ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    වර්තමානයේ වේගෙයන් පැතිරීයන ලංකා ඉතිහාසය පිලිබඳ නව මතවාද කිහිපයක්,

    1. බුදු රජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ හිරිවඩුන්න නමැති ප්‍රදේශයේ බව.
    2. එදා හෙළදිව යනු ලොව විශාල ප්‍රදේශයක් පාලනය කල අධිරාජ්යක් බව.
    3. එහි පාලනාධිකාරිය වසර 100000 ක ඉතිහාසයක් හිමි රාවනා, මහසෙන් රජ පරපුර බව.
    4. ඔවුන්ට වර්තමාන තාක්ෂණයට වඩා දියුණු තාක්ෂණ ක්‍රමවේද තිබු බව.

    2ho8t34.jpg

    මෙවන් අදහස් පලකරන්නන්ගේන් ලංකාව පමණක් නොව ලොවද පිරී පවතින අතර , නැති ඉතිහාසයක් ගොඩනගමින් තම ජාතිය අන් සියලු ජාතීන්ට වඩා උසස් ලොව පාලනය කිරීමට උපන් ජාතිය තමන් යැයි මතයක් සමාජගත කරමින් සැබෑ ඉතිහාසය විකෘතිකර ගෙන හැර පායි.

    උදාහරණ -

    *හිට්ලර්ගේ පිරිසිදු ජර්මානු ආර්ය සන්කල්පය මගින් ලොව අනෙක් ජාතින් යටත් කර ගැනීමට ගෙන ගිය දෙවන ලෝක යුද්දය.
    * යුදෙව්වන් තෝරනු ලැබූ එබ්‍රහම්ගේ දරුවන් සදහා දුන් පොරොන්දු දේශය යයි කියමින් ඊශ්‍රායලය පිහිටුවීම.
    * මුස්ලිම්වරුන්ගේ අවසාන විසදුම හෙවත් සියලු ලෝක වාසින් ඉස්ලාම් ධර්මයට අවනත කරගැනීම.
    * ඇමෙරිකානුවන්ගේ විදේශ ප්‍රතිපත්තියේදී ලෝක සාමය පවත්වාගන යාම දෙවියන් විසින් තමන්ට පැවරු බව විශ්වාස කිරීම.
    * දකුණු ඉන්දීය ද්‍රවිඩයන් ශ්‍රී ලංකාව , අප්‍රිකාව,ඔස්ට්‍රේලියාව, නවසීලන්තය දක්වා විහිදුනු පුරාන ද්‍රවිඩ රාජ්‍යක් තිබු බව විශ්වාස කිරීම.

    මේ කාරනා ඇත්තද? රාවනා ඇත්තටම හිටියද?

    රාවනා ගැන පැවසෙන්නේ වාල්මිකී ලියු රාමායනයේ වන අතර, ලංකාවේ කෙසේවෙතත් මෙහි එන ස්ථාන තවම ඉන්දියාවේද සොයාගන නොමැත. එය එයිතිහාසික ලියවිල්ලක් ලෙස පිළිගැනීමට තරම් සාක්ෂි මෙතෙක් ලැබී නැත. ලංකාවේ ජනප්‍රවාදයේ පවතින සමහර ස්ථාන ඉතා මෑත කාලයේ ඉන්දියානු සංචාරකයින් අද්දවාගනිමට සංචාරක මග පෙන්වන්නන් විසින් ගෙතු කතා වේ. මෙම ස්ථාන වල කිසිදු පුරාවස්තුවක් නොමැති අතර ජනප්‍රවාදයේ ඇත්ත නැත්ත සෙවීම ඉතා දුෂ්කර කටයුත්තකි. මෙම ජනප්‍රවාද වල සුල මුල බොහෝවිට පොළොන්නරු යුගයෙන් පසු ඇතිවූ හින්දු ආභාෂයත් සමග විය හැක.
    රාවනා කතා පුවත 100% ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වුනත් එය සනාත් කිරීමට ඇති ශාක්ෂි, සාධක , පුරාවස්තු, නටඹුන් නොමැති නිසා එය පිළිගැනීමද නොකළ යුත්තකි.

    මහායාන බුදු දහමෙහි ඇති ලංකාවතාර සුත්‍රයයේද රාවනා ගැන සදහන් වුවත් එය ලියවී ඇත්තේ ක්‍රිව 400 පමණ නිසා එයට රාමායනයේ හා හින්ඳු වේද ග්‍රන්ථ වල බලපෑම ඇති විය හැක. මහායානයේ ඇති සුත්‍ර බොහෝ දුරට ථෙරවාදයේ ඇති පිරිසිදු බව නොමැති අතර, හින්දු හා නොයෙකුත් අනෙක් සම්ප්‍රදායන්ගේ බලපෑම නිසා වඩාත් වර්ණවත් , භෞතික ස්වරුපයක් උසුලයි.

    බුදුරජානන් වහන්සේ ලංකාවේ සිටි බව ගැන තිබෙන මතය ගැන කතා කිරීමට අවශ්‍ය නොවේ. එය හිතලුවක් බව ඕන බුද්ධිමත් පුද්ගලයකුට පැහැදිලි වේ.

    ලංකාවේ සැබෑ ඉතිහාසය කුමක්ද?

    රටක ඉතිහාසය ලිවීමේදී එය ජනප්‍රවාද මත පදනම් නොවී , සෙල්ලිපි , පුරාවස්තු, නටඹුන් හා පුරාන ලියවිලි මත පදනම්ව සාධක සහිතව ඉදිරිපත් කල යුතයි. පුරාන ලියවිලි යනුයේ ප්‍රබන්ද හෝ සාහිත්‍ය කෘති නොවේ.
    මහාවන්ශයද ප්‍රබන්දමය ස්වරුපයක් ගත්තත් , එහි එන ස්ථාන , රජවරුන් හා පුද්ගල නාම වෙනත් සෙල්ලිපි මගින් ද තහවුරු වීම නිසා එය එය්තිහාසික ලියවිල්ලක් ලෙස සැලකිය හැක.
    සිංහබාහුගේ කතාව සිංහල ජාතියේ ආරම්භයට සිංහයකු සම්බන්ද කිරීමට යොදාගත් වර්ණනාවක් විය හැක.

    වරින් වර මෙහි පැමිණි ආර්ය කණ්ඩායම් හා ස්වදේශීය ජනයා මිශ්‍ර වීමෙන් සිංහලය සෑදුනු බව වඩාත් තාර්කික විශ්වාසයයි.
    සිංහලයාගේ මවු සංස්කෘතිය උතුරු ඉන්දියානු සංස්කෘතියයි. සිංහල භාෂාව ඉන්දු-ආර්ය උප භාෂාවක් වන අතර එහි වචන වලින් විශාල ප්‍රමාණයක් සංස්කෘත වචන වලින් බිදී ආ වචන වේ. සංස්කෘත භාෂාවෙන් බිදී ආ භාෂා වන හින්දි , බෙන්ගාලි , පන්ජාබි වල ඇති පොදු වචන සිංහලයේද දක්නට පවතී.

    උදා - පාටශාලාව - පාසල
    සංතෘෂ්ටි - සතුට
    දක්ෂිණ - දකුණ

    හින්දි චිත්‍රපටයක් බැලීමේදී එහි සමහර දෙබස් හින්දි දැනුමක් නැතත් සිංහලයන්ට තේරෙන්නේ මේ නිසාවෙනි.

    එමෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් ලැබුණු වචනද සිංහලයේ පවතී. (සල්ලි, පොරොන්දු , ආදායම් , කන්නාඩි වැනි වචන)
    මීට අමතරව සිංහලයේ පමණක් ඇති ලොව වෙන කිසිම භාෂාවක නොමැති වචනද සිංහලයේ ඕනා තරම් පවතියි. ඒවා ආර්ය ජනාවාසවලට පෙර ස්වෙදේශික වචන හෝ පසුව වර්දනය වූ වචන ලෙස සලකයි.
    (ඔලුව, කකුල වැනි. )

    කවුරුන් කෙසේ පැවසුවත් මේ රට ගොඩ නැගුනේ සිංහලයන් අතින්. පසුව පැමිණි විවිධ ජන කණ්ඩායම් වල ආභාෂය ලැබුනත් ලංකාවේ මහා සංස්කෘතිය සිංහල බෞද්ධ බව කාටවත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.
    මවු සංස්කෘතිය ඉන්දියානු වුවත් , තමන්ගේම අනන්ය සංස්කෘතියක් ,ශිෂ්ටත්වයක් , තාක්ෂණයක් , ඉංජිනේරු ශිල්පයක්, චිත්‍ර , සාහිත්‍ය, නර්තන කලාවක් ගොඩනගා ගැනීමට සිංහලයන් සමත්වීම අපිට ආඩම්බරවිය හැකි කාරනාවක්.

    අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.

    බුද්ධිමත් සංවාදයකට විවෘතයි. ඔබේ අදහස් පලකරන්න.

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හොඳ විග්‍රහයක්. රාවණා කියන්නේ හොඳ ‍බවුද්දයෙක් කියලා හාමුදුරු කෙනෙක් ලඟදි කියලා තිබුණා.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    රාවනා ගැන තියෙන්නේ රාමායනය විතරක් නෙවෙයි කියල කොහේදී හරි කියෙව්වා මතකයි. කොහොම වුනත් මිනිස්සු අතීතයේ වීරයෝ හොයන්නේ වර්තමානයේ වීරයෝ නැති හින්ද. ප්‍රභාකරනුත් නැති තැන මිනිස්සුන්ට එකතු වෙන්න හේතුවක් තියෙන්නත් ඕනනේ.
     
    • Like
    Reactions: ampm

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.

    • Like
    Reactions: waca

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය කාරණා ඔක්කොම ඇත්ත උනත් ඒ ඔක්කොම අයිති අතීතයට, වර්තමානේ අපි ඉන්න තැන මොකද්ද? ලැජ්ජයි :dull:
     
    • Like
    Reactions: awjas2621

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    [QUOTE]රාවනා ගැන පැවසෙන්නේ වාල්මිකී ලියු රාමායනයේ වන අතර, ලංකාවේ කෙසේවෙතත් මෙහි එන ස්ථාන තවම ඉන්දියාවේද සොයාගන නොමැත[/QUOTE]
    වානර රජු බාලි හිටිය කියන කිශ්කින්දය ඉන්දියාවෙ හොයාගෙන තියෙනවා. මෙ මම දන්න එකක් විතරයි.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔය කාරණා ඔක්කොම ඇත්ත උනත් ඒ ඔක්කොම අයිති අතීතයට, වර්තමානේ අපි ඉන්න තැන මොකද්ද? ලැජ්ජයි :dull:
    සිරා කතාව මචෝ
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බුදු හාමුදුරුවෝ මෙහෙ ඉපදුනා කියල සාක්ෂි තියෙනවද බන්
    එහෙම නැතුව නිකන් කියන කතා විශ්වාස කරන්න පුලුවන්ද
    මොකද අපි එතෙක් මෙතෙක් අහපු ඉතිහාසයට අනුව බුදුන්ගේ බිහි වීම ඉන්දියාවේ කියලයි අහල තියෙන්නේ. ලංකාවේ කියන්න සාක්ෂි නෑ නේ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් මම ඉන්දියාවේ තියෙනවා යැයි කියන සිද්ධස්ථාන නැරබීමට 2006 ගියා ,
    ඒ සියලු නිර්මාණ පිළිස්සු ගඩොල් වලින් නිර්මිත ඒවා ,
    අනික් එක රජ ගහ නුවර දෙව් දහ නුවර අතර දුර 100km වැඩිය වැඩියි,ළමයෙක් හම්බ වෙන්න අම්ම කෙනක් මෙච්චර දුරක් ගෙවාගෙන යයිද ?
    බුදු රජාණන් වහන්සේ කරපු බොහෝ දේශනා පෝය දිනවල බව අපි දන්නවා ,එතකොට උන්වහන්සේ වැඩිය ගම් දනව් නගර වල වර්තමාන නම් අරගෙන බැලුවම ඒවාට මාසයක් ඇතුලත පාගමනින් වැඩම කරන්න බැරි බව තේරෙනවා ,අපි සමහර ස්ථානවලට ගියේ bus එකේ ,ඒත් highway වල ගිහිල්ලත් පැය ගණනාවක් ගියා
    බුදු රජාණන් වහන්සේ ඉර්දී බලයෙන් වැඩම කරලා තියෙන්නේ ඉතාම හදිසි අවස්ථාවල පමණයි
    ප්‍රාතිහාර්ය ප්‍රදර්ශනය සඳහා පෑම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා
    අනික් එක බුදු රජාණන් වහන්සේ 3 වරක් ලංකාවට වැඩම කරයි කියනවා ,එහෙනන් ඒ අවස්ථාවේ ඇති නොවූ බුද්ධ සාශනය මිහිඳු හාමුදුරුවෝ වැඩියම ඇති උනේ කොහොමද ?
    මෙම කාලයේ අනුරාධපුරයට සහ අවට ප්‍රදේශයට ලංකාපුර කියලා නමක් තිබ්බ බවට සාක්ෂි තියෙනවා
    ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ වැඩම කරලා තියෙන්නේ ලංකාපුරට

    දඹුල්ල හිරිවඩුන්න බෝධින්වහන්සේ දැකගන්න ,හිරිවඩුන්න කියන එකේ තේරුම හිමි වැඩ උන්න තැන කියන එක ,පාත්තරය උඩුගං බලා ගිය තැන අදටත් උඩන්ගාව නමින් තියෙනවා ,google map එකෙත් ඒක තියෙනවා ,තුන්බෑ
    ජටිලයෝ හිටපු ගම කාශ්‍යප ගම නමින් අදටත් තියෙනවා

    දිගන ප්‍රදේශයේ බඹරගලට යන්න ,විහාරය අවට විශාල සල්ගස් ,සෙල්ලිපි සැහෙන ප්‍රමාණයක් තියෙනවා ,ඒ සෙල්ලපි වල තියෙන්නේ ඒ ලෙන් බුදුන්ට පූජා කරන ලද බවයි

    මීට අමතරව අනුරාධපුරේ ඉසින්බැස්සගල,රිටිගල ,බුදුගල, කූරගල , නටබුන් ගිහිල්ලා බලන්න ,සෙල්ලිපි බලන්න
    මේ සියලු නිර්මාණ තනි කළු ගලින් නිර්මිත ඒවා

    මම මේ කාරණා දිහා විවුර්තව බලන කෙනෙක් මොකද බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය තැන වලට වඩා බුද්ධ ධර්මය අවබෝධ කරගැනීම වැදගත් නිසා

    මම ඉන්දියාවේ ,ලංකාවේ ස්ථාන විශාල ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා ,ඔබලාත් ගිහිල්ලා බලන්න
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela

    Anee machan,please nodanna huththawal kiyala dan mee ithuruwela inna bauddayanwath nathi karanna epa.Okka gihin kiyapan BODU BALA SEENAWATA.Ubalagee indiyaanuu wiroodayath ekka meeka patalawanna epa.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බුදු දහම නුවණැති අය සදහා පමණයි ,උඹලා වගේ එවුන් නිසා තමා අර කූරගල වගේ වටිනා ස්ථානයක් දැන් අන්‍ය ආගමිකයන් අල්ලන් ඉන්නේ
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    මචන් මම ඉන්දියාවේ තියෙනවා යැයි කියන සිද්ධස්ථාන නැරබීමට 2006 ගියා ,
    ඒ සියලු නිර්මාණ පිළිස්සු ගඩොල් වලින් නිර්මිත ඒවා ,
    අනික් එක රජ ගහ නුවර දෙව් දහ නුවර අතර දුර 100km වැඩිය වැඩියි,ළමයෙක් හම්බ වෙන්න අම්ම කෙනක් මෙච්චර දුරක් ගෙවාගෙන යයිද ?
    බුදු රජාණන් වහන්සේ කරපු බොහෝ දේශනා පෝය දිනවල බව අපි දන්නවා ,එතකොට උන්වහන්සේ වැඩිය ගම් දනව් නගර වල වර්තමාන නම් අරගෙන බැලුවම ඒවාට මාසයක් ඇතුලත පාගමනින් වැඩම කරන්න බැරි බව තේරෙනවා ,අපි සමහර ස්ථානවලට ගියේ bus එකේ ,ඒත් highway වල ගිහිල්ලත් පැය ගණනාවක් ගියා
    බුදු රජාණන් වහන්සේ ඉර්දී බලයෙන් වැඩම කරලා තියෙන්නේ ඉතාම හදිසි අවස්ථාවල පමණයි
    ප්‍රාතිහාර්ය ප්‍රදර්ශනය සඳහා පෑම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා
    අනික් එක බුදු රජාණන් වහන්සේ 3 වරක් ලංකාවට වැඩම කරයි කියනවා ,එහෙනන් ඒ අවස්ථාවේ ඇති නොවූ බුද්ධ සාශනය මිහිඳු හාමුදුරුවෝ වැඩියම ඇති උනේ කොහොමද ?
    මෙම කාලයේ අනුරාධපුරයට සහ අවට ප්‍රදේශයට ලංකාපුර කියලා නමක් තිබ්බ බවට සාක්ෂි තියෙනවා
    ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ වැඩම කරලා තියෙන්නේ ලංකාපුරට

    දඹුල්ල හිරිවඩුන්න බෝධින්වහන්සේ දැකගන්න ,හිරිවඩුන්න කියන එකේ තේරුම හිමි වැඩ උන්න තැන කියන එක ,පාත්තරය උඩුගං බලා ගිය තැන අදටත් උඩන්ගාව නමින් තියෙනවා ,google map එකෙත් ඒක තියෙනවා ,තුන්බෑ
    ජටිලයෝ හිටපු ගම කාශ්‍යප ගම නමින් අදටත් තියෙනවා

    දිගන ප්‍රදේශයේ බඹරගලට යන්න ,විහාරය අවට විශාල සල්ගස් ,සෙල්ලිපි සැහෙන ප්‍රමාණයක් තියෙනවා ,ඒ සෙල්ලපි වල තියෙන්නේ ඒ ලෙන් බුදුන්ට පූජා කරන ලද බවයි

    මීට අමතරව අනුරාධපුරේ ඉසින්බැස්සගල,රිටිගල ,බුදුගල, කූරගල , නටබුන් ගිහිල්ලා බලන්න ,සෙල්ලිපි බලන්න
    මේ සියලු නිර්මාණ තනි කළු ගලින් නිර්මිත ඒවා

    මම මේ කාරණා දිහා විවුර්තව බලන කෙනෙක් මොකද බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය තැන වලට වඩා බුද්ධ ධර්මය අවබෝධ කරගැනීම වැදගත් නිසා

    මම ඉන්දියාවේ ,ලංකාවේ ස්ථාන විශාල ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා ,ඔබලාත් ගිහිල්ලා බලන්න
    මොකෙක් හරි සෝවාන් වෙලා හරි රහත්වෙලා හරි කිව්වොත් පුක උඩදාගෙන සාදුකාර දීල පිළිගන්න එකද පොන්නයො නුවණක්කාර කම කියන්නෙ?
    ගොන් තර්ක ටිකක් අල්ලන් පිස්සෙක් වගේ කෑගහන්න එපා. මටත් පුළුවන් ඔය වගේ තර්ක කරන්න. නිඝන්ටයෝ අදටත් ඉන්දියාවේ ඉන්නව. ඇයි ලංකාවේ ඉතිහාසයේ නිඝන්ටයෝ හිටිය කියල සාක්ෂියක්වත් නැත්තෙ?
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG

    වර්තමානයේ වේගෙයන් පැතිරීයන ලංකා ඉතිහාසය පිලිබඳ නව මතවාද කිහිපයක්,

    1. බුදු රජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ හිරිවඩුන්න නමැති ප්‍රදේශයේ බව. - හිරිවඩුන්න කියන්නෙ බුදු පියාණන් බුදු වුන ස්ථානය, ඉපදුනේ බඹරගල. ඒ තැන් වලට ගිහින් බලන්න කවුරුත් කිව්වට පිලිගන්නෙපා. තමන්ම ඔය ඉන්දියාවෙයි ලංකාවෙයි හැම තැනකටම ගිහිල්ල තීරණයක් ගන්නකො.
    2. එදා හෙළදිව යනු ලොව විශාල ප්‍රදේශයක් පාලනය කල අධිරාජ්යක් බව. - අබුද්ධෝත්පාද කාල වලදි ලොවට බිහි වෙන දසරාජ ධර්මයෙන් ලොවම ධාර්මිකව පාලනය කර සෑම මිනිසෙකුගේම පුබ්බේත කත පුඤ්ඤතා ශක්තිය දියුණු කරගැනීමට වඩාත් ම රුකුලක් දෙන සක්විති රජුන් බිහි වන්නේ මධ්‍ය මණ්ඩලයේය. එනම් ලොව්තුරා බුදුවරයෙක් පහල වන බිමේය. සිදුහත් කුමාරයා උත්පත්තිය ලබපු වෙලාවෙ අසිත තවුසා සිදුහත් කුමාරයාගෙ අංග ලක්ෂණ බලල කිව්ව ඒකාන්තයෙන් ම සක්විති රජ කෙනෙක් හෝ ලොව්තුරා බුදු බවට පත් වෙනව කියල. මධ්‍ය මණ්ඩලයෙ තමයි ලොව අඩුම ගුරුත්වාකර්ශණ බලය තියෙන්නෙ. ඒ කියන්නෙ අඩු ම බිම් බර. එතන ඉඳන් තමයි රාග ඛය, ද්වේශ ඛය, මෝහ ඛය ලේසියෙන්ම හා බුද්ධ බවට පත් වීමට ස්වභාව ධර්මයෙන්ම බුද්ධ ශක්තිය පිහිටල තියෙන තැන. ඒ වගේම දසරාජ ධර්මයට පත් වීමට අභිඤ්ඤා ශක්තිය ලබාගන්න ලේසිම තැන.

    බලන්න නාසා ආයතනයෙන් අභ්‍යාවකාශයට යවපු චන්ද්‍රිකාවකින් සිතියම් කරපු බිම් බර. කොහෙද අඩුම බිම් බර? හෙළයින් ලංකාවෙ විතරක් නෙවෙයි. ලෝකෙ ගොඩක් පැතිවල ඉන්නව. දැන් කාලයත් එක්ක වැලලිලා. ඒත් ආයිත් මේ යන චක්‍රයේ ඒ හිටපු තැනට ආයිත් එනව.මිසරයේ පිරමීඩ වලත් තියෙනව හෙළයන් ව නිරූපනය කරපු චිත්‍ර ඕන තරම්.

    3. එහි පාලනාධිකාරිය වසර 100000 ක ඉතිහාසයක් හිමි රාවනා, මහසෙන් රජ පරපුර බව.
    රාවණා කියන්නෙ සක්විති රජ කෙනෙක්.
    පාලි ත්‍රිපිටකයේ පවා සූත්‍ර වල තියෙනව රාවණා ඇතුළු සක්විති රජවරුන් ගැන. කාශ්‍යප බුදු පියාණන් වහන්සේගෙන් පස්සෙ අබුද්ධෝත්පාද කාලයෙ පහල වුණු සක්විති රජ්ජුරුවො තමයි මේ රාවනා රජ්ජුරුවො. ගෞතම බුදු පියාණන් වහන්සේ ගෙන් පස්සෙ අබුද්ධෝත්පාද කාලයෙ පහල වෙන්න ඉන්නෙ කේතු කියන සක්විති රජ්ජුරුවො.

    රාවනා රජ්ජුරුවො ගැන ඕන තරම් සාක්ශි තියෙනව මේ හෙල බිම තුල ම. නිකන් පුහු මතයක්ට ඉඩ දෙන්නෙ නැතුව කවුරුත් කියපු දෙයක් කියවන්නෙ නැතුව තමන් ම ගිහිල්ල ඒ ඒ තැන් වලට ගිහිල්ල හොයන්න.
    පරුමක රවන පුත පරුමක ඉඣු
    කියල සෙනෙරත් පරනවිතාන මහත්තය කියවපු සෙල් ලිපි මොනවද?
    ත්‍රිපිටකයේ චක්‍රවර්ති සිහනාද සූත්‍රයේ ඇතුලු සූත්‍ර කිහිපයකම ලියැවිලා තියෙන්නෙ මොන රාවණා රජතුමෙක් ගැන ද?
    පේරාදෙනියෙ කැම්පස් එකේ පුස්කොලපොත් තියෙනව ගොඩක්. ඒව බලන්න ගිහිල්ල ඒවගෙ තියෙන්නෙ මොනවද කියල.

    හැබැයි ඔය රාවනා රජ්ජුරුවොන්ට අත් 10යි මූනු 10යි දාල හදපු ඒව නම් කතා කාරයො හදපුව. හැමදේම මනස කියන එකට දාල පෙරල මැනල ගත්තාම ඔක්කොම වටහගන්න පුලුවන්

    Rock, pop, hip hop නෙවෙයි. අවුරුදු දසස් ගානක් පැරණි අපේ හෙළ සංගීතයට අහල බලපන් පොඩ්ඩක්. උඹලගෙ මයිල් කෙලින් වෙයි.ලොවෙත් නැති හයියක් දැනේයි. මෙන්න අහපන් කවදාවක්වත් අහල නැති හෙළ සංගීතයට
    සමහරුන්ට උඹලගේ අතීතය මතක් වෙයි

    :::
     
    Last edited:
    • Like
    Reactions: ampm