2014 වසර නිදහස කැමැති අය නොබියව ඉදිරියට යා යුතු වසරයි!
-2014 වසර නිදහස කැමැති අය නොබියව ඉදිරියට යා යුතු වසරයි!
පසුගිය වසරේ දී නිදහස කප්පාදුව වැඩියෙන් සිද්ධ වීමක් ලොව හැම තැනකින්ම දකින්නට ලැබුනාට එසේම ඊට එරෙහිව ඉදිරියට ආ නිර්භීත අතලොස්සක් ද දකින්නට ලැබුණි.
මනුෂ්‍යත්වයේ ප්‍රගතියට ඒකීය මිනිසාගේ නිදහස නැතිවම බැරි වූවකි.
අධ්‍යාපනය යැයි කියා පුස්සක් බෙදා දක්කා ගෙන යා හැකි ලෙසින් මිනිසා රවටා තිබීමෙන් ආර්ථිකයක් වැඩ කරන ආකාරය ගැන නොදන්නාකම, තම උන්නතිය වෙනුවෙන් තමන් වගකීමක් ගැනීමට පසුබෑම, කෙටි කාලීන වාසි තකා ආචාර ධර්ම පාවා දීම මෙන්ම බලතණ්හාධිකයන් තුලින් තම අපේක්ෂාවන් ඉටු වේ යැයි අනුවණ බලාපොරොත්තු තබා ගැනීම නිසා නිදහස කප්පාදුව සිද්ධ වන්නේ කෙසේදැයි කියා වටහා ගැනීමට නොහැකි බහුතරය ලොව අද වැඩි වී සිටිති.
නිදහස උදෙසා යැයි පාරට්ටු බාමින් ඇති ඩිංගිත්තන් නිදහසත් කප්පාදුවට ලැහැස්ති වෙන අයට ඒ නිසා මේ පෑදී ඇත්තේ කදිම අවස්ථාවකි. පවතින අවාසනාවන්ත තත්වය තවත් පටලවා අවුල් සහගත කර තෝරා බේරා ගන්නට නොහැකි වී සිටින ජනතාවකට හුරු පුරුදු යල්පැන ගිය අසාර්ථක ක්‍රමය යළිත් පිරිනමන්නට මේ බලතණ්හාධිකයන් පලවා හැරීමෙන් හැකි යැයි තවත් බලතණ්හාධිකයන් පිරිසක් ලක ලැහැස්ති වෙති.
ඒ නිසා උදාවෙන 2014 යනු බලතණ්හාධිකයන් කවුදැයි නිදහස වෙනුවෙන් පෙනී ඉන්නේ කවුදැයි හඳුනාගන්නා වසරයි. පැහැදිලි කරගන්නට නොදන්නා අයට නිදහස කුමක් දැයි වටහාගත්තවුන්ගේ සහාය වැඩියෙන් අවශ්‍ය වූ වසරයි. දන්නා අය නොදන්නා අයට වැඩියෙන් පැහැදිලිව නිදහසේ අගය ගැන අදහස් කියා පෑ යුතු වසරයි. දන්නා අය නොදන්නා අයට වැඩි උත්සාහයකින් තෝරා ගැනීම් සහ බලහත්කාරකම් අතර වෙනස පැහැදිලි කළ යුතු වසරයි.
ඔබ කැමති ඔබේ ජීවිතය ඔබේ කැමැත්ත අනුව ගෙවන්නට ද?
නැත්නම් අනුන් කැමති විදියට ඔබ ජීවත්වී ඔවුන් කැමති විදියට ඔවුන්ට ජීවත්වෙන්නට ඔබ මහන්සි වෙන්නට ද?
ආර්ථිකයක් වැඩ කරන්නේ කෙසේදැයි නොදන්නේ නම් ඔබ අනුන් කියන විදියට ජීවත් වී, ඔබේ මහන්සියෙන් ඔවුන්ට ඔවුන් කැමති ආකාරයෙන් ජීවත්වෙන්නට උපන් දා සිට මිය යනතුරු කඹුරන්නෙකි.
ආර්ථිකය, ඉතිහාසය සහ දර්ශනය සම්බන්ධයෙන් ඔබේ දැනුම වැඩි කර ගැනීමෙන් යහපතක් සිද්ධ වන්නේ ඔබටම බව අවබෝධ කරගන්න. බැටළුවන් මෙන් රැලේ ගමන් කළාට මිනිසාට විචාරයට හැකියාවක් ඇත. එය අවදි කරන්නට නම් හැමදාම ඇහෙන පාරට්ටු බෑම් වල ඇති අසත්‍යන් මොනවාදැයි ඔබ පහදා ගෙන, වටහා ගෙන, සරල ලෙසින් අන්‍යයන්ටත් කියා දෙන්නට පුහුණු විය යුතුයි.
නිදහස කැමැත්තාට, අනුන් කියන විදියට ජීවත් වෙන්නට සූදානම් නැත්තාට උදාවෙන 2014 වසරේ දී පැටවෙන බර වැඩියි. නිදහසට කැමැත්තා, අනුන් කියන විදියට ජීවත්වීම ප්‍රතික්ෂේප කරන්නා වෙහෙසෙන්නේ තමන් වෙනුවෙන් පමණක් නොවේ. තම දරුවන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් ඒ ඒ අය කැමති ආකාරයෙන් ජීවත්වීමට හැකි ලෝකයක් වෙනුවෙනි.
2014 දී නිදහස කැමති අයට නොබියව ඉදිරියට යන්නට ධෛර්යය හා ශක්තිය ලැබේවා!

අරුණී ශපිරෝ
randora.lk