මචන්ලා මම මේ ත්රේඩ් එක සම්පූර්නයෙන්ම කියෙව්වා. කැම්පස් ගියා හරි නැතුව හරි මම කියන්නේ මේකේ දාලා තියෙන රැග් ගොඩක් බොරු. මෙහෙම දේවල් කැම්පස් වල කරන එක ගැන නම් හිතන්න අමාරුයි. මේකේ hancok කියන පොඩි එකා ගැන නම් කියන්න ඕනේ. මොකද මීට කලිනුත් එලකිරියේ කැම්පස් ගැන ගියපු ත්රේඩ් එකක hancok කියන කෙනා පොර ටෝක් දීලා තිබ්බා merit pass ගැනයි එයාගේ සල්ලි ගැනයි. මේකේ දාලා තියෙන්නෙත් ඒ වගේ දේවල්. මම හිතන්නේ මෙ පොඩි එකා එලකිරි ඇවිල්ලා තියෙන්නේ තමන් හෙන පොරක් කියලා අනිත් උන්ට පෙන්නන්න. හරියට ඉගෙන ගත්ත එකෙක් නම් මෙහෙම දේවල් කියන්නේ නෑ. කොල්ලෝ උබ තවම පොඩි එකෙක්. සමාජයෙන් තව අත්දැකීම් ගනින් අනිත් උන්ව පහතට දාලා කතා කරන්න කලින්. උබ කැම්පස් ගියමවත් ඔය දේවල් හදා ගනින්. කැම්පස් කීවිතේ කියන්නේ පොත පස්ස පැත්තේ ගහගෙන පාඩම් කරන එක විතරක් නෙමෙයි. ඊට වඩා ගොඩක් දේවල් කරන තියෙනවා. ගන්න පුලුවන් හැම ආතල් එකක්ම ගනින්. හැබැයි සීමාව තියාගෙන..![]()










