Oya megabite program eka karana eka sunoj uu kari pada huththige puthek, sunoj ponnayata hena agahanna ona, sunoj ponnaya hiththanne uu hari pora kiyala, kari mal-ponna sunoj, sahagahana apaeada mewa....
naduwak daala wandiyak gaththanan programme eka aaya karan na

ඔය වැඩසටහන කරන පරයව දැක්කොත් කනට ගහපන් මචන් .....
ඌ හිතන් ඉන්නේ ඌ හෙන නිවේදකයා කියල ......
බලපන් වෙනද අපිව හිනස්සන මනුස්සයෙ අද අඩන්නේ ..... කාලකන්නි යක්කු



මමත් බයිට් 2ක 3ක් වගේ බලල තියෙනවාITN එකට එකට පට්ට සතුටක් නෙ තියෙන්නෙ.
මේ බයිට නම් අන්තිම චාර්ටර්.![]()
මීට කලින් කරපු බයිට් උනත් 2ක 3ක් ඇරෙන්ඩ ඉතුරු ඒවා ඔක්කොම වගෙ බලු ඒවා තමා.
අපිත් ඉතින් බැලුවා.![]()

pitarata lassana wadasatahan yanawa "Just for Laugh"wage
sirasa kalaa hina ina kiyalaa lassana funny wadasatahanak
meeka maha guu jaraawak


ඔය වැඩසටහන කරන පරයව දැක්කොත් කනට ගහපන් මචන් .....
ඌ හිතන් ඉන්නේ ඌ හෙන නිවේදකයා කියල ......
බලපන් වෙනද අපිව හිනස්සන මනුස්සයෙ අද අඩන්නේ ..... කාලකන්නි යක්කු


ජන්තු අයියා;15551598 said:ඔව් බං සිරාවට..මැරවින් ලොක්කාට් බයිට් පාරක් දැම්මා නම් පහු වෙනිදට මෙගා බයිට් නිෂ්පාදක කණ්ඩායම අතුරුදහන්...
නිකන් නෙමෙයි..තමන් තමන්ව අතුරුදහන් කර ගත්තාය,නැතිනම් පිටසක්වලින් අරන් ගියාය කියල I.T.N නිව්ස් වලට කියයි..

mihira sirithilaka illagena kaala bite wela dan ithin nondiya wahaganna ITN ekata news sapayala.![]()


මොන පිස්සුද බං. මිහිර ඕක වෙන්න කලින් මෙගා බයිට් සෙට් එකට චැලේන්ජ් කරල තියෙනවා පුළුවන්නම් මාව බයිට් කරන්න කියල. මෑන්ස් ට හිතාගන්නවත් බැරි වෙන්න තමයි බයිට් එක දීල තියෙන්නේ.එහෙම කියන්න එපා බං. අරුන් කලේ බලු වැඩේනේ
![]()

මොන පිස්සුද බං. මිහිර ඕක වෙන්න කලින් මෙගා බයිට් සෙට් එකට චැලේන්ජ් කරල තියෙනවා පුළුවන්නම් මාව බයිට් කරන්න කියල. මෑන්ස් ට හිතාගන්නවත් බැරි වෙන්න තමයි බයිට් එක දීල තියෙන්නේ.
නොන්ඩ් වුන හින්ද තමයි දැන් ඔහොම කියන්නේ.![]()








මොන පිස්සුද බං. මිහිර ඕක වෙන්න කලින් මෙගා බයිට් සෙට් එකට චැලේන්ජ් කරල තියෙනවා පුළුවන්නම් මාව බයිට් කරන්න කියල. මෑන්ස් ට හිතාගන්නවත් බැරි වෙන්න තමයි බයිට් එක දීල තියෙන්නේ.
නොන්ඩ් වුන හින්ද තමයි දැන් ඔහොම කියන්නේ.![]()
ITN එක නෙවෙයි TNL එකට දුන්නත් වැඩේ කැතයි නේ බන් !mihira sirithilaka illagena kaala bite wela dan ithin nondiya wahaganna ITN ekata news sapayala.![]()

එකනේ බන් ... ඔය වැඩෙන් දෙපැත්තටම පාඩු වුන . නියම නළුවෙක් හිරු එකට නැතිවෙන්නයි යන්නේ
Mega Bite Hodayi Raa Pol Kattak Thibbanam
wadasatahanam hodai eth adena wdiye bite dena eka thama awla normal eke podi bite ekak agata danenne nathi athal ekak dunnam hari
mun denne mini maranna hithena bite nisa wade awl
Gayesha Pererath ekaparak bite karala ekitath mala panala kiyaganna baruwa dagaluwa
oka nawaththana eka kaage kaageth agata gunai
Dan Ithin Mihira Sirithilakawa AtaKa Nataka eken ain karaida danne naa

හරි බන් ඉතින් එහෙම කියල මේ වගේ මෝඩ වැඩ කරන්න දෙන්න බැනේ. රටේ නීතියක් තියෙනවනේ. ඊලග පාර මරල කියයි චැලේන්ජ් කල නිසා මැරුවේ කියල. උඹල වගේ උනිත් ඉන්නවනේ ඉතින් මේ රටේ.... ලොල්...



නවතින්නේ නම් නෑ. ඉස්සරහට තව කරනවා.උන් දුන්න ගොන් ආතල් එක්ක මම හිතුව කවදා හරි මෙහෙම දෙකින් නැවතී කියලා![]()

වේදිකාවේ, සිනමාවේ සහ රූපවාහිනියේ සුප්‍රකට චරිතාංග නළුවකු වන මිහිරි සිරිතිලක මහතා ඉකුත් 01 වැනිදා පැහැරගත් පුද්ගලික රූපවාහිනි නාලිකාවක කණ්ඩායමක් ඔහුට දරුණු ලෙස අඩම්තේට්ටම් සිදුකොට මානසික හා ශාරීරික පීඩාවන්ද කරමින් ඒ සියල්ල රූපගත කොට තිබේ.
තමන්ට සිදුකළ ශාරීරික හා මානසික පීඩාසම්බන්ධයෙන් මිහිරි සිරිතිලක මහතා විසින් කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙන අතර පොලිසිය මේ වනවිට පරික්ෂණ ආරම්භ කොට ඇත.
සිද්ධියට සම්බන්ධ යැයි කියන මෙම කණ්ඩායමට 5 වැනිදා කොච්චිකඩේ පොලිසිය හමුවෙහි පෙනී සිටි ලෙස පොලිසිය නියෝග කර තිබේ. මොවුන් මිහිරි සිරිතිලක මහතාට මේ ආකාරයට හිංසා පමුණුවමින් එම දර්ශන රූපගත කර ඇත්තේ පුද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් විසුරුවා හරිනු ලබන ‘මෙගාබයිට්’නැමැති වැඩ සටහන වෙනුවෙනි.
මිහිර සිරිතිලක මහතා ඔහු මුහුණ දුන් බිහිසුණු සිද්ධිය විස්තර කළේ මේ ආකාරයෙනි.
එදා සැප්තැම්බර් 01 වනිදා. ජනප්‍රිය ගායකයකු වන ඔවින් රාජපක්ෂගේ ගීතයකට ලියැවුණු තිරනාටකයට අදාළ දර්ශන රූපගත කරන්නට මාව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි හෝටලයකට රැගෙන ගියා. ඒ රූප රාමුවල ප්‍රධාන චරිතය රඟපැවේ මමයි. මාත් සමග ගායක ඔවින් රාජපක්ෂ, අධ්යක්ෂ චාමර වීරසිංහ (චමුශ්‍රී) ඇතුලු කණ්ඩායමක් සිටියා. අපි කොච්චිකඩේ පිහිටි අදාල හෝටලය වෙත ගියේ වෑන් රියකින්.
එදින සවස 4 ට පමණ රූපගත කිරීම් අවසන් වුණා. ඊට පසු අප කණ්ඩායම වෑන් රථයට නැග කොළඹ බලා එන අදහසින් හෝටලයෙන් පිටත් වුණා.
නමුත් එම හෝටලය පිහිටි වෙරළ තීරය පසුකරන්නවත් අපේ වෑන් රථයට පුළුවන් වුණේ නැහැ. එක්වරම තනි කලු පැහැති, වීදුරුත් කලු පාට ලෑන්ඩ් කෲෂර් වර්ගයේ (මම හිතනවා ඒ විදියේ වාහනයක් බව) සුපෝපභෝගී රථයක් පැමිණ අපේ රථයට අවහිර වන විදිහට නතර කළා.
ඒ සමග එම රථයෙන් දොරවල් හැර ගෙන පිටතට ආවේ උස, මහත මම කිසිදාක දැක නැති තරුණයින් කීප දෙනෙක්.
“අපි ෆිනෑන්ස් එකෙන්” එක් තරුණයෙක් රියදුරාට පැවසුවා.
“අපි ෆිනෑන්ස් හිඟ තියලා නැහැ. ඔක්කොම ගෙවලයි තියෙන්නේ” කියා රියදුරා පැවසුවා.
“කවුද ඇතුලේ ඉන්න කට්ටිය.” තවත් තරුණයෙක් රියදුරාගෙන් ඇසුවා.
එතකොට රියදුරා කිව්ව “ අපි ෂූටින් එකක් ඉවර කරලා කොළඹ යනවා. ඇතුලේ ඉන්නේ නළුවෝ” කියලා.
එවිට එක් පුද්ගලයෙක් වෑන් රියේ පැති දොර විවර කළා. විවර කරපු පැති දොරෙන් හිස ඇතුලට දමා මගේ දිහා බලලා “ මූද නළුවා?” කියා ප්‍රශ්න කළා.
“එකෙක්වත් හෙල්ලෙන්න එපා. දඟලන්න එපා” කියා චාමරට සහ ඔවින්ට තර්ජනය කළ තරුණයා, මාව සගයන්ට පෙන්වා පැවසුවා. “මූව දාපං ජිප් එකට.” කියලා.
“මාව මොකටද ගෙනියන්නේ? මාව ගෙනියන්න එපා” කියලා මම ඔවුන්ට පිංසෙන්ඩු වුණා.
“වැඩිය දඟලන්න එපා. දැඟලුවොත් තොට කරන දේ අපි දන්නවා.” කියා තර්ජනය කළ තරුණ පිරිස මාව ඔවුන්ගේ රථයට දමා ගන්න සැරසුණා. එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් අපි පැමිණි වාහනයේ රියදුරා බෙල්ලෙන් අල්ලා පැත්තකට තල්ලු කර එම වාහනයේ රියදුරු අසුනේ හිඳ ගත්තා.
මාව ඔවුන්ගේ රථයට දමා ගත් පිරිස “ ගනින් උඹ ළඟ තියෙන සල්ලි” කියා තර්ජනය කළා. “ මගේ ළඟ දැන් සල්ලි නෑ. ෂූටින් එකකටයි ආවේ.” කියා මම පැවසුවා.
“අඩෝ බොරු කියන්න එපා ඩෝ. දීපිය සල්ලි” කියා යළිත් මට තර්ජනය කළා. “ අනේ මගේ ළඟ සල්ලි නැහැ. මට යන්න දෙන්න” කියා මම පිංසෙන්ඩු වුණා.
මේ වෙලාවේ ඔවුන් දැක්කා මගේ ළඟ ජංගම දුරකතන දෙකක් තිබන බව. “දීපං ඩෝ මොබයිල්” කියා ඔවුන් මගේ ජංගම දුරකතන දෙක උදුරා ගත්තා. ඊට පස්සේ මට තර්ජනය කළා “ගෑණිට කතා කරල සල්ලි ඉල්ලපං” කියලා. මම කිව්වා “මගේ වයිෆ් ළඟ සල්ලි නැහැ. මට යන්න දෙන්න.” කියලා.
“ එහෙම හරියන්නේ නෑ ඩෝ. කියපං ගෙදර ටෙලිෆෝන් නොම්මරේ.” ඔවුන් නියෝග කළා. මම කිව්වා “ වයිෆ්ව බය කරන්න එපා. එයා අසනීපයෙන් ඉන්නේ මේ දවස්වල” කියලා. ඒත් ඔවුන් එක පිළිගත්තේ නැහැ. මොවුන්ගෙන් ගැලවුමක් නැති බව තේරුණ නිසා මම වයිෆ්ගේ දුරකතන අංකය දුන්නා. එවිට ඔවුන් එම අංකයට කතා කළා. ඔවුන් මගේ බිරිඳට කිව්වා “මිහිර සිරිතිලක දැන් ඉන්නේ අපේ අත්අඩංගුවේ. උඹේ මිනිහාව බේර ගන්න ඕනෑ නම් අපි කියන එකවුන්ට් නම්බර් එකට රුපියල් 25,000/- ක් මේ දැන්ම දාපං” කියලා. බිරිඳ මොවුන්ට මොනවද කිව්වේ කියලා මම දන්නේ නැහැ.
මෙම පුද්ගලයන් අතේ ආයුධ තිබුණේ නැහැ. එහෙත් වාහනය ඇතුලේ අඳුරේ තවත් පුද්ගලයෙක් සිටින බව මම දැක්කා. ඔහු මොනවාදෝ අතේ තියාගෙන සිටියා. ඊට පස්සේ ජීප් රථය ධාවනය වුණා. අපගේ පිටුපසින් අප පැමිණි වාහනය ධාවනය වුණ ආකාරය මම දැක්කා.
වාහනය ඉදිරියට යද්දී ඔවුන් දැක්කා පොලිස් නිලධාරීන් පාරේ සිටිනවා.
“ තෝ කෑ ගහන්නේ නෑ පරයා. එහෙම වුණොත් තෝව මරණවා. අපි කියන විදියට කරපං.” ඔවුන් තර්ජනය කළා.
“තොගේ අද රෙදි ගලවනවා. තෝව හෙලුවෙන් පාරේ ඇවිද්දවනවා. තොට සින්දු කියන්න පුලුවන්ද පරයෝ. තෝ ආටිස්ට් කෙනෙක්ද? අපි තෝව දැකලත් නැහැ.” මේ විදියට ඉතා නින්දිත විදිහට බැන වදිමින්, මට මරණ තර්ජන කරමින් මාව රැගෙන ගිය ඔවුන් වාහනය අතුරු මාර්ගයකට හැරෙව්වා.
ඒ පාරේ ටික දුරක් යද්දී පල්ලියක් තිබුණා. පල්ලියේ සහ පල්ලිය වත්තේ සෙනඟ සිටියා. එම මාර්ගයෙන් මිනිසුන් ගමන් කළා. බයිසිකල්, මෝටර් සයිකල් ආදියෙනුත් මිනිසුන් ගමන් කළා.
පාර අයිනේ නැවතූ රථයෙන් මාව බිමට ගත්තා. “දැන් හයියෙන් සින්දුවක් කියපං පරයා” අයෙක් කිව්වා. “මම සින්දු කියන්න දන්නේ නැහැ අයියේ.” මම ඔවුන්ට කිව්වා. “එහෙම නම් දන ගහපිය පරයා.” කියා තර්ජනය කළා.
මේ වනවිට මාව හඳුනාගත් පල්ලිය වත්තේ සහ මහ පාරේ සිටි පිරිස් ටිකෙන් ටික අපට ළං වුණා. එවිට මෙම පිරිස ඔවුන්වත් බැන වැදුණා. “මොනවද තොපි බලන්නේ. පලයව් මෙතැනින්.” ඔවුන් ඒ විදිහට තර්ජනය කරන කොට ජනතාව ටිකක් ඈත් වෙලා සිද්ධ වෙන්නේ මොකක්දැයි බලා සිටියා.
“තොට දන ගහන්න නේද කිව්වේ පරයෝ. දන ගහපිය” ඒ තර්ජනය සමග මම පාරේ දන ගැහුවා.
මෙම අවස්ථාවේදී මිහිර සිරිතිලක හඬන හඬ දුරකතනය ඔස්සේ මට ඇසුනි.
ඔහු හඬමින් මෙසේ කීවේය.
“අපි මොනතරම් අමාරුවෙන්ද අයියේ මෙතැනට ආවේ. ප්‍රේක්ෂකයෝ කියන්නේ අපේ ආත්මයයි. ඔවුන් ඉදිරිපිට නළුවෙක්ට මහ පාරේ දන ගහන්න සිද්ධ වීම මොන තරම් හිත් වේදනාවක්ද?”
මේ ආකාරයට මම විනාඩි පහක් පමණ දන ගහගෙන හිටියා. ඔය අතරේ සෙනග අතරේ හිටපු කවුරුන් හෝ පොලිසියට දුරකතන ඇමතුමක් දීලා “මෙතන මොකක්දෝ සිද්ධ වෙනවා” කියලා. ටික වේලාවකින් පොලිසියේ ( පසුව මම දැන ගත්තා ඔහු කොච්චිකඩේ පොලිසියේ ඕ.අයි.සී මහත්තයා බව) ඕ.අයි.සී. මහත්තයා සිද්ධිය වූ ස්ථානයට ආවා. දුරදීම ඔහුව දැක්ක මේ පිරිස මට නැගිටින්න නියෝග කරලා ඕ.අයි.සී. ගාවට ගියා. ගිහින් ඒ මහත්තයාට ඔවුන්ගේ අයිඩෙන්ටි කාඩ් පෙන්නුවා. ඊට පස්සේ ඕ.අයි.සී. මහත්තයා ඒ අවට තිබුණ වාහනවල අංක ලියා ගෙන යන්න ගියා. ඒ වේලාවේදී තමයි මම දැක්කෙ ෂූටින් ඉවර වෙලා අපි ආපු වෑන් එක වගේම තවත් වාහන තුනක් තැනින් තැන නවතා තිබෙන අන්දම.
ඕ.අයි.සී. යනවාත් එක්කම පුද්ගලයෙක් කඬුවක් අමෝරා ගෙන මගේ දිශාවට දුවගෙන එනවා දැක්කා. මම හිතුවා ඒ තමයි මගේ අවසානය කියා. එම පුද්ගලයා කෑ ගහගෙනයි ආවේ. “ අඩෝ.. අපේ එකෙක්ට චන්ඩි පාට් දාන උඹලා කවුද ඩෝ.” කියා ගෙනයි ආවේ. මම හිටියේ මර බයේ. ළඟටම ආපුවාමයි මම හඳුනා ගත්තේ එම පුද්ගලයා. ඔහු පුද්ගලික රූපවාහිනී නාලිකාවක ‘මෙගාබයිට්’ නැමැති වැඩ සටහනේ නිවේදකයා වන සනෝජ් නැමැත්තා බව මම දුටුවා.
මගේ ළඟට ආපු ඔහු අවට සිටි අයට ඇසේන්නට මෙහෙම කිව්වා. “මෙගාබයිට් වැඩ සටහන යටතේ මේ පාර බයිට් වුණේ ඔබලාගේ ආදරණීය නළු මිහිර සිරිතිලක.” කියලා. මේ වගේ පාහර වැඩක් සුප්‍රසිද්ධ නාලිකාවකින් සිදුවීම මට අදහා ගන්න බැරි වුණා.
“ඇයි සනෝජ් මෙහෙම කළේ . මාව මහ පාරේ දන ගස්වලා මල්ලිලා ලබන වින්දනයටද “මෙගා බයිට්” කියන්නේ. අසනීප වී සිටින මගේ බිරිඳ හෝ මගේ අම්මා තමන්ගේ දරුවා පැහැරගත් පුවත අහලා මේ වෙනකොට ඒ දෙන්නට මොනවද වෙලා තියෙන්නෙ කියලා කියන්න ඔයාල දන්නවාද? ඒ දෙන්නට කරදරයක් වෙලා තිබුණොත් ඔයාලවත් මරාගෙන මටත් මැරෙන්න නේද සිද්ධ වෙන්නේ ?” කියා මම ඇසුවා.
මොවුන් කණ්ඩායම බොහොම හයියෙන් සිනහ වෙලා වීර ක්‍රියාවක් කළ පිරිසක් විදිහට පිටත් වී ගියා. මම වෑන් එකෙන් මීගමුව පොලිසියට ගිහින් සිද්ධිය ගැන පැවසුවා. මීගමුව පොලිසිය කිව්වා අදාළ ප්‍රදේශය අයත් වන්නේ කොච්චිකඩයට නිසා කොච්චිකඩේ පොලිසියට ගිහින් වහාම පැමිණිලි කරන්න කියලා.
මම මගට එද්දී සහකාර පොලිස් අධිකාරිවරයකු වන අල්විස් මහතා මුණ ගැසුනා. ඔහු ඇසුවා “මොකක්ද මල්ලි ප්රශ්නය” කියලා. මම සිද්ධිය කිව්වාම ඔහු බොහෝ කම්පාවට පත් වී මාත් සමග කොච්චිකඩේ පොලිසියට ගියා. එතැන දී කොච්චිකඩේ පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා ඇතුළු ( මා දන ගසාගෙන සිටියදී පැමිණි පොලිස් නිලධාරියා) සියලුම පොලිස් නිලධාරිනුත් මට බොහෝ උදවු කළා. පැමිණිල්ලට අදාළව අවශ්‍ය සියලුම තොරතුරු සහ වාහනවල අංක ඕ.අයි.සී මහත්තයා විසින් ලබා දුන්නා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිහිර සිරිතිලක මහතා ගනු ලබන ඉදිරි ක්‍රියා මාර්ග මොනවාදැයි අප විමසා සිටියෙමු.
“මට සහ මගේ බිරිඳට මරණ තර්ජන සිදු කළා. මාව පැහැර ගත්තා. මහ පාරේ මාව දන ගැස්සුවා. මාව දන්නා ප්‍රේක්ෂකයන් ඉදිරියේ මාව ලැජ්ජාවට පත් කළා. මගෙන් මුදල් කොල්ලකන්න උත්සාහ කළා. මගේ ජංගම දුරකතන දෙක කොල්ලකෑව. මේවා අපරාධ. මෙම අපරාධවලට නිසි දඬුවම් ලබා දීමට කොච්චිකඩේ පොලිසියේ සහ එම ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරින් පියවර ගන්නා බව මට විශ්වාසයි.
ඔවුන් රූපවාහිනී කැමරා කණ්ඩායමක් කියා ගැලවී යන්නට උසාවියෙන් ඉඩක් ලැබෙන්නේ නැති බව මට විශ්වාසයි. මා සහ මගේ බිරිඳ තුළ ඇති වුණ මරණ බියට සහ මට ඇති කළ නින්දාවට මෙම රූපවාහිනී කණ්ඩායම වන්දි ගෙවිය යුතුයි.
මිහිර සිරිතිලක කලාකරුවා මේ දිනවල රූපවාහිනි නාලිකා කිහිපයක විකාශය වන සිහින විලක්, ආටක නාටක, ඇන් කොම්පැනි, මුතු පලස යන රූපවාහිනි නාට්‍යවල ප්‍රධාන චරිත රඟපාමින් සිටී. ඒ වගේම ඉතා ජනප්‍රිය වේදිකා නාට්‍ය වන දෙයියොත් දන්නේ නෑ , නරි බුරති , ජෝගි හමාරයි නාට්‍යවලද ප්‍රධාන චරිත රඟපායි. සිංහාවලෝකනය , හිරිපොද වැස්ස , සිකුරු හතේ ඔහු රඟපෑ චිත්‍රපට කිහිපයකි.
Video - http://www.youtube.com/watch?v=L0ODVapN-Nw
- ලක්බිම පුවත්පතෙනි
![]()
