සංඝ කහකඩයන් ගංජා හේන් වවන්න ඇමැතිනියගෙන් අවසර ඉල්ලලා..!------
මොණරාගල, තණමල්විල ප්‍රදේශවල ගංජා හේනක් වගා නොකරන්නෙක් සොයා ගත නොහැකි බවත් එම ප්‍රදේශවල සංචාරය කිරීමේදී විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා පවා ගංජා හේන් වැවීමට නිත්‍යානුකුලව අවසර ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු කටයුතු ඇමතිනී සුමේධා ජී ජයසේන පවසා තිබේ.
ඇය මෙසේ කීවේ ඊයේ(18) සියඹලාන්ඩුවේ පැවැති ජන හමුවකට සහභාගී වෙමිනි.
ගංජා වැවීම නීත්‍යාණුකූල කරන්නැයි මහජනතාවගේ ඉල්ලීමක් තිඛෙන බවද ඇය කීවාය.
මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ බේබදු ඥානසාර චීවරධාරියාද පානදුරේ පැවැති රැස්වීමකදී කියා සිටියේ අපේ රටේ හේන්වල ගංජා වවන්නේ ඛෙහෙත් සඳහා බවත් කේරළයෙන් ගංජා ගෙනැවිත් විකිණීම නැවැත්විය යුතු බවයි. කේරළ ගංජා හය මාසයක් බිව් කළ ඒ අය වඳ පුද්ගලයෙකු වෙන බවද ඥානසාර එදා පැවසීය. ඥානසාරගේ කතාවද ලංකාවේ ගංජා වැවිල්ලට උඩ ගෙඩි දීමකි. ඔහු ද වක්‍රව කියන්නේ කේරළ ගංජා නොබී ලංකාවේ ගංජා බීපන්, එය ඖෂධයක් කියා ය.
කහකඩයන් විසින් ගංජා වැවීමට පාර්ලිමේන්තු කටයුතු ඇමැතිනියගෙන් අවසර ඉල්ලීමෙන් සංඝ සමාජය අද වැටී තිඛෙන තත්ත්වය තේරුම් ගත හැකිය. දුරාචාරයෙන් මැරකමින් ආවේශ වී ඇති හිස බූ ගෑ කහකඩයන් ශාසනයෙන් පන්නා දමා ශාසනය ශුද්ධ කිරීමට මහනායක හිමිවරුන්ට මැදිහත් වන්නැයි ශිෂ්ඨාචාර බෞද්ධ මහජනයා ඉල්ලා සිටින්නේ එබැවිනි.
Source
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=96232
http://www.lankanewspapers.com/news/2014/1/86480.html


wewenawa nathi wenna, legalize kalot rajayata ena loku TAX income eka nati wenawa 


