2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    avatar371199_58.gif
    අඩේ මරු අවතාරේ බන් :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    z_p20-head.jpg


    බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
    මහා විහාරාධිපති ධර්මවේදී
    නාලන්දේ විමලවංස හිමි


    පරිසර සෞන්දර්ය රසාස්වාදය රහතන් වහන්සේලා ද අත් වින්දාහ. විවිධ අවස්ථාවන්හි රහතන් වහන්සේලා ප්‍රකාශිත කරුණු අනුව එ බැව් පසක් වේ. බෝසතුන් බුදුබව ලබා ගැනීමෙන් පසු තම ජන්ම භූමිය වූ කිඹුල්වතට වැඩමවා ගැනීමට පිය මහ රජතුමාට අවශ්‍ය විය. ඒ අනුව දූත පිරිස් යැව්වත් එය අසාර්ථක විය.
    අවසන කාලුදායි ඇමති පැවිදි බව ලබා ගැනුමට අවසර ගෙන බුදු හිමියන් හමුවට ගොස් පැවිදි බව ලබා රහත් ඵලය ද ලැබ බුදු හිමියන්හට කිඹුල්වතට වඩින මෙන් ඇරයුම් කළේය. එම අවස්ථාවේ කාලුදායි තෙරුන් වහන්සේ කිඹුල්වත් පුරයට ගමන් කරන මාර්ගය පිළිබඳ අපූරු වර්ණනාවක් කළේ මෙසේය.
    z_p20-rahathan.jpg

    ‘අංගාරිනෝදානි දුමා භදන්තේ
    එලේසිනෝ ඡදනං විප්පහාය
    තේ අච්චිමත්තෝච පහාසයන්ති

    සමයෝ මහා වීර භගීරතානං’ යනුවෙන් ‘ස්වාමීනි දැන් වෘක්ෂයන්’ ගිලිහුනු පරණලා ඇත්තාහු ගිනි අගුරු වැනි මල් පල ඇත්තාහු ඵල හටගැනීමට ළංවූවාහුය. ඒ වෘක්ෂයෝ පහන් සිළු මෙන් බබළති. මහා වීරයන් වහන්ස ශාක්‍යයන්ට උපකාර පිණිස මේ කාලයයි.
    දුමානි පුල්ලානි මනෝරමානී
    සමන්තනෝ සබ්බදිසා පවන්ති
    පත්තං පහාය ඵලමාසසානා

    බාලෝ ඉතෝපක්කවනාය වීරං’ සිත්කලු වෘක්ෂයෝ පිපුන මල් ඇත්තාහු හාත්පස සියලු දිසාවන්හි සුවඳ හමත්. පරණලා හැර පල ගැනීමට ළංවූවාහුය. වීරයන් වහන්ස මෙයින් නික්ම යාමට කාලය යි.
    ‘ නේවාති සීතං න පනානි උන්හං
    සුභා උතු අද්ධනියා භදන්තේ
    පස්සතු තං සාකියා කෝලියාච

    පච්ඡා මුඛං රෝහිණී තාරයන්තං’ ඉතා සීත හෝ ඉතා උෂ්ණය නැත, සෘතුව සැප පහසුව ගෙන දෙයි, ගමනට යෝග්‍යය, ගොවියෝ මතු බලා කුඹුරු සාති, හාන්නහු විසින් මතු බලා වී වපුරන්නාහ, ධනය උපයන වෙළෙඳුන් මතු බලා සමුද්‍රය තරණය කරන්නාහ. මගේ බලාපොරොත්තු ඇත්නම් එය සාර්ථක වෙත්වා’ මෙලෙස පරිසරය පිළිබඳ කරන ලද වර්ණනාවට අනුව බුදු හිමියෝ උන් වහන්සේගේ ඇරයුම පිළිගෙන කිඹුල්වත් පුරයට වැඩම කිරීමට එකඟ වූ සේක.
    ‘ඒකවිහාරීය’ තෙරුන් වහන්සේ තමන් වැඩ සිටි පරිසරයෙහි චමත්කාරය මෙසේ වර්ණනා කළහ.
    ‘යෝගි පීතිකරං රම්මං - මත්තකුඤජර සේවිතං
    ඒකෝ අත්ථවසී ඛිප්පං - පවිස්සාමි කානනං’ ‘යෝගීන්ට ප්‍රීතිකර වූ රමණීය වූ මතැතුන් විසින් සෙවුනා ලද වනයට එකලා වූයෙමි. ශ්‍රමණ ධර්ම සංඛ්‍යාත අර්ථයෙන් වසඟයට ගියෙමි. වහා පිවිසෙමි.
    ‘සුපුප්ඵිතේ සීතවනේ - සීතලේ ගිරිකන්දරේ
    ගත්තානි පරිසිඤ්චිත්වා - වංකස්සාමි ඒකකෝ’ සුපිපි සිහිල් වනයෙහි සිසිල් වූ ගිරි කඳුරෙහි සිරුර සෝදා හුදෙකලාව සක්මන් කරමි. හුදෙකලා වූ වනයෙහි මට දෙවැන්නෙකු නැත. ශ්‍රමණ කටයුත්තෙහි නියැලෙමි. සිත්කලුවූ මෙවැනි වනාන්තරයක යළි කවදා වාසය කරන්නෙම්ද ? ‘ වැඩි දුරටත් පරිසරයෙහි මනස්කාන්ත බව විස්තර කරන ‘ඒකවිහාරිය’ රහතන් වහන්සේ -
    ‘ මාලුතො උපවායන්තෝ - සීතේ සුරභි ගන්ධිකෝ
    අවිජ්ජං දාළයිස්සාමි – නිසින්නෝ නග මුද්ධති’
    වනේ කුසුම සජ්ජන්තේ - සීතේ සුරභි ගන්ධකේ

    විමුක්ති සුඛෙන සුඛිතෝ - රමිස්සාමි ගිරිබ්බජේ’ සිසිල් වූ මිහිරි සුවඳැති සිහිල් පවන හමන කල්හි කඳු මුදුනෙහි සිටියෙමි. මසිතෙහි අවිද්‍යාව පළවා හැරියෙමි. මල්වලින් ගැවසුනු ඒකාන්තයෙන්ම සිසිල් වූ බෑවුම් ඇති කඳු වළලු ඇති වනයෙහි විමුක්ති සුවයෙන් වාසය කරමි.
    පරිසරයෙහි සිත්ගන්නාසුලු බව පැහැදිලි කරන ‘සංකිච්ච’ රහතන් වහන්සේ මෙසේ වදාරති.
    ‘ අච්චෝදිකා පුථු සිලා - ගෝනංගුල මිගායුතා
    උම්බුසේවාල සඤ්ඡන්නා - තේ සේලා රමයන්තිමං’ ‘ පැහැදිලි දිය දහරා තිබෙන පළල් ගල් තලාවකි. වඳුරු ආදී සිව්පා සතුන් ගහනය, දිය සෙවළෙන් යුතු ගල් පර්වත මගේ සිත පිනවනු ලබයි. ආරණ්‍යයෙහි ද ගිරිකඳුරු වල ද ගිරි ගුහා වල ද වල් මුවන් විසින් ගැවසී ගත් වනාන්තරයෙහි ද මම වාසය කරමි. කොතරම් අපිස් දිවියක් ගත කළ ද රහතන් වහන්සේලා පරිසරයෙහි සුන්දරත්වය තුළින් අසීමිත නිරාමිෂ ආශ්වාදයක් ලබා ගත්හ.
    කත්නු තත්ථ න රමෙන්ති – ජම්බුයො උභතෝ තහිං
    සෝභෙන්ති ආපගා කුලං - මම ලේනස්ස පච්ඡතෝ’ එහි මගේ ලෙන පිටුපස ජම්බු වෘක්ෂයෝ ගං ඉවුර දෙපස හොබවති. ඒ වෘක්ෂයෝ කවරක්හු නොපිනවත්ද ?
    ‘ තා මතමදසංග සුප්පහීතා - බේකා මන්දවතී පනාදයන්ති
    තාජ්ජ ගිරි නදීහ විප්පවාස සමයෝ - ඛේමා අජකරණී සිවා සුරම්මා’ සර්ප සමූහයාගෙන් මොනවට මිදුනු ගම්භීර නාද ඇති ඒ මැඩියෝ නද දෙති. දැන් ගිරි ගංගාවන්ගෙන් වෙන්ව විසිය යුතු කාලය නොවෙයි. නිර්භය වූ ‘අජකරණී’ නදිය අතිශයින් සිත්කලු වන්නීය. මෙසේ ආයුෂ්මත් ‘ස්ථක’ රහතන් වහන්සේ පරිසරය වර්ණනා කරමින් ගාථා ගැයූහ.
    ‘තාලපුට’ රහතන් වහන්සේ මෙලෙස පරිසරය පිළිබඳ වර්ණනා කරති.
    වුට්ඨංගි දේවේ චතුරංගුලෝ තිණෝ - සං පුප්ඵිතේ මේඝ නිභම්හි කානනේ
    නගන්තුරේ විස පිසමෝ සයිස්සං - තංවේ මුදු භේභිතී තුල සන්නිහං ‘ වැසි වැටුන කල්හි සිව් අඟල් පමණ උසැති තණකොළ වැඩී ඇති විට වැසි වළා බඳු වූ වනාන්තරය නිල් පැහැ ගත් කල්හි පර්වත අතර තුරු වඳුලෙහි හොත්තෙමි. ඒ තණ පලස් අලුත් යහනක් මෙන් මට මොළොක් වන්නේය. එම්බා චිත්තය තොප වනාහී වල් ඌරන් හා පිනිමුවන් විසින් පිවිස සෙවුනා ලද ප්‍රාග්හාරයක් හා සමාන ගිරිකුලු ඇති සැබවින්ම සුන්දර වූ භූ®මි භාග ඇත. අලුත් වැසි දියෙන් තෙත් වූ ඒ වනයෙහි ගුහා නමැති ගෙට පැමිණියෙහි භාවනා අරමුණෙහි රමණය කරව’. යනුවෙන් උන් වහන්සේ වැඩි දුරටත් පවසති.
    එම්බා චිත්තය නීල වර්ණ ගෙල ඇත්තාවූ මනාව පිහිටි සිලු ඇත්තා වූ පිල් බර වූ විසිතුරු පියාපත් ඇත්තා වූ පක්ෂීහු මේඝ ගර්ජනා හේතුවෙන් මිහිරි හඬින් නාද කරන්නා වූ ඒ මයුරයෝ වනයෙහි ධ්‍යාන වඩන්නා වූ ඔබගේ සිත් අලවන්නේය. මෙසේ ‘තාලපූට’ රහතන් වහන්සේ සොබා සෞන්දර්ය ගැන සඳහන් කළ සේක.
    යදා නභේ ගජ්ජති මේඝ දුන්දුභී - ධාරා කුලා විහගපෙථි සමන්තතෝ
    භික්ඛුව පබ්බහාර ගතෝව ඣායතී – තපෝ රතිං පරමතරං න වින්දතී ‘ යනුවෙන් ආයුෂ්මත් ‘භූත’ රහතන් වහන්සේ ස්වාභාවික පරිසරයෙහි සොඳුරු බව ප්‍රකාශ කළහ. යම් කාලයක අහසෙහි දිව්‍ය බෙර ගුගුරයි ද නොහොත් මේඝ ගර්ජනා කරයි ද අහසෙහි හාත්පස වැසි වළා ගැවසුනේ ද මහණ තෙමේත් පර්වතයට ගොස් ධ්‍යාන වඩාත් ද එවිට එයටත් වඩා රතියක් හෙවත් ඇලීමක් නොමැත. කිසියම් කලෙක නුවණැති ශ්‍රමණ තෙමේ විචිත්‍ර වූ වන මල් පොකුරු ඇති ගංගා තීරයෙහි වෙසෙමින් ධ්‍යාන වඩමින් මග පල ලබමින් සුන්දර සිත් ඇතිව වෙසෙයි ද එයට වඩා පරමතර රතියක් නොමැත්තේය.
    යදා නිසින්නෝ රහතනම්හි කානනේ - දේවේ ගලන්තම්හි නදන්ති දාඨිනේ
    භික්ඛූච පබ්හාර ගතෝව ඣායතී – තථෝ රතිං පරමතරං න වින්දතී’ යම් කලෙක මහජනයාගෙන් ශුන්‍ය වූ වනාන්තරයෙහි වැසි දහරා ගලනා විටෙක නොයෙක් මෘගයෝ නද දෙත් ද මහණ තෙමේත් ගල් ගුහාවෙහි ධ්‍යාන වඩත් ද එතරම් සුන්දරත්වයක් තවත් නැත යනුවෙන් ‘භූත’ රහතන් වහන්සේ වැඩි දුරටත් සඳහන් කරති. මෙසේ බලන විට රහතන් වහන්සේලා සොභා සෞන්දර්ය කොතරම් අගය කළාහු ද යන්න මැනවින් වටහා ගත හැකිය.
    (ථෙර ගාථා ඇසුරෙනි)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝකිලයන්ගේ කෝකිල නාදේ
    හීන හඬින් හීන වගේ එයි නැඟී
    ජාති ජාති මලින් සුවඳ උරා බී
    වටින් පිටින් සිහිල් සුළං හමන්නේ
    සාමදාන සැඳෑ සොබා ඇදෙන්නේ,
    අන්න, අන්න, ඉරත් මූදෙ ගිලෙන්නේ
    මගේ කුමාරී - ආල තොටිල්ලේ - පැදෙමු නිදැල්ලේ


    සුදෝ, සුදෝ, අන්න සඳත් එබෙන්නේ,
    සාදු, සාදු ඔබේ දෙසයි බලන්නෙ
    එපා, එපා සඳේ නිකම් තැවෙන්නේ
    ඇයි ද මගේ සුදා මට යි ආදරේ
    අන්න දෙව් ලියෝ - අපේ පෙම් බලා - ගීත ගයන්නෝ


    සමන් මලක් නෙළා මගේ බිසෝගේ
    හිසේ ගසම්, අන්න මගේ විනෝදේ
    එන්නැ, අනේ, එන්නැ, මගේ කුමාරී
    සාදු කියා හාදු දෙකක් දෙන් සිරී
    මගේ කිරිල්ලී - හඬින් සුමීරී - ගයන් අමා ගී


    බෝ මැ ඇතත්, සුදෝ, මැණික් සාගරේ
    ඔබයි මගේ මැණික, මගේ ආදරේ
    ඉතින් එපා සැකක්, මගේ සුන්දරී
    මෙ ලෝ එ ලෝ ඔබ යි මගේ පෙම්බරී
    මගේ අසෝකා - මගේ විසාකා - මගේ මල්ලිකා


    පද රචනය - හියුබත් දිසානායක
    ගී තනුව, සංගීතය හා ගායනය - සුනිල් සාන්ත