අපේ ලංකාවේ එවුන්ගෙන් ගොඩක් දෙනා රනිල්ට බනිනවා එක එක විදියට .සමහර උන් රනිල්ට පො**යා කියනවා .සමහර උන් කියනවා රනිල් රට පාවදුන්නළු සාම ගිවිසුම හරහා .මම ඒ කතා දන්නේ නැහැ .හැබැයි එක දෙයක් දන්නවා .ඔය සාම ගිවිසුම ගැහැව්වේ නැත්තම් අද වෙන කම්වත් යුද්ධේ දිනන්න හම්බ වෙන්නේ නැහැ .කස්ටිය අහයි ඒ කොහොමද කියලා .ඒක ට හේතුව මම කියන්නම් .ඒ තමා ඒ සාම ගිවිසුම නිසා යුද්ධේ කේසේ වෙතත් කොටින්ගේ ඇතුලේ කස්ටිය දෙකඩ වෙන්න ගත්තා .ඒ දෙකඩ වෙච්ච සෙට් එකේ එවුන් තමා ඔය කරුණා අම්මාන්ලා ,පිල්ලෙයාන්ලා .අන්න උන්ව ගෙන්න ගෙන තමා මහින්ද යුද්දේ කලේ .තනියම නෙමේ හමුදාපති ඇතුළු අනෙකුත් සියළුම රණ විරුවන්ගේ සහය ඇතිව .මම එක පාරක් මේ කතාව මේ එලකිරියේ කිව්වාහම කවුද ඩයල් එකක් කිවා .කොටි කැඩුනේ හමුදා බුද්ධි අංශේ කරපු ම්හෙයුමක් නිසා .රනිල් මුකුත් කලේ නැහැ කියලා .ඒ කියන්නේ රටේ ආණ්ඩුවේ අගමැතිට වඩා හමුදාව ප්‍රහලයි කියන එක වෙන්න ඇති .අනේ මන්දා ඒ කියපු එකාගේ සාමන්‍යදැනීම නම් නිල් .හරි කමක් නැහැ ඒක එහෙමයි කියමු .හැබැයි යුද්දේ දින්නේ කවුද කියලා \ඇහැව්වොත් දෙන උත්තරේ තමා "මහින්ද රාජපක්ෂ ".ඒ කියන්නේ එතනදි හමුදාව කිසි දෙයක් කරලා නැහැ .ඔක්කොම කරලා තියෙන්නේ ම්හින්ද .මෙව්වට කොහෙන් හිනා වෙන්නද කියලා ම්ට තෙරෙන්නේ නැහැ .මොක්ද අපේ එවුන්ගේ සාම්ප්‍රදායික් ගොබ්බ කමනේ .ඒක නිසා අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ .අනික එදා රනිල් අර ගිවිසුමට අත්සන් කලා නම් මහින්දයි උගේ නැදෑ සනුහරෙයි ෆොන්සේකයි ඔක්කොම ටික අද කරන්ට් පුටුවේ .ඒත් රනිල් ඒ ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කලේ හොඳට දුරදිග බලපු නිසා .ඒත් අපේ ඉන්න බීඩි මිටියට්යි සීනී බෝල වලටයි රැවටෙන අපත ජනතාවට ඔව්වා තේරෙන්නේ නැහැ .එක තමා මේ රටේ එහ්ඩා ඉඳන් තිබ්බ කරුමේ .අනේ මන්දා කවදා හැදෙයිද කියලා .මම් අනෙක් උන් ගැන දන්නේ නැහැ .හැබැයි දේශපාල්නික උපායශීලීත්වය හා රාජ්‍යත්‍රාන්තික උපක්‍රම ක්‍රියාත්මක කිරීම අතින් දැන් ඉන්න එවුන්ගෙන් රනිල් තමා සිරාම ඩයල් එක .හැබැයි කරුණු කාරණා සහිතව පාර්ලිමේන්තුවේ දී විපක්ෂයක් තාම තියෙනවා කියලා පෙන්නන්න පුළුවන සද්දයක් තියෙන්නේ අනුරකුමාර දිසානායකගේ .ඒක නිසා මම ඒ ම්නුස්සයටත් ගරු කරනවා .අනෙක් උන් ගැන නම් කතාකරලා වැඩක් නැහැ .