන් සඳහන් කළේය. එම අවස්ථාවේදී ඉන්ද්‍ර සහිත තව්තිසා දිව්‍යලෝක වාසින් බුදුන් වහන්සේද ධර්මයෙහි සුධර්මත්වයද , සංඝයාගේ සුපිළිවෙතද නම දින්නාහුයැයි සඳහන් කළ බවත් ඉදිරි වර්ෂා කාලයේදී අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාගේ ආරක්‍ෂාව උදෙසා සිවු වරම් දෙවිදේවතාවුන්ට භාර කළ බව ජනවසභ සඳහන් කළ බවත් දැක්වේ.
    දීඝ නිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයා බුදුන් වහන්සේ හමුවීමට පැමිණ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත. එම අවස්ථාවේ පඤ්චසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා විසින් බුදුන් වහන්සේ ඉදිරියේ සිදු කරන ලද සුමිහිරි ගීත ගායනයක් බුදුන් වහන්සේගේ ඉමහත් ප්‍රශංසාවට ලක්වූ ආකාරයද විස්තර කොට ඇත. එම ආත්ම භාවය අවසන් වී සිටි ශක්‍ර දේවේන්ද්‍රයා බුදුන් වහන්සේ ගෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට බුදුන් වහන්සේ ඉදිරියේදීම චුත වී නැවතත් ශක්‍ර දේවේන්ද්‍රයාම වී උත්පත්තිය ලැබූ බව එම සූත්‍රයෙහි පැහැදිලිව සඳහන් කොට ඇත. බුදුන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කොට වදාළේද දෙවිදේවතාවුන් විසින් අසනලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. කරණීය මෙත්ත සූත්‍රය දේශනා කොට වදාළේද විවිධ දේව නිකායිකයින් අතර සහජීවනය වර්ධනය කර ගැනීම සඳහාය.
    විශේෂයෙන් සඳහන් කළ යුත්තක් වන්නේ මෙම කිසිදු සූත්‍රයක හෝ වෙනත් තැනෙක ගිහි පැවිදි බුද්ධ ශ්‍රාවකයන් විසින් දෙවිදේවතාවුන් යැදිය යුතු යැයි බුදුන් වහන්සේ ප්‍රකාශ කොට නොමැති වීමයි. බුදුන් වහන්සේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා ඇතුළු පිරිසට දේශනා කොට වදාළේ බියෙන් තැතිගත් ජනයා පර්වත, වන ආරාම , වෘක්ෂ හා දේවාල පිහිට කොට යන බවත් එම සරණයාම සෙත් ශාන්තිය පිණිස කිසිසේත්ම හේතු නොවන බවත් එමගින් සසර දුකින් එතෙරවීමට නොහැකි බවත්ය. යම් කිසි පුද්ගලයෙකු බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යන්නේද ඔහු චතුරාර්ය සත්‍ය ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දුකින් මිදීමට හේතුවන බවත් රත්නත්‍රය සරණයාම සියලු දුකින් මිදීමට හේතුවන බවත් බුදුන් වහන්සේ ඉතා පැහැදිලිවම දේශනා කොට වදාළහ.
    සක්කනමස්සන සූත්‍රයෙහි දක්වා ඇති ආකාරයට පින්කරන්නාවූද, සිල්වත් වූද, ගෘහස්ථයන්ට පවා ශක්‍රයා නමස්කාර කරන බව ශක්‍ර දේවේන්ද්‍රයාම ප්‍රකාශ කොට ඇත.තමා කුසලයක් කරගත් විට එම පින දෙවියන්ට අනුමෝදන් කිරීමෙන් දෙවියන් පී‍්‍රතියට පත් වන බවත් පෙන්වා දී ඇත.
    තමන් ගුණගරුකව ධර්මානුකූ®ලව ජීවත්වේ නම් දෙවියන් ගේ පවා ගෞරවාදරයට පාත්‍රවන බවද විස්තර කොට ඇත. මේ අනුව පෙනී යන්නේ දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කොට ඔවුන්ගේ සහාය ලබාගැනීම හැර දෙවියන් සරනයාම එතරම් ප්‍රයෝජනවත් නොවන බවයි. “හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී “ යන කියමන අනුව නිවැරදිව ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුව ජීවත් වන්නන්ට දෙවියෝ නිරන්තරයෙන්ම පිහිට වෙති. උපකාර කරති. ඔවුන් ආරක්‍ෂා කරති.

    මේවා එතකොට බොරුද
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් පටිච්චසමුප්පාදයෙන් පැහැදිලිකරන්නේ දුක හටගන්නේ කොහොමද කියන එකයි. දුකට හේතුව අවිද්‍යාව කියන එකයි.

    "මෙය ඇති කල්හි මෙය වේ. - මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
    මෙය නැති කල්හි මෙය නොවේ - මෙය නැති වීමෙන් මෙය නොවේ "


    මේ ගාථාවෙන් කියන්නේ අවිද්‍යාව නිසා දුක හටගන්නා බවත්. අවිද්‍යාව නැතිවීමෙන් දුකද නැතිවන බවත්.

    මම හිතුවේ හේතුවක් නැතුව පලයක් හට නොගන්නවා වගේ අදහසක් ..
    තව දෙයක් දෙවියන් අදහන් නැති කෙනා බෞද්දයෙන් නොවෙන්න තියෙන හේතු මොනවද ?

    මම අහල තියෙන්නේ මෙන්න මෙහෙම එකක්

    There is also nothing in the teachings of the Buddha that suggest how to find God or worship the god's of India, although the Buddha himself was a theist (believed in gods), his teachings are non-theistic.

    The Buddha was more concerned with the human condition: Birth, Sickness, Old age, and Death. The Buddhist path is about coming to a place of acceptance with these painful aspects of life, and not suffering through them.

    Please be clear on this point... The Buddha is not thought of as a god in Buddhism and is not prayed to. He is looked up to and respected as a great teacher, in the same way we respect Abraham Lincoln as a great president.

    He was a human being who found his perfection in Nirvana. Because of his Nirvana, the Buddha was perfectly moral, perfectly ethical, and ended his suffering forever.

    Does that mean that every Buddhist in the world is an atheist?

    No!!! I have met a lot of Buddhists who believe in God. I have met a lot of Buddhists who don’t believe in God... And a lot of Buddhists just don’t know.
    anyway Thanks
     
    Last edited:

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    මේවා එතකොට බොරුද
    ඉතින් බන් දෙවියො නෑ කියලා නෙමෙයි මමනම් කියන්නෙ, ඇති, ඒත් අපි වෙනුවෙන් මොකුත් කරන්න බෑ.:dull:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගිහින් බලපන්. හැබැයි හුඟක් එවුන් උඹව බයකරන්න හදනව. අනික මුන් සමහර ප්‍රශ්න අහන්නෙ අපෙ කටෙන් උත්තර ගන්න. කියන හැම එකටම එහෙමයි කියන්නෙ නැතුව බොරු වගේ තේරුනොත් නෑ කියපන්.දවසක් ඔහොම එකෙක් මගෙන් ඇත්ත වගේ දෙයක් ඇහුවා, මම ඒක බොරු කියල කිව්වා. ඊටපස්සෙ මෙන්න මූ දිගටම බොරු කිව්වනෙ බන්. මමත් එහෙමයි එහෙමයි කියල හිටිය.

    :rofl: ගහන්න එපැයි බන් අර මුල්ලුවක් වගේ තියෙන එකෙන්
    අපෝ මමනම් කෙලින් කියනවා බන් .. ඌ මට මොනවා කරන්නද .
    වැඩේ තියෙන්නේ වෙලාවක් නැ බන් ඔය රෙද්දවල් වල යන්න. මේක පොඩ්ඩක් හොයනවා free වෙලාවක
     

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    :rofl: ගහන්න එපැයි බන් අර මුල්ලුවක් වගේ තියෙන එකෙන්
    අපෝ මමනම් කෙලින් කියනවා බන් .. ඌ මට මොනවා කරන්නද .
    වැඩේ තියෙන්නේ වෙලාවක් නැ බන් ඔය රෙද්දවල් වල යන්න. මේක පොඩ්ඩක් හොයනවා free වෙලාවක
    මෙහෙමයි. මුන් මචන් දේහ ලක්ෂන විද්‍යාව/ අන්ග චලනය විද්‍යාව :rofl:ඉගෙනගෙන හරි නැත්නම් වයස නිසා හරි මුන්ට අපේ පෙනුම හැසිරීම බලල ගතිගුන කියන්න පුලුවන්. මේකට විනාඩියක් යන්නෙ නෑ. ගතිගුන ගැලපෙන්න කියනව මුලින්ම හරියටම. ඊටපස්සෙ තමයි බය කරන්නෙ. බය කලාම අහුවුනොත් ඉවරයි ඉලක්කම් 4-5 ගනන්මයි ඕන වෙන්නෙ.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඉතින් බන් දෙවියො නෑ කියලා නෙමෙයි මමනම් කියන්නෙ, ඇති, ඒත් අපි වෙනුවෙන් මොකුත් කරන්න බෑ.:dull:
    ඔව් ඒක හරි ඒක මාත් පිළිගන්නවා... :nerd:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මෙහෙමයි. මුන් මචන් දේහ ලක්ෂන විද්‍යාව/ අන්ග චලනය විද්‍යාව :rofl:ඉගෙනගෙන හරි නැත්නම් වයස නිසා හරි මුන්ට අපේ පෙනුම හැසිරීම බලල ගතිගුන කියන්න පුලුවන්. මේකට විනාඩියක් යන්නෙ නෑ. ගතිගුන ගැලපෙන්න කියනව මුලින්ම හරියටම. ඊටපස්සෙ තමයි බය කරන්නෙ. බය කලාම අහුවුනොත් ඉවරයි ඉලක්කම් 4-5 ගනන්මයි ඕන වෙන්නෙ.

    :D
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තව දෙයක් දෙවියන් අදහන් නැති කෙනා බෞද්දයෙන් නොවෙන්න තියෙන හේතු මොනවද ?
    "දෙවියන් පිළිනොගන්නා කෙනා බෞද්ධයෙක් නොවෙයි" කියන එක වැරදියි.

    නමුත් මෙහෙම දෙයක් තියනවා..

    නත්ති සත්තා ඕපපාතිකා - ඕපපාතික සත්වයන් නැත. කියන කරුණ දස වස්තුක මිත්යදෘෂ්ටියේ එක කරුණක්.
    (නියත මිත්‍යාදෘෂ්ටික සුත්‍රය - අංගුත්තර නිකාය - දසක නිපාතය)

    බුදුදහමේ කියන්නේ ආනන්තරිය පාප කර්මයක් කල කෙනෙක්ට වඩා නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වීම භයානකයි කියලයි. මොකද ආනන්තරිය පාප කර්මයක් කලත් ඔහු ළඟ විචිකිච්චාව නොමැති නිසා ශ්‍රද්ධාවෙන් යුක්ත බැවින් සසර කෙටිකර ගත හැකියි. උදා: මුගලන් මහරහතන් වහන්සේ.

    නමුත් නියත මිත්යදෘෂ්ටියට පත්වූ කෙනාගේ සංසාරය අති දීර්ඝ එකක් වෙනවා. මොකද ඔහු ළඟ විචිකිච්චාව තිබෙන නිසා.
     
    • Like
    Reactions: smother
    May 21, 2013
    80
    13
    0
    දෙවියන් කියන්නෙ බහුඅර්ත පදයක්..දෙවියො කිව්වම නානාප්‍රකාර දෙවියො ඉන්නවා...පුරාතන ඊජිප්තු දෙවියන්, පුරාතන ග්‍රීක දෙවියන්, නලින් ද සිල්වා කියන පරිදි නාථ දෙවියන් හින්දු දෙවියන්..යනාදී වශයෙන්...ඔය එක එක දෙවියො ඉන්නවාද නැද්ද කියලා මිනිස්සු ඉස්සර ඉදලම ගොඩක් ගැඹුරින් වාද කරලා තියනවා....උදාහරණයක් විදියට සියුස්, ඇපලෝ වගේ ග්‍රීක දෙවියො ඉන්නවාද නැද්ද කියලා ඉස්සර ග්‍රීසියේ හිටපු එපිකියුරස්, ප්ලේටෝ වගේ දාර්ශනිකයො වාද කරලා තියනවා...එබ්‍රහමික ආගම් වලනං දෙවියන් කියලා හදුන්වන්නෙ විශ්වය මැව්වයි කියලා සැළකෙන සර්ව බලධාරී දෙවියන්ට....බුද්ධාගම තුල නං ඔය කියන සර්ව බලාධාරී දෙවියන් ගැන තියන්නෙ නිහඩ ප්‍රතිපත්තියක්...නමුත් බුද්ධාගමේ හරය පුනර්භවය වගේ අධිස්වභාවාත්මක මිත්‍යා විශ්වාස වලින් සමන්විත වෙන්නෙ....පුනර්භවය කියලා දෙයක් නෑ...මැරුණට පස්සෙ ආයි ඉපදෙන්නෙ නෑ...අපි ජීවත්වෙන්නෙ එකපාරයි
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දෙවියන් කියන්නෙ බහුඅර්ත පදයක්..දෙවියො කිව්වම නානාප්‍රකාර දෙවියො ඉන්නවා...පුරාතන ඊජිප්තු දෙවියන්, පුරාතන ග්‍රීක දෙවියන්, නලින් ද සිල්වා කියන පරිදි නාථ දෙවියන් හින්දු දෙවියන්..යනාදී වශයෙන්...ඔය එක එක දෙවියො ඉන්නවාද නැද්ද කියලා මිනිස්සු ඉස්සර ඉදලම ගොඩක් ගැඹුරින් වාද කරලා තියනවා....උදාහරණයක් විදියට සියුස්, ඇපලෝ වගේ ග්‍රීක දෙවියො ඉන්නවාද නැද්ද කියලා ඉස්සර ග්‍රීසියේ හිටපු එපිකියුරස්, ප්ලේටෝ වගේ දාර්ශනිකයො වාද කරලා තියනවා...එබ්‍රහමික ආගම් වලනං දෙවියන් කියලා හදුන්වන්නෙ විශ්වය මැව්වයි කියලා සැළකෙන සර්ව බලධාරී දෙවියන්ට....බුද්ධාගම තුල නං ඔය කියන සර්ව බලාධාරී දෙවියන් ගැන තියන්නෙ නිහඩ ප්‍රතිපත්තියක්...නමුත් බුද්ධාගමේ හරය පුනර්භවය වගේ අධිස්වභාවාත්මක මිත්‍යා විශ්වාස වලින් සමන්විත වෙන්නෙ....පුනර්භවය කියලා දෙයක් නෑ...මැරුණට පස්සෙ ආයි ඉපදෙන්නෙ නෑ...අපි ජීවත්වෙන්නෙ එකපාරයි

    ubala wage scientists la kiyala thaman hithagen inna harak hitiya. unwa gana aran anith minissu(eg:-alileo galilei) nikan uda balan hitiya nam ada engineering wage field thama gal yuge.thaman danna de arenna wena anith dewal boru kiyala hithan inna melo wadak karala nath ie unata e kale weddi thibuna dewala igena gena witharak ewa arenna anith ewa waradi kiyana modayo.e wage modayonta dan loke thanak naha eth ape rate media walin thank denawa hambakarankanna ona nisa echcharai
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    "දෙවියන් පිළිනොගන්නා කෙනා බෞද්ධයෙක් නොවෙයි" කියන එක වැරදියි.

    නමුත් මෙහෙම දෙයක් තියනවා..



    බුදුදහමේ කියන්නේ ආනන්තරිය පාප කර්මයක් කල කෙනෙක්ට වඩා නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වීම භයානකයි කියලයි. මොකද ආනන්තරිය පාප කර්මයක් කලත් ඔහු ළඟ විචිකිච්චාව නොමැති නිසා ශ්‍රද්ධාවෙන් යුක්ත බැවින් සසර කෙටිකර ගත හැකියි. උදා: මුගලන් මහරහතන් වහන්සේ.

    නමුත් නියත මිත්යදෘෂ්ටියට පත්වූ කෙනාගේ සංසාරය අති දීර්ඝ එකක් වෙනවා. මොකද ඔහු ළඟ විචිකිච්චාව තිබෙන නිසා.

    හරි උඹ මෙහෙම හිතපන්. බෞද්ධ නොවන මිනිහෙක් බෞද්ධ ධර්මයෙන් සම්මත පව් කිසිවක් නොකර, තමන්ගේ සතුට වෙනුවෙන් අනුන්ට දන් දීල , අසරණයින්ට උදවු කරලා., බොහොම යහපත් විදියට ජිවත් වෙලා මැරිලා යනවා. එත් ඌ හිතන්නේ මරණින් මතු ජිවිතයක් නැහැ කියල. පොර පින් අතේ වැඩ කරේ පොරගේ හිතේ සතුටට මිසක් , ලබන ආත්මේ සැප ගන්න අදහසින් නෙවේ. කොටින්ම කිසිම ආගමක් ඇදහුවේ නෑ කියමුකෝ. දැන් උඹ කියන්නේ ඌ ආනන්තර්ය පාපකර්ම කරපු එකෙක්ටත් වඩා පට්ටම පවු කාරයෙක් කියලද? උට වඩා තමන්ගේ මව , පියා මරපු එකෙක් උසස් කියලද? අනේ පලයන් බන්.
    එකත් හරියට ක්‍රිස්තියානි , මුස්ලිම් ආගම් වල දෙවියන් විශ්වාස කරේ නැත්තන්, දෙවියන්ට වන්දේ නැත්තන් , ඌ කොච්චර හොඳ මිනිහෙක් උනත් කමක් නැහැ උන් සදාකාලික අපායේ කියනවා වගේ කතාවක්.
    ක්‍රිස්තියානි , මුස්ලිම් ආගම් වලට අනුව මිනිසුන්ට පට්ටම සේවයක් කරපු මහත්මා ගාන්ධි තුමා දැන් ඉන්න ඕනේ අපායේ.
    උඹල කියන්නෙත් ඔය හා සමානම කතාවක් නේ. කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා කරගන්නවා කියන්නේ ඔන්න ඕකටයි.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    දෙවියන් කියන්නෙ බහුඅර්ත පදයක්..දෙවියො කිව්වම නානාප්‍රකාර දෙවියො ඉන්නවා...පුරාතන ඊජිප්තු දෙවියන්, පුරාතන ග්‍රීක දෙවියන්, නලින් ද සිල්වා කියන පරිදි නාථ දෙවියන් හින්දු දෙවියන්..යනාදී වශයෙන්...ඔය එක එක දෙවියො ඉන්නවාද නැද්ද කියලා මිනිස්සු ඉස්සර ඉදලම ගොඩක් ගැඹුරින් වාද කරලා තියනවා....උදාහරණයක් විදියට සියුස්, ඇපලෝ වගේ ග්‍රීක දෙවියො ඉන්නවාද නැද්ද කියලා ඉස්සර ග්‍රීසියේ හිටපු එපිකියුරස්, ප්ලේටෝ වගේ දාර්ශනිකයො වාද කරලා තියනවා...එබ්‍රහමික ආගම් වලනං දෙවියන් කියලා හදුන්වන්නෙ විශ්වය මැව්වයි කියලා සැළකෙන සර්ව බලධාරී දෙවියන්ට....බුද්ධාගම තුල නං ඔය කියන සර්ව බලාධාරී දෙවියන් ගැන තියන්නෙ නිහඩ ප්‍රතිපත්තියක්...නමුත් බුද්ධාගමේ හරය පුනර්භවය වගේ අධිස්වභාවාත්මක මිත්‍යා විශ්වාස වලින් සමන්විත වෙන්නෙ....පුනර්භවය කියලා දෙයක් නෑ...මැරුණට පස්සෙ ආයි ඉපදෙන්නෙ නෑ...අපි ජීවත්වෙන්නෙ එකපාරයි

    ඕනවට වඩා භෞතිකවාදී වෙන්නේ නැතුව ටිකක් හොයල බලන්න :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    Quote කරේ උබ කියපුව මිසක් මම කියපුව නෙමයි මචං. එක බාර ගනිං .
    ආගමක් මිනිස්සු අදහන්නේ එක තමන්ට දෑනෙන නිසා, ඕන ආගමක් එකයි. මුස්ලිම් වලින් පවා අයින් වෙච්ච මිනිස්සු ඉන්නවා,හරියට මම උබට ඉස්සඑල්ල කිව්වා වගේ "අපි පොඩ්ඩක් හෙව්වොත් බුදු දහම අදහන්න නැතුව ඉන්න ඕන තරම් සාදක හොයාගන්න පුළුවන්.අපි ඒවා පිලි නොගන්නේ බුදීධිගෝචර නොවන නිසා.(ඉගෙන ගැනීම් පමණක් මදි)". තර්ක ඔක්කොම ගැලපෙනවා මචන් උබට එක තේරුම් ගන්න බැ .හරියට උබට දෙවියන් තේරුම් ගන්න බැ වගේ..

    මෙතන කවුරුත් කාගේවත් ආගම වෙනස් කරන්න උත්සහ ගතේ නැ, හැමෝම තමන්ගේ අදහස ඉදිරිපත් කර .එක කියවන එක මොන ආගමේ හෝ ආගම් අදහන්නේ නැති එකෙක් උනත්.දෙවියන් අදහන්නේ නැති එඋන් උබ දන්නේ නැ.අහල නැතුව ඇති

    උබ කියන විදියට මේ එකෙක්ටවත් දෙයක් දැනෙන්න කියන්න බැ ..මොකද උන් දෙවියන් බුදුන් අදහන්නේ නැති නිසා මෙහෙම කියපු උබ කියනවා

    මම හිතන්නේ මම මේක මෙතනින් ඉවර කරන එක හොදයි මොකද උබේ ඇදහිලි වලට topic එකක් නැ, අතිතිවාරමක් නැ . එක නිසා මම උබට ප්‍රශ්නයක් ඉතුරු කරන්නේ නැ. මේක මම උබට දාන අන්තිම reply එක වෙයි .
    අතිවාරමක් නෑ කියල උබට හිතෙන්නෙ උබ කිසිම දහමක් පිලිගන්නෙ නැති නිසා. අනික පොතේ පතේ සදහන් කරුනු පිලි ගන්නත් උබට බෑ. බුදු දහම පිලි ගන්නත් බෑ.. ඒ නිසා හැම දෙයකම දැකල තමා පිලි ගන්න වෙන්නෙ. ඒ නිසා කවදාමවත් උබට බුද්ධිගෝචර වෙන එකක් නෑ. :dull: හැබැයි වෙලාවක් තියෙනවා නම් මෙන්නෙ මේ නූතන ලෝකයේ පුද්ගලයන් කරපු පර්යේශන පිලිබදව හදාරන්න,, :) එතකොට බොහෝ දුරට බුදු සමයේ කෙරෙනෙ ඉගැන්වීම් කිසිසේත් බැහැර නොකල හැකි බව පැහැදිලි වෙයි.
    මහාචාර්‍ය ඉයන් ස්ටීවන්ස්, මහාචාර්‍ය නෙවිල් රැන්ඩල්, බිශොප් ජේම්ස් පයික්, ආචාර්‍ය එලිසබත් කැලිබර් රෝස්, ආචාර්‍ය රේමන් මූඩි, ආචාර්‍ය ජීනා සර්මිනාරා, මෝරි බෙන්ස්ටයින් අදීන්ගේ පර්යේශන. youtube videos පවා ඇති. :yes: මේ පර්යේශන වල අඩංගු වෙන්නෙ reincarnation, life after death, prediction, beyond science, Psychic, gods, spirits, වගේ දේවල්,, ඒත් බුද්ධිගෝචර වෙන්නෙ නැතන්ම් විස්වාස නොකරන එක තමා හොදම දේ. ඒක යහපත්. :love:

    අනික මචන් හොයල බලල තීරණය කරනව කියන්නෙ පොත්පත් ඉතා ගැඹුරට කියෝල අත්දැකීම් තියෙන පුද්ගලයො මුනගැහිල ලබා ගන්න දැනුම තමා. අත්දැකීම හොයනව නම් ඒත් හම්බෙන්නෙ ක්‍රම විතරයි, ඒ ක්‍රම ඔස්සෙ ගියොත් තමා අපිටත් ඒ අත්දැකීම ගන්න පුලුවන්. ඒත් උබ කියන්නෙ පොතක තියෙන ක්‍රමේ මට ශුවර් නෑ කියලනෙ. එතකොට මොකෙන්ද උබ හොයන්නෙ. පදනමක් නැත්තෙ උබේ කතාවලට මචෝ, ක්‍රමයක් නැත්තෙත් උබේ තර්ක වලටයි, මම කියපු දේවල් දෙවියන් සිටීම, දැකීම හා ඒදේවල් කල හැකි ක්‍රම අනුව තම මම සාධක ගොනු කරල තියෙන්නෙ.
    රිප්ලයි නැතුවට කම් නෑ. ඒත් හොයල බලනව කියන්නෙ මොකක්ද කියන එකවත් හොයාගන්න. :yes: