2014 Jan 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ඔහු නික්ම ගොස් තිබිණි….

    ……….ඒ 1976 ජනවාරි 14 දාය. සිය සේවා ස්ථානයට රැකියාව පිණිස පැමිණි සේකර ඒ කටයුතු නිමවා පසුදාට නියමිතව තිබූ තවත් කාර්යයක් සදහා අදාල පිරිස් මුන ගැසීමට ගියේය. පසුදාට සේකර ලියූ, අමරදේවයන් ගැයූ ‘රත්නදීප’ ගීතය පදනම් කරගත් යසෝගතය නම් කෙටි චිත්රපටයක රූගත කිරීම් අරඹන්නට නියමිතව තිබිණි.එකී වර්ණ චිත්රපටය ඇරඹෙන්නට තිබුනේ අමරදේවයන් සහ මහගම සේකර පෙනී සිටින රූපරාමුවකිනි. සේකර, අමරදේවයන්ද, චිත්රපට නිර්මාපකයන්ද හමුවී පසුදා එනම් ජනවාරි 15 දා ගම්පහ සිට දුම්රියෙන් කොටුව දුම්රිය පලට එන්නට කතිකා කර ගත්තේය.
    අනතුරුව ඔහු ගියේ ෙබෟද්ධ විශ්වකෝෂ කාර්යාලයටයි. ‘ප්රබුද්ධ’ කාව්යයේ පෙරවදන ලියනු සදහා මහාචාර්ය ජෝතිය ධීරසේකර මහතාට භාර දෙන ලද්දේ ඒ තීරණාත්මක දිනයේදීය.
    ‘ප්රබුද්ධ’ කෘතියේ පාදක සටහන් කිහිපයක් සැකසීමට ‘තිබ්බතීය මලපොත’ සහ ‘ධම්ම පදට්ට කතා’ කෘතිය බන්ධුල ජයවර්දන මහතාගෙන් ඉල්ලා ගත්තේද එවෙලේය.
    එහෙත් පුදුමයකට සේකර රැගෙනගියේ තිබ්බතීය මළ පොත පමණි.
    මහගම සේකරගේ ප්රිය බිරිඳගේ දුක්බර මතකය මෙබඳුය.
    “ආචාර්ය උපාධි නිබන්ධනයේ චේදයක් ලියමින් සිටි මහගම පසුදා කොලඹ යනවිට ඇදීමට කලු හා සුදු කොටු වැටුනු කමිසය මැද තබන්නැයි මට කීවා. ඔහුගේ ප්රියතම කමිසය වූ එය තිස්ස කාරියවසම් මහතාගෙන් ලැබුනු තිලිණයක්.
    මා කමිසය මදින්නට ලක ලෑස්ති වනවිට සේකර අමුතු හඬකින් කතා කලා.
    “මගේ බඩ දැවිල්ලයි..පෙත්තක් දෙන්න..”
    ඔහු කාමරයට ගොස් ඇදෙහි වැතිර සිටියා. දිව යටින් තැබූ පෙත්ත නොරැදී බිම වැටුනා. පපුවෙන් අමුතු හඬක්ද නැගෙන්නට උනා. අසල් වැසියන් ගිලන් රියක් ගෙනෙන්නට දිව ගියා.වේලාව රාත්රී නමයයි හතලිස්පහයි. ඇඳ මත වැතිර හුන් සේකර දෑස් පියා ගත්තා…..
    ලියන්නට පටන්ගත් පිටුවේ ‘රිද්මය’ පිලිබද සටහනක්ද අසම්පූර්නව තිබූ අතර පෑන පසෙකින් වැටී තිබුනා.

    හිම ගිරිකුලු ඉහල නැගී වලා සිඹින
    අහස පොලව දෙක මුසුවන
    නිල් මිටියාවත මැද්දෙන්
    සුදු මීදුම් පීරාගෙන
    සුදු පියාපත් සලමින්
    නැඟ බැස පාවී යන
    සිහින මුවා අසුපිට නැඟ
    සාර කතර බිම් සනහන
    ‘මරණී’ නම් කෙම් බිම වෙත…

    ඔහු නික්ම ගොස් තිබිනි….


    (රත්න ශ්රී විජේසින්හයන්ගේ ‘මහගම සේකර චරිතාපදානය’ ඇසුරෙන් සකස් කරන ලදී)
    උපුටනය : මහගම සේකර හා ඔහුගේ නිර්මාණ, ඌවේ නිර්මාණකරුවන්ගේ එකමුතුව.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,854
    113
    -~උලක් උඩ-~
    super-cute-bunny-waving-smiley-emoticon.gif
    :rolleyes: