Mahinda Rajapaksha

GTX Titan

Member
Nov 19, 2013
67
5
0
රට බේරගත්තු එක ලොකු දෙයක් බන්. :)
ඒත් එහෙම කොලා කියලා එයාලට #ක දෙන්න බෑනෙ.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රට බේරගත්ත එක ඇත්ත පුතා......
    නමුත් වචනයේ අර්ථයෙන් ම රට බේර ගන්නව කියන්නේ ත්‍රස්තවාදයෙන් රට බේර ගැනීම විතරක් කියන එකට ලඝු කරන්න එපා. මොකද රට බේර ගන්න කොටින් ගෙන් විතරක් නෙවෙයි වෙන දේවලුත් තියනවා.................


    • දූෂණයෙන්/නාස්තියෙන්
    • අතයට ගන්න පගා/කොමිස් වලින්
    • අකාර්යක්ෂම රාජ්‍ය නිළධාරී යාන්ත්‍රණයෙන්
    • අකාර්යක්ෂම විදේශ දූත මණ්ඩල විගඩම් වලින්
    • රටට කෙළවන්න හදන එන්ජීඕ අ.හු.වේ.පු. ලාගෙන්
    • රටට වින කරන දේශපාලන ක්‍රමවේදයෙන්
    • නුසුදුස්සන් විසින් සුදුස්සන් යටපත් කිරීමෙන්
    මෙන්න මේවයිනුත් මේ රට බේරගත්තොත් විතරයි මහින්ද රාජපක්ෂ ඇත්තට ම රට බේර ගත්ත වෙන්නේ....................
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    රට බේරගත්ත එක ඇත්ත පුතා......
    නමුත් වචනයේ අර්ථයෙන් ම රට බේර ගන්නව කියන්නේ ත්‍රස්තවාදයෙන් රට බේර ගැනීම විතරක් කියන එකට ලඝු කරන්න එපා. මොකද රට බේර ගන්න කොටින් ගෙන් විතරක් නෙවෙයි වෙන දේවලුත් තියනවා.................


    • දූෂණයෙන්/නාස්තියෙන්
    • අතයට ගන්න පගා/කොමිස් වලින්
    • අකාර්යක්ෂම රාජ්‍ය නිළධාරී යාන්ත්‍රණයෙන්
    • අකාර්යක්ෂම විදේශ දූත මණ්ඩල විගඩම් වලින්
    • රටට කෙළවන්න හදන එන්ජීඕ අ.හු.වේ.පු. ලාගෙන්
    • රටට වින කරන දේශපාලන ක්‍රමවේදයෙන්
    • නුසුදුස්සන් විසින් සුදුස්සන් යටපත් කිරීමෙන්
    මෙන්න මේවයිනුත් මේ රට බේරගත්තොත් විතරයි මහින්ද රාජපක්ෂ ඇත්තට ම රට බේර ගත්ත වෙන්නේ....................

    :D:):):):yes::yes::yes::yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔක්කොම හොදයි.... වංචාව දූෂණය දැන්වත් නවත්තනවා නම්..... :yes:

    අද දින උපන් දිනය සමරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබ උපන් දිනයක් වේවා!


    හිතවත් මහින්ද,
    මේ ලිපිය ඔබට ලියන්නේ ඔබට වරක් හෝ කතිරය ගසා ඇති ඔබේ ඡන්ද දායකයෙකු විසිනි. ඔබ මේ රටේ ජනාධිපති පදවියට පත් කරන ලද්දේ ඔබ මේ රට මේ පවතින දුක්ඛිත තත්ත්වයෙන් ගොඩ ගෙනීවි යන බලාපොරොත්තුවෙනි. අපට ඇත්තේ එවැනි බලාපොරොත්තු කඩවීමේ ඉතා දුක්ඛිත අතීතයකි. 1994 දී මා එජාපයේ දුර්දාන්ත පාලනය පෙරලා මේ රට යහපත් තත්ත්වයකට ගෙනෙන බලාපොරොත්තුවෙන් මගේ කුළුදුල් ඡන්දය චන්ද්‍රිකා වෙනුවෙන් භාවිතා කළෙමි. නමුත් පසුව ඇය කර කී දේවල් වල හැටියට මට හිතුනේ මම ඒ ඡන්දය දුන් මගේ අත සුනඛයෙකු ගේ අධෝ මුඛයේ ගැසුවා නම් හොද බවය. මේ උදක් ම ලියන්නේ දැන් පවතින තත්ත්වය ද, මට ඔබ වෙත ඡන්දය දුන් අත එසේ කළ යුතු යැයි යටි හිතට මෝදු වෙමින් එන බව ලියා දැන්වීමටයි. එසේ සිතට දැනීමට හෙුතු ගනනාවත් ඔබේ පාලනය විසින් ඇති කර තිබේ.

    1. ඔබේ පාලනයේ නාස්තිකාර වියදම් ඉතා ම අධිකය. මා මේ කියන්නේ පොදුරද මඩුලු සමුළුව ගැන නොවේ. යම් දෙයක් ඇති තතු වසන් කොට පුම්බා පෙන්වීම සදහා කෙතරම් නාස්තිකාර වියදමක් කරනවා ද යන්න මදක් සිතා බලන්න. ඒවා මගින් උඩ සිට යටට ඒවාට සම්බන්ධ අය ගසා කති. කොටින්ම කියනවා නම් අදාල කාර්යයයේ වියදමට වඩා ප්‍රමාණයක් නොමිස් ලෙස ලබා ගනිති. ඔබට ඇති චෝදනාව මොවුන්ට මෙසේ කන්නට බලා දී අහක බලා ගෙන සිටීමය. ඔබ මේ රටේ ජනාධිපතිය. ඔබට ඔබේ බලතල භාවිතා කොට මේ දේවල් නැති කළ හැකිය. ඔබ ඒවා භාවිතා කොට මෙවැනි අවක්‍රියාවන් නතර නොකිරීම දෝශ දර්ශනයට ලක්වන්නකි.
    2. ඔබේ පාලනයේ ඔබ වටා සිටින පිරිසට ලබා දී ඇති තාන්න-මාන්න, වරප්‍රසාද වලට වියදම් වන ජාතික ධනය පිළිබද ව ඔබ හැගීම් විරහිතව කටයුතු කරයි. යම් මන්ත්‍රී වරයෙකුට වැඩ කිරීමට අවශ්‍ය නම් ඇමති ධූර හෝ නියෝජ්‍ය ඇමති ධූර අවශ්‍ය ම ද? යම් ඇමතිවරයෙකු යටතේ ඔහු ගේ කාර්යයන් හට සමය දීම මගින් ඔහුට වැඩි වැඩක් කළ හැකිය. නමුත් මෙසේ රජයේ අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීමෙන් ඔබ මහජන දෝශ දර්ශනයට කල් වෙන්නේ මොවුන් වැඩ නොකර, ඇමති තනතුරු වලින් ගසා කන නිසාය. මේ වැලැක්වීම පසෙක තබා ඔබ අපේ බස් ලබ්බාණන් සේ ද.නෑ, දැ.නෑ, ඇ.නෑ සෙයියාවෙන් සිටීම රටට කරන ද්‍රෝහී කමකි.
    3. ඔබේ පාලනයේ විදේශ සේවයේ දී සුදුස්සාට සුදුසු ගැන දී ඇත්තේ ඉතාම කලාතුරකිනි. නමුත් එසේ සුදුසු පුදුගලයා පත් කර ඇති විට දී ලැබෙන ප්‍රතිලාභය විශාල බව ඔබට මේ වන විටත් දැනගත හැකිව ඇත්තේ වෛද්‍ය ක්‍රිස් නෝනිස් සහ අද්මිරාල් තිසර පෙරේරා වැන්නවුන් නිසාය. නමුත් මේ දේවල් දැක දැක ම ඔබ ඔබේ විදේශ සේවය ගරා වැටීමට ඉඩ දෙන්නේ ඥාතින් වන මෙලෝ රහක් නැති සැට්ටඹියන් පිරිසක් විදේශ දූත මණ්ඩල වලට විදේශ අමථ්‍යංශය මගින් පත් කිරීම නෑසූ කන්ව, නොදුටු නුවන් ව සිටීමෙනි.
    4. ඔබේ ප්‍රතිරූපය පිම්බීම සදහා ඔබ වටා සිටින සැට්ටඹියන් ගන්නා තැත අතිශය තිරශ්චීනය, නින්දා සහගත ය. එමගින් වන්නේ ඔබේ ප්‍රතිරූපය නැංවීම නොව කෙළෙසීමය. නමුත් ඔබ මේවා ගැන නොදුටුවා සේ සිටී. අඩුම තරමේ මාගේ කටවුට් රට පුරා ගැසීමෙන් වැළකී ඒ මුදලින් අනාථ දරුවන් හට කෑම වේලක් දෙන්න යයි ඔබේ සැට්ටඹියන් හට නියෝගයක් කිරීමයට පුළුවන් කම තිබිය දීත් ඔබ එසේ නොකරයි.
    5. ඔබ හොද බලු පල්ලෙක් නොවේ. මා එසේ කියන්නේ දේශපාලකයෙකු වටා බළු රැලක් සිටිය යුත් ය යන මැකියවෙල්ලි චින්තනය මා අදහන් නිසාය. නමුත් ඔබ ඒ බල්ලන්ට ඕනෑ තරම්, හැම *ත්තටම බුරන්නට දී ඔහේ බලා සිටී. උන් බුරා එමතුද නොව ඔබේ පය පාමුල වසුරුද හෙලති. ඔබේ ලොකුම වරදක් ලෙස මා දකින්නේ ඔබේ මේ බලු රැළ බැද නොදැමීමේ ඔබේ ප්‍රතිපත්තියයි.
    6. මේ රටට දැක්මක් ඔබ සහ ඔබේ හෙන්චයියන් ඔලුවෙන් සිට ගෙන කිව්වත් තවම නැත. යම් කාර්යයක් වේගවත්ව කිරීම ගැන වගේ වගක් නැත. එසේම අකාර්යක්ෂම රාජ්‍ය නිළධාරී මාෆියවෙ මේ රටේ ඇති ලොකුම මාෆියාව බවට පත්ව ඇති අවාසනාවට ඔබ කිසිදු විකල්පයක් නොගෙනේ. අකාර්යක්ෂම රාජ්‍යය නිලධාරීන් ගෙදර යවා හෝ රාජ්‍ය යාන්තුණය කාර්යක්ෂම කළ යුතුය යන පොදු ජන හැගීමට ඔබෙන් ලැබෙන්නේ අතිශය අඩු සැළකිල්ලකි.
    7. අවසාන වශයෙන් ඔබෙන් ඉල්ලනට ඇත්තේ පහත ඉල්ලීම්ය.

    • අතිශය ලොල් සහගත මාධ්‍ය සංදර්ශන නවත්වන්න.
    • ඔබේ සහ සමහර ලොන්ත කොකටුවන් ගේ ප්‍රතිරූප පිම්බීම සදහා දරන නිශ්ඵල වැය නවත්වන්න.
    • ඔබ වට බුරමින් පහරන බල්ලන් බැද දමන්න.
    • නීතිය තරාතිරම නොබලා තදින් ක්‍රියාත්මක කිරීමට එල්ලුම් ගස නැවත ගෙන එන්න.
    • මේ රටට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන්න.
    • හැම වේසාවාටම ඕනෑ ලෙසට නොව රටට හිතකර ලෙස, මිනිසුන්ට හිතකර ලෙස සහ අනාගත පරපුරට හිත පිණිස මේ රට පාලනය කරන්න.
    ඔබට සුබ උපන් දිනයක් වේවා!-සියළු කටයුත් සඵල වේවා!
    මේ වගත් මෙසේම,
    රටට සේවයෙන් බැදි ඔබේ ජනතාවගේ නියෝජනය වන,
    දත් කිඹුළා වන මම් මැ වෙමි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    රට බේරගත්ත එක ඇත්ත පුතා......
    නමුත් වචනයේ අර්ථයෙන් ම රට බේර ගන්නව කියන්නේ ත්‍රස්තවාදයෙන් රට බේර ගැනීම විතරක් කියන එකට ලඝු කරන්න එපා. මොකද රට බේර ගන්න කොටින් ගෙන් විතරක් නෙවෙයි වෙන දේවලුත් තියනවා.................


    • දූෂණයෙන්/නාස්තියෙන්
    • අතයට ගන්න පගා/කොමිස් වලින්
    • අකාර්යක්ෂම රාජ්‍ය නිළධාරී යාන්ත්‍රණයෙන්
    • අකාර්යක්ෂම විදේශ දූත මණ්ඩල විගඩම් වලින්
    • රටට කෙළවන්න හදන එන්ජීඕ අ.හු.වේ.පු. ලාගෙන්
    • රටට වින කරන දේශපාලන ක්‍රමවේදයෙන්
    • නුසුදුස්සන් විසින් සුදුස්සන් යටපත් කිරීමෙන්
    මෙන්න මේවයිනුත් මේ රට බේරගත්තොත් විතරයි මහින්ද රාජපක්ෂ ඇත්තට ම රට බේර ගත්ත වෙන්නේ....................

    :D