නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    විවාහය කියන මාතෘකාව යටතේ කලින් ලිපි දෙකක්ම මම පල කලා. ඒකට අදහස් දක්වපු ගොඩ දෙනෙක් මට කිව්වේ සැමියාගේ හෝ බිරිඳගේ අනියම් සම්බන්දකම් නිසා ගොඩක් විවාහ බිඳ වැටෙන බවයි.. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ දැඩි කාම ආශාවන්ගෙන් යුතු කෙනෙක්ට අඩු ආශාවන්ගෙන් යුතු කෙනෙක්ව මුන ගැහුනම.. අපි යෝනි පොරොන්දමෙන් බලන්නේ අන්න ඒ දේ තමයි.. මීට අමතරව වෙනත් ග්‍රහ බලපෑම් හා ග්‍රහ යෝගත් බල පානවා.. කොහොම වෙතත් මේ වගේ අනියම් සම්බන්ධ කම් වලට පොලඹවන යම් යම් ග්‍රහබලපෑම් කීපයක් ගැන අද අපි බලමු..
    ඊට කලින් ග්‍රහ දෘශ්ඨි හා හත්වෑන්නාදිපතීන් ගැන අවබෝධයක් තිබුනොත් හොඳයි කියලා මම හිතනවා. මෙන්න මෙතනින් ගිහින් ග්‍රහ දෘශ්ඨි ගැන බලලා එන්නකෝ..

    හත්වැන්නාධිපතීන්
    ලග්නය 7 අධිපති
    මේෂ - සිකුරු
    වෘෂභ - කුජ
    මිතුන - ගුරු
    කටක - ශනි
    සිංහ - ශනි
    කන්‍යා - ගුරු
    තුලා - කුජ
    වෘෂ්චික - සිකුරු
    ධනු - බුධ
    මකර - සඳු
    කුම්බ - රවි
    මීන - බුධ

    Capture071.jpg

    01. හඳහනේ 6,8 හා 9 යන ස්ථාන තුනේම පාප ග්‍රහයන් පමනක් ( අව සඳු , රවි, කුජ. ශනි. රාහු, කේතු ) සිටීනම් හෝ පාපයන් ගෙන් පමනක් දෘශ්ඨි වැටේ නම් එම හඳහන හිමි ස්ත්‍රිය සැමියා කොතරම් සැප දුන්නත් පරදාර සේවනයේ යෙදෙයි..

    02. සිකුරු ග්‍රහයා හෝ හත්වැන්න අධිපති ග්‍රහයා රාහු හෝ කේතු සමග සංයෝගව සිටීනම් හා පාප ග්‍රහයන්ට පෙනේනම් එම තැනැත්තාගේ භාර්යාව අභිසාරිකාවකට සමානවෙයි. මෙම යෝගයෙන් උපන් පුර්ෂයාද සල්ලාලයෙක් වේ..

    03. කුම්භ ලග්නයෙන් ඉපදී කුජ 5වැන්නේ සිටින පුර්ෂයා පරදාර සේවනයේ යෙදෙයි.

    04. පාප ග්‍රහයන් ගෙන් පීඩිත සෙනසුරු 4 වැන්නේ සිටීනම් හා ශුභ ග්‍රහයෙකුගෙන් (පුර සඳු, බුධ,සිකුරු,ගුරු) දෘශ්ඨියක් හෝ නොවැටේනම් ජන්මියා ලඟම ඥාතියෙක් සමග වරදෙහි යෙදෙයි.

    05. 7වැන්නේ චන්ද්‍රයා, කුජ හා ශනි සිටින බිරියත් සැමියාත් යන දෙදෙනාම අනාචාරයේ හැසිරෙති.

    06. 2,7,හා 10 අධිපතියන් 7වැන්නේ සංයෝගව සිටීනම් ඒ තැනැත්තා කාමුකයෙකි. පර අඹුවන් සොයා යයි.

    07. පාප ග්‍රහයන්ගෙන් පීඩිත සදු හෝ සිකුරු 9වැන්නේ සිටී නම් තම ගුරුවරිය හෝ ගුරුවරයා පවා අමතක වන තරමට කාමය උත්සන්නවෙයි.:eek:

    08. නවාංශකය තුලා වෘෂභ හෝ කුම්භ වී සිකුරුට අයිති නවාංශකයක( වෘෂභ, තුලා) සෙනසුරුත්, සෙනසුරුට අයිති නවාංශකයක (මකර, කුම්භ) සිකුරුත් හිඳ ඒ දෙදෙනාම එකිනෙකා දකී නම් එම පිහිටීම ඇති තැනැත්තිය සමලිංගික සේවනයේ යෙදෙයි.:shocked:


    http://tharaka-eli.blogspot.com/2014/01/3.html
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් කාලේ වෙන සිදුවීම් එක්ක බලපුවහම, ලංකාවේ ඉන්න ගොඩක් එවුන්ගේ කේන්දර මෙහෙමයි ඇත්තේ...... :oo::oo:

    එක නම් ඇත්ත ගොඩක් කේන්දර වල කුජ දෝශය තියනවා. මගෙ ගාවට එන 1980 පස්සෙ උපන් කේන්දර වල සාපේක්ශව ඊට කලින් උපන් අයට වඩා මේ දෝශය වැඩියි..