ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    උබ ලබාගෙන තියෙන අත්දැකීම් එක්ක බැලුවම හොද තර්කයක් මචන්, හැබැයි දැන් මේකේ ඉන්න එඋන් උබට බිම දාගෙන තඩි බායි. :rofl:

    ‘The soul never thinks without a picture.’
    — Aristotle

    උඹ හරි ලොක්ක ,එවුනට සත්‍ය අපි නිර්භයව ප්‍රකාශ කරන්න ඕනේ
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    තැනකට හා වීම [තණ්හාව] තමා හේතුව ,මිනිස්සු රාග ,ද්වේශ ,මෝහ වලින් අන්ධ වෙලා ,ඇමෙරිකාව, කැනඩව දියුණු උනේ උන් අනික් මිනිසුන්ගේ දේවල් හොරකම් කරපු නිසා
    මොන රටක හිටියත් කෙලෙස් පාලනය කරගැනීම , නැතිකරගැනීම තමා බුදු දහම
    :):):):):):):)

    great machooo////
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනානම් ඔය කාතාව කටින් කටවත් ඇවිල්ලා අපේ මිනිස්සු දැනගෙන ඉන්න ඔනෙ නේද. ඔය වගේ සුවිශේෂ සිද්ධියක් කොහොමද ඔය තරම් වසන් වුනේ. සුද්දෝ අපේ රට අල්ලගෙන හිටපු කාලේ ඔය තරම් ඇත්තක්, බොරුවක් කරන්න පුලුවන්ද? සුද්දෝ අපේ රට අල්ලගෙන ඉන්නකොට අංගම්පොර, හෙල වෙදකම නැති කරන්න උපරිම උත්සාහ කලා කියලා අපි දන්නවනේ. ඒත් ඒවා අදටත් නොනැසී තියනවා. එහෙම වෙනකොට, කොහොමද බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන කතාව ජන සමාජයෙන් ඈත් වුනේ.

    නෑ මචන් රජ කාලේ උනත් ඔය කතා හරියට දැනගෙන ඉදලා නෑ ,හැබැයි මේ මම කියන ස්ථානවල සෙල්ලිපි තියෙනවා බුදුන්ට පුජා කරන ලදී යනාදී වශයෙන්

    රට 1505 ඉදන් යුධ වලින් දේශපාලන අස්ථාවර වලින් පීඩිත වෙලා හිටියේ ,අපි කොටි යුද්ධ කරපු පැත්තක හිටියනම් අපිටත් තේරෙනවා යුද්ධයකට මැදි වෙලා ඉන්නකොට කොහොමද කියලා

    දැන් අපිත් සැනසීමේ ඉන්නේ ඒ දේවල් ගැන හිතන්න නැති නිසා ,ඒ හිටපු මිනිසුන්ට ජීවිතේ බේරාගන්නවා ඇරෙන්න ,බුදුන් ඉපදුන තැන් බල බල ඉන්න වෙලාවක් තිබ්බේ නෑ

    හැබැයි දැන් ඕනේ කෙනෙක්ට ගිහිල්ලා මේ ස්ථාන බලලා විවුර්ත මනසකින් තීරණයක් ගන්න පුළුවන්
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බුදුන්ගේ උරුමයන් ගවේශණය කරන්නන්, ඔවුන්ගේ අවසානය අරහත් ඵලයනම් ඒ සදහා සෝවාන් මාර්ග ඵල තත්වයටවත් අඩුම වශයෙන් පැමිණිය යුතුයි.

    බලි,තරු,රාවන,පුලතිසි වැනි හෙල රජවරුන් හා දැනුම් ගවේශකයන් අඩුම වශයෙන් ජෛතිශ්‍ය, යෝග, ධ්‍යාන, අභිජ්ජා, අංගම් වැනි හෙල සූ සැට ශිල්පයන්වත් ඉගෙන ගෙන මිනිස්සුන්ට උදව් කල යුතුයි.

    එසේ නොමැතිව වැලලී ගිය ඉතිහාසයක් සොයමින් හුදු වංශ මානයක් පමණක් සාදා ගැනීම අමුම අමු ගොන් කමකි.

    උපුටා ගැනීම : හිරාන් @ facebook
    ------------------------------------------------------

    මේ උඩ තියෙන පින්තූරය ගැන, ඒ සිදුවීම කුමක්ද ඇහුවොත් කට්ටිය කියන්නෙ බුදු පියාණන් සත් සතිය ගත කිරීමෙන් පසු අධික වර්ශා, කුණාටු පැමිණි නිසා මුචලින්ඩ කියන නයා ඇවිල්ල බුදු පියාණන් ව වටකරගෙන පෙනේ පුප්පල වැස්සෙන් කුණාටුවෙන් ආරක්ශා කරා කියල.
    ත්‍රිපිටකයෙ තියෙන්නෙ මුචලින්ද නාග රජු කියල.
    මොන රටේද නාග හෙළය තිබුනෙ? යක්ශ, නාග, කුම්බාණ්ඩ, දේව හෙළ යනුවෙන් කොටස් 4ක් තිබුනෙ මේ වර්තමානයෙ ලංකාව කියන හෙළ බිමේ නේද?
    ඒ හෙළ බිමේ නාග හෙළයෙ හිටිය රජ කෙනෙක් ගෙ නමක් තමඉ මුචලින්ද කියන්නෙ.
    ඒ රජතුමා බුදුන් වහන්සේට හිරිවඩුන්න ප්‍රදේශයේ බුද්ධ ගයාවෙ වැස්සෙන් හිරිකඩෙන් බේරෙන්න හදල දීපු කුටිය ගැන ඔය කියන්නෙ.
    යන්න හබරණ ට කිලේමීටර් 1ක් මෙහායින් හැරිල හිරිවඩුන්නෙ බුද්ධ ගයාවට. ඒ පැත්තෙ ඕන කෙනෙක්ගෙන් අහන්න ශ්‍රී මහාබෝධියට යන්නෙ කොහොමද කියල. පාර කියයි.. ඒ ස්තානයෙ ආරන්‍යක් තියෙන්නෙ. බලන්න ගිහිල්ල මුචලින්ද නාග රජු හදල දීපු කුටුයෙ නටඹුන්. කැලේ ඇතුලට යනකොට තව ඕන තරම් තියෙනව. ඒ වගේ ම මුචලින්ද විල හිටන් තවම දැකගන්න පුලුවන්.. ඉන්දියාවෙ නාග හෙළයක් තිබුන ද?
    ඉන්දියාවෙ මිනිස්සු බුද්ධ ගයාවට කියන්නෙ බොද් ගයා කියල. ඇයි එහෙම කියන්නෙ බුද්ධ ගයාව ට. එයලගෙ භාශාවට බුද්ධ කියන වචනයෙ උච්චාරණය හරි හැටි නොගැලපෙන නිසා ද?

    එළ මචන්
    හිරි වඩුන්නේ කැලය මැද්දේ අදටත් සක්මන් ගල් 2,මුචලින්ද නාග ගෝත්‍රික රජු හදලා දුන්න ආවරණයේ ගල් කණු අදටත් තියෙනවා

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    එල මචන්. මේවා තවත් ප්‍රසිද්ධ කරපන්. හැබැයි සින්හලෙන් විතරක්. කඩෙන් හින්දියෙන් තයි වෙන මොන බාසාවෙන්වත් දාන්න එහෙම එපා අපිට පාරෙ බැහැල යන්න තියනව

    :lol::lol::lol::lol::lol::lol::)

    ps

    :rofl::P
    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම 10-23-2013 11:18 AM -6 අනාතයා
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බුදුන්ගේ උරුමයන් ගවේශණය කරන්නන්, ඔවුන්ගේ අවසානය අරහත් ඵලයනම් ඒ සදහා සෝවාන් මාර්ග ඵල තත්වයටවත් අඩුම වශයෙන් පැමිණිය යුතුයි.

    බලි,තරු,රාවන,පුලතිසි වැනි හෙල රජවරුන් හා දැනුම් ගවේශකයන් අඩුම වශයෙන් ජෛතිශ්‍ය, යෝග, ධ්‍යාන, අභිජ්ජා, අංගම් වැනි හෙල සූ සැට ශිල්පයන්වත් ඉගෙන ගෙන මිනිස්සුන්ට උදව් කල යුතුයි.

    එසේ නොමැතිව වැලලී ගිය ඉතිහාසයක් සොයමින් හුදු වංශ මානයක් පමණක් සාදා ගැනීම අමුම අමු ගොන් කමකි.

    උපුටා ගැනීම : හිරාන් @ facebook
    ------------------------------------------------------

    9k=
    634980196834421268_2028.jpg

    මේ උඩ තියෙන පින්තූරය ගැන, ඒ සිදුවීම කුමක්ද ඇහුවොත් කට්ටිය කියන්නෙ බුදු පියාණන් සත් සතිය ගත කිරීමෙන් පසු අධික වර්ශා, කුණාටු පැමිණි නිසා මුචලින්ඩ කියන නයා ඇවිල්ල බුදු පියාණන් ව වටකරගෙන පෙනේ පුප්පල වැස්සෙන් කුණාටුවෙන් ආරක්ශා කරා කියල.
    ත්‍රිපිටකයෙ තියෙන්නෙ මුචලින්ද නාග රජු කියල.
    මොන රටේද නාග හෙළය තිබුනෙ? යක්ශ, නාග, කුම්බාණ්ඩ, දේව හෙළ යනුවෙන් කොටස් 4ක් තිබුනෙ මේ වර්තමානයෙ ලංකාව කියන හෙළ බිමේ නේද?
    ඒ හෙළ බිමේ නාග හෙළයෙ හිටිය රජ කෙනෙක් ගෙ නමක් තමඉ මුචලින්ද කියන්නෙ.
    ඒ රජතුමා බුදුන් වහන්සේට හිරිවඩුන්න ප්‍රදේශයේ බුද්ධ ගයාවෙ වැස්සෙන් හිරිකඩෙන් බේරෙන්න හදල දීපු කුටිය ගැන ඔය කියන්නෙ.
    යන්න හබරණ ට කිලේමීටර් 1ක් මෙහායින් හැරිල හිරිවඩුන්නෙ බුද්ධ ගයාවට. ඒ පැත්තෙ ඕන කෙනෙක්ගෙන් අහන්න ශ්‍රී මහාබෝධියට යන්නෙ කොහොමද කියල. පාර කියයි.. ඒ ස්තානයෙ ආරන්‍යක් තියෙන්නෙ. බලන්න ගිහිල්ල මුචලින්ද නාග රජු හදල දීපු කුටුයෙ නටඹුන්. කැලේ ඇතුලට යනකොට තව ඕන තරම් තියෙනව. ඒ වගේ ම මුචලින්ද විල හිටන් තවම දැකගන්න පුලුවන්.. ඉන්දියාවෙ නාග හෙළයක් තිබුන ද?
    ඉන්දියාවෙ මිනිස්සු බුද්ධ ගයාවට කියන්නෙ බොද් ගයා කියල. ඇයි එහෙම කියන්නෙ බුද්ධ ගයාව ට. එයලගෙ භාශාවට බුද්ධ කියන වචනයෙ උච්චාරණය හරි හැටි නොගැලපෙන නිසා ද?

    හරි දැන් උබ හිරිවඩුන්නක් ගැන කියනවනෙ බුද්ධපරිනිර්වානයෙනවුරුදු 2500 විතර පස්සෙ නෙ. එ වුනාට අශොක අදිරාජ්යා බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 300 කට විතර පස්සෙ බුදුන් උපන් ,බුදුවු,පිරුනුවන් පෑ ආදී ස්තාන වලට ගිහින් කුලුනු ඉදි කරලා සෙල් ලිපිත් ලියල ආවා මෙතන බුදු හිමියන් ඉපදුන තැනය,බුදුවුන තැනය කියල. එතකොට අපි විස්වාස කරන්න ඔනෙ උඹෙ හිරිවඩුන්නද? :angry:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උඹ හරි ලොක්ක ,එවුනට සත්‍ය අපි නිර්භයව ප්‍රකාශ කරන්න ඕනේ

    Galileo Galilei ටත් විරුද්ද උන එකේ උබට විරුද්ද නොවී ඉන්නේ නැ..
    උබ දාන ඒවා සිරාවට තාත්විකයි .. දිගටම කරන පලයන් :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නෑ මචන් රජ කාලේ උනත් ඔය කතා හරියට දැනගෙන ඉදලා නෑ ,හැබැයි මේ මම කියන ස්ථානවල සෙල්ලිපි තියෙනවා බුදුන්ට පුජා කරන ලදී යනාදී වශයෙන්

    රට 1505 ඉදන් යුධ වලින් දේශපාලන අස්ථාවර වලින් පීඩිත වෙලා හිටියේ ,අපි කොටි යුද්ධ කරපු පැත්තක හිටියනම් අපිටත් තේරෙනවා යුද්ධයකට මැදි වෙලා ඉන්නකොට කොහොමද කියලා

    දැන් අපිත් සැනසීමේ ඉන්නේ ඒ දේවල් ගැන හිතන්න නැති නිසා ,ඒ හිටපු මිනිසුන්ට ජීවිතේ බේරාගන්නවා ඇරෙන්න ,බුදුන් ඉපදුන තැන් බල බල ඉන්න වෙලාවක් තිබ්බේ නෑ

    හැබැයි දැන් ඕනේ කෙනෙක්ට ගිහිල්ලා මේ ස්ථාන බලලා විවුර්ත මනසකින් තීරණයක් ගන්න පුළුවන්

    අනේ මචන් අපි අදත් අට පිරිකරක් හරි පුජා කරන්නෙ ත්‍රිවිද රත්නයටම. සාන්ගික දානයක් දෙනකොට් වුනත් කරඪුව වඩම්මන්නෙ බුදු හාමුදුරුවන් වෙනුවට.
    දැන් කාලෙ ගන්ටාර කුලුනක් හදපු උපාසකයෙක් මෙය ත්‍රිවිද රත්නයටම පුජා කරන ලදී කියල සෙල් ලිපියක් ලියල තොයෙනවා. තව අවුරුදු ගානකින් ඔය ලිපිය බලන එකෙක් මෙතන බුදු හාමුදුරුවො ඉදලා තියෙනවා කියල අර ඝන්ටාරෙටත් වැඩි හය්යෙන් බෙරි හන් දුන්නම හරියන්වද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    තැනකට හා වීම [තණ්හාව] තමා හේතුව ,මිනිස්සු රාග ,ද්වේශ ,මෝහ වලින් අන්ධ වෙලා ,ඇමෙරිකාව, කැනඩව දියුණු උනේ උන් අනික් මිනිසුන්ගේ දේවල් හොරකම් කරපු නිසා
    මොන රටක හිටියත් කෙලෙස් පාලනය කරගැනීම , නැතිකරගැනීම තමා බුදු දහම

    Canada Aussie අනිත් අයගේ දේවල් හොරකම් කරල දියුණු උනු රටවල් කියලා කියන්න බැහැ මචං :) හම්බයෝ දෙමලු ගැන ද්වේශයෙන් පෙලන ඔබ , avatar එකෙනුත් Beer පානය අනුමත කරමින්
    සංස්කාර කෙලෙස් නැති කිරීම ගැන කතා කරයි...

    මචන් උඹ කිව්ව වගේ මොන රටක හිටියත් කෙලෙස් පාලනය කරගැනීම , නැතිකරගැනීම තමා බුදු දහම. අන්න ඒ වගේ තමයි බුදු හමුදුරුවෝ ලංකාවේද ඉන්දියාවේද කියලා තර්ක කරන එක නෙමෙයි වැදගත්, ඒ ධර්මය අපි තේරුම් ගැනීමයි...

    මොකද කොහේ වැඩ වාසය කලත් ධර්මයේ වෙනසක් නැහැනේ... ඉතින් අපි වාසය කල තැන් ගැන තර්ක කර කර ඒවා පස්සේ හොය හොය යන්නේ නැතුව.. ඒ කාලය ආයාසය යොදල බෞද්ධ ධර්මයේ ගැඹුර් වටහා ගන්න උත්සහ කරමු...

    උඹ වගේම අපි හැමෝම මේ රටට ආදරයි, මේ රට ථේරවාද බෞද්ධ රටක් උනාට මෙහෙ බෞද්ධයෝ වැඩිහරියක් දේවල, කතරගම පස්සේ පොරකකා යන පිරිසක්. තමන්ට වාසියක් ලැබෙනවනම් පල්ලියේ දනගහල
    prey කරන්න උනත් ලෑස්ති පිරිසක් ඉන්නවා..ඔන්න ඔය තත්වයෙන් මිදුනු දවසට කට ඇරලා කියන්න පුලුවන්
    ථේරවාද බෞද්ධ රටක් කියලා.

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ මචන් රජ කාලේ උනත් ඔය කතා හරියට දැනගෙන ඉදලා නෑ ,හැබැයි මේ මම කියන ස්ථානවල සෙල්ලිපි තියෙනවා බුදුන්ට පුජා කරන ලදී යනාදී වශයෙන්

    රට 1505 ඉදන් යුධ වලින් දේශපාලන අස්ථාවර වලින් පීඩිත වෙලා හිටියේ ,අපි කොටි යුද්ධ කරපු පැත්තක හිටියනම් අපිටත් තේරෙනවා යුද්ධයකට මැදි වෙලා ඉන්නකොට කොහොමද කියලා

    දැන් අපිත් සැනසීමේ ඉන්නේ ඒ දේවල් ගැන හිතන්න නැති නිසා ,ඒ හිටපු මිනිසුන්ට ජීවිතේ බේරාගන්නවා ඇරෙන්න ,බුදුන් ඉපදුන තැන් බල බල ඉන්න වෙලාවක් තිබ්බේ නෑ

    හැබැයි දැන් ඕනේ කෙනෙක්ට ගිහිල්ලා මේ ස්ථාන බලලා විවුර්ත මනසකින් තීරණයක් ගන්න පුළුවන්

    රජ කාලේ උනත් ඔය කතා හරියට දැනගෙන ඉදලා නෑ කියන දෙයින්ම හිතෙනවා නේද ඔය කතාවේ පරස්පර විරෝදී තැන් තියනවා කියලා. මේකනේ මචං අපේ රටේ මිනිස්සුන්ට අවුරුදු දහස් ගනනක රාවනා රජ කෙනෙක් ගැන කටින් කට කියලා දැනුමක් තියනවනම්, අංගම් සටන් ගැන පරපුරෙන් පරපුරට ඇවිල්ලා දැනුමක් තියනවනම්, අව්රුදු දහස් ගණනක් පැරණි හෙල වෙදකම ගැන දැනුමක් තියනවනම් ඔයදේ විතරක් ගිලිහෙන්නේ කොහොමද? අනික අපි අදහන ආගමේ ඉතිහාසය එහෙම වැලලිලා යන්න කොහොමත් ඉඩක් නෑනේ. අනික ඔච්චර වැදගත් කාරනාවක් ගැන. මොකද ලංකාව සම්පූර්ණයෙන්ම විනාෂ වෙලා අලුතින් මිනිස්සු ඇති වෙලා නෙවෙයිනේ.
    බුදුන්ට පුජා කරන ලදී කියලා සෙල්ලිපි වල නම් ඇත්තේ බුදුන් වෙනුවෙන් පූජා කරන ලදි කියන එක වෙන්න ඕනෙ. අපි ධානයක් දෙනකොටත් එහෙම හිතාගන්නවනේ. ඒ තේරුම වෙන්න ඕනේ ඕවගේ තියෙන්නේ.
    මෙහෙම බුදු දහම ගැන පරස්පර විරෝදී කතා අපිම මතුකරොත් වෙන ආගම්වල අය අපේ පිරිසිදු බුදු දහමේ ඉතිහාසය හෑල්ලුවට ලක්කරන්න ඉඩ තියනවා.
    මොනම කරුනක් වත් හරිහැටි පුරාවිද්‍යාත්මකව ඔප්පු කරේ නැත්තං ඒක පිලිගන්න බෑ. අනිත් එක මේ දේ ජනප්‍රවාද වලවත් නැති දෙයක්නේ. රාවනා ගැන පුරා විද්‍යා සාදක නැතත් ජනප්‍රවාද තියන නිසා ඔය කියන ඒවගෙන් ටිකක් වත් ඇත්ත කියලා හිතෙනවා. ඒත් මෙහෙම ජනප්‍රවාදයකවත් නැති දෙයක්, විද්‍යාත්මකව තහවුරු කරන්නේ නැතුව කොහොම විස්වාස කරන්නද?
    මම මේ bohokal ට දොස් කියනවා නෙවෙයි. මට තේරෙන හැටියටයි මම කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔයත් මම වගේම බෞද්ධයෙක් නේ. මේගැන මීට වැඩිය විවෘතව හිතලා බලන්න.
     
    Last edited:

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    හරකෙක්ට බුරුවෙක්ටත් තේරෙන විහිලුව මේකයි. ඒකයි උඹලට සුදුසුම ආමන්ත්‍රණයෙන් ඇමතුවේ. දැනට ථෙරවාදී/මහායාන බුදුදහම ඇති හැම රටක්ම අතීතයේ ලංකාව සමග සම්බන්ධතා තිබුන රටවල්. ඒ රටවල් පිළිගන්නෙත් බුදුන් ඉපදුනේ ඉන්දියාවේ කියලයි. තොපි කියන විදිහට ලෝකයේ විශාල ප්‍රදේශයක් පාලනය කල ලංකාවේ බුදුන් හිටිය කියල වෙන කිසිම රටක උන් දැනන් හිටියෙ නැහැ? රටවල් ගණනාවක මිනිසුන්ට ලංකාවේ බුදුන් හිටි බව අමතක වෙන්න බ්‍රේන් වොෂ් කරල තියෙන්නෙ කවුද?

    525003_372999979427417_588319962_n1.jpg

    සුරංගනාකතාව ඔප්පු කිරීමේ අරමුණින් ශිලාලේඛන වලට දීල තියන වැරදි අර්ථකතන.
    ලංකාවේ පූර්ව බ්‍රාහ්මි සහ අපර බ්‍රාහ්මි ශිලා ලේඛනද මොවුන් උදාහරණයට ගෙන ඒවා තම මතය සාක්ෂාත් කරනු වස් අපුරු ලෙස ගලපා ඇත. නමුත් සිය කල්පිතයන් නිරවද්‍ය සිදුවිම් ලෙස ජනතාව අතරට මෙලෙස ගෙනවිත් තිබිම සැබවින්ම අදූරදර්ශී ක්‍රියාවකි. (ඔබගේ දැණුවත්වීම පිණිස මා හට කියවාගත හැකිවූ එවන් ශිලා ලිපි කිහිපයක් මෙහි ගෙනහැර දක්වමි.)

    මින් එකක දැක්වෙන්නේ “
    ශගශ ගහශ දර” ලෙසයි. මේ වාක්‍ය කණ්ඩයක් පෙන්වමින් මේ බුදුන්‍ උපන් දේශය බවට සපථ කිරිමට කවර අදහසක් ගෙනහැර දක්වන්නට උත්සාහ කළේදැයි නොදනිමි. මෙහි ශගස යන වචනය අර්ථ දක්වන්නේනම්, පැරණි ලක්දිව පූර්ව සහ අපර බ්‍රාහ්මි ශිලා ලිපි වල සේම ඉන්දිය ජෛන ලෙන් විහාර වලද දක්වා ඇති ශිලා ලේඛනයන්හි මෙම වචනය දක්වා ඇත. ශග යනු සංඝ යන්නයි. සංඝ යනු ගණ හෙවත් කණ්ඩායම යන අර්ථය ගෙන දෙන වචනයකි. ශගශ යනු සමුහයාට යන අර්ථය ගෙන දෙන්නකි. මෙය පොදුවේ අප සලකන්නේ සංඝයාට ලෙසිනි. නමුත් උක්ත ලිපියේ කරතෘ මෙම වචනය මුල් කොට ලෙන මහා පරිමාණ කල්පිතයක් ගොඩ නගා එය සැබෑවක් ලෙස ජනතාව හමුවට ගෙන එයි. ඔහු සිය කල්පිතය අප හමුවේ තබන්නේ නිගමනයක් ලෙසිනි. නිවැරදිම සාධක නොමැති ඉතිහාසය තුළ කිසිවිටෙකත් අපට නිගමන ඉදිරිපත් කළ නො‍හැක. මේ ප්‍රෝඩාව තව දුරටත් ඔහුගේම සාධක තුළින් බිදලිය හැකිය.

    ravanabrothers.com හි දක්වා ඇති තවත් ශිලා ලිපියක් කියවිමට මම උත්සාහ කළෙමි. එහි දැක්වෙන්නේ “
    අනද තෙර ශශදිවි _ රියන ලෙ _” යනුවෙනි. ravanabrothers.com මෙයට දෙන නිර්වචනය වන්නේ “ලංකාවේ තිබූ සැබෑ අනෝතත්ත විල අසළ පිහිටි ලෙණකි මේ” යන්නයි. මෙවන් කල්පිත තුළ පිහිටා මෙවන් මන්ද මානසික ප්‍රකාශ කිරිම සැබැවින්ම අප වැන්නවුන් තර්කනයට ලක් කළ යුතු දේවල්ද නොවේ. නමුත් මෙවන් දුර්මත තුළින් සමාජයට වෙන අවැඩ යම් තරමකින් හෝ වලක්වාලිය හැකිනම් එය අන්තවාදි නොවන කාගේත් හිතසුව පිණිස වනු ඇත. සැබැවින්ම පූර්ව බ්‍රාහ්මී ලිපි තුළින් අපට දීර්ඝ අර්ථකථන ඉදිරිපත් කළ නොහැක. මන්ද එම යුගය එනම් ක්‍රි.පූ. 3වන සියවසෙන් මෙපිට කාලය තාක්ෂණය අතින් ඉතාමත්ම සරළ වු යුගයක් වීමත්, ලෙන් පූජා කළ ඇත්තන් හැකි සරලම ආකාරයෙන් සිය කර්තව්‍යයේ අර්ථය සදහන් කර තැබිමත් නිසාවෙනි. ravanabrothers.com අර්ථ දක්වන පරිදි දීර්ඝ වූ සාධක සටහන් ලංකාව තුළ ලැබෙන්නේ මින් වසර 300කට පමණ පසුවයි. බුද්ධොත්පත්තියේ සිට බැලුවහොත් ඒ ඉන් වසර පන්සියයකටත් පසු අවධියකදිය. එබැවින් මෙම ගෙනහැර දක්වන ශිලා ලිපි විහිළුවකට කරුණක් සේ දකිමි.

    එවැනි තවත් ශිලා ලිපියක් වන්නේ “
    අනද තෙරහ ලෙණෙ ශගශ” යන්නයි. මේ සදහා ravanabrothers.com දෙන නිර්වචනය වන්නේ “අනද තෙරුන්ගේ සිද්ධිවිහාරික භික්ෂූන්වහන්සේලාට පිදූ ලෙණකි මේ” යන්නයි. මෙය නම් ඉතාමත්ම අධූරදර්ශී මුග්ධ ප්‍රකාශයකි. සැබැවින්ම මේ ලිපියේ කියවෙන්නේ “”"”අනද තෙරුන්ගේ ලෙණ සංඝයාට“”"” යන්නයි. සිද්ධිවිහාරික භික්ෂූන්වහන්සේලාට යන ප්‍රකාශයක් මේ සෙල් ලිපිය තුළ කෙසේවත් හදුනාගත නොහැක. ravanabrothers.com වෙත කාරුණිකව කියා සිටින්නේ මෙවන් අත්තනෝමතික ප්‍රකාශ තුළින් ජනතාව මුළා කිරීමෙන් වැලකී සිටින ලෙසයි.

    ඔවුන් මෙයින් බලාපොරොත්තු වු අනද තෙරුන්, ආනන්ද මහ රහතන් වහන්සේ වූයේද යන්න නොදනිමි. නමුත් ඔවුන් එසේ සිතුවේනම්, මෙය කිසිසේත් ඔප්පු කිරලිමට සාධක ‍මෙහි නොමැති බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

    http://sanskaravinivida.wordpress.com/2012/06/09/බුදුන්-උපන්-දේශය-ලංකාවයැ/
     
    Last edited:

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    නෑ මචන් රජ කාලේ උනත් ඔය කතා හරියට දැනගෙන ඉදලා නෑ ,
    කවුද කියල දුන්නේ. නැත්තන් මේ උඹට හිතෙන විදිහද? නැත්තන් උඹලගෙ හාමුදුරුවන්ට හිතෙන විදිහටද? මොනවද source?
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0

    මම හැමතිස්සෙම අහවනවා කෝ ඉන්දියාවේ බවුද්ධයෝ ?
    එච්චර උතුම් දහම පිළිපදින්නේ නැති රටක ධර්මය දේශනා කරයිද ?
    දැන් ලංකාවේ ඉන්න බහුතරය දහම පිළිපදින අයද? තාත්තල දුවලව දුෂණය කරනව. පත්තරයක් ගත්තොත් නිව්ස් බැලුවොත් හැමදාම මිනීමැරුම්. ඇයි එහෙනම් මේ වගේ රටක ධර්මය දේශනා කරේ?
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    උඹ දන්නවද කල්පයක් කියන එකේ තේරුම ?
    කල්පයක් කියන්නේ කාල පරාසයක් කියන එක
    ඒ මිසක් ඔය කියන අවුරුදු මිලියන ගානක් නෙවේ
    බුදු හිමියන් ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරා තමන්වහන්සේ මාස 3 කින් ආයු සංස්කාරය අතහරින බවට ,එතකොට ආනන්ද හාමුදුරුවන්ට කියන්න තිබ්බලු තව කල්පයක් වැඩ ඉන්න කියලා ,ඒකෙන් අදහස් කරේ තව අවුරුදු මිලියන ගානක් ඉන්න කියන එක නෙවේ ,මිනිසාගේ උපරිම ආයු කාලය 120 ,ඒ කාලය උන්වහන්සේට වැඩ ඉන්න තිබ්බා
    එතකොට උඹ කියන විදියට හොර ගස් ඇටඹ ගස් ඉන්දියාවට යන්නේ නෑ
    අබ ඇට බාජනයේ උදාහරණය දන්නෙ නැත්තන් උඹලගෙ ආච්චිගෙන් හරි අහගනින්. ඒකයි කල්පෙකට දුන්න උදාහරණය. උඹ කල්පය කියන එක තේරුම් අරන් තියන විදිහට එතකොට බුදුවරු පහල වීම දුර්ලභ දෙයක් නෙමෙයි.
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    පරණවිතාන මහත්තයා වගේ අය මේක දැනන් හිටියා ,ඒවුනාට කිව්වේ නෑ ,මොකද අන්‍ය ආගමිකයෝ ,මිත්‍යා දෘෂ්ටිකයෝ කියයි කියලා
    පරණවිතාන මේක ගැන දැනන් හිටිය කියල උඹට කිව්වෙ කවුද? උඹේ ආච්චි හීනෙන් ඇවිත් කිව්වද?:lol:
     
    ජන්ම බුද්ධ දීපය තමා තේරුම

    මුලින්ම කියන්න ඕන ජම්බුද්වීපය කියන්නෙ බුදු දහමේ බිහි වීමට සමගාමීව ඇතිවුණ වචනයක්වත් බෞද්ධයන් පමණක් භාවිතා කරන වචනයක්වත් නෙමෙයි. හින්දු ආගමේ එන හින්දු පුරාණ, වේද ඒ වගේම මහාභාරතයෙත් ජෛන ආගමේ එන මහාපුරාණයේත් ජම්බුද්වීපය ගැන විස්තර වෙනවා. ජෛන ආගමේ එන උපාංග ආගම 12න් 1ක් තමයි ජම්බුද්වීපප්‍රඥප්තිය. මේ හැම තැනකදිම කියවෙන්නෙ ඒගොල්ලො වාසය කරන භූමිය ජම්බුද්වීපය කියල. එහෙම නම් කරන්නෙ ජම්බු ගස් හැදෙන නිසා කියලා. ජම්බුද්වීපය = දඹදිව වෙන්නෙත් ඒ නිසා.

    අනික හින්දුන් සහ ජෛන ආගමිකයන් තමන්ගෙ ආගම් වල හරයට අභියෝග කරන දහමක් දේශනා කරපු ශාස්තෘවරයෙකුගේ උත්පත්තිය සිදු වුණ භූමිය කියලා තමන්ගෙ භූමිය නම් කරගනීද?

    මට පෙන්නන්න ඉන්දියාවට ජම්බුද්දීපය කියලා එගොලන්ගේ හරි අපේ හරි මුලාශ්‍රයක් තියෙනවා

    http://en.wikipedia.org/wiki/Jambudvipa
    http://en.wikipedia.org/wiki/Jain_cosmology
    http://www.jainworld.com/jainbooks/images/18/Canonical_Literature_of_the.htm
    http://www.dharmakshetra.com/literature/puranas/Vayu Purana.htm

    මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාව ඇමතුවෙ මෙහෙම.

    සමණාමයං මහාරාජ
    ධම්ම රාජස්ස සාවකා
    තවෙව අනුකම්පාය
    ජම්බු දීපා ඉධා ගතා

    මෙන්න තේරුම.

    මහරජ අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ජම්බුද්වීපයෙහි සිට මෙහි පැමිණියෙමු.

    දැන් මිහිඳු හාමුදුරුවොත් බොරු කිව්ව කියලා කියනවද?

    සල් ගසේ කතාව මේකයි ,අපි සල්ගස කියන ගහයි ඉන්දියාවේ ගහෙයි වෙනසක් තියෙනවා ,හැබැයි අපි දන්නේ කොහොමද හරි එක මොකක්ද කියලා

    බඹරගල ,බුදුගල අදටත් සල්ගස් තියෙන බව අමතක කරන්න එපා

    ලංකාවෙ අපි සල් කියන cannonball ගහ අවුරුද්ද පුරාම මල් පිපෙන කාලතුවක්කු උණ්ඩ සයිස් ගෙඩි හැදෙන ගහක්. ඒ ගෙඩි බිම වැටිලා පුපුරලා යන්නෙ මහ සද්දයක් එක්ක. අනික ඒ ගෙඩි වලින් එන්නෙ අප්‍රසන්න කටුක ගඳක්. බුද්ධෝත්පත්තිය සහ පරිනිර්වාණය සිදු වුනේ මේ වගේ ගස් යටද එහෙම නැත්තන් උතුරු ඉන්දියාවෙ තියෙන අවුරුද්දෙ අප්‍රේල් සහ මැයි මාස වල ඒ කියන්නෙ වෙසක් කාලයේ මල් පිපෙන සල් ගස් යටද?

    බරණැස තමා ඉසින්බැස්සගල ,ඇයි නිකන්ම තේරෙනවනේ ඉසිපතනය කියන්නේ ඍෂිවරු වැටිච්ච තැන කියන එක ,ඉසින්බැස්සගල කියන්නෙත් ඒකමයි

    ඉසින්බැස්සගල තියෙන්නෙ මැදවච්චියෙනෙ. එතකොට බරණැස තිබ්බෙ මැදවච්චියෙනම් කෝ දැන් ගංගා නම් ගඟ. ඔන්න දැන් ඇලක පින්තූරයක් දාලා කියන්න එපා මේක තමයි ගංගා නදිය කියල. හැබයි ඉන්දියාවෙ වාරාණසී/බෙනරැස් වල අදටත් ඒ නමින්ම ගංගා නදිය තියෙනවා. බුදු හාමුදුරුවො විවේචනය කරපු, ගංගා නම් ගඟේ බැහැලා පව් සෝදා හැරීමේ චාරිත්‍රය අදටත් හින්දූන් ඒ විදියටම ඉෂ්ට කරනවා. බරණැස මිගදායේ තිබුණයි කියන මුව උද්‍යානය අදටත් වාරාණසී/බෙනරැස් නගරයේ සාරානාත් වල තියෙනවනෙ. සාරානාත් කියන වචනය හැදෙන්නෙ සාරංග නාත් කියන වචන දෙක සන්ධි වෙලා. සාරංග නාත් කියන්නෙ මුව නායකයා කියන එක.

    අනික ඉසින්බැස්සගල ප්‍රදේශයේ මිනිස්සු විශ්වාස කරන්නෙ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ඒ ගල් තලාවට වැඩම කළා කියලා. නැතුව ඒ පැත්ත බරණැස කියලා නෙමෙයි.

    ආනන්ද ,කාශ්‍යප ,මුගලන්,සුනීත,විශාකා, වැනි නම් ලංකාවේ අදටත් ඕනේ තරම් තියෙනවා

    ඒක ආගම සංස්කෘතිකාංගයක් වීමේ ප්‍රතිපලයක්. මාලදිවයිනේ, පකිස්තානයේ, ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් ල, අබ්දුල් ල, ෆාතිමා ල හිටියා කියලා ඉස්ලාම් ආගම බිහි වුනේ ඒ රටවල් වල කියලා කියන්නෙ නෑනෙ.

    උඹ ලංකාවේ නිගන්ටයෝ ගැන අහනවා ,මම අහනවා කෝ ඉන්දියාවේ බවුද්ධයෝ
    බුදු හාමුදුරුවෝ පස් මහා බැලුම් බලලා ධර්මය නැතිවෙන රටක ඉදන් දේශනා කරයිද ?

    ඔය තර්කයට අනුව බුද්ධෝත්පත්තිය සිද්ධ වුනේ තායිලන්තයේ වෙන්න ඕන. මොකද මෙහෙට වඩා තෙරවාදී බෞද්ධයෝ එහෙ ඉන්නවා.

    ඒ සියලු නිර්මාණ පිළිස්සු ගඩොල් වලින් නිර්මිත ඒවා ,

    රම්‍ය ,සුරම්‍ය ,සුබ කියලා කියන මාලිගා ඔක්කොම ගඩොල් නිර්මාණ ,ඒවා පසු කාලෙකදී හදපු ඒවා කියලා හොදට පේනවා

    ක්‍රි.පූ. 5 වන සියවසේදි පිළිස්සූ ගඩොල් කියන්නෙ මැජික් එකක් නෙමෙයි. දකුණු ආසියාවෙ මුලින්ම පිළිස්සූ ගඩොල් භාවිතා කළ බවට සාක්ෂි හම්බෙන්නෙ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ක්‍රි.පූ.4500දි පමණ ඒ කියන්නෙ බුද්ධෝත්පත්තියට අවුරුදු 4000කට විතර කලින්. මේ පහළින් දාලා තියෙන්නෙ ක්‍රි.පූ 2600දී පමණ ඒ කියන්නෙ බුද්ධෝත්පත්තියට අවුරුදු 2000කට විතර කළින් නිර්මාණය කළා කියලා සැළකෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මොහෙන්ජො දාරෝ කියන පිළිස්සූ ගඩොලින් කරපු නගර සංකීර්ණය.

    greatbath.jpg

    mohenjodarostupa.jpg

    ancientstreet.jpg

    එහෙනං මගධයේ පාළි තියෙන්න එපයි ,
    එහෙනං පාළි අකුරු කොහොමද සිංහල අකුරුවලට සමාන උනේ ?
    ඒවා හින්දි අකුරුවලට සමාන වෙන්න එපැයි

    හින්දි කියලා අකුරු ජාතියක් නෑ. හින්දි, වර්තමාන මාගධි වගේ භාෂා කිහිපයක්ම ලියන්නෙ දේවනාගරි අක්ෂර වලින්. දේවනාගරි විකාශනය වෙලා තියෙන්නෙ බ්‍රාහ්මී අක්ෂර වලින්. සිංහල, දෙමළ වගේ දකුණු ආසියාවෙ භාවිතා කරන හෝඩි ගොඩක් විකාශනය වෙලා තියෙන්නෙත් බ්‍රාහ්මී අක්ෂර වලින්.

    පාළි අකුරු කියල ජාතියක් නෑ. මුල් කාලීන පාළිය ලියවුනෙත් බ්‍රාහ්මී අක්ෂර වලින්. ලංකාවෙ පසු කාලීනව තමයි සිංහල අක්ෂර වලින් පාළිය ලියවුනේ. මිශ්‍ර සිංහල හෝඩිය කියල එකක් බිහි වුනෙත් ඔය නිසා. දේවනාගරි, තායි, බුරුම අක්ෂර වලිනුත් පාළි ලියවිලා තියෙනවා.

    මාගධි ප්‍රාකෘත සහ පාළි වල සුවිශේෂ සමාන ලක්ෂණ තිබුණට මේ දෙක සර්වසමයි කියලා සළකන්නෙ නෑ. අනික මාගධි ප්‍රාකෘත වල වර්තමාන ස්වරූපය විදිහට සළකන මාගධි භාෂාව අදටත් බිහාර් ප්‍රාන්තයෙයි නේපාලයෙයි(අතීත මගධය) භාවිතා කරනවා.

    භානක පරම්පරාවෙන් රැකගෙන ආපු ධර්ම විනය කරුණු ග්‍රන්ථාරූඪ කළේ ලංකාවෙදි වීම නිසා බුදු දහම බිහි වුනේ ලංකාවෙ කියලා තර්ක කරන එක විහිළුවක්.

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH

    මම හැමතිස්සෙම අහවනවා කෝ ඉන්දියාවේ බවුද්ධයෝ ?
    එච්චර උතුම් දහම පිළිපදින්නේ නැති රටක ධර්මය දේශනා කරයිද ?

    උත්තර ඕනේ තරම් තියනවා , ටිකක් හොයල බලන්න. ලෝක ඉතිහාසඥයෝ , ලංකා ඉතිහාසඥයෝ, පුරා විද්යාඥයෝ හැම එකම සාක්ෂි එක්ක කියල තියනවා.

    පුරා විද්‍යාව ඉගන ගත්ත මහාචාර්යවරු ගවේෂණය කරලා හොයාගන්න ඒවා විශ්වාස කරන එක තමයි තාර්කිකව හිතුවම හොදම දේ.
    රාවන සොයුරෙකුයි , එක හාමුදුරු කෙනෙකුයි කිව්ව ෆැන්ටසි විශ්වාස කරනැවට වඩා,

    අශෝක අධිරාජයේ වැටීමත් එක්ක , කොන් වෙලා හිටපු බ්‍රාහ්මණයෝ අයම රාජය පාලනය කල රජුට සමීප වෙන්න ගත්ත. බුදු දහම බ්‍රාහ්මණයින්ගේ කුලයට තර්ජනයක් නිසා, ටික කාලෙකට පස්සේ බුදු හාමුදුරුවොත් විෂ්ණුගේ තව අවතාරයක් කියල හින්දු වලට අවශෝෂණය කරගත්ත.
    ඕක මම කියන එකක් නෙවේ, දැනට හැමෝම පිළිගන්න මතය. මේවා ඔප්පු වෙලා තියනවා ෆාහියන් කියන චීන සංචාරක භික්ෂුවගේ සටහන් වලින්. ෆාහින්යන් විතරක් නෙවෙයි, තව චීන භික්ෂුවරු හත් අට නමකගේ සටහන් තියනවා. ඔහු ලංකාවටයි ඉන්දියාවටයි දෙකටම ගිහින් ලොකු විස්තරයක් මේ ගැන ලියල තියනවා. ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ නිසා ටිකෙන් ටික නැතිවෙන බුද්ධාගම ලංකාවේ මුල් ඇදගන්න විදිය ගැන.

    ගිහින් කියවපන්, මෙන්න ලින්ක් එක.

    http://www.archive.org/stream/recordofbuddhist00fahsuoft#page/6/mode/2up

    දැන් ඉතින් කියපන් එකත් බොරු කියල. රාවන සොයුරෝ උඹලගේ මොළ හෝදලා තියන විදියට තව ටික දවසකින් ලංකාවේ මිනිස්සු තමයි මුලින්ම හදට ගියේ කිව්වොත් එකත් විශ්වාස කරයි. :lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    Galileo Galilei ටත් විරුද්ද උන එකේ උබට විරුද්ද නොවී ඉන්නේ නැ..
    උබ දාන ඒවා සිරාවට තාත්විකයි .. දිගටම කරන පලයන් :)

    thanks කොල්ලා
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    Canada Aussie අනිත් අයගේ දේවල් හොරකම් කරල දියුණු උනු රටවල් කියලා කියන්න බැහැ මචං :) හම්බයෝ දෙමලු ගැන ද්වේශයෙන් පෙලන ඔබ , avatar එකෙනුත් Beer පානය අනුමත කරමින්
    සංස්කාර කෙලෙස් නැති කිරීම ගැන කතා කරයි...

    මචන් උඹ කිව්ව වගේ මොන රටක හිටියත් කෙලෙස් පාලනය කරගැනීම , නැතිකරගැනීම තමා බුදු දහම. අන්න ඒ වගේ තමයි බුදු හමුදුරුවෝ ලංකාවේද ඉන්දියාවේද කියලා තර්ක කරන එක නෙමෙයි වැදගත්, ඒ ධර්මය අපි තේරුම් ගැනීමයි...

    මොකද කොහේ වැඩ වාසය කලත් ධර්මයේ වෙනසක් නැහැනේ... ඉතින් අපි වාසය කල තැන් ගැන තර්ක කර කර ඒවා පස්සේ හොය හොය යන්නේ නැතුව.. ඒ කාලය ආයාසය යොදල බෞද්ධ ධර්මයේ ගැඹුර් වටහා ගන්න උත්සහ කරමු...

    උඹ වගේම අපි හැමෝම මේ රටට ආදරයි, මේ රට ථේරවාද බෞද්ධ රටක් උනාට මෙහෙ බෞද්ධයෝ වැඩිහරියක් දේවල, කතරගම පස්සේ පොරකකා යන පිරිසක්. තමන්ට වාසියක් ලැබෙනවනම් පල්ලියේ දනගහල
    prey කරන්න උනත් ලෑස්ති පිරිසක් ඉන්නවා..ඔන්න ඔය තත්වයෙන් මිදුනු දවසට කට ඇරලා කියන්න පුලුවන්
    ථේරවාද බෞද්ධ රටක් කියලා.

    උඹ කියන දේට මම උඩින්ම එකගයි ,හැබැයි මේ thread එකේ දාලා තිබ්බේ දැන් මෙන්න මෙහෙම මතවාද තියෙනවා ,ඒවා ගැන මොනාද කියන්නේ කියලා ,ඒකයි මම විස්තර දැම්මේ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    රජ කාලේ උනත් ඔය කතා හරියට දැනගෙන ඉදලා නෑ කියන දෙයින්ම හිතෙනවා නේද ඔය කතාවේ පරස්පර විරෝදී තැන් තියනවා කියලා. මේකනේ මචං අපේ රටේ මිනිස්සුන්ට අවුරුදු දහස් ගනනක රාවනා රජ කෙනෙක් ගැන කටින් කට කියලා දැනුමක් තියනවනම්, අංගම් සටන් ගැන පරපුරෙන් පරපුරට ඇවිල්ලා දැනුමක් තියනවනම්, අව්රුදු දහස් ගණනක් පැරණි හෙල වෙදකම ගැන දැනුමක් තියනවනම් ඔයදේ විතරක් ගිලිහෙන්නේ කොහොමද? අනික අපි අදහන ආගමේ ඉතිහාසය එහෙම වැලලිලා යන්න කොහොමත් ඉඩක් නෑනේ. අනික ඔච්චර වැදගත් කාරනාවක් ගැන. මොකද ලංකාව සම්පූර්ණයෙන්ම විනාෂ වෙලා අලුතින් මිනිස්සු ඇති වෙලා නෙවෙයිනේ.
    බුදුන්ට පුජා කරන ලදී කියලා සෙල්ලිපි වල නම් ඇත්තේ බුදුන් වෙනුවෙන් පූජා කරන ලදි කියන එක වෙන්න ඕනෙ. අපි ධානයක් දෙනකොටත් එහෙම හිතාගන්නවනේ. ඒ තේරුම වෙන්න ඕනේ ඕවගේ තියෙන්නේ.
    මෙහෙම බුදු දහම ගැන පරස්පර විරෝදී කතා අපිම මතුකරොත් වෙන ආගම්වල අය අපේ පිරිසිදු බුදු දහමේ ඉතිහාසය හෑල්ලුවට ලක්කරන්න ඉඩ තියනවා.
    මොනම කරුනක් වත් හරිහැටි පුරාවිද්‍යාත්මකව ඔප්පු කරේ නැත්තං ඒක පිලිගන්න බෑ. අනිත් එක මේ දේ ජනප්‍රවාද වලවත් නැති දෙයක්නේ. රාවනා ගැන පුරා විද්‍යා සාදක නැතත් ජනප්‍රවාද තියන නිසා ඔය කියන ඒවගෙන් ටිකක් වත් ඇත්ත කියලා හිතෙනවා. ඒත් මෙහෙම ජනප්‍රවාදයකවත් නැති දෙයක්, විද්‍යාත්මකව තහවුරු කරන්නේ නැතුව කොහොම විස්වාස කරන්නද?
    මම මේ bohokal ට දොස් කියනවා නෙවෙයි. මට තේරෙන හැටියටයි මම කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔයත් මම වගේම බෞද්ධයෙක් නේ. මේගැන මීට වැඩිය විවෘතව හිතලා බලන්න.

    මචන් මම මේ thread එකේ කලින් පිටුවක මේක යට යන්න පැහැදිලි හේතු දාලා තියෙනවා ,ප්‍රදානම
    හේතුවක් තමා දිගටම මේ රටට 1505 සිට ආපු ආක්‍රමණ
    රාවණ ගැන කතාව අදුනෙත් මේ ලගදිනේ ,මොකද අපේ ඉස්කෝල පොතක වත් රාවණ ගැන තිබ්බද ?
    නෑනේ