පද පේළී - EK LYRICS THREAD PART 2

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කිරි කෝඩු හීනේ.. නෙතු නොපියා...
    හුරතලේ ඉන්නම් හුස්ම තියා...
    වස්සාන කාලේ.... පෙම් කෙරු තරම් මේ...
    අපි අපගේ විතරක් වෙලා......

    පෙම් පාට දෙනුවන් දුහුල් වෙලා
    බැඳි සෙනෙහේ ගැලුවා දෙගොඩ තලා
    වස්සාන කාලේ.... පෙම් කෙරු තරම් මේ...
    අපි අපගේ විතරක් වෙලා......

    පින්තාරු සෙනෙහේ මේ හදේ රැස්වෙලා
    හිත ගැහෙන වේගේ ඇති තරම් මට දැනුනා
    මං ආදරෙයි මගෙ රත්තරන් දිවිතෙක් සදා
    දැන් ඔයා මගේමයි ඉතින්...

    සංසාර සුවඳින් පෙම් පැතුම් මත්වෙලා
    මේ තුරුන රහසින් ආදරෙන් උනුහුම් උනා
    මං ආදරෙයි මගෙ රත්තරන් දිවිතෙක් සදා
    දැන් ඔයා මගේමයි ඉතින්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔබට සිත ආදරේ කරයි
    දෙ‍තොල ගොලුවී සිටියි
    නැඟුණු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි


    ගායනය :- දයාරත්න පෙරේරා
    11.gif
    මගෙත් ආසම සිංදුවක්..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113


    කෝල කොමල මුදු ලාලිත සුකුමල සරාගි අංගන සොබා
    ඉඟ ගස්සන ශ්*රියාවට වසඟ වෙලා සිත නුරාව හදවත පුරා
    සුරා මතින් දුම් උරා මුවින් ලිය පාන අනඟ රංඟනා
    මල් සරා දුරින් හිඳ බලා හිඳී නුඹ කාර බැඳන් යන තුරා

    පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන් කෙස් රනින්
    තොල උරච්චි කර රතු සායම් ගාගෙන විලවුන් දියනා සොඳින්
    බඳ පච්ච කොටා ගෙන රූප රට ඇඳ පාන ශ්*රියා වල් මතින්
    අනේ කාලෙ දැන් වනේ වාසෙ කල තවුස් දැහැන් බිඳ සැනින්

    කාමයෙන් මත්ව සුර සැපත සොයන ගත මුනින් තලා වැතිරිලා
    දහසකුත් එකක් දන නුවන් අයාගෙන සිටී නුඹට මත් වෙලා
    කඩදාසි මොනර කොල පහස තුරුළු කර හාදු දිදී රඟ දෙනා
    ඈවරයි කෙල්ලෙ දෑවරයි නුඹට සෙයිලමෙන් රුවට මිල දෙනා



    Chinese-police-arrest-a-g-010.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113



    ලැමට තුරුළුවු ගෝමර සඳට අත වනයි
    මනමාලකම් කරන රෑ සඳ නුඹට තුරුලුවෙයි
    බාල බොලඳ නුඹේ හිතට සුළඟ හාදු දෙයි
    හාදු දෙතොල් පෙතිවල කිරි සුවඳ ගලා යයි


    සඳ එළියේ රුවට සපිරි කුමුදු මල නුඹයි
    කෝල කොමල රුව නුඹගේ අතින් අතට යයි
    කාසි කොළ වලට සෙයිලමේ රැය පහන් කරයි
    හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි

    මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
    ජිවිතේ දුකයි ගලන්නේ කඳුළු මල් දමයි
    කුමුදු මල නුඹයි දැන් නම් සුවඳ නැති හැඩයි
    අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඬයි

    image.jpg
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    C.T Fernando..........

    ~මා බාල කාලේ~

    mother-and-son.jpg


    ~මා බාල කාලේ~
    ..අම්මාගෙ උකුලේ..
    ~නැළවූනු තාලේ~
    ..මට තාම සිහිවේ..

    ~පෑ ආදරේ මා~
    ..පොවමින් තුරුල්ලේ..
    ~නෑ හීන වූයේ~
    ..මෑණී මගේ..
    ~ඈ දුන් ඔවාමී~
    ..ගඟුලේහි නාමී..
    ~මට තාම සිහිවේ~
    ..ඇගෙ ගීත රාවේ..

    ~ඉගෙනීම ඔබගේ ධනයයි සිතා~
    ..ඉවසීම කරුණා ගුණදම් ගොතා..
    ~දුරලන්න වංචා මදමාන්‍ය ඊර්ෂ්‍යා~
    ..මේ වාගේ මට ඈ අවවාද දුන්නා..

    ~මේ පුංචි ලංකා ඔබගේ පුතේ~
    ..ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ..
    ~නංවාලා ස්නේහේ රට දෑ කෙරේහී~
    ..රැකගන්න හැමදා ඇගෙ නාමේ පුතුනේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බොල් පිණි වෑහෙන වේලාවේ

    බොල් පිණි වෑහෙන වේලාවේ
    ඔබගෙන් සමුගෙන යායුතුවේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ
    බොල් පිණි වෑහෙන වේලාවේ...

    ගැල පිට නැගලා ඈත ගම් බලා
    පියමන් කරවන්නේ
    තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
    ඔබ සිහියට එන්නේ
    ඔබගෙන් සමුගෙන මා යන්නේ

    ඔබ අවදිව මා සොයනු එපා
    ඈතයි මා ඉන්නේ
    තවලම් කරුවෝ කවරමදාකද
    එකම තැනක ඉන්නේ

    බොල් පිණි වෑහෙන වේලාවේ..
    .

    -
    රූකාන්ත-
    ~මා බාල කාලේ~
    ..අම්මාගෙ උකුලේ..
    ~නැළවූනු තාලේ~
    ..මට තාම සිහිවේ..


    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ

    ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
    බෑ බෑ මට නිදාගන්න බෑ...
    සිත තුළ දඟලන මනසේ ඇවිදින
    ඔබ මට නිදන්න දෙන්නේ නෑ...

    සිත එක්තැන් කර නිදන්න හැදුවත්
    එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ...
    තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට
    මටත් නිදන්නට ඕනෙම නෑ...

    රහසක් කියන්න තියෙනවා ඔයාගෙ
    කන්පෙති මත මගෙ දෙතොල් තියා
    ඔබ ඈතින් සිටියොත් කියන්න බෑ මට
    අනිත් අයට එය ඇසෙන නිසා
    අනේ රත්තරන්...
    හිතට වද නොදී...
    තුරුළු වෙන්න ආදරෙයි කියා
    මට කියන්න දේවල් හුඟක් තියෙනවා
    තුරුළු කරන් ආදරෙයි කියා...

    ඇස් දෙක පියාන...

    -රූකාන්ත-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉකිබිඳින නෙතු අගක කඳුළක් අරන්
    සිතගාව තැබුවාම නුඹෙ ආදරෙන්
    මං ගාව තුරුළට ම දුක ළංවෙමින්
    නුඹගාව උන්නා වැඩි ආදරෙන්
    මං නුඹගාව උන්නාට වැඩි ආදරෙන්

    සිහිනයක පැටලිච්ච සිතුවිලි ගොඩක්
    හිත ඇතුළෙ සැරිසැරුව කාටත් හොරෙන්
    ඉකිගසන හඬ ඇසුනෙ මා හට වුණත්
    වෙන්වෙන්නෙ නෑ සිත නුඹ දුර ගියත්
    වෙන්වෙන්නෙ නෑ මගෙ නුඹ දුර ගියත්

    ඇසිපියට පොඩිවෙච්ච කඳුළක් අරන්
    උණුසුමට ළඟ උන්නෙ මහ රෑ හොරෙන්
    හිත ඇතුළෙ තනිවෙච්ච මගෙ දුක අරන්
    සනසන්න තුරුළට ම ගෙන ඔබ ඉතින්
    මා සනසන්න තුරුළට ම ගෙන ඔබ ඉතින්

    ඉකිබිඳින නෙතු අගක ..........


    ගායනය :- සුභානි හර්ෂනී








    11.gif
    මගෙත් ආසම සිංදුවක්..


    ඔව් ලස්සන සිංදුවක් ඒක :yes::yes:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සුවද මල් රේණු පිසගෙන... හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා....
    කරුළු තුඩු අගින් ගිලිහෙන..... මියුරු මිහිරි ගී පද වැල නුඹේ සිනාවා........

    උදා පිනි වදුල සද මත මෝදු වී නිශා නුඹ ගැබ අදුර මකාවා.......
    නොබා කරලියට දිව යන හදට පන පොවන උල්පත නුඹේ සිනාවා..........


    අනිත් ටික මතක නෑ බොලල්ලා. මේකට රවීන්ද්‍ර ගුරුගේ කරපු විෂුවල් එක තාමත් මැවිලා පේනවා මේ සිංදුව අහද්දි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ
    සඳක් වගේ පායා එන සිනහව මනරම්
    හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන්

    සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්ඳු බින්ඳු
    සරා සඳ වෙලා
    මගේ ම සිත් මල තුරුළට දේවතාවියක්
    කුළුඳුල හාදු ගෙනල්ලා

    ඉමිටේෂන් මාල ............

    ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පියවෙනකොට
    දුරට ගිහිල්ලා
    පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක්
    අරන් ඇවිල්ලා

    ඉමිටේෂන් මාල ............


    ගායනය :- අතුල අධිකාරි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කර බඳින රත්තරන්
    අත පළඳින සිත්තම්
    අතමිටි නැතුවට හිනාවෙලා ඉන්න සත්තකින්
    ඔය කඳුළු බින්ඳු කවදාහරි වේවි රත්තරන්

    ලා රෝස පාට තොල්පෙති මත සුවඳ තියන්නම්
    ළංවෙන්න එපා බඹරුන් අරගන්න හිතයිනම්
    ඒ සුවඳ මගෙයි තව දෑතක රැඳෙන්න තහනම්
    සඳ මඬල පුරා පෙම් කළ බව ලියන්න එහෙනම්

    කර බඳින රත්තරන් ...............

    මුතු කඳුළු බින්ඳු ඉබේම මෘදු සිනහ සලාවී
    රන් මාල පොටක තෝඩු දෙකක හැඩ සරසාවී
    මල් සුවඳ නුඹෙන් උදුරාගෙන යන්න හදාවී
    හිත තුරුළට වී ලැගුම් දෙන්න මට සිරියාවී

    කර බඳින රත්තරන් ...............


    ගායනය :- අතුල ශ්‍රී ගමගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
    හදවතක නොවෙයි මේ තරම් සුසුම්
    මට කියනවාද මට කියනවාද
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්

    මල් විලක එලා තිබු මෘදු සුවඳ නෙලාගෙන
    සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
    දුක හඬන හැඬුම්
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්

    පුදසුනක නිසල බව ............

    සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
    පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්
    මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්

    පුදසුනක නිසල බව ............


    ගායනය :- දයාන් විතාරණ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇහල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
    පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
    ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්

    වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
    වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා
    ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී

    ඇහල මල් පිපෙනා ..............

    බහක් නොදී ගියත් අහක බලා සිනා සී
    මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී
    මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්

    ඇහල මල් පිපෙනා ..............


    ගායනය :- චන්දන ලියනාරච්චි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
    ළංව ඉන්නට බෑ ‍ඔබේ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

    නිසල නෙතින් ඔබ මදෙස බලා ඉඳී
    දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
    දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
    දෙතොල් සිනහා මවනු මට ‍බෑ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ ම‍ටද ඔබ හිමි නෑ

    සිතින් විතරක් ................

    සසල උනත් මගෙ සිතිවිලි ඔබ ළඟ
    නිසල කරන් මම ඉන්නම් සෑම දින
    කාත් කවුරුවත් නොමැති මා හට
    ඔබත් අහිමව ගියපු අරුමය
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

    සිතින් විතරක් ................


    ගායනය :- චාමර වීරසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
    රිදවන්නෙ විඳවන්නෙ මාගේ හිතින්
    කොයිකාට වූවාද මේ දුක් සුසුම්
    ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
    ඇවිලෙන්නෙ පෙම්පතක ලියවූ වදන්
    අළුවේවි පෙරදිනක පැතු ඒ පැතුම්
    කොයිකාට වූවාද මේ දුක් සුසුම්
    ඉවසන්න හැකිවේද දුක් මේ තරම්

    ලා රෝස මල් උයනෙ අපි පෙම් කළා
    මල්වලට බඹරුන්ට පෙම් ගී ලියා
    ඒ කාලෙ ආයේ යළි එන්නෙ නෑනේ
    මදුමල් පිපේවීද නුඹෙ ලෝකයේ

    මට දුන්න දුක් ගින්න ............

    කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ
    පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ
    යළි එන්නෙපා දැන් හිත සෑදුවා මං
    නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ

    මට දුන්න දුක් ගින්න ............


    ගායනය :- දමිත් අංසක