ප්‍රේමයට නිම්හිම් නැති
උල්පත උනායැයි ඔබම කී...
කවියාණනේ....
මා ඔබෙයි,
ඔබගෙයි සදාදර පෙම්වතී
විසල් අහසට දුක දැනී
හිතුනු විට වැළපෙනු හැකී
සැඩ කුණාටුව වියරු වී
උණුසුමි සුසුම් වගුරනු ඇති
මට මගේ ඇස්දෙක විතරමයි
නිලුපුල් පරදෙතැයි ඔබම කී
රෑ දිවා ඔබ ගැන දැවී
නිල සේදිලා රතුපැහැ වුනී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් වලට මා ණය නැතී
මේ අලුත් කඳුලුත් ඔබටමයි
ඔබෙ කවි වලට ගන්නට හැකී...