සුරන්ගි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    cvbmm.JPG


    මේක මම දන්න සිරාම කතාවක්, අනික මම දාන ලාස්ට් හොල්මන් ත්‍රේඩ් එක,
    වසර කීපයකට කලින් යුද හමුදා වෙ කපිතාන් කෙනෙක් තමන් ගෙ කාමරය ඇතුලෙම සිය දිවි හානි කරගන්නවා, ගොඩක් අයට පෙහෙලිකාවක් මේක ඇයි ඇත්තටම මෙහෙම දෙයක් උනේ

    කතානයකයට අපි අරවින්ද කියලා කියමු, හොද කඩවසම් තරුන යුද හමුදා කපිතාන්වරයෙක්, කතානායිකාව සුරන්ගි, රූමත් උගත් රාජ්‍ය ආයතනයක සේවය කරන ගැහැණු ලමයෙක්.

    සුරන්ගිට අරවින්ද හම්බුවෙන්නෙ අහම්බෙන් වගෙ, ඒ හැමොම දන්න මුනු පොතෙන්, අරවින්ද සුරන්ගිට ආදරය ප්‍රකාශ කරනවා මුනු පොත හරහාම තරුන කඩවසම් අරවින්ද ගේ ආදර වදන් වලට සුරන්ගි ගේ සිත ඇදිල යනවා

    අරවින්දගෙ ආදරය සුරන්ගි පිලිගන්නවා, ඊට පස්සෙ ස්ක්ය්ප් මුනු පොත හරහා ආදරය ගලාගෙන යනවා, කොටින්ම දෙන්නා කන්නෙ නිදියන්නෙ ඔක්කොම කරන්නෙ එකට බවට පත්වෙනවා කාලෙත් එක්කම, සුරන්ගිගෙ ආයතනයේ හැමොමත් මේ සම්බන්දය ගැන දැන ගන්නවා

    ඉතින් කාලෙත් එක්කම ඒ දෙන්නත් අත් විදින්නෙ අපි හැමොම අත්විදින වගේ ආදරයක් තමයි, පාරක් වල, බීච් වල, අදරයෙ උනුසුම විදිනවා දෙන්නම

    ඔයා හැමදාම මගේ නේද අරවින්ද අයියෙ... ඒ සුරන්ගි හැමදාම අරවින්ද ගෙන් සමුගන්නකොට අහන ප්‍රස්නෙ

    සුරන්ගි ට මේ ආදරේ මුලු ජීවිතෙම උනාට අරවින්දට එහෙම වෙන්නෙ නැහැ, එයා පරිස්සම් වෙනවා මේ ආදරෙ ගැන දන්නෙ තමන් විතරයි කියන එකට වග බලගන්න, කොටින්ම එයගෙ ලගම යාලුවො වත් දන්නෙ නැහැ

    ඔහොම කාලයක් යද්දි අරවින්දගෙ යුද හමුදා කන්ඩයෙම යුවතියක් ගෙ බැල්ම වැටෙනවා අරවින්දට, අරවින්දගෙ හිත ඇදිල යනවා ඒ යුවතියට

    එදා ඉදන් අරවින්ද ගෙන් සුරන්ගිට හම්බුවෙන්නෙ කුඩම්මගෙ සැලකිලි, දහසක් බලපොරොත්තු තියන් හිටපු සුරන්ගිගෙ ආදර මන්දිරෙ සුනු විසුනු වෙලා යන්නෙ අරවින්දගෙ අලුත් ප්‍රේමය ගැන දැන ගත්තට පස්සෙ,

    එත් සුරන්ගිගෙ හිත හදා ගන්න ශක්තියක් එයාට නැහැ

    නොකා නොබි ඔහේ කාලෙ ගත කරන්න පටන් ගන්නවා, ඒ දවස් වල අරවින්ද එවපු ආදරෙ පුරොපු පනිවිඩ බල බල, කවදා ම හරි අරවින්ද එයා ගාවට එවි කියලා සුරන්ගි විස්වාස කරනවා

    ඒ විස්වාසයන් ඔක්කොම කඩාගෙන වැටෙන්නෙ අරවින්ද විවාහ ගිවිස ගන්න යනවයි කියන ආරන්චිය සුරන්ගිට හම්බුනාම , සමනලීගෙ හිත හොදටම හඩා වැටෙනවා මොකද එයා දන්නවා එයා අරවින්දට ආදරෙ කරපු තරම්

    දුක දරාගන්නම බැරි තැන සුරන්ගි සිය දිවි හානි කරගන්න තීරනය කරනවා, ඒ නයිලොන් ලනුවකින් එල්ලිලා


    මුලු ගමක් හඩවල සුරන්ගි අවසන් ගමන් යනවා, මනාලි ඇදුමින් සැරසුණ සුන්දර සුදු රොස මලක් වගේ නිසල දේහය දැක්කම කාගෙත් ඇස් වලට කදුලු උනනවා

    සුරන්ගිගෙ බුමිදානයෙන් ටික කලෙකට පස්සෙ අරවින්ද විවාහ වෙනවා, එයාට මතක නැහැ සුරන්ගි කෙනෙක් හිටියද කියලාවත්

    එත් එහෙම අමතක වෙන්න සුරන්ගිගෙ ආත්මය ඉඩ දෙන්නෙ නැහැ, හැම වෙලවෙම උරහිසෙ ලොකු බරක් වගේ ගතියක් අරවින්දට දනෙනවා, තනියෙන් ඉන්න හැම වෙලාවෙම සුරන්ගිගෙ වගේ අපහැදිලි චයාවන් අරවින්ද ඉදිරියෙ මැවි පෙනවා, සුරන්ගි ට සෑබෑ ජීවිතයේ තමන්ට අයිති කරගන්න බැරි උන අරවින්ද අයිති කරගන්න සුරන්ගිගෙ ආත්මය තීරනය කරලා ඉවරයි

    කලෙත් එක්කම අරවින්ද ගෙ විවාහ උත්සවය චායාරූප ගත කරපු පුද්ගලයගෙන් ඇමතුමක් එනවා අරවින්දට, ඒ සියලුම චායාරුප වල බොද වු කන්තා රුපයක් තියෙනවා කියලා, ඒක සුරන්ගිගෙ කියලා අදුරගන්න අරවින්දට එච්චර වෙලාවක් යන්නෙ නැහැ

    එන්න එන්නම තත්වය දරුනු වෙනවා, තම බිරිදව පවා සුරන්ගි මෙන් දිස් වෙන්න පටන් ගන්නවා

    අවසානයේ අරවින්ද තිරනය කරනවා සිය දිවි හානි කරගන්න හැබැයි ඉට කලින් බලි තොවිල් කට්ටඩියන් ට විසාල මුදලක් අරවින්ද වියදම් කරනවා

    කිසිම මන්තරයකට හැකි වෙන්නෙ නැහැ අරවින්ද කෙරෙ තියෙන සුරන්ගිගෙ ආදරයට බාදා කරන්න

    අවසනයෙ අරවින්ද සියදිවි හානි කරගන්නවා, :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: gayanmax00

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපරාදේ නේ මු මැරුණේ :P මානසික වෛද්‍ය වරයෙක් ලඟට ගියානං වැඩේ ගොඩ නේ :rofl:

    බලි තොවිල් ඔක්කොම කරල කෙළ උනාම තමා
    මානසික වෛද්‍යවරු හරි උපදේශකවරු ගැන
    කට්ටියට මතක් වෙන්නේ ඒකත් හොඳයි
    නැත්තම් නිකරුනේ මැරෙනවනේ..
    :yes::yes::yes::yes: