ගුරු වෘත්තිය ඔය කියන තරම් නිදහස් නැහැ. ඒ වගෙම ඉස්කෝලෙකට තරුණ ගුරුවරයෙක් ගියාම ඌට කැඩෙටින්, බාල දක්ෂ , බෑන්ඩ් එක වගෙ ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිස් එන වැඩක් බාර දෙනවා. ඉතින් 1.30 ට මාරු වෙන්ඩ වෙන්නෙ නෑ.
ඒ වගේම උගන්නන්ඩ හම්බෙන සබ්ජෙක්ට් අනුවත් කට්ට අඩු වැඩි වෙනවා. ඒ කියන්නෙ කොම්පියුටර් උගන්නන්ඩ යන එකාට ඉස්කෝලෙ ලියුම් ටයිප් සෙටින් කරන්ඩ , කැඩිච්ච කොම්පියුටර් හදන්ඩ වෙනවා.ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව ලමයි ෆේල් වෙනවා වැඩි නිසා උන්ට හවසට නොමිලේ අමතර පන්ති කරන්ඩ වෙනවා. අනික ක්ලාස් කරනවා කියලත් ඉතිහාසය, ආගම, සිංහල, කෘෂි කර්මය වගේ බහුතරයක් විෂයන් උගන්නන උන්ට ක්ලාස් හම්බ වෙනවා අඩුයි.
කලින් ගෙදර ආවා කියලා නෑ හෙට උගන්නන පාඩම් වලට ලෑස්ති වෙන්ඩ ඕනෑ. පන්ති සටහන් , සති සටහන්, වාර සටහන්, සූදානම් සටහන් කියන මේවා හදන්ඩ ඕනෑ. දුෂ්කර සේවය කරනවානම් (ගෙදරින් ඈත ) 1.30 ට ඉවර වෙලා නිදහස් කියලා බෝඩිමට ඇවිත් ඌ අල කන්නද? චෝක් නිතරම නහයට යන නිසා පීනස, ඇදුම, සෙම වගේ ලෙඩ වලින් නිවනක් නෑ. , ඉන්න සාම්ප්‍රදායික වයසක ටීචර්ලා කේලම් වාට්ටු.......කියනවනම් තව දහසක් දේ කියන්නම්
......පුතා , හොඳම දේ ..දියුණු වෙන්ඩ පුළුවන් වෙන පොටක් පාදා ගනින්..... උගන්නන්ඩම ආසයි නම් ටීචින් නැතුව ටියුෂන් පටන් ගනින්. (වැය කරන කාලෙට සාපේක්ෂව ලබන මුදල වැඩියි, කාටවත් යටත් නැත.)
උබ අනිත් ජොබ් ගැන දන්නේ නැතුව ඇති



Reputation eka thiyanawanun kootipathiyek wenna puluwan 

