Moratuwa Univercity Controversial of Burka(FACE COVER)

after

Member
Sep 5, 2009
3,692
486
0
මුස්ලිම් කතුන් සිය මුහුණ සම්පූර්ණයෙන් වසා දමමින් පළඳින නිකාබ් හා බුර්කා පැළඳීමට මොර‍ටු විශ්වවිද්‍යාලය අවසර ලබා නොදෙන පුවතක් පසුගිය දිනවල අන්තර්ජාලය පුරා පැතිරගොස් තිබුණි.

එම පුවතට පාදකවූ කාරණය පිලිබඳ දැනගැනීම සඳහා අප මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතාගෙන් විමසු අතර ඔහු ඒ බැව් සනාථ කරමින් කියා සිටියේ විශ්ව විද්‍යාලයේ ඇති ආරක්ෂක හේතුන් මත මුහුණ වසාගෙන සිටීමට ඉඩ දිය නොහැකි බවත් විශ්ව විද්‍යාලයේ සෑම සිසුවෙකුම කා හටත් හඳුනා ගැනීමට හැකිවන සේ සිටිය යුතු බවය.

පසුගිය කාලයේ එක් සිස්දුවියක මුහුණ වැසෙන වේල් පටය පැලඳීමට අවසර ඉල්ලා ඇතිඅතර විශ්වවිද්‍යාලයීය නේවාසික හා විනය කමි‍ටුව හා සෙනෙට් සභාව විසින් සාකච්චා කොට ඉහත තීරණයට එළඹ ඇත.

මුස්ලිම් සිසුවියන්ට මුහුණ නොවැසෙන ලෙස හිජාබය පැලඳීමට අවසර තිබේ. විශ්ව විද්‍යාලයේ සිටින මුස්ලිම් සිසුන්, ආචාර්යවරුන්ගෙන් එයට කිසිදු විරෝධතාවයක් එල්ලවී නොමැති අතර එය විශ්ව විද්‍යාලය තුල ඇති ආගමික සහජීවනය ඉසමතු කරවන්නකි.

මෙය අන්තර්ජාලයේ කතාබහට ලක්වන පුවතක් වුයේ කෙසේද යන්න ගැටළු සහගත බව උපකුලපතිවරයා අපවෙත පවසා සිටියා.

මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා තිස්තුන්දාහ වෙත අදහස් දැක්වූ අයුරු

මොරටුව විශ්ව විද්‍යාලයේ නොයෙකුත් ජාතින් ගේ ශිෂ්‍යන් ඉන්නවා.. නමුත් කිසිම දවසක මුහුණ වහලා ඒවගේ නැහැ..මොකද ඇතුලේ අදුනා ගැනීමේ අවශ්‍යතාවය සහ ආරක්ෂාවට කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ..කව්රුත් ඉල්ලීමක් කලෙත් නැහැ..කව්රුත් අඳුරා ගන්න පුළුවන් විදියට විශ්ව විද්‍යාලය තුල හැසිරුණා..

නමුත් තුන්දෙනෙක් කලින් ඉල්ලෙම් කරාම විශ්ව විද්‍යාලයෙන් අවසර ගන්න කිව්වම දෙන්නෙක් ඒක පිළිගත්තා..එක්කෙනෙක් විතරක් ඉල්ලීමක් කරලා තිබුනා එයාට මුණ වහලා..ෆේස් වේල් එක විතරක් දාන්න ඉඩ දෙන්න කියලා..

නමුත් විශ්ව විද්‍යාලයේ විනය කමිටුවක් තියෙනවා..විනය කියන්නනේ අපේ සනාතන සභාව වගේ ඔක්කොම මහාචාර්යවරු අංශ ප්‍රධානින්, පීඨාධිපතිවරුන් ඉන්න..ඒ කමිටුවට දැම්මම කමිටුවෙන් කිව්වේ විශේෂයෙන් විශ්ව විද්‍යාලය තුල අඳුර ගැනීම අවශ්‍යයි..ඉතින් අපි එයාට කිව්වා එයාගේ ඉල්ලීම සලකලා බැලුවා විශ්ව විද්‍යාලය තුල ෆේස් වේල් එක ඔලුව වැහෙන විදියට දාන්න පුළුවන් නමුත් මුහුණ වැහෙන්න දාන්න එපා මොකද විශ්ව විද්‍යාලය තුල අපිට හැම කෙනෙක්ම අඳුර ගැනීම හැකියාව තියෙන්න ඕන, අනික අපි විශ්ව විද්‍යාලය තුල පරිසරයක් ඇති කරන්නේ ඕනෑම ජාතියකට ඕනෑම ආගමකට සෝෂල් හාර්මනි එක ඇතිවන විදියට තියෙන්න..

ඉතින් ඒක විශ්ව විද්‍යාලය තුල කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ..විශ්ව විද්‍යාලයේ මුස්ලිම් අචාරවරුත් ඉන්නවා..විශ්ව විද්‍යාලයේ කිසිම අවශ්‍යතාවයක් නැති දෙයක් තමයි අන්තර්ජාලයේ අනවශ්‍යය විදියට මේ පැතිරිලා යන්නේ..



From 33000