කසාදය.............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එළකිරියෙ යන සමහර ත්‍රේඩ් දැක්කම හිතුන මේ ගැන අදහස් ටිකක් ඉදිරිපත් කලොත් හොඳයි කියල.කසාදය එහෙමත් නැත්නම් විවාහය කියන්නෙ දෙවන ඉපදීම කියලත් කියනවනෙ නේද? ඉතින් මේ දෙවෙනි ඉපදීම සමහරුන්ට සෞභාග්‍ය :):) වගේම තවත් අයට අභාග්‍ය :oo::no::baffled::( ළඟා කරල දෙනව කිවුවොත්, කවුරුවත් ඒකට එරෙහි වෙන එකක් නෑ. ඒත් ඒ සෞභාග්‍ය හෝ අභාග්‍ය ළඟා කරගන්නෙත් අපිමයි කිවුවොත්?........:rolleyes:
    එතෙන්දිනම් ගොඩාක් දෙනෙකුට ගොඩාක් හේතු තියෙයි.කේන්දරේ බලපු එකාට බනියි, ගෙදර අය නිසා කලා කියයි,මන් හින්ද මැරෙන්න හැදුව කියයි,තව ඕන තරම් කතා කියයි. ඒත්...... ඒ හැමදේමත් අපේම වැරදි නේද හිතල බැලුවම?:)
    කලබලයෙන් කසාද බඳින්නා නිවිසැනසිල්ලේ පසුතැවිලි වෙයි කියල තියෙනව අහල තියෙනව නේද?:shocked::shocked:
    කෙනෙක්ව තෝරගනිද්දි අපි මොනවද බලන්න ඕන? ජාති ආගම් කුළ ඔය වගේ තවත් ගොඩාක් දේවල් ඇතුලත් ලිස්ට් එකක් තියෙයි.හොඳයි ඔය හැමදේමත් හරි කියල හිතමු. මොකද ඒ දේවල් පැවත එන දේවල් නිසාත් ඒවයෙන් වැඩක් මිස අවැඩක් සිදු නොවෙන නිසාත්.
    දැන් මම මේ කියන්න යන දේවල් වලට විවිධාකාරයේ පිළිතුරු ලැබෙයි. පොරොන්දම් බලන එක ඒ තරම් සැහැල්ලුවට ගන්න එපා කොල්ලනේ.[මේකෙ කෙල්ලොත් ඉන්නවද මන්ද?]ඒක හරි ගියා කියමු. ඒත් උඹලට තවත් හොයන්න පුලුවන් ක්‍රම තියෙනව.ලග්නෙ අනුව සම්බන්දය මොන වගේ එකක්ද බලන්න. ඊලඟට නමේ අක්ෂරවල එකතුව අනුව මැච් වෙනවද බලාගන්න පුලුවන්. තවත් එකක් උඹලගෙ දෛව අංකය අනුවත් බලාගන්න පුලුවන්. ආ..... ඒ වගේමයි චීන ක්‍රමයක් තියෙනව ඒ ඒ වර්ෂ අනුව සත්තුන්ට බෙදල. ඒ ක්‍රමයත් හොඳ එකක්.
    මේ කියල තියෙන දේවල් බයිල කියල ඕනම කෙනෙක් කියන්න ඉඩ තියෙයි. ඒත් මේව ගැන හොයල බැලුවොත්?..... අපේ ලඟින්ම ඉන්න යාලුව පවා අපිට මේ තරම් සම්බන්ද ඇයි කියල උඹලට තේරුම් යයි කියල හිතනව.ඉස්සෙල්ලම තමන්ව තේරුම් ගන්න. එතකොට අනෙකාව තේරුම් ගන්න කිසිම අමාරුවක් නෑ.
    පොඩි හරි බොරුවක් කියන, රැවටීමක් කරන කෙල්ලො විස්වාස කරන්නත් එපා.අතීතයෙන් වැඩක් නෑ අනාගතයයි වැදගත් කියල හිතල බඳින්නත් එපා.[මගේ අදහසනෙ]ඒත්......අතීතය කියන්නෙ අනාගතයේ කැඩපත බව අමතක කරන්නත් එපා.
    කොල්ලනේ සතුටත් සෞභාග්‍යත් ධනයත් ගලාගෙන එනව ආදරේ තියෙන තැනට. ඒ නිසා ඇත්තටම ආදරේ කෙල්ලෙක්ව හොයා ගනිල්ල. ඒකටයි මම මේක කෙටුවෙ මේ තරම් වෙලා.උඹල හැමෝටම සුභ දෙවෙනි උපතක්ම වේවා.................:):):):P
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ මොන ප්‍රශ්නයක් වත් එන්නේ නෑ, ආදරය කරලා දෙන්නාට දෙන්නා හොද වැටහිමකින් අලුත් ජිවිතයක් ගත කරන්න උත්සහ කලා නම්..
    කොහොම වුනත්.. අලුත් ජිවිතයේදී බාධා එන තරමටයි අපිට ඒ ජිවිතය දිහා බැරැරුම් ව හිතලා
    ඒ ජිවිතය හැඩ ගස්සවා ගන්න පුලුවන් මානසිකත්වයක් ඉස්මතු වෙන්නේ..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒ මොන ප්‍රශ්නයක් වත් එන්නේ නෑ, ආදරය කරලා දෙන්නාට දෙන්නා හොද වැටහිමකින් අලුත් ජිවිතයක් ගත කරන්න උත්සහ කලා නම්..
    කොහොම වුනත්.. අලුත් ජිවිතයේදී බාධා එන තරමටයි අපිට ඒ ජිවිතය දිහා බැරැරුම් ව හිතලා
    ඒ ජිවිතය හැඩ ගස්සවා ගන්න පුලුවන් මානසිකත්වයක් ඉස්මතු වෙන්නේ..

    බාධා එන එකයි බලෙන්ම බාධාවක් කර ගහගන්න එකයි දෙකක් කොල්ලෝ...........දැන් නිවිසැනසිල්ලෙ මම කියන්න ගියේ මොකක්ද කියල බලන්නකො:)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Z
    BAMP