2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පස්සේ කි‍යන්නම්.....මෙතන ඒක කි‍යන එක හරි නෑ වගේ.....;)
    ne ne..kisima danum deemak thorawa ne meyala shows karanne:rolleyes:
    ඇ‍යි බොල කිඹුල් අ‍යි‍යා සති‍යක් හැර සති‍යක් වෑර්ලස් එක කරනවනේ......:eek:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,854
    113
    -~උලක් උඩ-~
    විරහගීත වේදනාව කියන්නෙ මේ ලෝකෙ හුස්ම ගන්න පණ නල වැටෙන සෑම ජීවියෙක්ම විදපු වේදනවාක්..... ඒ වේදනාව හරිම පුදුමයි... එය ගීතයක අන්තර් ගතය උනාම තවත් ප්‍රණිත වූ වේදනා රසයක් අපිට දැනෙනවා. විප්‍රලම්භ ශෘංගාරය කියන්නෙ අන්න ඒකට... රසිකයාගේ ඇට,මස් නහර සිඳ කම්පනයෙන් ප්‍රකම්පනයට පත්වන්නාවූ සාහිත්‍ය රසයක් ඒ තුල ගැබ්වෙනවා.

    අද කාලයේ ගුවන් විදුලි ගීත බොහෝමයකම මේ විප්‍රලම්භ ශෘංගාරය හෙවත් වෙන්වීමේ දුක අපිට ඇහෙනව.... ඒත් ඒක විලාපයක් අදොනාවක්... මර ලතෝනියක්. අන්න ඒ මර ලතෝනියේ තියෙන විකාර ස්වභාවයත්, සැබෑ විප්‍රවලම්භ ශෘංගාරය හදවතේ සියුම් තැන් සසල කරවන ආකාරයත් පෙන්වන්න තමා මම මේ ගීතය ඔබ වෙත දැන් ගෙනත් දෙන්නෙ.....

    ප්‍රේමතී ජායතෝ සෝකෝ..... අපි අහල තියෙනව. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. එය සදහට ම වෙන්වීමක් වූ විට ඒ වේදනාව තවත් ප්‍රබල වෙයි. රචකයා මෙහි දී ප්‍රතිනිර්මාණය කරනුයේ එබඳු සදාකාලික වෙන්වීමකි. නමුත් රචකයාට ඒ වෙන්වීම කඩචෝරු විදියට නෙමෙයි කලාත්මක විදියට පැහැදිලි කරන්න අවශ්‍යයි.... ඒ නිසා එම වියෝව විස්තර කරන්න රමණීය පරිසරයක් පිළිබඳව සිතුවමක් අපතුල මවනවා....

    ”ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඈ යන්න ගියා මැකිලා...”

    වනාන්තරේ මලින් පිරුණු, ඵල බරවුණු තුරු මත හිදපු මගෙත් එක්ක ප්‍රේම ගී ගය ගයා හිටි මගේ කිරිළිය යන්න ගිහින්..... ”ඈ යන්න ගියා මැකිලා” ඒ කියන්නෙ නිකන්ම නිකන් යන්න ගිහින් නෙමෙයි මැකිලම යන්න ගිහින්... ඇය මියැදිලා.....

    ”පිණි කඳුළක් මල් පෙති අග රඳවා
    මීදුම් සළුවෙන් මුහුණ වසා...”

    ඉතින් ඇය මියැදිලානේ.... ඇගේ දේහය සුදු රෙදිකඩකින් වසා තියෙනව.... අපේ රචකයා එය මේ විදියටයි දකින්නෙ..... මිහිදුම් සළුවකින් මගේ මුහුණ වැසිල . ඒ වැසුණු රෙදිකඩට මුවා වුණු ඇගේ වතේ නෙත් අග කදුළු බිදුවක් තවමත් තියෙනවා..... රචකයා පවසන්නෙ එය ”පිණි කඳුළක් මල් පෙති අග රඳවා කියල”..... “වනසිරස” “තුරු හෙවණැලි” “පිණි කඳුළ” “මල්පෙති” ආදී යෙදුම් කොතරම් රමණීය වූත් සුන්දරවූත් යෙදුම්ද... මේ යෙදුම් සැබෑම සෞන්දර්වේදියෙකුට පමණමයි යොදාගන්න පුළුවන්..

    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳ එළියේ මං පෙත පාදා
    රහසක් සඟවා ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය මිය ගියේ ඇයි කියල මටම තේරෙන්නෙ නෑ.... ඇයයි මමයි කොතරම් සුන්දරව අනාගතේ ගමන් මග එළි පෙහෙළි කරගත්තද.... එය රචකයා පවසන්නෙ ”කදුවැටි” ඒ කියන්නෙ බාධක අතරින් ”සදඑළියේ මං පෙත සාදා”.... ඒ කියන්නෙ අපි අපේ වෙන්න තියෙන බලාපොරොත්තුව නැමති ”සද එළියේ” අපි මේ ගමන ජයගන්න හිතා ගත්ත නේද.... අපි ඒක ජයග්‍රහණය කරගෙන ආව නේද කියන එකයි.... ”රහසක් සඟවා ගොළු වූ හදකින්” ඒත් ඔයා මොනව හරි දෙයක් මට නොකියම ගියා..... ඔයා ඒදේ සගවගෙනම ගියා නේද කිරිල්ලියේ.....ලොකුම ලොකු වේදනාවක්.... මියැදෙන මොහොතෙදිත් මාව මතක් උන නිසා දුකක් ඇති වුනාද ඔයාට.....
    ඔයා මගෙත් එක්ක හිටි කාලය මම පුදුම චමත් කාරයක් වින්ද.... ඒ මොහොත මට මැවි මැවී පේනවා.... ජීවිතයේ මිනිසුන්ට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිැත අභාග්යදයන් අපරිමිත ය. මෙය ද එබඳු අනපේක්ෂිසත වූ අභාග්යපයක් ම බව රචකයා දැනුවත් අපට පවසනව.....

    ”යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිවිට
    යළි නොඑතැයි ගිම්හානෙට පෙර”

    මේ කොටසින් තමා රචකයා කුරුල්ලාගෙ, ආදරවන්තයාගේ හිතේ තියෙන වේදනාවේ විලාපය සුන්දර විදියට අපට ඒත්තු ගන්වන්නෙ... සුළග ඇවිත් මගේ හිස අතගගා කියනව ආයෙත් කවදාවත්ම එන්නෙ නෑ කියල.... හිරියට අපි වැලපෙනවිට නෑදෑ හිතමිතුරන් දුකවෙලා වැඩක් නෑ දැන් ඉතින් මොනව කරන්නද කියල කියනව වගේ... ඒත් මට ඒ දේ අදහගන්න බෑ.... දැන් ගිම්හානය උදාවෙන්න ලගයි ඒ කියන්නෙ පරිසරය මලානික වෙන කාලය, අපි දෙන්න එකතුවෙන කාලය, අපි දෙන්නට දෙන්න ඕනම කාලය, අපි දෙන්නට අපි දෙන්න නැතිවම බැරි කාලය..... ඉතින් ඔයා ඊට කලින් මගේ ලගට එන එකක් නෑ කියන එක කවුරු මොනව කීවත් මටනම් අදහගන්න බෑ......

    මෙහි සංගීතය ගැනත් යමක් සදහන් කලයුතුමයි එච් එම් ජයවර්ධනයන්ගේ ඉතාමත් රමණීය වූ සංගීතයක් නාද රටා තමා මෙහි ගැබ්වෙලා තියෙන්නෙ.... ඇත්තටම මේ ගීතය සිය දහස් වතාවක් තම ආදරණීය බිරිය වූ මාලනී බුලත්සිංහලයන් ගේ වියෝවත් සමග ඔහු අහන්න ඇති. අනික මෙහි අපේ හදවත් ඇතුලට කිදා බහින හඩ අමරසිරි පීර්ස් කලා ශිල්පියාගේ ඒ මධුර ගැඹුරු හඩ මේ ගීතයට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරල තියෙනවා කියල මට හිතෙනවා. ප්‍රේම විරහව කියන්නෙ පුදුමාකාර දෙයක් ඒ වේදනාව විදින්න විදින්න හරිම ලෝකෝත්තරවූ සන්තෝශයක් තමා දැනෙන්නෙ.... සදුන් ගසක් වගේ මොකද එය සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවද..... කියනවනේ.....(elakiri - saslitt)
    :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පස්සේ කි‍යන්නම්.....මෙතන ඒක කි‍යන එක හරි නෑ වගේ.....;)

    ඇ‍යි බොල කිඹුල් අ‍යි‍යා සති‍යක් හැර සති‍යක් වෑර්ලස් එක කරනවනේ......:eek:
    පස්සෙ කියහන් එහෙනන්... ;)