මට තිබ්බ ලොකු ප්රෂ්ණයක් තමයි ඇයි හැච් බැක් කාර් වල විතරක් පිටිපස්සෙ වයිපරයක් තියෙන්නෙ, බහුතරයක් සෙඩාන් වල නැතුව කියල. net එකේ එක එක පැහැදිලි කිරීම් කරල තිබ්බ ඒ ගැන.
එල ත්රෙඩ් එකක්.
1.) මෙන්න මේ අනාකූල airflow එක නිසා ඒ හුළඟට පස්සෙ වීදුරුවෙ තියන වතුර බින්දු ගහගන යනව.
2.) හැච්බැක් වල rear වීදුරුව සිරස් නිසා ඒකෙ ඇලිල තියන වතුර බින්දුවට එක පැත්තකින් තියන්නෙ වීදුරුව. අනික් පැත්තෙන් හිස් වාතය. ඉතින් වාහනේ ත්වරණය වෙනස් වෙනකොට වතුර බින්දුව {තැලෙනවයි දිග වෙනවයි} හෝ ඉස්සරහට ලොකු ත්වරණයක් ගත්තොත් විතරක් විසිවෙනවයි ඇරෙන්න වෙන යන්න තැනක් නෑ. ඉතින් එකකින් අයින් කරන්න ඕනෙ.
සෙඩාන් වල එහෙම නෑ. එකම බෑවුමකින් තියන වීදුරුවක් මැද තියන වතුර බින්දුවක ත්වරණය වෙනස් වුණහම ඒකට වීදුරුව දිගේ තිරස්ව යන්න පුළුවන්. ( වීදුරුව ආනත කෝණය අදාල නෑ සංරචක දෙක විතරයි අදාල,cos,cos කැපිල යනවා
. ඉස්සරහට ත්වරණය වුණොත් වතුර බිංදුව පස්සට යනව. ඉස්සරහට මන්දනය උනොත් වතුර බින්දුව ඉස්සරහට එන්නෑ මොකද ඉස්සරහට යනවත් එක්කම උඩට යන්නත් වෙන නිසා
. ඉතින් ඔහොම ඔහොම සෙඩාන් වල වතුර බින්දු අයින් වෙනව...සෙඩාන්+all vehicles වල ඉස්සරහ එකට වයිපරයක් ඕනෙ ඔය වතුර බින්දුව ගුරුත්ව බලේ පිහිටෙන් පල්ලෙහාට යන්න හදනකොට ඉස්සරහින් එන airflow එක වතුර බින්දු වල යට ඉඳන් උඩට එන නිසා ආයි වතුර බින්දු උස්සන්න හදනව. ඉතින් පහලට යන්නෑ. ඉතින් වයිපරයක් ඕනෙ
මේ දෙකෙන් එකක් හරිද









have to check