පද පේළී - EK LYRICS THREAD PART 2

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අඳුරේ
    මැදියමේ
    නිදිවරා වැපිරූ
    සිහිනේ
    කඳුලූ
    අතුරා
    පුළිඟු
    සැඟවූ සිහිනේ
    මොහොතක්
    ගැවසෙන්න
    අහම්බෙන්වත්
    හමු වී යමුද
    වචනයක්
    කියනවද
    තව එක දවසක්
    ගෙවා ගන්න

    සිහින අතර ගිය ජීවිතේ
    මරණ ආගාධයේ තනිකමේ
    හිඳිමි මම
    ඔබද එය දන්නවා..
    සිහින සොහොන ලඟ ජීවිතේ
    නොමළ සිත සමඟ තනිකමේ
    හිඳිමි මම
    ඔබද එය දන්නවා
    මොහොතක් ගැවසෙන්න
    අහම්බෙන්වත් හමු වී යමුද
    වචනයක් කියනවද
    තව එක දවසක් ගෙවා ගන්න

    සොඳුරූ ලෝකාන්ත මුදුනතේ
    මතක භෂ්මයන් හද දරා
    හිඳිමි මම
    ඔබද එය දන්නවා...
    නොයෙනා රිදුමක බර දරා
    අහිමී හුස්මකට ළය අයා
    හිඳිමි මම
    ඔබද එය දන්නවා
    මොහොතක් ගැවසෙන්න
    අහම්බෙන්වත් හමු වී යමුද
    වචනයක් කියනවද
    තව එක දවසක් ගෙවා ගන්න


    <Kasun Kalhara>

    Read more: http://hanthaana.blogspot.com/2011/11/andure.html#ixzz2ehfo9RHi
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබව මට හිමි නෑ කියලා

    ඔබව මට හිමි නෑ කියලා
    කොහොම ඉන්නද වෙන්වෙලා
    හිතම ඔබ ලග නැවතීලා
    දුරින් හිටියට තනි වෙලා
    කඳුලේ මා තනි වෙලා හැඬුවේ ඔබ නිසා
    කඳුලේ මා තනි උනා හැඬුවේ ඔබ නිසා

    ඔබව නොදැක හිඳින විටදි දෑස මා හඬවනා
    තුරුලේ ඔ
    බේ ඉන්න නැතිව හිතම තැවෙනවා
    රෑ සීතලේ තනිවී
    මා දෑසේ ඔබ වෙලෙනා
    කවදද ඉන්නේ ඔයා මට ලංවෙලා

    ඔබව මට හිමි නෑ කියලා...

    සිහින අතරේ සුවඳ ඔබේ ළඟම දැනෙනවා
    දුරක ඉඳන් දෑස් ඔබේ මදෙස බලනවා
    නෑ තාම මට හිමිවී ඔය දෑස අන්සතු වී
    කවදාද ඉන්නේ ඔයා මට ලංවෙලා

    ඔබව මට හිමි නෑ කියලා...


    -දුෂ්‍යන්ත්-

     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය පුංචි ඇස් අගින් මනමාලකම් තියා
    සඳවාගෙ ආයෙමත් ඔබ ඉන්න රෑ පුරා
    නෑ යන්නෙ නෑ මං දුර ඈත වෙන්වෙලා
    මං තාම ආදරෙයි හැරදා ගියත් ඔයා
    හැරදා ගියත් ඔයා

    ගිනිදැවෙන මේ හිතේ සැනසිල්ල වෙන් කළේ
    මහසයුර සේ නූඹේ ගොඩගැලූ ආදරේ
    නුඹ හිතන මානයේ ඈත හිම මිරිඟුවේ
    කඳුළු ඇයි ඔය තරම් වරද මමනම් ළඳේ
    හිත දන්නවා අ‍පේ

    නිහඬ මගෙ ලෝකයේ වෙරළ ඉම මා වගේ
    ඔය හිතේ ආදරේ බිඳුණු රළපෙල වගේ
    හඬන ඇස් දෙක මගේ කඳුළු නෑ තෙත් වුණේ
    අපට හිමි නෑ ලොවේ සුවඳ විතරයි හදේ
    මතකෙ පාරයි හදේ

    ඔය පුංචි ඇස් අගින් ..............


    ගායනය :- රුවන් මීගස්වත්ත
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
    මුව මත මල් හසරැලි රන්දා
    මිහිරියි දයාබරයි ඔබේ සෙනෙහෙ
    නොයිදුල් සෙනෙහෙ ඔබ නෙතු අතරේ මා දුටුවා
    ඔබගේ සෙවනේ රැදුනා මුළු ලොව මගේ යයි සිතුනා

    දෙනයන සනසන දසුනකි ඔබ මට ජිවිතේ
    නිරතුරු පුද දෙමි හද බැදී නිකැළැල් ආදරේ //
    මන බන්දා රස කැන්දා
    සුව වින්දා ඔබ හින්දා

    අප සිත එක කල මහිමය මින්දද හීසරේ
    අතිනත ගෙන යමු සුවදින් පිරි මල් මාවතේ //

    මන බන්දා රස කැන්දා
    සුව වින්දා ඔබ හින්දා


    :love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    මන්දාරම් වැහි වැටෙනා.. හීතල හැන්දෑවේ....
    මා අසලින් රැදී උණුහුම ඔබ විය.... නුඹයි මගෙ අම්මා.....
    සද හාවුන් හඬනා.. කලුවර රාත්‍රියේ....
    ආලෝකය දුන්.. සඳකැන් ඔබ විය.. නුඹයි මගෙ අම්මා....
    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා....
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති.. ජීවිතෙන් මා....
    අම්මේ මං නුඹට ආදරෙයි.. ජීවේ පොවන උල්පත නුඹයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා.. නුඹ ළගයි....

    කුණාටු සාගරයේ....රුවල බිදුණු නවුකාවේ....
    හබල ඔබයි පිලිසරණ ඔබයි....නුඹයි මගේ අම්මා....
    දාහය වෑහෙනා.... ගිනියම් මද්දහනේ....
    සෙවණ ඔබයි....මද පවන ඔබයි....
    නුඹයි මගෙ අම්මා....

    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා....
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති ජීවිතෙන් මා....
    අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත නුඹයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා නුඹ ළගයි....

    අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත නුඹයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා.. නුඹ ළඟයි....





    සෑහෙන කාලෙකට පස්සෙ මේ සින්දුව මතක් උනේ...:):love:
    මම ආසම සිංදුවක්. මේක අම්මා වෙනුවෙන් මම හුඟක් වෙලාවට ප්ලේ කරනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෙනෙහසේ සොඳුරු බව අමුණා....හද ගැහෙන රිද්ම‍යට ගලපා......
    හෙමි හෙමින් සවණතට කොඳුරා.....රහසින් කීවා.....
    හසරැල් ‍යා‍ය මතින් මැවෙනා.....පැතුම් පිනි සිහිලසින් තවනා.....
    හැඟුම් දහරින් දිලී දිලෙනා.....තුන් හිත සනහා.....

    නෙතු නොනිදන නොහොතක විමසමී.....
    හද පවසන රහසට හිත වැටී.....
    තව ලංකරගන්නට සිතුනී....මට නම්.....
    ඔ‍ය දෑතින් අල්ලා.....

    පැතුමන් මතින් සුසුම් පිසදා....හැඟුමන් පෙලින් පෙලට අමුනා.....
    පෙරුමන් හිතින් එලි‍ය කාරලා....සඳ සේ පා‍යා.....

    ලඟම දැවටෙන්න උණුහුමේ.....
    බලා හිඳ ඇස් දල්වා....
    හිතක් මත පිපුණ සැනසුමේ.....
    පි‍යුම් පොද සේමා.....

    පෙම් හීන නෙත් ‍යුගින් දකිනා....බොඳ වෙන්න පෙර සිතේ සඟවා.....
    මතක‍යේ එහි පාට තවරා.....සිත්තම් කරවා.....


    -Irusha & Madhushan-




    (මේකේ video එකට නම් මම මාර ආස‍යි......:cool::cool::cool:)

     
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුඹ කොහෙද සැඟවුනෙ පෙම්බරී
    සිත අහන විටදී දුක් විඳී
    (සිහිනෙන්) කි‍යන්නද පෙම්බරී
    හද ගිලන් වී තව දුක් විඳී
    මහද ගිලන් වී තව දුක් විඳී
    ආදරෙ‍යි මේ ජීවිතේ....//

    දෑස බොඳ වෙලා ගිහින්.....
    කඳුලු දුක අරන්
    හීන ඉහිරිලා ඉතින්.....
    හිතම අතරමං
    ආදරෙ‍යි මං ආදරෙ‍යි මං.....
    සුසුමකින් හෝ ලඟ රැඳෙනූ.....
    ආදරෙ‍යි මේ ජීවිතේ.....//

    තරු කඩා හැලිලා.....සඳ අහසෙ ගිලිලා.....
    නුඹ ගැනම හිතලා.....තවත් දුක දැනුනා.....

    රහසේ....සැඟවී.....හඬන්නම්....
    කඳුලින්.....සැමදා.....රැඳෙන්නම්.....
    ආදරෙ‍යි මේ ජීවිතේ......

    -D'Tap-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Rakitha Welangoda.........

    ~පුරමී පාරමී~

    father-son-walking.jpg


    ~පුරමී පාරමී~
    ..පතමී හැම භවේ..
    ~ඔබගේ පුතු ලෙසේ~
    ..සසරේ රැඳෙන සේ..

    ~චන්ද්‍ර මණ්ඩලේ අනන්ත තාරුකා ඉමේ~
    ..මංමුලා නොවී හිඳින්න මන් කියූ පියේ..
    ~උදා හිරු වගේ මගේ ලෝකයේ තිමිර නැසූ~
    ..පියාණනේ ඔබේ පාද වන්දනා කරම්..

    ~කල්ප වෘක්ෂයක් වගේ නොසෙල්වී සෙවණ වූ~
    ..සෙත් කවක් සේ දුක් නිවාල සිත් පහන් කෙරූ..
    ~මහා සාගරේ වගේ ආදරේ නිමා නොවූ~
    ..පියාණනේ ඔබේ පාද වන්දනා කරම්..
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ~පුරමී පාරමී~

    father-son-walking.jpg


    ~පුරමී පාරමී~
    ..පතමී හැම භවේ..
    ~ඔබගේ පුතු ලෙසේ~
    ..සසරේ රැඳෙන සේ..

    ~චන්ද්‍ර මණ්ඩලේ අනන්ත තාරුකා ඉමේ~
    ..මංමුලා නොවී හිඳින්න මන් කියූ පියේ..
    ~උදා හිරු වගේ මගේ ලෝකයේ තිමිර නැසූ~
    ..පියාණනේ ඔබේ පාද වන්දනා කරම්..

    ~කල්ප වෘක්ෂයක් වගේ නොසෙල්වී සෙවණ වූ~
    ..සෙත් කවක් සේ දුක් නිවාල සිත් පහන් කෙරූ..
    ~මහා සාගරේ වගේ ආදරේ නිමා නොවූ~
    ..පියාණනේ ඔබේ පාද වන්දනා කරම්..

    Lassana song eka :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයේ එන්න පන මාගේ ආදරේ අරන්
    ජීවත් වෙන්න බෑ වාගේ පාලුවේ තවත්
    කඳුළැල් මවා නෙතේ මොනවා ද අත්වුණේ
    පවසන්න ඇයි මෙසේ
    සෙනෙහස තාමත් නොහැඟුනේ

    තනිකම මැදි‍න් එදා සමනල් රටා මවා
    වචනෙන් නොකී කතා හොරකම් කළා ඔයා
    හීනෙන් හැඬුවේ දුකටයි රහසේ තනිවී දිවියේ

    ආයේ එන්න ................

    හසරැල් මතක් වෙලා නිතැතින් සුසුම් හෙලා
    කඳුළින් නුවන් තෙමා දෙනෙතත් ගිලන් වෙලා
    පූජාසනයේ මානම් පැතුවේ ඔබමයි සසරේ

    ආයේ එන්න ................


    ගායනය :- චාමික සිරිමාන්න
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සිනාසෙන්න මට අවසර දෙනු මැන
    සිනාසෙන්න ආසයි ....
    හඬන්න අවසර දෙනු මැන මා හට
    හඬන්න මට ආසයි ....
    ඒ ඔබ වෙනුවෙන් පමණයි...........

     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    • දැනෙන දුක් වේදනා හිත අස්සේ හිර කරන්
      සැනසුමක් නැති වෙලා ඔබ හින්දා රත්තරං
      ඔබ මගෙන් වෙන්වෙලා අද දුරට වී ගිහින්
      මං හඬන හැටි දැක්කොතින් ඔබ හඬයි සත්තකින්..........

      මං තරම් පෙම් කරපු වෙන කෙනෙක් නැති තරම්
      දන්නවා නම් ඔයා වෙන් වෙන්නේ නෑ මගෙන්
      හිත හොයන උණුහුමත් නැති වෙලා අද ඉතින්
      ආදරේ තරම් මා දන්නේ නෑ සත්තකින්

      දැනෙන දුක් වේදනා.............

      ජිවිතේ මම කියා කියු හැටි ලඟ ඉඳන්
      සිහිවෙලා හඬනවා තුන් යමේ නිදිවරන්
      මට පුරුදු තනිකමින් මම යළිත් තනිවෙමින්
      එනතුරා ඔබ ඉතින් බලන් ඉමි රත්තරං...........

      දැනෙන දුක් වේදනා




     
    • Like
    Reactions: DAMER

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63


    ඔබ එක්ක මන් උන්නු හැටි ආය පුලුවන්ද මග මන් බලන් ඉන්නවා
    පිලිගන්න පුලුවන්ද ආදරේ කීවාම ඔබ එනතුරා ඉන්නවා
    කවිකාරියේ නුබ කියා දුන් ආදරේ මන් දන්නවා
    මගේ ආදරේ ඔබ කොහේදෝ මන් ආදරේ සොයනවා

    පිනි බින්දු උදයේම තණ අගට වැටුනාම හිරු ඇවිත් ඩැහැගන්නවා
    පනවගේ උන්නාට දිවුරලා කීවාට මන් තනිවෙලා ඉන්නවා

    අපි දෙන්න ආයෙත්ම හමුවන්න පුලුවන්ද මගමන් බලන් ඉන්නවා
    ඒ මතක මට දුන්න ඔබ තාම තනියෙන්ද මන් එනතුරා ඉන්නවා
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මේ ගී කාටදැයි,
    මේ ගී කාටදැයි,
    ඔබ දන්නවා ඇති
    හිත මගේ පිදු හැටී
    සිහිවේ නොනැවතී.



    සිතුපැතු අන්දම රෑ දිවා
    අමුතුම ලොවක් මවා
    මට මා අමතක වූවා
    සිහිය පැන දිවා
    බලාපොරොත්තුවෙ කඩතිර ඉරා
    පාළුව විඳදරා
    ඉවසමි දිවිතුරා.

    එකම හිනාවට ගී දහසක්
    බිහිවෙයි මාගෙ මුවින්
    ඇතිවුනි නම් අවබෝධෙ
    අද මේ විලස නොවේ
    කොතැනක හිටියද මෙම ලෝ තලයේ
    රකිමි හැම කලේ
    සිහිවේ හැමවෙලේ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගෙ ආදරේ තරම්

    මගෙ ආදරේ තරම්.. මගෙ ආදරේ තරම්
    මගෙ ආදරේ තරම්... දන්නවනම් ..
    ඇයි කඳුළු ඇස්දෙකේ ඔය තරම්.

    මම දුන්නු පෙම් හැඟුම්... මම දුන්නු පෙම් හැඟුම්..
    මම දුන්නු පෙම් හැඟුම්.. නෑ යළි අරන්
    නොහඬන්න මා ආදරෙයි රත්තරං ..

    අහම්බෙන් ඇවිත් ළන්වෙලා..
    වෙනස්කලා මගෙ ජීවිතේ..
    දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්. .
    මියැදේවී මා ඔබ නැති උනොත් සොවින් ..

    මගෙ ආදරේ තරම්..

    හීන් ඇස්වලින් බල බලා..
    මතක් කලා මට අදරේ. .
    දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
    මියැදේවී මා ඔබ නැති උනොත් සොවින් ..

    මගෙ ආදරේ තරම්..


    චන්දන ලියනආරච්චි
     
    • Like
    Reactions: DAMER

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මුවරද සුවඳ ගෙනා සමණලුනේ
    කියන්න හෙමිහිට
    කොයි යම් ඉසව්වෙන්ද මුණගැසුණේ
    මා හැර ගිය ඇය
    මට මග කියන්න එක සැරයක්
    ඈ හමුවන්නට

    තරු කඳුළු සලන රැයෙන් රැයට වළා වියන යට
    මට අත වැනුවා හැම විට ඈ මතකයේ දොරකඩ
    ඒ උනාට ඈ හමුවුණේ නෑ මට කිසි විට

    ලිත් පෙරේරා
     
    • Like
    Reactions: rcccc

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පවසට පල නැත සයුරේ රළවැල්
    දිය දෝතක් ගමි දොළකින් සිහිලැල්
    පීඩිත වී සිටිනා සඳ අඳුරේ
    ඔබ පමණයි ගෙන ආවේ හසරැල්
     
    • Like
    Reactions: DAMER