මුදවපු කිරි කන්නේ බලාගෙනයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුදවපු කිරි කන්නේ බලාගෙනයි

    මුදවපු කිරි යනු ඉතා රසවත් මෙන්ම පෝෂ්‍යදායී ආහාරයකි.මී ගවයන්ගේ කිරි වලින් මෙන්ම එළ ගවයින්ගේ කිරි වලින්ද මුදවපු කිරි නිෂ්පාදනය කරයි. එළ කිරි වලට සාපේක්ෂව මී කිරි මිලෙන් වැඩිය.

    මුදවපු කිරිවලට රුහුණ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.එහෙත් කිරි කියා රසකර අප ආහාරයට ගන්නේ ශරීරයට ඉතාමත් අහිතකර විෂද්‍රව්‍ය බව අප කල ගවේශණයකින් හෙලිකරගත හැකිවිය.

    දොවාගන්නා ලද කිරිවල පරිමාව වැඩිකිරීමට එඩේරුන් විසින් එම කිරිවලට ජලය එක්කරයි.බොහෝවිට එක්කරනු ලබන්නේ හරකුන් ලගින ස්ථානවලම ඇති ඉතාමත් අපිරිසිදු ජලයයි.

    මී කිරි වලට එළකිරි කවලම් කරයි.ජලය වැඩිපුර එක්කරනලද කිරි මුදවීම අපහසු බැවින් එම කිරිවලට ප්ලාස්ටර් පැරිස් හෝ වයිටින් එක්කරයි.බොහෝවිට හරක් ගාල් ඇත්තේ ගම්මානවලින් ඈත වානාන්තර තුලයි.

    එබැවින් දොවාගන්නා ලද කිරි මිදවීම සදහා ගම්මාන වලට රැගෙන ඒමට වැඩි කාලයක් ගතවේ.මේම කාලය තුල කිරි කැටි ගැසීම වලක්වා ගැනීම සදහා දිවුල් කොල,බුලත් විට කෑමට ගන්නා හුණු.රබර් ඇසිඩ් ආදිය යොදාගනී.

    ඇතැම්විට කිරි අහාරයට ගත්විට බඩ කොරවිම, ඕක්කාරය, වමනය, බඩ පුරවාදැමීම වැනි අපහසුතා ඇතිවන්නේ මෙම රබර් ඇසිඩ් හේතුවෙනි.මුදවපු නැවුම් කිරිහට්ටියක් සුදු පැහැතිය මෙය පරණ වනවිට කහ පැහැයට හැරේ.

    කිරි හට්ටියක් සාමාන්‍ය තත්වයක් යටතේ තබාගත හැක්කේ දින 02ක් පමනි. කූට වෙළදුන් කිරි හට්ටි වැඩි කාලයක් තබා ගැනීමට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අවම කිරීම සදහා තුවාල පිරිසිදු කිරීමට යොදාගන්නා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බින්දු කීපයක් එකතුකරයි. එබවින් මුදවපු කිරි ආහාරයට ගැනීමේදී විමසිලිමත්විය යුතුය.

    සමන් කුමාර /තිස්සමහාරාමය

    මේක ගෙඩි පිටින් ඉස්සුවේ සීනිව්ස් එකෙන්
     
    • Like
    Reactions: IPman

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ලංකාවේ ඉතින් කනවා කියලා කන්නේ ඔක්කොම දහ ජරාව තමා..හාල් වල ඉදන්ම තියෙන්නේ වස..ඉතින් මිනිස්සුන්ට cancer හැදෙන්නේ නැතුව තියෙයිද..ආණ්ඩුවේ උන්නම් ඉතින් කන්නේ organic කෑම නේ..උන්ට ඉහෙන් බහින ලෙඩක් නැහැ.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    2.gif
    2.gif
    2.gif

    TFS machan.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පහුගිය දවසක රිවිර හරි මව්බිම පත්තරේ හරි දාලා තිබුනා ඔය ගැන ආටිකල් එකක්....... එකේ කියලා තිබුනා සමහර එවුන් ෆෝමලීන් බින්දුවක් දෙකක් එකතු කරනවලු කිරි වලට කල් තියාගන්න..........
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පහුගිය දවසක රිවිර හරි මව්බිම පත්තරේ හරි දාලා තිබුනා ඔය ගැන ආටිකල් එකක්....... එකේ කියලා තිබුනා සමහර එවුන් ෆෝමලීන් බින්දුවක් දෙකක් එකතු කරනවලු කිරි වලට කල් තියාගන්න..........

    :(:(
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මුදවපු කිරි යනු ඉතා රසවත් මෙන්ම පෝෂ්‍යදායී ආහාරයකි.මී ගවයන්ගේ කිරි වලින් මෙන්ම එළ ගවයින්ගේ කිරි වලින්ද මුදවපු කිරි නිෂ්පාදනය කරයි. එළ කිරි වලට සාපේක්ෂව මී කිරි මිලෙන් වැඩිය.

    මුදවපු කිරිවලට රුහුණ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.එහෙත් කිරි කියා රසකර අප ආහාරයට ගන්නේ ශරීරයට ඉතාමත් අහිතකර විෂද්‍රව්‍ය බව අප කල ගවේශණයකින් හෙලිකරගත හැකිවිය.

    දොවාගන්නා ලද කිරිවල පරිමාව වැඩිකිරීමට එඩේරුන් විසින් එම කිරිවලට ජලය එක්කරයි.බොහෝවිට එක්කරනු ලබන්නේ හරකුන් ලගින ස්ථානවලම ඇති ඉතාමත් අපිරිසිදු ජලයයි.

    මී කිරි වලට එළකිරි කවලම් කරයි.ජලය වැඩිපුර එක්කරනලද කිරි මුදවීම අපහසු බැවින් එම කිරිවලට ප්ලාස්ටර් පැරිස් හෝ වයිටින් එක්කරයි.බොහෝවිට හරක් ගාල් ඇත්තේ ගම්මානවලින් ඈත වානාන්තර තුලයි.

    එබැවින් දොවාගන්නා ලද කිරි මිදවීම සදහා ගම්මාන වලට රැගෙන ඒමට වැඩි කාලයක් ගතවේ.මේම කාලය තුල කිරි කැටි ගැසීම වලක්වා ගැනීම සදහා දිවුල් කොල,බුලත් විට කෑමට ගන්නා හුණු.රබර් ඇසිඩ් ආදිය යොදාගනී.

    ඇතැම්විට කිරි අහාරයට ගත්විට බඩ කොරවිම, ඕක්කාරය, වමනය, බඩ පුරවාදැමීම වැනි අපහසුතා ඇතිවන්නේ මෙම රබර් ඇසිඩ් හේතුවෙනි.මුදවපු නැවුම් කිරිහට්ටියක් සුදු පැහැතිය මෙය පරණ වනවිට කහ පැහැයට හැරේ.

    කිරි හට්ටියක් සාමාන්‍ය තත්වයක් යටතේ තබාගත හැක්කේ දින 02ක් පමනි. කූට වෙළදුන් කිරි හට්ටි වැඩි කාලයක් තබා ගැනීමට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අවම කිරීම සදහා තුවාල පිරිසිදු කිරීමට යොදාගන්නා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බින්දු කීපයක් එකතුකරයි. එබවින් මුදවපු කිරි ආහාරයට ගැනීමේදී විමසිලිමත්විය යුතුය.

    සමන් කුමාර /තිස්සමහාරාමය

    මේක ගෙඩි පිටින් ඉස්සුවේ සීනිව්ස් එකෙන්

    Meka kiri kana ekata kelindada kohedo liyapu ekak....Paw Ahinsakoyange adayama....