රතුපස්වල කම්හල දින තුනකින් ඇරේ
ගම්පහ රතුපස්වල වෙනිග්‍රෝස් අත්වැසුම් නිෂ්පදන කම්හල සම්බන්ධයෙන් නිසි අධිකරණය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ගැටළුව විසඳාගන්නා ලෙසත් කලින් සිදුවූ කනගාටුදායක තත්ත්වය යළි ඇති නොවීමට වග බලා ගන්නා ලෙසත්, සියලු දෙනාම කල්පනාකාරීව කටයුතු කරන ලෙසත්, ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන් ද මැල් මහතා අද ප්‍රකාශ කෙළේය. මහේස්ත්‍රාත්වරයා එසේ පැවැසූයේ එම කම්හලට එරෙහිව ගැමියන් වෙනුවෙන් ඉදිරිපත් කැරුණු පැමිණිලි පොලිසියෙන්ඉදිරිපත් කළ අවස්ථාවේය. පොලිසිය උසාවියට දැන්වූයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාව අනුව කම්හල ගැන පරීක්ෂණ වර්තා පාර්ශව හතකින් ලබා ගන්නා ලෙස නියම කළත් ඉදිරිපත් වූයේ ආයතන කිහිපයක් බවයි. එහෙයින් තවදුරටත් පරීක්ෂණ කළ යුතු හෙයින් තවත් දින කිහිපයක් කම්හල වසා තබන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය. දැනටම හරසියයක් පමණ දෙනා රතු පස්වල ක්‍රීඩාංගනයට රැස්ව සිටින බව පොලිසිය සඳහන් කළේය. කම්හල වෙනුවෙන් පෙනී සිටි ජීවන්ත ජයතිලක මහතා පැවැසූයේ කම්හල නිසා ජලය අපවිත්‍ර වන කතාව වැරදි බවයි. එවැන්නක් සිදු වී නැති බවත් ඔහු කීවේය.
කම්හල වසා දමන ලෙස කිසිවකු නොදැන්වූ බව කී ඔහු දැනට කම්හල වසා ඇති බවත් එයින් සෑහෙන පාඩුවක් වී ඇති බවත් දින තුනකින් කම්හල විවෘත කිරීමට ක්‍රියාකරන බවත් නීතිඥවරයා දැන්වීය.
ගැමියන් වෙනුවෙන් පෙනී සිටි පාලිත සේනාරත්න මහතා කරුණ දක්වමින් ප්රශ්නය බේරුමක් වන තුරු කම්හල විවෘත නොකරන්නැයි කීවේය. වැඩිදුර විභාය සැප්තැම්බර් 26 වැනි දාට කල් තැබිණි.
ගැමියෝ යළි රතුපස්වල කම්හලට ළඟට එති
ගම්පහ රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල ඉවත් කරන ලෙස ඉල්ලා තෙරිපැහැයේ සිරිනන්ද හිමියෝ උපවාසයක් ඇරඹීමට කම්හල් ගේටුව අසලට පැමිණියහ. මීට කලින් ද ඒ හිමියෝ උපවාසයක් කළහ. කම්හල ආරක්ෂාව පතා පොලිස් මුර යොදා ඇත. කම්හල පිළිබඳව උසාවි තීරණය කල් යෑමෙන් පසුව ගැමියෝ දෙතුන් සියයක් ගැමියෝ කම්හල අවට රැස්වී සිටිති. කම්හලේ පිවිසුම් මඟද කොටදමා අවහිර කර ඇත.

යකෝ ධම්මිකට මෙච්චර පවර්ස් තියනවද???

Last edited: