මෙන්න එහෙනම් මගේ පලවෙනි ගීත ඉල්ලීම.
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවදකි අරගන එන්නේ
මගේ හදවතට ගොඩක් දැනුන ආදරය ගැන කියන පද මාලාවක් සහ සත්සර මුසුවක්.
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවදකි අර ගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ..//
සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
මොනවද එහි ලියැවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..
සුළං කුරුල්ලෝ...
මතක ලොවේ දොර අගුළු හැරී ඇත
මොනවද එහි හිරවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..
සුළං කුරුල්ලෝ...
ගායනය - හරූන් ලන්ත්‍රා
පදරචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස