ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිපš
ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිපි ලේඛණ සකස් කිරීම.
මේ නූලෙන් මම බලාපොරොත්තු වෙන්නේ Google Input Tools හෙවත් ගූගල් ආදාන මෙවලම් යොදා ගෙන සිංහලෙන් ලිපි ලේඛණ යතුරු කර ගන්න හැටි කියල දෙන්නයි.
මේ සඳහා පළමුවෙන්ම පහතින් ඇති ජාල සබැඳි නැතහොත් link දෙකෙන් එකකින් Google Input Tools වෙබ් පිටුවට පිවිසෙන්න ඕනැ.
පළමුවැනි ජාල සබැඳිය මේකයි.
http://www.google.lk/inputtools/
ඉංග්‍රීසියෙන් "Input tools" කියල යතුරු වදන (Keyword) දීල සෙවීම (Search) කළොත් ඔබට මේ සබැඳියට පිවිසුමක් ලැබේවි. මේ සබැඳියෙන් ඔබ පිවිසෙන්නේ Google Input Tools ඉංග්‍රීසි පිවිසුම් පිටුවටයි.
ඉන්පසුව එහි ඇති "Try it out" බොත්තම සක්‍රිය කරන්න. ඔබ යතුරුකරන පිටුවට (Typing Page) පිවිසේවි.
මෙන්න දෙවැනි ජාල සබැඳිය.
www.google.lk/intl/si/inputtools/
සිංහලෙන් "ආදාන මෙවලම්" කියල යතුරු වදන (Keyword) දීල සෙවීම (Search) කළොත් ඔබට මේ සබැඳියට පිවිසුමක් ලැබේවි. මේ සබැඳියෙන් ඔබ පිවිසෙන්නේ Google Input Tools සිංහල පිවිසුම් පිටුවටයි. ඉන්පසුව එහි ඇති "එය උත්සාහ කර බලන්න" බොත්තම සක්‍රිය කරන්න. ඔබ යතුරුකරන පිටුවට (Typing Page) පිවිසේවි.
ඔබ Google Input Tools ඉංග්‍රීසි පිටුව හරහා යතුරුකරන පිටුවට පිවිසියොත් එහි යතුරුකරන කොටසේ වම් ඉහල කෙලවරේ English යනුවෙන් සඳහන් බොත්තමක් දිස්වේවි. ඒ වගේම පහත දකුණු කෙලවරේ ඉංග්‍රීසි යතුරු පුවරුවක සටහනක් දිස්වේවි.
එහි English යනුවෙන් සඳහන් බොත්තම සක්‍රිය කරන්න. එවිට ලෝකයේ විවිධ භාෂානාම ඉංග්‍රීසියෙන් සඳහන් මෙනුවක් පහළට වැටේවි.
එයින් ඔබට අදාල භාෂාව (Sinhala) සඳහන් තැන සක්‍රිය කරන්න. එවිට English යනුවෙන් සඳහන් වූ බොත්තම Sinhala යනුවෙන් වෙනස් වේවි.
ඒ ලඟම දකුණින් "සිං" යනුවෙන් කුඩා බොත්තමක්ද, ▼ සලකුණ සඳහන් බොත්තමක්ද දිස්වේවි. එම ▼ සලකුණ සඳහන් බොත්තම සක්‍රිය කළවිට "සිංහල" සහ "ශුද්ධ සිංහල" යනුවෙන් වරණ (Choices) දෙකක් සහිත මෙනුවක් පහළට දිස්වේවි.
එහි "සිංහල" යන්න සක්‍රිය වී තිබෙන්න හරින්න. "ශුද්ධ සිංහල" යන්න සක්‍රිය කරන්න එපා. ඒ ගැන පසුව කතා කරමු.
ඔබ Google Input Tools සිංහල පිටුව හරහා යතුරුකරන පිටුවට පිවිසියොත් එහි යතුරුකරන කොටසේ වම් ඉහල කෙලවරේ Sinhala යනුවෙන් සඳහන් බොත්තම සහ ඒ ලඟම දකුණින් "සිං" යනුවෙන් කුඩා බොත්තමද, ▼ සලකුණ සඳහන් බොත්තමද දිස්වේවි. ඒ කිසිවක් වෙනස් කරන්න එපා.
දැන් ඔබ සිංහලෙන් යතුරු ලියනය කරන්නට සූදානම්. හරිම ලේසියි. ඔබට අවශ්‍ය සිංහල වචනය ශබ්ද වන අයුරින් ඉංග්‍රීසි අකුරින් (සිංග්ලිෂ් වලින්) යතුරු කරන්න.
පළමුවන අවස්ථාව. - ඔබ යතුරුකිරීමෙන් බලාපොරොත්තු වන වචනය එලෙසම ලැබෙන විට.
නිදසුනක් බලමු. "ජලය" සිංහල වචනය යතුරු කරමු. ඉංග්‍රීසි අකුරින් එය ලියන්නේ මෙහෙමයි. jalaya. දැන් බලන්න. ඔබ ඉංග්‍රීසියෙන් jalaya යතුරු කර නිමවනවාත් සමඟ දාසතුඩ නැතහොත් Cursor නැවතුන තැනින් පහළට 1 සිට 6 දක්වා අංක සහිත වචන පෙළක් දිස්වෙයි.
එහි අංක 1 ට ඇති වචනය "ජලය" යි. Enter යතුර හෝ Spacebar එක ඔබන්න. "ජලය" යතුරුලියනය වී ඇත. දැන් නැවත යතුරු කරන්න. galayi යතුරු කර " . " යතුර ඔබන්න.
"ජලය ගලයි." යන සරල වැකිය යතුරුලියවී ඇත.
ඔබ දකින්න ඇති ඔබ යතුරු කළ “ජලය” සහ “ගලයි” යන වචන දෙකම පහළට වැටුණ මෙනුවේ අංක 1 ට ලැබුණ බව. Enter හෝ Spacebar යතුර ඔබලා ඒ වචන දෙක යතුරු කරන්න හැකිවුණේ ඒ නිසයි.
දෙවන අවස්ථාව. - ඔබ යතුරුකිරීමෙන් බලාපොරොත්තු වන වචනය එලෙසම නොලැබුනත් මෙනුවේ දිස්වන විට.
දැන් බලන්න jalaya කියන අකුරු ටික යතුරු කරල ඔබ බලාපොරොත්තු වුණේ “ජාලය” කියන වචනය නම් එය මෙනුවේ පළමුවෙනි වරණය විදියට ඇවිල්ල නැති නිසා Enter හෝ Spacebar යතුර ඔබලා හරියන්නෙ නැහැ. එහෙම ලබාගන්න පුළුවන් පළමුවෙනි වරණයට ලැබෙන වචනය පමණයි.
ඒ වගේ අවස්ථාවක ඔබට අර පහලට වැටෙන මෙනුවෙන් තේරීමක් කරන්න වෙනව. එය පහසුවෙන් කරන්න පුළුවන්. මෙනුවේ අදාල වචනය මූෂික තුඩෙන් (Mouse pointer) සක්‍රිය කරන්න. නැතිනම් මෙනුවේ අවශ්‍ය වචනයට ඉදිරියෙන් ඇති අංකය යතුරු කරන්න. ඔබට අවශ්‍ය වචනය ලැබී ඇති.
නිදසුන බලමු. jalaya යතුරු කර ඔබට අවශ්‍ය “ජාලය” කියන වචනය නම් මෙනුවේ අංක 2 ඉදිරියෙන් ඇති “ජාලය” වචනය මූෂික තුඩෙන් සක්‍රිය කරන්න. නැතිනම් යතුරු පුවරුවේ 2 බොත්තම ඔබන්න.
තුන්වන අවස්ථාව. - ඔබ යතුරුකිරීමෙන් බලාපොරොත්තු වන වචනය මෙනුවේ දිස් නොවන විට.
දැන් බලන්න කොහොමද සබැඳියකින් කියන වචනය යතුරුකරන්නෙ කියල. ඉංග්‍රීසි අකුරෙන් sabandiyakin යතුරුකෙරුවාම ලැබෙන්නේ පහත දැක්වෙනවා වගේ මෙනුවක්.
දැන් ඒ මෙනුවේ යටම කෙලවරේ ∧ සහ ∨ සලකුණු සහිත බොත්තම් දෙකක් තිබෙනවා නේද? මේ බොත්තම් වලින් ඔබ යතුරුකළ වචනයට අදාල වෙනත් වරණයන්ට පිවිසෙන්න පුළුවන්. දැන් එහි ∨ සලකුණ සහිත බොත්තම මූෂික තුඩෙන් සක්‍රිය කරන්න.
බලාපොරොත්තු වන වචනය තිබෙනවාද? නැහැ. නැවතත් ∨ සක්‍රිය කරන්න. ඔය තියෙන්නෙ ඕනැකරණ වචනය දෙවැනියට.
2 යතුර ඔබල නැතිනම් මූෂිකතුඩ තබල වචනය ගන්න.
හතරවන අවස්ථාව. - සිංහල වැකියක් අතරතුර ඉංග්‍රීසි වචනයක් යතුරුකරන්නට ඇවැසි විට.
දැනටමත් මෙය කරන්නෙ කොහොමද කියල ඔබ සොයාගෙන ඇති. හරිම සරලයි. ඉංග්‍රීසි වචනය යතුරුකරල ලැබෙන මෙනුවෙ අවසන් වරණය සක්‍රිය කරන්න. මෙය බොහෝවිට 6 වැනි හෝ 5 වැනියට ලැබේවි. පහත රූපය බලන්න.
මේ විදියට යතුරුලියනය කරල ඔබ ලබාගන්න සිංහල ලිපිය පිටපත් කරලා ඕනෑම ලේඛනයකට අලවා ගන්න පුළුවන්.
තේරුනේ නැද්ද?
Copy කරලා ඕනෑම Document එකකට Paste කරන්න පුළුවන්.
මීළඟට ශූද්ධ සිංහලෙන් යතුරුකරන්නෙ කොහොමද කියල කියල දෙන්නම් තව දවස් කීපෙකින්. පොඩි විවේකයක් අරගෙන.

+++