මරා දමන්නට දුෂ්කර වූ මිනිසකුගේ මරණයේ කථාව
රස්පුටින්
රස්පුටින්, නොඑසේ නම් ග්‍රිගෝරි යෙෆිමොවිච් රස්පුටින් යනු ලොව සුප්‍රකට පුද්ගල චරිත අතරට එක්වන තවත් සුවිශේෂී නාමයකි. 1869 ජනවාරි 22 වැනිදා ඉපැදුණු ඔහු 1916 දෙසැම්බර් 30 වැනිදා මෙලොව හැර ගියේ ලොව දස අත සිය නම පතුරවමිනි. ඔහු එතරම් සුප්‍රකට චරිතයක් බවට පත්වූයේ අන්කිසිවක් නිසා නොව රුසියානු විප්ලවයට පෙර සිටි අවසන් සාර් රජූ වූ 2 වැනි නිකොලස්, ඔහුගේ බිසව වූ ඇලෙක්සැන්ඩ්‍රා හා පුත්‍රයා වූ ඇලෙක්සිස් සිය වසඟයට ගෙන මුළු රුසියාව පුරාම බලය පැතිරවීමට තරම් හැකියාවක් ලබාගත් හෙයිනි.
ඔහු රාජ්‍ය බලය සියතට ගෙන කළ කී දෑ අපමණය. පූජකයකු වූ ඔහු සිය වසඟයට ගත් කාන්තාවන්ගේ ගණන අපමණය. එසේ හෙයින් ‘හොර පූජකයා’ යනුවෙන් ද ඇතැමෙක් ඔහුව හඳුන්වන්නට විය.
1917 දී සාර් අධිරාජ්‍යය බිඳවැටී රුසියානු විප්ලවයට ජයගන්නට හැකිවූයේ ද රස්පුටින්ගේ නොමනා ක්‍රියාවන් හේතුවෙන් සාර් පාලනය කෙරෙහි ජනතාව තුළ ඇතිවූ කලකිරීම නිසා බවද ඇතැමෙක් පවසති. රස්පුටින් පිළිබඳව ලියැවී ඇති පොත් පත් ගණන ද අතිවිශාලය, සිනමා නිර්මාණ ද ගණනාවකි. සුප්‍රකට බොනියම් ගායක කණ්ඩායම මොහු පිළිබඳ ගායනා කරනා Rasputin ගීතය අදටත් ලොව පුරා එකසේ ප්‍රචලිතය.
ඔහුගේ ජීවිතය මෙන්ම ඔහුගේ මරණය ද අදටත් අබිරහසකි. ඔහු පහසුවෙන් මරණයට පත් කළ හැකි පුද්ගලයෙක් නොවේ යැයි ද රාවයක් පැතිර තිබිණි. ඔහුගේ ජීවිතය පිළිබඳව කතා කරනවා සේම මරණය පිළිබඳ කතා කිරීම බොහෝ දෙනෙකුගේ උනන්දුව වඩවාලීමට හේතුවක් වනු ඇත. එසේ හෙයින් අපි ඔහුගේ ජීවිත කතාව නොව තවමත් අබිරහසක් ලෙස කවුරුත් සලකන මරණය පිළිබඳව මෙසේ කතා කරමු.
කාන්තාවන් අපයෝජනයන්ට ලක්කරන්නකු වශයෙන් පෙනී සිටි රුසියානු පූජකයකු වූ රස්පුටින් ප්‍රබල සාර් රාජවංශය බිඳ වැටීමට හේතුවූ ප්‍රධාන සාධකය බව බොහෝ දෙනා පොදුවේ පිළිගනිති. රුසියානු විප්ලවයට වසර ගණනාවකට පෙර සිටම සාර් රාජකීයයන්ට ඉමහත් බලපෑමක් කරමින්, ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් පූජක චරිතයකට පණදුන් මේ පුද්ගලයා රුසියානු රාජ්‍යය පුරා ද මුළු ලොව මුළුල්‍ලේ ද සුප්‍රකට චරිතයක් බවට පත්වෙමින් සිටියේය. සාර් රජ පවුලට රස්පුටින් විසින් කරනු ලැබූ බලපෑමේ අනිටු පලය වූයේ රජ පවුලත් ජනතාවත් අතර විරසකයකට මග පෑදීමයි. ඔහු බොහෝ කාන්තාවන් සංඛ්‍යාවක් සමග නොමනා සම්බන්ධකම් පැවැත්වූවා පමණක් නොව සාර් රජුගේ බිසව ද තම වසඟයට ගෙන තිබූ බැව් පැවසේ. සාර් මාලිගයේ සිටි ඇතැමෙක් රස්පුටින්ගේ මෙම හැසිරීම් අනුමත නොකළ අතර ඔවුනගේ අදහස් වූයේ ඔහු රජ මාලඵඵිගයෙන් පිටමන් කළ යුතු බවයි. නමුත් ඔහු රජ පවුලත් සමග තිබූ අතිශය සමීප සබඳතාවය නිසා එය කළ නොහැක්කක් විය.
රස්පුටින් යනු සැබැවින්ම ගුප්ත බලයක් සහිත පුද්ගලයෙක්ව සිටි බව ප්‍රකටය, රජ පවුලට අයත් දඩයම් සුනඛයකු සුවකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු දෙවැනි සාර් නිකොලොස්ගේ හා ඇලෙක්සැන්ඩ්‍රියාගේ අවධානයට ලක්විය. ඔවුන් රෝග සුවකරන්නකු වශයෙන් රස්පුටින් කෙරෙහි මෙතරම් 04-2අවධානයක් යොමු කළේ අන්කිසිවක් නිසා නොව සිය පුතු වූ ඇලෙක්සිස්ගේ තිබූ රෝගී තත්ත්වය නිසාය. සාර් පවුලේ රජ කිරුළට හිමිකම් කියන්නට පුතකු උපන්නේ දූවරුන් පස් දෙනෙකුගෙන් අනතුරුවය. එබැවින් සාර් රජු හා බිසව ඔහුට ඉතා දැඩි ස්නේහයක් දැක්වූහ. එහෙත් අවාසනාවට මේ ඔවුන්න හිමි සාර් කුමරු හීමෝෆීලියාව වැළඳීමෙන් රෝගී තත්ත්වයට පත්ව සිටියේය. වේදනාකාරී වූ මෙම රෝගය වැළඳුණු සියලු දෙනා අඩු වයසින්ම ජීවිතයෙන්ම සමුගන්නෝය. රස්පුටින් පිළිබඳ දැනගත් මොහොතේම සාර් බිසව සිය පුතු සුවපත් කරගැනීම සඳහා ඔහුගේ පිහිට පැතුවේය. රස්පුටින් සිය දෑත් ඇලෙක්සිස්ගේ සිරුරට තැබුවා පමණි. නොබෝ දිනකින්ම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වී ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලැබුවේය.මෙයින් පසුව රාජකීය පවුල සමග වූ රස්පුටින්ගේ බැඳීම තව තවත් ශක්තිමත් විය. ඔහු සිය බලය තව තවත් පතුරුවන්නටද පටන් ගත්තේය. අවසානයේ එයම ඔහුගේ මරණයේ දොරටුවද විවර කළේය.
රස්පුටින් සිය මරණය පිළිබඳ කලින් දැන සිටියාද යන්න පිළිබඳව සැක සිතෙන අවස්ථාවන් ද හමුවේ. සාර් රජු යුද පෙරමුණට යන සෑම අවස්ථාවකදීම රස්පුටින්ගේ ආශීර්වාද පතන්නට පුරුදුව සිටියේය. දිනක් පුරුදු පරිදි මෙසේ ආශීර්වාද පැතූ අවස්ථාවක රස්පුටින්, “අද නම් මටයි ආශීර්වාද කළ යුත්තේ” යනුවෙන් පැවසුවේය. රුසියාවේ හා තමාගේ විනාශය හා ඉරණම පිළිබඳ අනාවැකියක් සහිතව රස්පුටින් විසින් ලියන ලද ලිපියක් ද හමුවී තිබේ. එහි මෙසේ තිබේ.
“මාගේ හෝරාව ඉක්මනින් උදාවනු ඇත. මට ඒ පිළිබඳ බියක් නොමැත. නමුත් ඒ හෝරාව අමිහිරි බැව් ඔබ දත යුතුය. මට මරණයේ වේදනාව දැනෙනු ඇත. මම මාගේ වධකයින්ට සමාව භජනය කරමි. මාගේ රාජධානිය උරුමකර ගනිමි.”
ඔහුගේ මරණය සිදු වූ දිනයේ ඔහු මෙවැනි දෙයක් පැවසූ බැව් ද වාර්තා වී තිබේ.
“පුංචි අම්මේ, මගේ අවසානය ආසන්න වී ඇතැයි මට සිතෙනවා. ඔවුන් මා මරා දමාවි සිහසුන මාස තුනක්වත් නොපවතීවි.”
ඔහුගේ ජීවිතයට තර්ජනයක්ව ඇති සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ නිසාම රාත්‍රී කාලයේ ගමන් බිමන්වලින් වැළකී සිටීම ප්‍රවේශම් සහිත බවත් රස්පුටින්ගේ මිතුරකු අනතුරු හඟවා තිබිණි. නමුත් මේ සියල්ල නොසලකමින් ඔහු සිය මාරයා වූ යුසොපොව් කුමරුගේ නිවසට ගියේය. යුසොපොව් සහ ඔහුගේ කුමන්ත්‍රණකරුවන් ක්‍රීම් කේක්වලට සයනයිඩ් යහමින් මිශ්‍රකොට රස්පුටින්ව මරා දමන්නට කිහිප වරක්ම උත්සාහ ගත් බැව් යුසොපොව් විසින්ම පසු කාලයේදී හෙළිකර තිබිණි. නමුත් අවසානයේ රස්පුටින් කේක් කන්නට කැමැත්ත පළ කළේය. ඔහු සයනයිඩ් අධිකව මිශ්‍ර කළ කේක් අනුභව කළත් ඔහුගෙන් කිසිදු වෙනසක් දක්නට හැකි වූයේ නැත. පසුව යුසොපොව් වස මිශ්‍ර කළ වයින් රස්පුටින්ට පානය කරන්නට ලබා දුන්නේය. වයින් බොන්නට ද රස්පුටින් මුලින් අකැමැති වුවත් පසුව කැමැත්ත පළ කළේය. නමුත් වස මිශ්‍ර වයින් පානය කළ ද කිසිදු වෙනසක් දක්නට නොලැබුණෙන් යුසොපොව් අපේක්ෂාභංගත්වයට පත්විය. පැය දෙකක් පමණ ගතවූ විට රස්පුටින්ගේ වෙහෙස බවක් දිස්වූ මුත් ඔහු ඉතා ප්‍රාණවත්ව සිටියේය. පසුව සිය රිවෝල්වරය ගත් යුසොපොට් රස්පුටින්ගේ හදවතටම එල්ලකොට වෙඩි තැබුවේය. රස්පුටින්ගේ ප්‍රාණය නිරුද්ධ වූවාසේ පෙනුණි. යුසොපොව් නාඩි පිරික්සා බැලූ මුත් නාඩි ගැහෙන බවක් දැනී ද නැත. තමා රස්පුටින්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දෙස බලා සිටි බවත්, එකවරම එක් ඇසක්ද, මදකින් අනෙක් ඇසත් විවර වුණු බවත් යුසොපොව් පසුව පවසා තිබිණි. රස්පුටින් සිය පාදය දිගහැර යුසොපොව් පහරක් එල්ල කළේය. එ04-3හිදී රස්පුටින්ගේ මුවින් සෙම ගලා යන්නට විය. එම නිවසින් පිට වූ රස්පුටින්, සිදුවූ සියල්ල සාර් රජුගේ බිසවට පවසන බව පවසමින් අංගනය හරහා ගමන් කරන්නට පටන් ගත්තේය. පසුව යුසොපොව්ගේ උදව්කරුවකු වූ පුරිෂ්කෙවික් රස්පුටින්ගේ කොන්ද දෙසට වෙඩි තැබුවේය. රස්පුටින් ඇවිදීම නතර කළ අතර, පුරිෂ්කෙවික් නැවත වෙඩි තැබුවේය. එහිදී රස්පුටින් බිම ඇද වැටුණි. එතැනට දිව ගිය පුරිෂ්කෙවින් රස්පුටින්ගේ මළ සිරුරට වැරෙන් පා පහරක් එල්ළ කළේය. එයින් මළ සිරුරේ දැඩි තුවාලයක් ඇතිවිය.
මළ සිරුර නිවෙසට රැගෙන ආ අතර සිය කෝපය පාලනය කරගත නොහැකි වූ යුසොපොව් රස්පුටින්ගේ සිරුරේ හිසට හා පසුපසට එක දිගට පහර දෙන්නට පටන් ගත්තේය. ඇතැම් වාර්තාවලින් පැවසෙන්නේ යුසොපොව් රස්පුටින්ගේ මළ සිරුර සමග යම් කිසි ලිංගික ක්‍රියාවක ද නිරත වූ බවය. පසුව රස්පුටින්ගේ සිරුර අසල තිබූ පාලම මතට ගෙන ගිය ඔවුහු, එය ගඟට විසි කළේය. පසුව සිරුර සොයා ගත්තේ මීටර් 226ක් ඈතිනි. එය ඇදී ගොස් තිබුණේ ගඟේ අයිස් තරමට සීතල ජලයට යටිනි. මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ ඔහුගේ පෙනහලු ජලයෙන් පිරී තිබූ බවයි. එයින් අදහස් වන්නේ ඔහුව ගඟට විසි කරන අවස්ථාව වන විටත් ඔහු ජීවතුන් අතර සිටි බවයි.
වස දුන්න ද, වෙඩි තැබුව ද, දියේ ගිල්වුව ද රස්පුටින් යනු මරාදැමිය හැකි මිනිසකු වූයේ නැත. රස්පුටින් යනු සුරදූතයන්ගේ හෝ දුෂ්ට ආත්මයන්ගෙන් ආරක්ෂාව ලබා ගන්නා සුපිරි මිනිසෙක් වීද? මරණ පරීක්ෂණයේ ඡායාරූප ද සමගින් රුසියාවෙන් මතෛක් සොයා ගැනීමට දුෂ්කරව තිබූ තොරතුරු ද ඇතුළත් කොට එඩ්වාර්ඩ් රැඩ්සිනස්කි විසින් ලියන ලද කෘතියකින් පැවසෙන්නේ රස්පුටින් යනු මරන්නට දුෂ්කර වූ මිනිසකු වූයේ නැති බවයි. එහිදී පෙන්නුම් කෙරුනේ ඝාතකයන්ගේ නොහැකියාව බව ඔහු පවසයි.04-4
රස්පුටින්ගේ සමයේදී සාර් පාලනය විසින් ගනු ලැබූ දුර්වල තීරණයන් නිසා ජනතාව තුළ ඇති වූ වෛරය සාර් පාලනය බිඳ වැටෙන්නට බලපෑ ප්‍රබලතම හේතුව යැයි සිතිය හැකිය. රට මහත් බරපතළ දේශපාලන අර්බුදයකට ලක්ව තිබූ අවධියක පාලන පක්ෂය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටුණි. එවකට පළමු ලෝක සංග්‍රාමයට මැදිව සිටි රුසියාව එයින් ද පරාජයට පත්වෙමින් සිටියේය. රටේ දරුණු ආහාර හිඟයක් මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල සැපයුම් අඩුවක් ද දක්නට ලැබිණි. අඩසියවසක් පමණ කාලයක් තිස්සේ ජනතාවගේ සිත් තුළ නළියමින් පැවති විප්ලවකාරී අදහස් තීව්‍ර ලෙස මතුවන්න මේ සියලු දෑ මහඟු වටපිටාවක් නිර්මාණය කළේය. අවසානයේ රස්පුටින්ගේ මරණයෙන් කෙටි කලකට පසුව රුසියානු විප්ලවය ජයග්‍රහණය කොට නිකොලස් ඇතුළු මුළු සාර් රජ පවුලම ඉතිහාසයෙන් සදහටම මැකී ගියේය.

Last edited: