පලවෙනි කරණය, මම මෙතන කතා කරන්නේ අන්තවාදී සුළු පිරිසක් ගැන, මේ වගේ ත්‍රෙඩ් වල සමහරුන්ගේ උත්තර වලින්ම ඒ ගැන උබට තේරුම් ගන්න පුළුවන්. මම මේ ත්‍රෙඩ් එක පුරාවටම කතා කරන්නේ ඒ වගේ අන්තවාදී අය ගැනයි මචං,පොඩ්ඩක් යේ කියවල බලපන්.
උබට ලංකාවේ International school වලට යන එවුන්ව අනුමත කරන්න පුලුවන්ද, (ගොඩක් අය), ඒවා වල ගොඩක්ම (99%) වගේ ඉන්නේ අර්ත්මර්තකාමී එවුන්, අනික ඔය පුද්ගලික විශ්වවිද්‍යාල වලට එන ගොඩක් අය ඒ වගේ අය නේ.
මම පිලිගන්නවා මචං රජයේ විශ්වවිද්‍යාල වලටත් ඔය වගේ මෙලෝ රහක් නැති එවුන් එනවා කියල, එත් උන්ව කොන් වෙනවා බන්, ගොඩක් එව්වුන් ක්‍රමයට අනුගත වෙනවා බුන්, අනිත් එවුන් පච වෙනවා.
එත් සාපේක්ෂව ගත්තම රජයේ එවුන්ගේ ඒ වගේ ගති අඩුයි.(මම නැහැ කියන්නේ නැහැ)
මචං ඔය රජයේ විශ්ව විද්‍යාලවලට බැන බැන ඉන්න ගොඩක් එවුන් Local A/L (සමහරු දෙපාර තුන් පාර) කරපු එවුන්. මම කිව්වේ අන්න එයාල ගැනයි. උබ දැන් ඔය Local A/L ගැන කියපු දේ ඒ අයගෙන් තමයි හරියටම අහන්න ඕනේ, ඇයි එහෙනම් Local A/L කලේ කියල ( උන් හැසිරෙන්නේ හරියට උන් රජයේ විශ්ව විද්‍යාල වලට කවදාවත්ම හීනෙන් වත් යන්න හිටියේ නැති විදිහට)මම ඒ කතාව කිව්වේ අන්න ඒ අයට. තොප්පිය හරි අය දා ගත්තට වැරද්දක් නැහැ.
මම කිව්වා නෙහැ මචං මම මේ උපාධි කඩ වලට විරුද්දයි කියල. මම කියන්නේ ඔය හැම තැනම A/L tution ගානට තියෙන උපාධි කඩ එපා කියලයි. අපේ Lect. ලත් ඕවට එනවා තමයි, එත් මචං පඳුරක් පඳුරක් ගානේ උපාධි කඩ දැම්මම ඒවාට එන්න Lect. ල ඔය තරම් ලංකාවේ ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක්.(මම කිව්වේ Senor Lecturers ල,ප්‍රොෆෙසර් ල වගේ ය ගැන.)
මම දන්නා එවුන් ඉන්නවා මචං ඔය වගේ ඉඩකඩන් වගේ උකස් තියාලත් ගිය. මම එකයි මචං අන්තිමට කිව්වේ අවබෝදෙන් දෙයක් කරන්න වරදින්නේ නැහැ කියල. ඒ දේ එය අවබෝදයක්,ඉලක්කයක් ඇතිව කලා නම් එකේ වරදක් නැහැ. ජොබ් කර කර ඉගෙන ගන්න එවුන් ගොඩක් ඉන්නවා බන්. මම එක වැරදියි කිව්වෙවත්, එහෙම එපා කිව්වෙවත්, උන්ට ඉගෙන ගන්න එපා කිව්වෙවත් නැහැ නෙහැ මචං. එහෙනම් මම පවුද්ගලික විශ්ව විද්‍යාල ඕනේ කියන්නේ නැහැ නේද?
මම කියන්නේ ඔය කුහක කම, තරහව තියාගෙන මේක කියවන්න එපා මචං.
බුදු සරණයි.