ජනශක්ති හිඟන්ෙනා

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63
    ජනශක්ති හිඟන්ෙනා (Janashakthi Hinganno)

    මම එළකිරි එකට ගොඩක් අලුත් වුණත් මම මේකෙ ඒ කාලෙ ඉඳන් දාන ලිපි බලනවා, මම‍ ගොඩක් ආස කරන වෙබ් සයිට් එකක් මේක, ඒක නිසාම මගේ මේ දුක් ගැනවිල්ල මේ සයිට් එකේම ඉදිරිපත් කරන්න හිතුනා, මම මේ දාන ලිපිය ඔයාල හැමෝටම වැදගත් වේවි!!!

    වෙච්ච සිද්ධිය කෙටියෙන් කියන්නම්,
    ගිය අවුරුද්දෙ ජුනි මාසයේ ගොඩක් බලාපොරොත්තු මැද්දේ බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරල, පොඩි, අතට පහසු මුදලෙ කාර් එකක් ගත්තා. Perodua Viva Elite වර්ගයේ කාර් එකක්, මේකට ජනශක්ති රක්ෂණ සමාගමෙන් ෆුල් ඔප්ෂන් රක්ෂණාවරනයකුත් දා ගත්තා, 2012 ජුනි මාසයේ තමයි කාර් එක මිලදී ගත්තෙ, 2013 ජුනි මාසය වෙද්දි කාර් එකට අවුරුද්දකුත් සම්පූර්ණ වෙලා රක්ෂණාවරනයත් අවුරුද්දෙන් අලුත් කරගත්තා, ඊට පස්සෙ 2013.08.17 වෙනිදා තමයි මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන්නට වුණේ. මම මාතර නාවිමන ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නෙ, මේ දවසේ මාතර ටවුන් එකට පිටත් වු විටක මාගේ ගමේ එක් කුඩා පාරක වාහනයෙන් යන්න සිද්ධ වුණා(මේකට හේතු වුණේ මහා මාර්ගයේ ඇති වුණ විශාල වාහන තදබදයක් නිසා) ‍කවදාවත් මේ කුඩා පාරේ ගිහින් පුරුදු නැති මම ඉදිරියෙන් පැමිණි වාහනයක ඉඩ දීමට ගොස් පාරේ අයිනේ තිබුණ ලොකු පැතලි කලු ගලක මගේ කාර් එක හැප්පුණා ඒත් එක්කම මම කලබල වුණා, මටත් ඩ්‍රයිවින් හොඳටම පුරුදු නැති නිසා මම ඒ ගලේ වැදුණ අනතුරෙන් ගොඩක් කලබල වුණා, ඒ කල‍බලේටම මගේ අතින් බේක් එක වෙනුවට ඇක්සලරේටර් එක පෑගිලා වාහනේ වේගෙ තවත් වැඩි වෙලා ළඟම තිබුණ බොක්කුවක වාහනේ හැප්පිලා බොක්කුවේ හැප්පුණ පාරට පාහනේ බෝක්කුව උඩම නැවතුනා, කොහොම හරි තත්පර 10ක විතර පොඩි සිද්ධියකින් මුලු වාහනයේ ඉස්සරහ පැත්තම ගොඩක් අනතුරු වුණා, ඒ වෙලාවෙදි ගත්ත ෆෝටෝස් වගයක් මම මේ ත්‍රෙඩ් එකටම දාන්නම්,
    සිද්ධිය වුණ සැනින් මම ජනශක්ති Hotline එකට මේ අනතුර දැනුම් දුන්නා, ඊට පස්සෙ එයාලා පැය 3-4කට විතර පස්සෙ එතැනට නියෝජිතයෙක් එව්වා, අනතුර සිදු වූනේ හවස 6.30ට විතර කොහොම හරි රක්ෂණ නියෝජිතය එද්දි රාත්‍රී 10.30 විතර වුණා(ටී.වී එක් ඇඩ් දාන්නෙ හැප්පුණ ගමන් එනවා කියලා, ඒත් ඇත්තටම දෙයක් වුණාම තමයි මෙයාලගේ කෙරුවාව බලන්න ඕන) ඊට පස්සෙ මෙයාලගේ රක්ෂණ නියෝජිතයා ෆොටෝස් ඔක්කොම ගහල අපට ඉක්මනටම ක්ලේම් එක දෙන්නම් කියලා එයා ගියා, ඊට පස්සෙ අපිට වාහනේ පාරෙ දාලා යන්නත් බැරි නිසා ගොඩක් අමාරුවකට වැටුණා, එදා රෑම වාහනයකට කතා කරලා මාතර යුනයිටඩ් මෝටර්ස් කම්පැනි එකට වාහනේ ගෙනැල්ලා දැම්මා(රෑ තිස්සෙ පාරෙ වාහනය තියලා යන්න බැරි නිසාම) එතැනින් ඒ සිද්ධිය අවසානයි.
    ඊට පස්සෙ අපෙන් එයාල පොලිස් රිපෝට් එකයි තව කම්පැනි එකෙන් එස්ටිමේට් එකයි එවන්න කිව්වා සල්ලි ගෙවන්න, අපි එදාම පොලිස් රිපෝට් එකත් අරගෙන දවස් දෙකකට විතර පස්සෙ කම්පැනි එකෙන් එස්ටිමේට් එකත් ගත්තා, මාතර යුනයිටඩ් මොටර්ස් එකෙන් අපේ වාහනේ හදන්න ලක්ෂ 11ක එස්ටිමේට් එකක් දාලා තිබ්බා, ඊට පස්සෙ ඒ එස්ටිමේට් එක ගිහිල්ලා ජනශක්ති ඉන්ෂූරන්ස් එකට ගිහිල්ලා දුන්නම එයාල කිව්වා මේ වාහනේ අපි Condemn කරල අපි ඔයාලට වාහනේ මුලු ගාන සතියක් ඇතුලත ගෙවන්නම් කියලා ඊට පස්සෙ මේ සතිය ගෙවිල යන්න කළින් අපේ ගෙදරට එයාලගෙ ඉන්ෂුවරන්ස් එකෙන් කෙනෙක් ආවා, එයා ඇවිල්ලා අපෙන් අහපු දේට අපිත් කරකවල අත ඇරියා වගේ වුණා, මෙහෙම දෙයක් තමයි අපිට ඉදිරිපත් කළේ “මහත්මයා අපිට ඔයාගෙ අනතුර ගැන ඇත්ත කියන්න, අපිට ඔයාලගේ ප්‍රදේශයේ අය කියනවා එදා වාහනේ ඩ්‍රයිව් කලේ ඔයා නෙමෙයි ඔයාගෙ පුතෙක් තමයි වාහනෙ අරගෙන ගිහිල්ල තියෙන්නෙ, අපිට ඇත්ත කියන්න, මම සර්ට මුකුත් වෙන්න දෙන්නෙ නෑ, අපට ගමේ අය කියනවා මේ වාහනේ එදා ගෙනියල තියෙන්නෙ ලයිසන් නැති කෙනෙක්” කියල අනං මනං කිව්වා අපිත් ඒ කිව්ව එක තරයේ ප්‍රතික්ෂේප කළා, අපේ ප්‍රදේශයේ අය අපිත් එක්ක ගොඩක් ඊරිසියාවෙන් ඉන්න බවත් අපි ඒ පුද්ගලයාට ඒ වෙලාවේ කිව්වා, අපි ඒ ආපු පුද්ගලයා ගැන වැඩිය ගණං ගත්තෙ නැතත් ඊට පස්සෙ දවසක ජනශක්ති එකෙන් අපිට ලිවුමක් ආවා ඔයා‍ලගෙ ක්ලේම් එක ගෙවන්න බෑ, මෙහෙම වෙන කෙනෙක් වාහනේ ඩ්‍රයිව් කරල තියෙනවා, ඒක නිසා අපි ක්ලේම් එක ගෙවන්නෙ නෑ කියලා, ඊට පස්සෙ අපි ජනශක්ති එකට කෝල් කරල මේ ගැන ඇහුවම එතැන හිටපු ක්ලේම් මැනේජර් කෙනෙක් අපිට කිව්වා “අපිට මේක ගෙවන්න බෑ, අපිට මේක ඔප්පු කරන්න ඕන තරම් සාක්ශි තියනවා, ඔයාලගේ ප්‍රදේශවාසීන්ගෙන් ගත්ත ලියුම් අපි ගාව තියනවා, ඔයාල ඕන නම් අපිට විරුද්ධව නඩු කියන්න” කියලා ගොඩක් තරයේ ප්‍රකාශ කළා, අනේ අසරණ අපි මේ කම්පැනි කාරයෝ එක්ක මොක‍ට නඩු කියනවද කියලා හිතලා අපි නැවත අභියාචනයක් දැම්මා, ඒ දැම්මත් ඒකත් ප්‍රතික්ෂේප වුණා, ආයිත් නැවතත් අභියාචනයක් දැම්මා, ඊට පස්සෙ ඒකත් ප්‍රතික්ෂේප වුණා මේ ගැන අහන්න අපි මාතර ඉඳන් රස්තියාදු වෙලා කොළඹටම ගියත් එයාල එදා අපිට එයා‍ලගේ මැනේජර්ව හම්බවෙන්නවත් අවසර දුන්නේ නෑ,, අහිංසක අපිට මෙයාල මෙහෙම කරන්නෙ මොකද කියන එකනම් ම‍ට තාමත් හිතාගන්න බෑ, කොහොම හරි මේ ඉන්ෂුරන්ස් එකත් එක්ක මේ සිද්ධි ටික වෙලා ඉවර වෙද්දි මාස 3ක් විතර ගියා එතකල් වාහනෙත් කැඩුණ ගමන් කම්පැණියේ එහෙම්මම දිර දර තිබුණා, කරන්නම දෙයක් නැති තැන බොහොම අමාරුවෙන් හම්බකරපු සල්ලි වගයක් එකතු කරල ළඟ තියෙන ගැරේජ් එකකට දාලා වාහනේ අඩු ගානට හදා ගත්තා,
    මේ ගැන දන්න කට්ටියගෙන් උපදෙස් ගත්තම එයාල කියන්නේ මේකට රක්ෂණ ඔම්බුෂ්මන්ට් කෙනෙක් හම්බවෙන්න කියලා, මම ඒ දේ කරන්න තමයි දැන් ට්‍රයි කරන්නෙ, ඒ තැනින්වත් මට සාධාරණත්වයක් ඉටු වෙයි කියලා හිතනවා,,

    අපි මෙච්චර සල්ලි වියදම් කරල රක්ෂණය වෙලා හැප්පුණාම බොරු හේතු කාරණා හදාගෙන සල්ලි ගෙවන්නෙ නැතුව ඉන්නවා නම් ඒ රක්ෂණ සමා‍ගමෙන් ඇති වැඩේ මොකක්ද? මම මේ ලිපිය දාන්නෙ ගොඩක් හිත් වේදනාවෙන්, මට පුලුවන් විදියට මේක ටයිප් කරලා එළකිරි ‍එකේ ඉන්න යාලුවො එක්ක බෙදා හදාගත්තා
    මට නම් කියන්න තියෙන්නෙ, ඔය ජරා හිඟන ජනශක්ති රක්ෂණ සමාගමෙන්, වාහනේකට තියා තමන්ගෙ බලු පැටියෙක්වත් රක්ෂණය කරන්න එපා කියලා, මම වැටුන අපහසුතාවයේ තවත් කෙනෙක් වැටෙනවාට මම කැමති නෑ, ඒකයි මම මහන්සි වෙලා මේ ත්‍රෙඩ් එක දැම්මෙ, ඔයාල දන්න හැමෝටම මේ විස්තරය කියන්න, හතුරෙක්ටවත් මේ රක්ෂණ සමාගමේ වාහනයක් රක්ෂණය කරන්න ඉඩ දෙන්න එපා........ මේ ගැන දන්න හැමෝටම කියන්න...



    https://www.dropbox.com/s/l9bj18828u9mo2l/2013-08-17%2023.37.10.jpg

    https://www.dropbox.com/s/jt5novf863rkx7y/2013-08-17%2023.37.14.jpg

    https://www.dropbox.com/s/tgrysq27v59ezdt/2013-08-17%2023.47.31.jpg

    https://www.dropbox.com/s/bw67dix9j7bk3zn/2013-08-17%2023.47.34.jpg
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,267
    15,837
    113
    amal-androsy.jpg
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    sira sira, ape vahaneth happila okun damma boru hethu lot ekak, pade kiyala salli tika gatte :angry:

    හැප්පුණාම බොරු හේතු කාරණා හදාගෙන සල්ලි ගෙවන්නෙ නැතුව ඉන්නවා නම් ඒ රක්ෂණ සමා‍ගමෙන් ඇති වැඩේ මොකක්ද?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-
    උඹ කියපන් උන්ට සාක්ෂිත් එක්ක පෙන්නන්න කියලා මෙහෙම ලයිසන් නැති කෙනෙක් එලෙව්වා කියලා. මචං උන්ට reliable source එකක් නැතිව file එකක් close කරන්න බෑ claim කරන්නේ නැතිව. උඹ කියපන් එහෙම පොඩි කෙනෙක් එලෙව්වා කියන අයව හරි ඉදිරිපත් කරන්න එහෙම පැහැදිලි සාක්ෂියක් නැතිව ඕක නොගෙවා ඉන්න දෙන්න බෑ කියලා. මොකද ඒක උඹේ අයිතියක්. උඹ හරියට ගෙවපු එකෙක් නම් උඹට ඒ අයිතිය කොහොමත් තියෙනවා. ඔච්චර ලේසියෙන් අතාරින්නේ ඇයි බං? :rolleyes::rolleyes:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    උඔ බය නැතිව ලෝයර් කෙනෙක් අල්ලල Letter of Demand එකක් යවපන්... උන්ට ඕක ඔප්පු කරන්න අමාරුයි...


    මුලින් ආබිට්‍රේෂන් කොර්ට් දායි හැබැයි ටිකක් වද වෙන්න වෙනව මචන් !!
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹ කාර් එක අරගෙන අවුරුද්දකුත් මාස දෙකක් පැදලත් Driving හුරු නෑ කියන එක නම් අවුලක් තියෙනවා. කොහොමත් පොලිස් Report එකේ අනතුර ගැන ප්‍රශ්ණයක් ඇති.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Machan Please Share any documents of Janashakthi and prove that this is a real incident done by them..

    My car is insured by Janashakthi and I will remove from them... :dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජනසක්විති කියන්නෙ චාටර්ම ඉන්ශුවරන්ස් එකක්. මීටකලිනුත් ඔහොම උන් කරලා තියෙනව. හොඳම දේ උඹෙ වාහනේ වෙන කෙනෙක් එලෙව්ව කියලා කියනවනම් ඒක ඔප්පු කරන්න කියපන්..:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉන්ෂුවරන්ස් කාරයෝ කොහොමත් ඔහොම තමා.... Sri Lanka Insurance තමා ටිකක් හරි ශේප්..... මම CO-OP Insurance එකේ බයික් එක දාලා..... අපෝ හෙන වාත කේස්..... ඊලග පාර නම් ගාන වැඩි උනත් දාන්නේ Sri Lanka Insurance..... යකෝ අපි ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාලත්, මුන්ගේ ගණන් බලන්න එපායේ...... :angry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඉන්ෂුවරන්ස් කාරයෝ කොහොමත් ඔහොම තමා.... Sri Lanka Insurance තමා ටිකක් හරි ශේප්..... මම CO-OP Insurance එකේ බයික් එක දාලා..... අපෝ හෙන වාත කේස්..... ඊලග පාර නම් ගාන වැඩි උනත් දාන්නේ Sri Lanka Insurance..... යකෝ අපි ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාලත්, මුන්ගේ ගණන් බලන්න එපායේ...... :angry:


    Ceylinco hodai kiyanawane :D
    Athththata kiwwot eka insurance company 1k wath hoda naha...

    Ape yaluwek hari needeyek hari weda karanawanam, anna e company eka tamai hoda :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Ceylinco hodai kiyanawane :D
    Athththata kiwwot eka insurance company 1k wath hoda naha...

    Ape yaluwek hari needeyek hari weda karanawanam, anna e company eka tamai hoda :lol:

    මේක නං ඇත්ත කතාව :yes: මගේ යාලුවෙක් ඉන්නව සෙලින්කෝ එකේ ඌට කෝල් කරලා තමයි හැම වැඩේම කරගන්නේ කොහේ හිටියත් පැයෙන් එනවා කාර් එක ගාවට ඇවිත් පොඩ්ඩක් වැඩියෙනුත් එක්ක දාල දෙනවා :P
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    machan sakshi pennana kiyapan. naduwak file karapan. amarui thamai eth sure nam attatama karapan. Janshakthi eke premium adui. eth claims gewana eka hari na ban. never go to Janashakthi
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    11lks for viva elite...otchara hapunada ban...:dull:police report eke nedda ube drive kale kiyala...ane manda man nan kawadwath full insurance dagena ne eka wahanekawath....parissamen elawanawa....okun kohoma hari awulak allanna tamai hadanne kohenhari...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තියන ඉන්ෂුවරන්ස් වලින් හොදම එක තමා සෙලින්කෝ ..අනික් උන් එක්ක බැලුවාම ඒක තමා හොද ?

    මචන් උබ මේ කේස් එක අත අරින්න එපා ..අනික උබ එතන ගිහින් බබා වගේ ඉන්න එපා ..පොඩ්ඩක් සද්දෙ දලා කතා කරපන් ..අනික උබ මුකුත් දන්නෙ නෑ වගේ ඉන්න එපා .දන්නේ නැත්නම් දන්න කෙනෙක් එක්ක පලයන්