සඳකත් පිණි දිය කඩා හැලෙනවා
දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා
රුක් අල්කාරී කන්දෙන් පාර අසා
සූවස් සයුරේ රළ රැලිති මකා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා
රුබියා කතරේ පා සළකුණු නොතියා
නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා
අමීෂා...